Showing posts with label නොදන්න දේවල්. Show all posts
Showing posts with label නොදන්න දේවල්. Show all posts

Monday, April 2, 2018

දන්න Pizza ගැන නොදන්නා කතා

අතීතයේදි  සාම්ප්‍රදායික ඉතාලි ආහාරයක් ලෙස හැදින ගෙන තිබූ Pizza අද ලෝකයේ ජනප්‍රියතම  ආහාරයක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවෙයි.සාම්ප්‍රදායික ලෙස යීස්ට් රොටියක් මත තක්කාලි සෝස් සහ චීස් යොදා පුලුස්සා ගැනීමෙන් සාදා ගන්නා මෙයට උඩින් විවිධ එලවලු ,මස් වර්ග සහ විවිධ කුළු බඩු වර්ගද  එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා.මේ අපි දන්නා Pizza ගැන නොදන්නා කතා කීපයක්.


ඉතිහාසය 

Pizza හී ආරම්භය ඉතා ඈත අතීතයට දිව යන්නක් .නියෝලිතික සමයේ සිටම  පාන් සමග වෙනස් රසයන් මුසු කිරීම සිදු වී ඇති අතර අතීත ග්‍රීකයන් පාන් සමග තෙල්,පැලෑටි සහ චීස් ආහාරයට ගෙන තිබෙනවා.පළමුවෙන්ම Pizza ගැන සදහනක් වෙන්නේ 10 වන ශතවර්ශයේදී වුවත් නවීන Pizza හී ආරම්භය සිදු වී ඇත්තේ 18 වන හෝ  19 වන ශතවර්ශයේ නේපල්ස් නගරයේදීය.මෙම කාලයේදී පැතලි පාන් මතට සුදු ළුනු,ලුනු,ඌරු තෙල්,චීස් සහ බැසිල් යොදා Pizza නිපදවා ඇති මුත් Pizza සෑදීමට තක්කාලි එකතු කිරීම ආරම්භ කල කාලයක් ගැන නිශ්චිතව සදහනක් නෑ.1830 වන තෙක්ම Pizza අලෙවි කර ඇත්තේ එලිමහනේ හෝ Pizza බේකරි වල ඉදිරිපසයි.අපි මේ අද Pizza ලෙස ආහාරයට ගන්නා පිලිවලට Pizza එකක් ප්‍රථම වතාවට නිශ්පාදය කරනු ලැබුවේ 1889දී මාර්ගරීටා රැජින පිලිගැනීමට වන අතර ඒ නිසාම එයට "පීසා මාගරීටා" යන නමද භාවිතා කෙරුනා.

පුරාණ කාලයේ එලිමහනේ Pizza සාදන ආකාරය දැක්වෙන සිතුවමක්./https://pizzanapoletanismo.com

19 වන ශත වර්ශය අග භාගයේදි ඉතාලි සංක්‍රමණිකයන් පිරිසක් විසින් Pizza ඇමරිකා එක්සත් ජනපදයට හදුන්වා දුන් අතර 1905දී ඇමරිකා එක්සත් ජනපදයේ පළමු Pizza අවන්හල විවෘත කරන ලදී.දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ආපසු සිය රටට පැමිණි ජනයා අතර මේ ඉතාලි ආහාරය ඉතා ජනප්‍රිය වීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදය පුරා මෙම ආහාරය ජනප්‍රියත්වයට පත් විය.අද වන විට  Domino's, Pizza Hut සහ Papa John's වැනි Pizza සදහාම වූ අවන්හල් ජාලා ලෝකය පුරාම විසිරි පැතිරී ඇති අතර එයට අමතරව සීත කල Pizza හා නිවසේදි  ඉකමනින් සාදා ගත හැකි Pizza වර්ගද සුපිරි වෙලද සැල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

Pizzafest සැණකෙලිය 

Pizzafest සැනකෙලියේ දර්ශනයක්  /https://www.tastecapade.com

සෑම වසරකම සතියක කාලයක්  දකුණු ඉතාලියේ නේපල්ස් නගරය ඉතා සුන්දර හා රසවත්  සැනකෙලියක් බවට පත් වෙන්නේ  Pizzafest ලෙස හැදින්වෙන ලොව විශාලතම  Pizza  සැනකෙලිය සදහායි.මේ  සැණකෙලියේදි  විවිධ රස ඇති නවතම  Pizza රස බැලීමට මෙන්ම Pizza සෑදීමේ තරග වලට සහභාගී වීමේ අරමුණින් නේපල්ස් කරා ඇදී එන සංචාරකයන් බොහොමයි.Pizza දිනයක් වෙන් කර මුල් වරට සමරන ලද්දේ 1995දී වන අතර මේ වන විට සෑම වසරකම දින 5-7 අතර කාලයක් පුරාවට නේපල්ස් නගරයේදි මෙය සමරනු ලබනවා.මෙහිදි සාම්ප්‍රධායික Pizza හා ලොව පුරා ඇති නවතම Pizza රස බැලිමේ අවස්ථාව සැණකෙලියට සහභාගි වන්නන්ට  හිමි වෙන අතර සතිය අවසානයේ විනිශ්චය මණ්ඩලයක් විසින් මේ සියල්ල විනිශ්චය කරනු ලබනවා

Pizza වාර්තා 

ලොව විශාලතම Pizza එක 

ලොව විශාලතම Pizza එක නිර්මාණය වී ඇත්තේ 2012 දෙසැම්බර් මස රෝමයේදි වන අතර එහි ප්‍රමාණය වර්ග මීටර් 1261 බව කියවෙනවා.මෙය පළමු රෝම අධිරාජ්‍යා සිහි වීම පිණිස "Ottavia"ලෙස නම් කර ඇති අතර මෙය ග්ලුටෙන් රහිතව නිශ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

ලොව දිගම Pizza එක 2016දී නේපල්ස්  හීදී නිශ්පාදනය කෙරුණු අතර එහි දිග කිලෝ මිටර් 1.85කි.

ලොව දිගම Pizza ආහාරය 

ලොව මිල අධිකම Pizza ලෙස ගිනස් වාර්ථා පොතට ඇතුල්ව ඇත්තේ ලන්ඩනයේ පිහිටි අවන්හලක නිපදවෙන Pizza විශේෂයක් වන අතර මෙය අලෙවි වන්නේ ස්ටර්ලින් පවුම් 100ක මුදලකටයි.මෙම Pizza වර්ගය සෑදිමට ලොව මිල අධිකම හතු වර්ග හා චීස් වර්ග යොදා ගැනෙන අතර එය පුළුස්සා ගනු ලබන්නේද දර උදුනකයි.මීට වඩා මිල අධික Pizza වර්ග විවිධ අවස්ථා වල නිපදවා ඇති මුත් ඒවා කිසිවක් ගිනස් වාර්ථා වලට ඇතුලත්  වී නෑ.

සෞඛ්‍යය අවධානය 

http://www.nbpizzaworks.com/

ඉතා විශාල ප්‍රමාණ වලින් Pizza නිශ්පාදනය කෙරෙන ක්ෂණික ආහාර අවන්හල් වල සෞඛ්‍යයට අහිතකර අමු ද්‍රව්‍යය යොදන බවට චෝදනාවක්ද ඇති වී තිබෙනවා.Pizza හී ලුනු සහ තෙල් ප්‍රමාණය ඉහළ යාම මෙයට බලපා ඇති අතර මෙය සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා.Pizza ආහාරයට ගැනීමේදී එය ශරීරයට බලපාන ආකාරය Pizza හී අන්තර්ගත ද්‍රව්‍ය වර්ග අනුව වෙනස් වන මුත් පොදු මතය නම් එහි ලුනු ප්‍රමාණය ඉතා අධික බවයි.

Pizza යනු කොහෙත්ම පැණි රස කෑමක් නොවන නමුත් එහි සීනී ද අන්තර්ගත වෙනවා.චීස් Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 5ක්ද මස් සහ එලවලු Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 7ක්ද අඩංගු බව කියවෙනවා.සාමාන්‍ය කාන්තාවක් දවසට ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 24ක් වන අතර පිරිමි අයෙක් ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 36ක් ලෙස දැක්වෙනවා.එසේ බලන කල Pizza අනුභවය දියවැඩියා රෝගින්ට කොහෙත්ම හිතකර වෙන්නේ නෑ.

Pizza හී අඩංගු මේදය  ප්‍රමාණය රදා පවතින්නේ එහි ඇති එලවලු මස් හා චීස් ප්‍රමාණය මත වූවත් සාමාන්‍ය මතය නම් එහි ඇති මේද ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අසංතෘප්ත මේදය බවයි.මෙය කොලොස්ට්‍රෝල් වැනි ලෙඩ බොහෝ ප්‍රමාණයකට මූලික හේතුවක් සේ සැලකෙනවා.

 මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Pizza





   

රහස් ඔත්තුකාරියක වූ අබිසරුලිය, මාතා හරී

ලෝකයේ විවිධ කාල වල විවිධ ආකාරයේ රහස් ඔත්තුකරුවන් ඔත්තුකාරියන් දකින්න හැකියාව තිබෙනවා.ඒ නමුත් රහස්  ඔත්තුකාරියකගේ ජීවිත කතාව පස් වරක් සිනමාවට නගා දෙවරක් නවකතාවක ලෙසින් ලියා පල කර සංගීත නිර්මාණද හතරක් සිදු කර ඇත්නම් ඒ මාතා හරී ම පමණයි.මාතා හරී යනු රහස් ඔත්තුකාරියක් මෙන්ම  වෘර්තීය නාට්‍යාංගනාවක් හා  අබිසරුලියක් ලෙසද  සලකනු ලබනවා .පළමු ලෝක යුද්ද සමයේ ඔත්තුකාරියකව සිටි  මාතාහරී ගේ ජීවිත කතාව මේ තරම් වෙනස් සහ සුවිශේෂී  වන්නේ ඇයි? මේ ලිපිය එ පිලිබදවයි.

www.thedailybeast.com

ළමා කාලය 


1876 වර්ශයේ අගෝස්තූ 7 වන දින නෙදර්ලන්තයේ  ලියුවොර්ඩන් හීදී  උපත ලැබු මාගරීටා  ගර්ට්‍රියුඩා සෙල්ලේ දරුවන් හතර දෙනෙක් සිටි පවුලක වැඩිමල් දරුවා වූවා ය.ඇයගේ පියා ඇඩම් සෙල්ලේ ටත් මව වූ ඇන්ටි ජේ වැන් ඩී මවුලර්  ටත්  මාගරීටා අමතරව බාල  පුතුන් තිදෙනෙක් විය.හිස්වැසුම් අලෙවිසැලක් තිබූ මාගරීටාගේ පියා තෙල් කර්මාන්තය තුළද මුදල් ආයෝජනය කිරීමෙන් ඉහළ ආදායමක් ලැබීම හේතුවෙන්  ඇයට අවුරුදු 13ක් වන තෙක් සුපෝඛභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි වූ අතර ඇයටම වෙන් වූ පාසලක ඉගැනුම ලැබීමටද ඇයට වාසනාව ලැබුණී. 1889දී සිදුවූ පියාගේ බංකොලොත් වීමත් ඊට ටික කාලෙකට පසු සිදු වූ දෙමාපියන්ගේ දික්කසාදයත් නිසා සිදුවූ අතර  මාගරීටාගේ පියා නැවත වරක් සුසාන කැතරිනා නම් කාන්තාවක සමග විවාහ වූයේ ය.ඔවුන්ට දරුවන් නොමැති වීම හේතුවෙන් මේ විවාහය වැඩිකල් නොපැවතුණේය.මේ අතර මාගරිටා ස්නීක් හී  සිටි තම භාරකාර පියා වූ වීසර් තමග ජීවත් වීමට පටන් ගත්තාය.මෙහෙදී ඇය ළදරු පාසල් ගුරුවරියක් වීමට ඉගෙනුම ලැබුවද එහි විදුහල්පතිවරයා ඇය සමග සමීප වීමට උත්සහ දැරීම නිසා ඇයගේ භාරකාර පියා විසින් ඇයව පාසලෙන් ඉවත් කරගන්නා ලදී.ඊට මාස කීපයකට පසු මාගරීටා හේග් හී සිටි තම මාමාගේ නිවසට පලා ගියා ය.

විවාහය 

ඉන්දුනීසියාවේ සේවය කළ ලන්දේසි ජාතික යටත් විජිත හමුදා කපිතාන්වරයෙක් වූ රැඩොල්ෆ් මැක්ලියොඩ් විසින් පුවත්පතක පළ කර තිබූ මංගල දැන්වීමක් දකින මාගරීටා එම දැන්වීමට පිළිතුරු යැව්වා ය.එහි ප්‍රතිඵලයක් ලෙස මාගරීටා තමන්ට වඩා දෙගුණයක් වයසැති කපිතාන්වරයා සමග 1895 ජුලී මස 11 වන දින විවාහ වූවා ය.මෙම විවාහයෙන් ඔවුන් දෙදෙනාට නොර්මන් ජෝන් මැක්ලියෝඩ් සහ ලුවී ජියාන් මැක්ලිලෝඩ් ලෙස දරුවන් දෙදෙනෙක් ලැබිණි.


1897දී ගත් ජායාරූපයක් 

කෙසේ වුනත් ඔවුන්ගේ විවාහය සතුටුදායක විවාහයක් නොවිණි.රුඩොල්ෆ් මත්පැන් පානයට ඇබ්බැහි වූවෙක් වූ අතර දිනපතාම   මත්පැන් පානය කොට පැමිණ මාගරීටාට පහර දීම සිරිතක් ලෙස සිදු කළේය.ඔහු නිරන්තරයෙන්ම ඇයට චෝදනා කරේ තම උසස් වීම නොලැබීමට හේතුව ඇය බව පවසමිණි.මෙයින් නතර නොවුනු රැඩොල්ෆ් එකළ ඉන්දුනීසියාවේ සිරිතක් ව පැවති ලෙස ප්‍රසිද්දියේම තවත් කාන්තාවන්  ඇසුරු කිරීමට පටන් ගත්තේ ය.මෙයින් සිදු වූයේ මාගරීටා රැඩොල්ෆ්ගෙන් වෙන් ව වෙනත් ලන්දේසි කපිතාන්වරයෙකු වූ වෑන් රීඩ්ස් සමග ජීවත් වන්නට පටන් ගැනීමයි.මේ කාලයේදී ඉන්දුනීසීයානූ සම්ප්‍රදායන් හොදින් හැදෑරූ මාගරීටා දේශිය නර්තන සමාගමක් හා සම්බන්ද වූවා ය.1897දී ඇය කලා ලෝකයට අවතීණ වූයේ "මාතා හරී" නම් නව නමකිනි.ඉන්දුනීසියානූ බසින් එහි අර්ථය 'ඇස' හෝ 'සූර්යයා' ලෙස හැදින්වීය හැක.

මේ අතර රඩොල්ෆ්ගේ දැඩි ඉල්ලිම මත ඇය නැවත ඔහු වෙත යන නමුත් ඔහුගේ නොහික්මුනු හැසිරීම් වල වෙනසක් නොදකින මාගරීටා වැඩි අවධානය තම කලා හැකියාවන් දියුණු කර ගැනීම සදහා යොමු කළාය.1899 දී ඔවුන්ගේ දරුවන් දෙදෙනාම දැඩි ලෙස රෝගී වූ අතර රෝගය උත්සන්න වීමෙන් නෝර්මන් මිය ගියේ ය.කෙසේ වූවත් පවුලේ අය නම් සැක කලේ මෙය රැඩෝල්ෆ් ගේ සතුරෙක් විසින් දරුවන්ට වස දිමෙන් සිදු වූ දෙයක් ලෙසටයි.මෙයින් පසුව රැඩොල්ෆ්  හා මාගරීටා නැවතත් නෙදර්ලන්තයට පැමිණි අතර 1906 දී ඔවුන් නීතියෙන් වෙන් විණි.නීතියෙන් ජීයාන්ගේ බරකාරත්වය හිමිවූයේ මාගරිටා ට වුවත් රැඩොල්ෆ් වන්දි මුදලක් නොගෙවූ නිසා ඔවුන්ට මහත් අගහිගකම් මැද ජීවත් වීමට  සිදු විය.මේ අතර දිනක් ජියාන් තම නිවසට ගෙන්වා ගත්  රැඩොල්ෆ් ජියාන් තමන්ගේ බාරයට ගත්තේය.මෙයට විරුද්ද වීමට තරම්වත් මුදල් අතේ නොතිබුණු මාගරීටා දියණිය පියා ලග තැබීමට එකග වුවා ය.

දියණිය ජියාන් 


පුතු නෝර්මන්   හා රැඩොල්ෆ් 

ප්‍රංශයේ ගත කළ කාලය 


1903දී ප්‍රංශයට ගිය මාගරීටා සර්කස් කණ්ඩයමකට එකතු වූ අතර මුදල් අගහිගකම් නිසාම සිතුවම් ශිල්පීන්ගේ සිතුවම් සදහා පෙනී සිටිමටද පටන් ගත්තා ය.1905 වන විට ඇය නර්තන ශිල්පිනියක ලෙස අතිශය ප්‍රසිද්දියට පත් වූවා ය.1905 ගිමෙට් කෞතුකාගරයේදි කල නර්තනයෙන් අතිශය ජනප්‍රියත්වට පත් වූ ඇය ඒ සමගම කෞතුකාගාරයේ නිර්මාතෘ වූ එමිලි ටියෙන් ගිල්ට් ගේ දිගු කාලින ආර්‍යාව බවටද පත් වූවා ය.මාගරීටාගේ නර්තනයන් වල ප්‍රධාන අංගයක් වූයේ ඇදුම් උනා දැමීමයි.සියලුම ඇදුම් වුනා දැමූ ඇය අවසානයේදි නර්තනයේ යෙදුනේ  මැණික් ඇල්ලූ තන පටයකින් පමණක් සැරසී ගෙන ය.පැරීසියෙන් ආරම්භ කල මේ නර්තන ජිවිතය නිසා මාගරීටා 'මාතාහරී' ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත් වූවා ය.ඇය තමන් ලන්දේසි කාන්තාවක බව සැගවූ නිසා සියලු දෙනා සිතුවේ ඇය  ඉන්දුනීසියානු කාන්තාවක බවයි.



1905 දී නර්ථනය ඉදිරිපත් කරමින් 

ඔත්තු සේවය 

1912 වන විට ඇයගේ නර්තනය නිසා ඇතිවූ උන්මාදය අඩු වෙන්නට පටන් ගත්තේය.ඒ සමගම ඇය කෙමෙන් අබිසරුලියක් බවට පත් වූවා ය.මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට බොහො උසස් හමුදා නිලධාරීන්, දේශපාලනයේ නියුතු වූවන් හා රාජ තාන්ත්‍රික පුද්ගලයන් ඇසුරු කිරීමේ භාග්‍යය හිමි විය.බොහො පුද්ගලයෝ  කිසිම ප්‍රශ්න කිරිමකින් තොරව ඇයව දේශ සීමාවෙන් පිටතට රැගෙන ගියේ ය.නේදර්ලන්ත අනන්‍යතාවයක් සහිත වූ මාගරිටා සෙල්ලේ නිතර නිතර ප්‍රංශය සහ නෙදර්ලන්තය අතර ගමන් කරේ බ්‍රිතාන්‍යය හරහා වීම ගැන  බ්‍රිතාන්‍ය හමුදාවන් සැක පහළ කළේ ය.පසුව ප්‍රංශ වෙනුවෙන් ඔත්තු ඇලු බවට සැක පිට මාගරීටා අතඩංගුවට එන ප්‍රශ්න කලත් කිසිවක් හෙළි නොවුන තැන ඇය නිදහස් කර හැරිණි.

මේ අතර ජර්මන් හමුදාවෙන් කේත සහිතව යැවූ පණිවිඩ කිහිපයක් විකේතනය කල බ්‍රිතාන්‍යයේ හමුදාව  H 21 ලෙස නම් වූ ජර්මන් ඔත්තුකරුවෙකු පිලිබද  හදුනා ගත් අතර වැඩිදුර පරික්ශන වලින් එලි වූයේ H 21 යනු මාතා හරී බවයි. 1917 පෙබරවාරි 13 පැරීසියේ එලිසේ පැලස් හෝටලයේදී මාගරීටා අත්ඩංගුවට පත් වන්නේ ජර්මනියට ඔත්තු සැපයිමේ චෝදනාව හේතුවෙනී.ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් මෙසේ ඇයට චෝදනා එල්ල කරත් ඒ පිළිබද කිසිදු පහැදිලි ප්‍රබල සාක්ශියක් සොයාගැනීමට නොලැබුණි.කෙසේ වූවත් ඇයව බේරාගැනීමට නොහැකි වූ අතර නඩු තීන්දුවෙන් ඇයට වෙඩි තබා මරා දැමීමට නියම විය.

1906දී ගත් ජායාරූපයක් 

ඒ අනුව ඇය 1917 ඔක්තෝබර් 15 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී.වාර්තා වල සදහන් වන පරිදි ඇය ඇස් වසා ගැනීමට දුන් සුදු රෙදි කඩ ද ප්‍රතික්ශේප කර වෙඩි පහර දෙස කෙලින් බලාගෙන ජිවිතයට සමු දුන් බව කියවේ.එමෙන්ම වෙඩි පහර ලබාදීමට පෙර ඇය වෙඩි තැබීමට පැමිණි ප්‍රංශ සොල්දාදුවන්ට හාදුවක් පා කර යැවූ බවද වෙඩි පහර එල්ල වීමේදි ඇය හැකිතාක් හිස කෙලින් තබා ගත් බව ද කියවේ. මාතා හරිගේ පවුලේ කිසිම කෙනෙක් ඇගේ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා සිරුර වෛද්‍ය විද්‍යාලයක අධ්‍යයන කටයුතු සදහා බාර දුන් බව කියවේ. 

නෙදර්ලන්තයේ ලියුවොර්ඩන් කෞතුකාගරයේ මාතා හරි වෙනුවෙන් වෙන් කල වෙනම කුටියක් ඇති අතර එහි ඇත්තේ ඇගේ පෞද්ගලික පින්තූර පොතක් සහ ඇගේ නර්ථනය විදහා දැක්වෙන සේ කල එම්බ්‍රොඩර් නිර්මාණයකි.

නෙදර්ලන්තයේ ලියුවොර්ඩන් කෞතුකාගරය ඉදිරිපිට ඇති මාතා හරී ගේ ප්‍රතිමාව 


මාතා හරී ගේ පින්තූර පොත 


මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Mata_Hari
            








Sunday, February 25, 2018

කොච්චි පාර දෙපැත්තේ එලවළු පොළ


කෝච්චි පාරක් දෙපැත්තේ තියෙන එලවළු වෙලද පොළක් දැකලා තියෙනවද? ඔබ ඉන්නේ ලංකාවේ නම් එහෙම එලවළු පොළක් දැකලා තියෙන්න විදියක් නෑ.මොකද ලෝකේ කොච්චි පාරක් දෙපැත්තේ තියෙන එකම එලවළු වෙලද පොළ තියෙන්නේ තායිලන්තයේ නිසා.තායිලන්තයේ බැංකොක් නගරයේ  පිහිටි මේ මැක්ලෝන්ග් වෙලද පොල ( Maeklong Railway Market) අපි සාමාන්‍යයෙන් දන්න වෙලදපොළවල් වලට වඩා ටිකක් වෙනස් විශේෂ වෙලද පොළක්.ඒකට හේතුව තමයි මේ පොළ මැදින්  දවසට 8 වතාවක් දුම්රියක් ගමන් කරන දුම්රිය මාර්ගයක් පිහිටල තිබීම. බැංකොක් නගරයේ බටහිර දෙසට වෙන්න පිහිටල තියෙන මේ වෙලදපොළ දැන් දැන් සංචාරක ආකර්ශනය  දිනා ගත්ත තැනක් වෙලා  තියෙන්නෙත් මේ තියෙන විශේෂත්වය නිසාමයි.


දශක ගානක අතීතයක් තියෙන මේ වෙලද පොළෙන් සාමාන්‍ය පොළකින් වගේම නැවුම් එලවළු,පළතුරු,මස්,මාළු වගේම ඇදුම්,මල් වගේ දේවලුත් ගන්න හැකියාවක් තියෙනවා.


දුම්රිය පැමිණෙන්න විනාඩි කීපයකට කලින් දුම්රියේ  ඇහෙන දුම්රියේ සයිරන් නාදයත් එක්ක මේ වෙලද පොලේ අය තමන්ගේ බඩු,කුඩ වගේ දේවල් පාරෙන් ඉවත් කරගනු ලබනවා.දුම්රිය මාර්ගයේ සිටින පාරිබෝගිකයක් ලගම තියෙන වෙලද සැලට ගොඩ වෙනවා.දුම්රිය පිටත් වීමෙන් පස්සේ ඒ බඩු තිබුනු ලෙසම තබා ගන්නා ඔවුන් නැවතත් වෙලදාම ආරම්භ කරනවා. මේ දුම්රිය 15 mph  වගේ සෙමින් ගමන් කරන දුම්රියක් වුනත් මේ දුම්රිය මාර්ගය තුළ සුලු සුලු අනතුරු වාර්තා වෙලා තියෙනවා.මේ නිසා ගොඩක් අය මේ වෙළෙන්දන්ට  මේ දුම්රිය මාර්ගය අතහැරලා යන ලෙස උපදෙස් දුන්නත් ඒ හැමදේකටම ඔවුන් කියන්නේ එක දෙය යි.ඒ තමයි "අපි තමයි මෙතනට මුලින් ආවේ".



             

Saturday, February 10, 2018

අපේ පොදු ලැජ්ජාවකට අපි නොදන්න විසදුම්


ලැජ්ජාව කියන එක අපි හැමෝටම තියෙන දෙයක්නේ ෆ්රෙන්ස්.හැබැයි ඉතින් බොරුවට ලැජ්ජ වෙන අය වගේම කිසිම ලැජ්ජවක් නැති අයත් අපි නම් ඕනේ තරම් දැකල තියෙනවා. ඉතින් මන් මේ කියන්න හදන්නේ අපි බොරුවට ලැජ්ජවක් කරගෙන දගලන දෙයක් ගැන වගේම ගොඩක් අය නොදන්න අලුත් විසදුම් වගයක් ගැන.
ඒ තමයි ඕසප් වීම, menstruation එහෙමත් නැත්තම් period කියලත් කියනවා.මේක සමාජයේ සලකන්නේ ලැජ්ජාවට කාරණයක් විදියට.ඇහෙන්න කියන්නේවත් නෑ.

"ඒ මේ පැඩ් එකක් ගන්න තියේද?"
"ඇයි පීරියඩ්ස් හැදිලද?
"කෑගහන්න එපා අනේ.හෙමින් හෙමින්"

"මට ඊවා පැකට් එකක් ගන්නත් ඕනේ අනේ"
"අර කඩෙන් ගමුද?"
"බෑ බෑ ඒකේ ඉන්න කොල්ලා අමුතු විදියට බලනවා"

"ඒයි මේ නැගිට්ටම ඇදුම පොඩ්ඩක් බලන්න හොදේ"

ඕන්න ඔය වගේ ඒවා ඔයාලටත් ඇහිලා ඇති.නැත්තම් ඔයාලම කියලත් ඇතී.පීරීයඩ්ස් කියන වචනෙත් එක්කම ඇහෙන දෙයක් තමයි සනීපාරක්ශක තුවා නැත්තම් sanitary pads කියලත් කියනවා.මේකෙන් කෙරෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ලංකාවේ නම් පීරියඩ්ස් වලදි පාවිච්චි වෙන්නේ sanitary pads තමයි.එක එක වර්ග වලින් ලංකාවේ මේවා ගන්න තියෙනවා.හැබැයි අද ලෝකේ sanitary pads වලට ආදේශක විදියට තවත් දේවල් පාවිච්චී වෙනවා.අන්න ඒවා ගැන තමයි මේ කියන්නේ.

මේවා වර්ග කරන්න පුලුවන් නැවත බාවිතා කල හැකි සහ නැවත බාවිතා කල නොහැකි විදියට.

නැවත බාවිතා කල නොහැකි නැත්තම් disposable ඒවා තමයි,
1.Pantyliner
2.Sanitary Napkin
3.Tampon

pantyliner කියන්නෙත්  sanitary napkin වගේම එකක්.ඒක හැබැයි sanitary napkin වලට වඩා තූනියි.ඒ නිසා heavy flow එකක් දරාගන්න බෑ. 


sanitary napkin ගැන හැමෝම දන්න නිසා ඒ ගැන කියලා වැඩක් නෑනේ.

Tampon

මේ ගැන දන්න අයත් ඇති.ඒත් මන් හිතන්නෙ ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.ඇත්තටම නම් මේක අලුත් දෙයක් නෙවෙයි.ගොඩක් පරන දෙයක්.කොච්චර පරණද කියනවා නම් මුලින්ම මේ ගැන සදහන් වෙන්නෙ 15 වන ශත වර්ශයේ ඊජිප්තූවේදි.ඊජිප්තූ කාන්තාවන් මෘදු පැපිරස් කොල බාවිතා කරල තියෙනවා.ඒ වගේම රෝම කාන්තාවන් වූල් වලින් නිපදවපු tampon,ජපන් කාන්තාවන් කොල වලින් හදපුවා,හවායි දූපත් වල කාන්තාවන් තණකොල පාසී වගේ දේවල් වලින් හදපුවත් බාවිතා කරා කියලා සාක්ශී තියෙනවලූ.ඒ විතරක් නෙවෙයි අදටත් සමහර ආසියානූ රටවල කාන්තාවන් ගස් වල කොල වලින් tampon හදාගෙන පාවිච්චී කරනවලු.හිතන්නත් බෑ නේද?



මේ තියෙන්නෙ Tampon එකක් සහ ඒකේ තියෙන දේවල්.දැන් ඔයාලට තේරෙනවද මේකෙන් කෙරෙන දේ?
ඔව් ඔයාලට තේරුනු විදිය හරියටම හරි.මේක යෝනී මාර්ගය තුලින් ඇතුල් කරලා රුදිරය උරා ගැනීමක් තමයි වෙන්නේ. මේකේ වැඩි විස්තර දැනගන්න පොඩ්ඩක් internet එකෙන් බලන්නකෝ.ඕනේ තරම් you tube වීඩීයෝස් තියෙනවා.



දැන් මෙච්චර වෙලා කිව්වේ පාවිච්චි කරලා අයින් කරන එවනේ.තව තියෙනවා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් එවා.ඇහුවම නම් අපිට ඊයා කියලනේ හිතෙන්නේ.ඒත් එහෙම එවත් තියෙනවා.

1. Menstrual Cup 




මේකත් ටිකක් විතර tampon වගේ.මේකෙදිත් අපි මේ කප් එක යෝනී මාර්ගයට ඇතුල් කරන්න ඕනේ.හැබැයි tampon වගේ මෙකේදි උරා ගැනීමක් වෙන්නේ නෑ.මෙකේදි වෙන්නේ දරා ගැනීමක්.කියන විදියට නම් පැය 12ක් මේ කප් එකක් තියාගෙන ඉන්න පුලුවන්.ඒකේ පහසුව නම් කියන්න දන්නේ නෑ.හැබැයි පැය 12කට වැඩේ ශේප්.අනිත් වාසිය තමයි මේක නැවත බාවිතා කරන්න පුලුවන් වීම.පැය 12කින් මේක අපි එලියට අරන් ඒකේ තියෙන රුදිරය අයින් කරලා අපිට පුලුවන් මේක හොදට හෝදල උනු වතුර බාජනේක දාලා විශබීජ නාශනේ කරල ගන්න.කියන විදියට නම් මේ කප් එකක් අවුරුදු 5ක් විතර බාවිතා කරන්න පුලුවන්.ඒක නිසා මේක අනිත් ක්‍රම එක්ක බැලුවම සැහෙන්න ලාබ ක්‍රමයක්.

ඒ වගේම මේකත් ටිකක් විතර පරණ ක්‍රමයක්.1932දී තමයි මුලින්ම නිශපාදනය කරලා තියෙන්නෙ.ඒත් තාමත් මේ ගැන මිනිස්සු දන්නවා හරිම අඩුයි.

2. Cloth Menstrual Pad 

මෙන්න මේක ගැන නම් අපේ අම්මලා ආච්චිලා එහෙමත් දන්නවා.sanitary napkin කියලා එකක් එන්න කලින් ලංකාවේ ගෑනූ අය පාවිච්චි කරේ මේක තමයි.ටිකක් ලොකූ රෙදී කැල්ලක් අරගෙන තමයි මේක හදාගන්නේ.මේක අදටත් පාවිච්චි කරන අයත් ලංන්කාවේ ඉන්නවා.සනීපාරක්ශක තුවා ගන්න තරම් ආර්ථික තතවයක් නැති අය වගේම දුර ගම් වල ඉන්න අයත් මේක පාවිච්චි කරනවා.



මේ ක්‍රමයේ වාසි කීපයක්ම තියෙනවා.එකක් තමයි මේක ඉතාමත් ලාබදයි ක්‍රමයක් වීම.ලංකාවේ තාමත් ඉන්නවා හැම මාසේම සනීපාරක්ශක තුවා ගන්න බැරි අය.ඒ අයට මේක ඉතාම හොද ක්‍රමයක්.තව එකක් තමයි මේක බාවිතයෙන් පස්සේ හොදින් හොදලා වේලලා බාවිතා කරන්න පුලුවන් වීම.මේකේදි අපි ගොඩාඅක් හිතන්න ඕනේ මේ රෙදි ඉතාමත් හොදින් පිරිසිදු කරන්න වගේම ඒවා හොදින් ඉර එලියේ වෙලගන්නත්.මේ විදියට කරන නිසා පරිසරයට වෙන හානිය ඉතාමත් අඩුයි.ඒ වගේම මේකට හොද කපු වගේ රෙද්දක් ගන්නව නම් සැප පහසුවත් ලබා ගන්න පුලුවන්.

3.Period Panties 



මෙන්න මේක නම් නියම එකක්.මේක හදුනවල දිලා තියෙන්නෙ 2003දි වගේ කියලා තමයි දැනගන්න හම්බුනේ.නම කියපු ගමන්ම තෙරෙන්න ඇතිනේ මොකද්ද මේකේ සිද්ද වෙන්නෙ කියලා.මේ  Period panties එක එක අවශෝශන ලෙවල් වලින් ගන්න තියෙනවා.හැබැයි මේවගේ දරාගැනීමේ හැකියාව නම් ටිකක් අඩුයි.හැබැයි ඒකට විසදුමක් විදියට මේවා නිපදවල තියෙන්නෙ sanitary pad එකක් එක්ක හරි  tampon එකක් එක්ක හරි පාවිච්චි කරන්න පුලුවන් විදියට.එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයිනේ.ඒ වගේම කියන්න ඕනේ මේකේ leak proof protection එකක් තියෙනවා.ඒ කියන්නේ ලීක් එකක් ගැන බය වෙන්න දෙයක් නෑ.හැබැයි මේවගේ මිල නම් ටිකක් වැඩියි,මිල එහෙම වුනත් මේකත් නැවත නැවතත් බාවිතා කරන්න පුලුවන් එකක් නිසා එකත් එච්චර ලොකු අව්ලක් වෙන්නේ නෑ.


මේවාගෙන් දැනට ලංකාවේ තියෙන එවා මොනවද කියන්න නම් මන් දන්නේ නෑ.ඒ ගැන ඔයලා දැනගත්තොත් මටත් කියන්නකෝ.

මේ ගැන මට මෙහෙම ලියන්න හිතුනේ මේ ලගදි බලපු ෆිල්ම් එකක ට්‍රේලර් එකක් නිසා.ෆිල්ම් එක තමයි "PadMan".හැමෝම බලන්න ඕනේ ෆිල්ම් එකක් මේක.සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ ෆිල්ම් ඒකේ ට්‍රේලර් එක 



තොරතුරු ලබා ගත්තේ අන්තර්ජාලය ආශ්‍රයෙනි :)