හෝව්...හොව්...දැන් ඔන්න මේ කියන්න යන්නේ ජනාධිපති ඇනිවසරි ගැන කියලා හිතුවද? නෑ පින්වතුනි නෑ....මං එකෙන්ම නිර්දේශපාලනිකයි. එහෙම වචනයක් තියෙනවද සිංහල භාශාවේ.අනේ මං දැනුවත් නෑ මෙයාලා වැඩිය සිංහල ගැන.යූ නෝ මං පොශ් නේ .
හරි එහෙනම් දේශපාලනේ කියවන්න ආපු අය යන්න හොදේ...ටටා...බායි..
එහෙනම් මොකක්ද මේ ඇනිවසරි එක?
කෝ කියන්න බලන්න කියන්න බලන්න...හරියට කියන කෙනාට දෙනෝ තෑග්ගක් (නෑ නෑ පිස්සුද එහෙම දෙන්නේ නෑ.මේ පඩියක් අතට අරගෙනත් තාත්තගේ සල්ලි වලින් බස් එකේ යන මං කොහෙද ඒයි තව එකෙක්ට තෑගි දෙන්නේ )
වෙඩින්ග් ඇනිවසරි? පිස්සුද හලෝ...බදින්න හිතලාවත් නෑ.තාම චුටී කෙල්ල
ලව් ඇනිවසරි? හනේ....එහෙම එකක් තිබ්බා නම් මට
හා...බැරිද බැරිද...බෑ වගේ.ඒකත් හොදයි.තෑගි දෙන්න ඕනේ නෑනේ
හරි එහෙනම් ඔන්න මම කියනවා හොදේ...
අද තමා "දම්මිගේ පිටුවේ පළවෙනි ඇනිවසරි එක" ❤️
ඒ කියන්නේ අදට දම්මිගේ පිටුව පටන් අරන් අවුරුද්දයි
ඇක්චුවලි මට නම් හිතාගන්නවත් බෑ ෆ්‍රෙන්ස්.මේ ඇඩේනො මට සතුටට
දම්මිගේ පිටුව මං පටන් ගත්තේ මානසිකව වැටිලා අත පය තුවාල වෙලා ඉන්න කාලෙක.ඒ කාලේ මං හිතුවේ මගෙන් මේ මුලු මන්දාකිණියටම මෙලෝ සංසාරෙක වැඩක් නෑ කියලා.ඔහොම දිගටම හිතපු අය තමයි ෆ්‍රෙන්ඩ් පත්තරේට ටීවී එකට නම දාගන්නේ.( ඔව් ඔව් දිවි නසා ගත්තා කියලා පත්තරේට නම දාගන්න අය ගැන තමයි කිව්වේ.)
මං ඉස්සර ඉදන්ම ජනප්‍රියත්වයට කැමති කෙනෙක් නෙවෙයි ෆ්‍රෙන්ස්.ඒ නිසා මේ පත්තර වලට මූණ දාගන්න මගේ කොහෙත්ම කැමැත්තක් තිබ්බේ නෑ.ඊටත් වඩා නිකමට හිතන්නකෝ මං මැරුනට පස්සේ මගේ ඇදුම් වලට,ෆෝන් එකට,ලැප් එකට එහෙම මොනවා වේවිද. දැනුත් එහෙම හිතද්දි මගේ පපුව පිච්චිලා යනවා ෆ්‍රෙන්ස්.මොන හිතකින්ද මං එයාලව දාලා යන්නේ.
ඔන්න ඔය වගේ හේතු කීපයක් නිසා මං දිවි නසා ගැනීම කියන ඔප්ශන් එකෙන් ටිකක් ඈතට වෙලා හිටියේ.
ඒ කාලේ හදිස්සියේ ම මුහුණු පොතේදි කතා කරපු ඉස්කෝලේ ගජයෙක් නිසා ශෝක් ශෝක් කතා ටිකක් මතක් වෙන්න ගත්තා.අපි දෙන්නම තමා ඒවා මතක කරේ.( ඔව් ඔව් සිංහලෙන් කියනවා නම් ඕපදූප) ඒ කතා නිසා මගේ ඔලුවට ආපු කතාවක් තමයි " ආදරණීය නපුරා".දැන් ඉතින් ඉස්කෝලේ යාලුවෝ මෙතන රෙදි උස්සන් එන්න එපා ආදරණීය නපුරා මට සම්බන්ද වෙන විදිය අහලා
කෝම හරි ඕක ලිව්වේ මගේ ෆෝන් එකේ නෝට්පැඩ් එකේ.කොටස් 4යි ලිව්වේ.මොන මගුලක්ද ෆ්‍රෙන්ස් කතාවක් ලියලා ෆෝන් එකේ දාගෙන ඉන්නේ.මට පිස්සුද ඒම කරන්න.මං කල්පනා කොරා මේක එලියට දාන්න විදියක්.අන්න ඒකෙන් තමයි මට මේ බ්ලොග් ලිවිල්ල ගැන අයිඩියා එක ආවේ.
බ්ලොග් හදන විදිය හරි අමාරුවෙන් ඉන්ටර්නෙට් එක බලලා බලලා හොයාගත්තා.ප්ලීස් හිනා වෙන්න එපා..මගේ ටෙක්නොලොජිකල් පැත්ත අන්තිම සවුත්තුයි.ඉතින් කෝම හරි හදාගත්තා කියමුකො.කෝ ඕයි මේකට නමක්.දහ අතේ කල්පනා කරා.ම්ම්හූ...මතක් වෙන්නේ නෑ.
දවසක්ම හිතුවා.කෝම හරි නිකමට හිතුනා දම්මිගේ පිටුව කියලා දාන්න."දම්මි" මගේ කැම්පස් කාර්ඩ් එක දැන් ඉතින් "කෝ සුගත්" වගේ ගොන් ජෝක් දාන්න නම් එපා පින්වතුනි.සුගත් කොහේ හරි වෙන කෙල්ලෙක් එක්ක මල් කඩනවා ඇති මේ වෙලාවේ.( දෙයියනේ....ඌ බැදලද දන්නෙත් නෑ )
හරි නමත් දැම්මා.මුල්ම පෝස්ට් විදියට ආදරණීය නපුරාත් දැම්මා.දැන් ඉතින් ඔන්න පෝස්ට් ලියනවා කී දෙනෙක් මේක කියවලද බලනවා.ඕක තමා වැඩේ.
ඔයාලට කියන්න ෆ්‍රෙන්ස් 15ක් කියවලා තිබ්බා කියන්නේ මට රජ මගුල් ( හෙන පවු නේ මං )
කෝම කෝම හරි මට මේ වැඩේ අල්ලලා ගියා.ඒ නිසා ඔන්න එක එක ඒවා ලිය ලිය දැම්මා.විශේශයෙන් මතක් කරන්න ඕනේ මං ලිවීම ගැන මළ පොතේ අකුරක් දන්න කෙනෙක් නෙවෙයි.දාසයයි මාසයේදී ආසාවට කවි කිව්වා මිසක් ලොවෙත් මෙහෙම ඒවා ලියලා නෑ ( දැන් අහන්න එපා ඒ ලියපු කවි කෝ කියලා ) හැබැයි මට ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ.මොකෝ කවුරුවත් මං කවුද දන්නේ නෑනේ. මං ගැන මොනවා හිතුවම මට මොකෝ
ඒකෙන් මේකෙන් වුනේ ආදරණීය නපුරා අමතක වුනු එක.මට ඒක ලියන්න කම්මැලි හිතුනා.ඉතින් ඒක ඉබේටම නැවතුනා.ඒත් ඔන්න මුහුණු පොතේ ගෲප් එකක අහම්බෙන් කොමෙන්ටුවක් විදියට කොටපු බ්ලොග් ලින්ක් එක නිසා දම්මිගේ පිටුව කියවන ප්‍රමාණය වැඩි වුනා.ආදරණීය නපුරා ආයෙත් ලියන්න කියලා සෑහෙන තර්ජනත් ආවා..( නයෝමි....ස්තූතියි පැට්ටෝ ඔයාට)
එතනින් පස්සේ කතාවේ කියන්න දෙයක් නෑනේ ෆ්‍රෙන්ස්.
ආදරණීය නපුරා ආදරණීය අවසානයකින් ලොකු පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් එක්ක අවසන් වුනා.(අවසන් වුනා කිව්වට ඉවරම නෑ හොදේ.ලොකු දෙයක් මග එනවා )
දැන් දෙවෙනි කතාවත් පටන් අරන් ❤️
මන්දාරම් අහස යට...
සිරා අභියෝගයක්....
මොනවා වෙයිද කියලා මටත් හිතාගන්න බැරි කතාවක්..
කතාව සැලසුම් කරපු විදිය වෙනස් කරන්න වුනු කතාවක්.ඉතින් මං දන්නෙත් නෑ දැන් මොනා වේවිද කියලා
ඔබට කුතුහලයක් ඇති වූවාද? එසේනම් දිගටම කියවන්න ❤️ මන්දාරම් අහස යට
ආදරණීය නපුරා කියවීමට අතපසු වූවාද? දැන්ම දම්මිගේ පිටුවට පිවිස කියවන්න ❤️
ඔන්න මැද්දෙන් ඇඩ් එකකුත් දාගත්තා මගේ පෝස්ට් එකේ මට ඇඩ් එකක් දාගන්න බැරි නම් වැඩක් නෑනේ ෆ්‍රෙන්ස්.
හරි දැන් පොඩ්ඩක් සීරීයස් වෙමු...
මේ දම්මිගේ පිටුව මට වාසනාව ගෙනාවා.හිතේ තියන දේ අකුරු කරලා මං සැනසීමක් ලැබුවා.ආදරණීය නපුරා කතාවෙන් මට තේරුනා මං කරන දේවල් අගය කරන පිරිසකුත් ඉන්නවා කියලා.මට අද වෙද්දි බ්ලොග් එක බලන ප්‍රමාණය වැදගත් නෑ.මට වැදගත් වෙන්නේ කියවන ටික දෙනා වෙනුවෙන් දෙයක් දෙන එක.ඒකයි වෙන්නත් ඕනේ.හැමෝම වැඩක් නෑ.අපිව අගය කරන අය වෙනුවෙනුයි ජීවත් වෙන්න ඕනේ.
ඉතින් අද මේ පෝස්ට් එක දම්මිගේ පිටුව කියවපු හැමෝටමයි.ස්තූතියි ගොඩක්.අද මේ විදියට මං සතුටෙන් ඉන්නේ ඔයාලා නිසා.මට මං ගැන ආත්ම විශ්වාසයක් ඇති කරේ මේ දම්මිගේ පිටුව.
ඒ වගේම මගේ අම්මට තාත්තට යාලුවන්ට ස්තූතියි මං ගැන විශ්වාස කරාට ❤️
විශේශයෙන් ස්තූතියි ප්‍රභාට ❤️ ලියපන් මං කියවනවා කිව්වට
අටම්පහිය,ලක්මාල් අයියේ ස්තූතියි බ්ලොග් එක ගැන විවේචනය කරාට.මගේ පණ්ඩිතකමට එහෙම උත්තර දුන්නට මං ඒකෙන් දෙයක් ගත්තා.ඔයාට දැන් පේනවනේ නේද මගේ බ්ලොග් එක දැක්කම ❤️
ඒ වගේම බ්ලොග් එක කියවන ඔයාලා හැමෝටමත් ස්තූතියි ❤️
ආදරෙයි ගොඩාරියක් ❤️
ප.ලි.: ඇනිවසරි බෝනස් ඉල්ලන්න එපා ලමයිලා....මගේ ඉස්කෝලේ පැටවුන්ට ස්පෝට්ස් මීට්.රෑ වෙලා ගෙදර ආවේ.හෙට දෙන්නම් හොදේ කොටසක් ❤️
















