Sunday, December 30, 2018

මන්දාරම් අහස යට - විසි වෙනි කොටස


පොලීසීයේ ඉදන් ගෙදර ආපු ආදිත්‍යට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වුනා.

"මොනවද සුදු පුතා මේ කරගන්න දේවල්"  ආදිත්‍යගේ ලොකු අම්මා, ගයානි කම්මුලටත් අත තියාගෙන කියද්දි  ආදිත්‍යගේ  ලොකු අප්පච්චි වුනු නීතිඥ නිශාන්ත සූරියබණ්ඩාරත්  ඔලුව වැනුවා.

"මං කවදාවත් ඔය පොලීසියට පවුලේ එකෙක් නිසා ගිහින් නෑ.අනවශ්‍ය කරදරයක්නේ මේ දාගත්තේ" නිශාන්ත කිව්වේ ආදිත්‍ය දිහා කෙලින්ම බලන ගමන්

"ඒත් අප්පච්චි ආදි ගේ වැරැද්දක් නෑනේ.එයා ඒ ගෑනු ලමයා බේරගන්නනේ ගියේ" ආදිත්‍ය ලගම වාඩි වෙලා හිටපු අවිශ්ක ආදිත්‍ය වෙනුවෙන් කතා කරා.

"බේරගන්න.....බේරගන්න මෙයා විතරයිද හිටියේ.ඔය කෙල්ලෝ මොන ජාතියෙද කියලා කවුද දන්නේ" නිශාන්ත කියද්දි ගයානිත් ඔලුව වැනුවා.

"අනේද කියන්නේ...මහ විසේකාරියෙක් වෙන්න ඇති" ගයානි ඒකට හූමිටි තිබ්බා.

" එහෙම නෑ ලොකු අම්මා.මං දන්නවා ඒ ගෑනු ලමයව.දන්න කියන කෙනෙක්ව එහෙම අරන් යද්දි මට බලන් ඉන්නද කියන්නේ" ආදිත්‍ය කිව්වේ මේ කතා තවත් අහන් ඉන්න බැරුව.

" මං දන්නේ නෑ ඕවා.ලබන සතියේ අම්මලා එනවා කිව්වා ලංකාවට.අම්මටම ඔය කතා කියන්නකෝ.එතකොට අපි බලමු ඔය දන්න අදුරන ගෑනු ලමයි ගැන" ගයානි එහෙම කියද්දි ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

"අපේ අම්මලා එනවද?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන්.

"හ්ම්ම්...ලබන සදුදා උදේ මෙහෙට එනවා කියලා අද උදේ කෝල් කරා"  ගයානි කිව්වේ මෙච්චර වෙලා වාඩි වෙලා හිටපු පුටුවෙන් නැගිටින ගමන්.

"ඇයි අම්මලා එක පාරටම එන්නේ"

"එක පාරටම නෙවෙයිනේ.එනවා කියලනේ තිබ්බේ" නිශාන්ත කිව්වේ සාලේ එහාට මෙහාට ඇවිදින ගමන්.

"යමන් කාමරේට" අවිශ්ක ආදිත්‍යට මිමිණුවේ නිශාන්ත එහෙට මෙහෙට ඇවිදිනවා ටිකක් වෙලා බලන් ඉදලා.

"යමු.." එහෙම කියපු ආදිත්‍ය නැගිට්ටේ කාමරේට යන්න.ඒත් එක්කම අවිශ්කත් පුටුවෙන් නැගිට්ටා.

"සුදු පුතා, ආයේ එහෙම ඒ ගෑනු ලමයව හම්බෙන්න යනවා එහෙම නෙවෙයි" නිශාන්ත කිව්වේ බොහොම සැර කටහඩකින් කියලා ආදිත්‍යට තේරුනා.

කාමරේට ආපු ආදිත්‍ය කෙලින්ම වැටුනේ ඇදට.

"මේක චාර්ජ් ගහපන්කෝ" ආදිත්‍ය එහෙම කිව්වේ අවිශ්කට එයාගේ දුරකථනය දික් කරන ගමන්.අවිශ්ක ඒක අරන් චාර්ජ් එකට ගහලා ආදිත්‍ය ලගින් ඇදෙන් වාඩි වුනා.

" ඇයි උඹ විහාරාට මේක කියන්න එපා කිව්වේ.අසේලිගේ ගෙදර අය පණ දාගෙන හොයනවා ඇතිනේ බං.විහාරත් හොදටම බය වෙලා හිටියේ" අවිශ්ක ඇහුවේ කෙලින්ම ආදිත්‍යගේ මූණ දිහා බලාගෙන.

" විහාරාගේ හැටි උඹයි මායි දෙන්නම දන්නවනේ බං.විහාරා අඩනවා ඇති ශුවර් එකටම.ඒපාර ගෙදරට ඕක කියද්දි කොහොම කියවෙයිද දන්නේ නෑ.අන්තිමට මේ ප්‍රශ්නෙට මාව තවත් ගෑවෙන එක වෙන්නේ"

"උඹව ප්‍රශ්නෙට ගෑවෙන එක ගැන නම් උඹ වද වෙන්නේ මොකටද ඒ කෙල්ල පස්සේ ගියේ? පව් යකෝ ඒ ගෙවල් වල මිනිස්සු " අවිශ්ක හිතේ තරහට කැගහනකොට ආදිත්‍ය ඇදෙන් කෙලින් වෙලා වාඩි වුනා.

"පණිවිඩේ මගෙන් නොයන්නයි මට ඕනේ වුනේ.අසේලිගේ ගෙදරට පණිවිඩේ හම්බවෙන්න ඕනේ මගෙන් නෙවෙයි.ඒකෙන් ඒ ලමයට ප්‍රශ්න වැඩි වෙන විතරයි වෙන්නේ.කොල්ලෙක් වෙලා මගෙන් කොච්චර ප්‍රශ්න ඇහුවද බං ලොකු අප්පච්චි.එහෙම එකේ අසේලිගෙන් ඒ ගෙදර මිනිස්සු කොච්චර දේවල් අහවිද?.මට ඒ ප්‍රශ්න වැඩි කරන්න ඕනේ වුනේ නෑ.අනික අපි එහෙන් එද්දි අසේලිට සිහිය ඇවිත්.මට එතන කොස්තාපල් කෙනෙක් කිව්වා එහෙම" ආදිත්‍ය කියද්දි අවිශ්ක හුස්මක් හෙලලා අනිත් පැත්ත බලාගත්තා.

"උඹ තරහයිද" ආදිත්‍ය ඇහුවේ අවිශ්කගේ මේ වෙනස නිසා.

" තරහයිද නෙවෙයි යකෝ මට උඹව මරන්න හිතෙන්නේ.ඇයි බං පොඩ්ඩක් අත වැනුවා නම් මං දකින්නේ නැද්ද.පාර දිගට පේ ෆෝන් තිබ්බේ නැද්ද.මට කිව්වා නම් මං එන්නේ නැද්ද.තනියෙන් ගියා මෙතන වීරයෙක් වෙන්න.මොනවා හරි වුනා නම් එහෙම" අවිශ්ක කියවද්දි ආදිත්‍ය හිනා වෙලා ආදිත්‍යගේ කරට අත දාගත්තා.

"හරි බං.ඊලග සැරේ ශුවර් එකට කියන්නම්" ආදිත්‍ය කියද්දි අවිශ්ක රැව්වා.

"මේ මං වොශ් එකක් දාගෙන එන්නම්.උඹ පස්සේ නා ගනින්" එහෙම කියපු ආදිත්‍ය තුවායකුත් කරේ දාගෙන නාන කාමරේට ගියේ අවිශ්ක බලන් ඉද්දි.

එතකොටම අවිශ්කට විහාරාගෙන් දුරකථන ඇමතුමක් ආවත් අවිශ්ක ඒකට පිළිතුරු නොදුන්නේ ආදිත්‍ය ගැන ඇහුවොත් ඒ ගැන කියන්න දෙයක් නැති නිසා.

රෑට කාලා කාමරේට ආපු ආදිත්‍ය බලන් හිටියේ අවිශ්ක කාමරේට එනකම්.

"මේ...විහාරාට කතා කරපන්කෝ" අවිශ්ක ආපු ගමන් ආදිත්‍ය කිව්වේ අවිශ්කව පුදුම කරලා.

" ඒ මොකටද"

"අසේලිට කොහොමද අහපන්කෝ"  ආදිත්‍ය කියද්දි අවිශ්කට හිනා ගියා.

"මූ හවස දීපූ ටෝක් එකේ හැටියට මං හිතුවේ අසේලිට ආයේ කතා කරන එකක් නෑ කියලා"

" හරි ඉතින් මං කතා කරන්නේ නෑනේ.උඹ අහපන් නිකමට කොහොමද කියලා.උඹ කතා කරන්නෙත් විහාරාටනේ"

" උඹ ගැන ඇහුවොත් එහෙම"

" කියපන් උඹ මාව හොයලා හොයලා ගෙදර එද්දි මං ඇවිත් කියලා ගෙදර.උඹත් ශේප් නේ.අපෝ බං උඹට බොරුවක් හදාගන්නත් බෑනේ" ආදිත්‍ය කියද්දි අවිශ්ක ආදිත්‍ය දිහා බලාගෙනම හිටියා.

"මොකද මගේ මූණේ පෙරහැරක් යනවද" ආදිත්‍ය ඇහුවේ හිනා වෙවී

"නෑ මං මේ හිතුවේ උඹ මොකද මෙච්චර අසේලි ගැන හොයන්නේ කියලා.එදා රෑ උඹලා දෙන්නා එකට ආපු එක ගැනත් උඹ කිව්වේ බස් එක කැඩුනා කියලා.දැන් අසේලිගේ සැප දුක අහන්න හදනවා.මොකක්ද මල්ලි කේස් එක" අවිශ්ක ඇහුවේ ආදිත්‍යට ඇහැක් ගහන ගමන්.

"මනුස්සකම...මනුස්සකම.. කෝ දීපන් ෆෝන් එක උඹට බැරි නම් කතා කරන්න" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ අතේ තිබ දුරකථනය ගන්න අත දික් කරන ගමන්.

" මනුස්සකමද...නැත්තම් හදවත ටින් ටින් ගානවද?"අවිශ්ක කිව්වේ දුරකථනය තිබ්බ අත ආදිත්‍යගෙන් දුරකට ගන්න ගමන්.

"පිස්සුද යකෝ..හදවත ටින් ටින් ගාන්න උඹ හිතුවද මගේ පපුවේ ලේනෙක් ඉන්නවා කියලා.උඹට බැරි නම් මට නම්බර් එක දීපන් මං ගන්නම් විහාරාට" ආදිත්‍ය කිව්වේ අවිශ්කට රවන ගමන්.

"හිටපන් හිටපන්...හපෝ..මූට යන කේන්තියක්" එහෙම කියන ගමන් අවිශ්ක ඇමතුම ගත්තේ විහාරාට.ඇමතුම සම්බන්ද වෙන්නත් මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

"හෙලෝ..."

"හෙලෝ..."

" කොහෙද ඉන්නේ? කතා කරන්න පුලුවන්ද?" අවිශ්ක ඇහුවේ සැකෙන්

"පුලුවන්.ගෙදර ඉන්නේ.කියන්න"

" අසේලිට කොහොමද? ගෙදර ආවද?"

"ඔව්..මං හවස කෝල් කරෙත් ඒක කියන්න"

"අහ්...ඔව් සොරි මං කාමරේ හිටියේ නෑ ඒ වෙලාවේ"

"හ්ම්ම්..."

"ඉතින් කොහොමද අසේලිට"

" ඇගට අමාරුයිලූ.මොනවා හරි ඩ්‍රග්ස් වගයක් දීලනේ"

"අහ්...ඉතින් දැන් අසේලි ගෙදරද ඉන්නේ"

"ඔව් ගෙදර" විහාරා එහෙම කියද්දි අවිශ්ක බැලුවේ එයා ඉස්සරහ ඉදන් තොල් වලින් මොනවදෝ කියන්න හදන ආදිත්‍ය දිහා.

"මොකක්ද?" අවිශ්ක සද්දේ අඩු කරලා ඇහුවේ දුරකථනය කණෙන් එහාට ගන්න ගමන්

" ගෙදරින් බැනලද අහපන්" ආදිත්‍ය මිමිණුවේ අවිශ්කට විතරක් ඇහෙන විදියට

"හෙලෝ..." විහාරා දුරකථනයෙන් කියනවා ඇහුනු අවිශ්ක ආයෙත් දුරකථනය කණේ තියාගත්තා.

" හෙලෝ..හෙලෝ..විහාරා මේ අසේලිට ගෙදරින් බැනලද?"

"බැනලා නම් නැතුව ඇති.පොලීසියෙන් කෝල් කරාට පස්සේ මාත් ගෙදර ආවනේ.අසේලිට කෝල් කරාට කතා කරේ නෑ මාත් එක්ක.ඇන්ටි කිව්වා ඇගේ අමාරුවට නිදි කියලා" විහාරා ඒ විස්තරේ කියන අතරේ ආදිත්‍ය අවිශ්ක දිහා බලන් හිටියේ නොඉවසිල්ලෙන්.

"ඔයා කතා කරේ අසේලිගේ ෆෝන් එකටද?"

" අසේලිගේ ෆෝන් එක වැඩ නෑ.මං අහන්න ගියෙත් නෑ ඇන්ටිගෙන්.මං කතා කරේ ගෙදරට"

"හ්ම්ම්..හරි හරි" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලන ගමන්.

"ආදිත්‍ය ඉන්නවද ඔතන" විහාරා එක පාරටම ඇහුවේ අවිශ්කවත් කලබල කරලා.

"ඇයි?"

" ඇයි කියන්නේ? ඉන්නවද?"

" නෑ...මෙතන නෑ.පණිවිඩයක් තියෙනවා  කියන්න.මං කියන්නම්" අවිශ්ක කිව්වේ ආදිත්‍යගෙන් පැත්තකට හැරෙන ගමන්.

"එයාට තෑන්ක්ස් කියන්න අසේලි වෙනුවෙන් කරපු දේවල් වලට.ගොඩක් පිරිමි ලමයි ගෑනු ලමයින්ව ගනන් ගන්නෙවත් නැති කාලේක එයා කරේ හිතාගන්නවත් බැරි දෙයක්" විහාරා කියද්දි අවිශ්ක ගොලු වුනා.

"කියන්න එයාට" විහාරා ආයෙත් කිව්වේ අවිශ්කගෙන් සද්දයක් නැති නිසා.

"ආ..හරි හරි මං කියන්නම්"

" හරි එහෙනම්.තියන්නම්.බායි" එහෙම කියපු විහාරා දුරකථනය විසන්ධි කරේ අවිශ්කට කිසිම දෙයක් කියන්න අවස්ථාවක් වත් නොදීමයි.

" මොකද කිව්වේ" ආදිත්‍ය ඇහුවේ ඇද උඩ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන්.ඒත් අවිශ්කගේ ඔලුවේ තිබ්බේ වෙන දෙයක්.

'මේ කෙල්ල වෙනදට මං බුදු සරණයි නොකිව්වම තරහත් වෙනවා.අද එයාටම ඒක අමතක වෙලා' අවිශ්ක හිතුවේ දුකෙන්.

"ඒයි...කියපන්...මොකද කිව්වේ" ආදිත්‍ය නොඉවසිල්ලෙන් ඇහුවේ අවිශ්කගෙන් සද්දයක් නැති නිසා.

" අසේලිට අවුලක් නෑලු.අර ඩ්‍රග්ස් සීන් එක නිසා ඇගට අමාරුයිලූ.ගෙදරින් අවුලක් වුන පාටකුත් නෑ කිව්වා.විහාරාත් වැඩි දෙයක් දන්නේ නෑ බං.විහාරා කෝල් කරාට අසේලි ෆෝන් එකට ඇවිත් නෑ"

"ඇයි ඒ"

"නිදි කිව්වලු ඇගේ අමාරුවට"

"ෆෝන් එක අසේලි ලගලුද? "

"ෆෝන් වැඩ නැතිලු "

"ඒකත් එහෙමද" එහෙම කියපු ආදිත්‍ය ඇදේ ඇලවුනා.

"හරිද උඹේ ප්‍රශ්න පත්තරේ"

"හ්ම්ම්..."

"උඹ නිදාගන්නවද? මට පංතියේ වැඩ වගයක් තියෙනවා" අවිශ්ක ඇදෙන් නැගිටින ගමන් කිව්වා.

"හරි උඹ කරගනින්" එහෙම කියපු ආදිත්‍ය අනිත් පැත්තට හැරුනේ නිදාගන්න හිතාගෙන.ඒත් ආදිත්‍යගේ හිතේ තිබ්බේ අසේලිට කොහොමද කතා කරන්නේ කියලා.

පහුවදා දවසම ආදිත්‍යට ගෙදරම ඉන්න වුනේ නිශාන්ත දවසම ගෙදර හිටපු නිසා.ගෙදරින් පැන ගන්න විදියක් නැති නිසා ආදිත්‍ය දවසම හිටියේ කාමරේට වෙලා.කීප සැරයක්ම ආදිත්‍ය අසේලිට දුරකථන ඇමතුම් දුන්නත් ඒ හැම ඇමතුමෙන්ම කියවුනේ දුරකථනය සම්බන්ද කරන්න බෑ කියලා.

විහාරාට ආදිත්‍යම කතා කරෙත් අසේලි ගැන තොරතුරක් දැනගන්න වුනත් විහාරා කිව්වේ අසේලි තාමත් ඉන්නේ අසනීපෙන් කියලා.අසේලි විහාරා එක්කත් වැඩිය කතා නොකරපු බව අහලා ආදිත්‍ය හිටියේ නොසන්සුන් වෙලා

'මේ කෙල්ලට මොනවා වෙලාද? ඇයි ෆෝන් වැඩ නැත්තේ? විහාරා කියපු විදියට ගෙදර අවුලකුත් නෑ.එයාට ගොඩක් අමාරුයිද දන්නේ නෑ.ඩ්‍රග්ස් කියන්නේ මොන ජාතියේ ඒවද දන්නේ නෑ.මොන මගුලක් දැනගන්නත් මෙයා කතා කරන්න එපැයිනේ' ආදිත්‍ය කල්පනා කරේ හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන.

දවස් දෙකක්ම ගේ ඇතුලේ හිටපු ආදිත්‍යට මේක දැන් එපා වෙලයි තිබ්බේ.

තුන්වෙනි දවසේ උදේ අවිශ්ක සුපුරුදු විදියට දේශන වලට යන්න ලැස්ති වුනේ ආදිත්‍ය උදේ කෑම කන අතරෙදි.කෑම කාපු ආදිත්‍ය කාමරේට එද්දිත් අවිශ්ක ලෑස්ති වෙනවා.


"කාව බලන්න යන්නද මචන් මෙච්චර හැඩ වැඩ වෙන්නේ " ආදිත්‍ය ඇහුවේ ඇදේ ඇලවෙන ගමන්.

"මොකෙක් බලන්නද මං.මේ ඒක නෙවෙයි උඹ අද මොකද කරන්නෙ?"

" පොඩි වැඩක් නම් හිතේ තියෙනවා.මොකක්ද උඹේ වැඩේ කියපන්"

"මගේ රිපොර්ට් එක ෆොර්මැට් කරලා හදලා දීපන් වස්තුවේ.පෙන් එකේ ඔක්කොම විස්තර තියෙනවා" අවිශ්ක කිව්වේ මේසේ උඩ තියෙන පෙන් එක පෙන්නන ගමන්

"හරි...හැබැයි උඹ හවස මාත් එක්ක ගමනක් යන්න එන්න ඕනේ"

"ඒ කොහෙද?"

"අසේලිගේ ගෙදර"

"පිස්සුද යකෝ එහේ යන්න...සිටුවේශන් එක දන්නෙත් නෑ.අනික අසේලිට ඉන්නවා හිට්ලර් අයියා කෙනෙක්.අනේ පුතේ මට නම් බෑ" අවිශ්ක අත් දෙක එකතු කරලා වැදලා කියද්දි ආදිත්‍යට හිනා ගියා.

" එහෙනම් රිපෝර්ට් එක නෑ හොදේ"

" කමක් නෑ.දැනටත් අප්පච්චි මං දිහා බලන්නේ මං උඹව එතනට එක්කන් ගියා වගේ.අසේලිලගේ ගෙදර එක්ක ගියොත් මාව දඩුකදේ ගහවි"

"ඒ කියන්නේ උඹට බෑ"

"බෑ තමා"

"හරි මං තනියෙන් යන්න.මට ඇඩ්‍රස් එක දීපන්" ආදිත්‍ය කියද්දි අවිශ්ක හොද හුස්මක් අරන් ආදිත්‍ය ලගට ආවා.

"මොකක්ද බං මේ උඹට හැදිලා තියෙන පිස්සුව" අවිශ්ක ඇහුවේ ආදිත්‍ය ලග වාඩි වෙන ගමන්

"මට ඇති පිස්සුවක් නෑ.මට කියපන් උඹ යන්න එනවද නැද්ද? " අවිශ්ක දිහාවට ඇගිල්ලකුත් දික් කරලා ආදිත්‍ය කියද්දි අවිශ්ක ඔලුව දෙපැත්තට වැනුවා.

"එන්නම් එන්නම්...හවස 5ට විතර යමු" අවිශ්ක කිව්වේ ආදිත්‍ය ලගින් නැගිටින ගමන්.
අවිශ්ක කියපු විදියටම ආදිත්‍යයි අවිශ්කයි හවස 4ට විතර පිටත් වුනේ අසේලිගේ ගෙදරට යන්න.අසේලිගේ ගෙදරට හැරෙන තැන බයික් එක නවත්තපු අවිශ්ක ආදිත්‍ය දිහා හැරිලා බැලුවා.

"අර ඉස්සරහ තියෙන කොල පාට තාප්පේ තියෙන ගෙදර තමයි මං දන්න විදියට ගෙදර"
"යමන් ඉතින් ටිකක් ඉස්සරහට"

"ගෙදරට යන්න බෑ ඔන්න දැම්ම කිව්වා" අවිශ්ක කියද්දි ආදිත්‍ය හිනා වුනා.

"නෑ නෑ බං.යන්නේ නෑ.යමන්කෝ ඉස්සරහට" අවිශ්ක බයික් එක හෙමීට ඉස්සරහට අරන් ගියේ ආදිත්‍යට ගෙදර හොදට පේන්න.ගෙදර පහුවෙනවත් එක්කම ආදිත්‍ය දැක්කේ බැල්කනියට වෙලා පාර බලන් ඉන්න අසේලිව.අසේලිව දැකපු ආදිත්‍යගේ පපුව ගැහෙන්න ගත්තා.

අසේලිගේ ගෙදර පාස් කරලා බයික් එක නවත්තපු අවිශ්ක ආයෙත් ආදිත්‍ය දිහාවට හැරුනා.

"අසේලි නේ හිටියේ"

"ඔව්" ආදිත්‍ය කිව්වේ වෙන කල්පනාවකින්.

"දැන් මොකද කරන්නේ"

"ගෙදර යමු" ආදිත්‍ය එහෙම කියද්දි අවිශ්ක බැලුවේ පුදුමෙන්.

"දැන් මොකටද ආවේ"

"ආවේ ගේ බලන්න.බැලුවනේ.දැන් යමු"

"මොන මගුලක් කියනවද මන්දා...යමු එහෙනම්" අවිශ්ක එහෙම කියලා බයික් එක ආපහු  හරවගත්තා.ආදිත්‍ය ආයෙත් ගේ පහු කරද්දිත් අසේලි කලින් වගේම බැල්කනියට වෙලා බලන් හිටියා.

ආපහු ගෙදරට කිට්ටු කරපු අවිශ්ක බයික් එක නැවැත්තුවා.

"අප්පච්චි ඇවිත්ද දන්නේ නෑ.ප්‍රශ්න කෝටියයි බයික් එකේ උඹත් එක්ක ගමනක් ගියා කිව්වොත්" අවිශ්ක කිව්වේ ආදිත්‍ය දිහා බලන ගමන්.

"අහ් ඒකට මං ලග ප්ලෑන් එකක් තියෙනවා.බයික් එක පිටිපස්සේ වැට ලගට දාහන්.අපි වැටෙන් රිංගමු." ආදිත්‍ය කියද්දි අවිශ්කත් ඔලුව වැනුවා.

ආදිත්‍ය කියපු විදියට බයික් එක පිටිපස්සේ වැට ලගට දාපු දෙන්නා හෙමීට ඇතුලට ගියා.කිසිම වෙනසක් නැතුව ගෙදර අයත් එක්කත් කතා කරලා හිටපු ආදිත්‍ය රෑ කෑමෙන් පස්සේ කාමරේට ගියේ අවිශ්ක කොහෙද බලන්න.

" උඹ වැඩක්ද?" ආදිත්‍ය ඇහුවේ ලැප් එකත් දාගෙන වැඩ කරන අවිශ්කගෙන්

"ඔව් බං.අද නිදාගන්න වෙන් නෑ වගේ.උඹ නිදාගනින්.මං සාලෙට යන්නම්"

"නෑ නෑ මට මරු ෆිල්ම් එකක් සෙට් වුනා.මං එහෙනම් සාලේ ඉදන් ෆිල්ම් එක බලනවා.උඹ වැඩ කරපන්" එහෙම කියපු ආදිත්‍ය හෙමීට ගියේ  අවිශ්ක හැමදාම බයික් එකේ යතුර තියන අල්මාරිය ලගට.

එතනින් හෙමීට යතුරත් අරගෙන වැටෙන් පැනලා බයික් එකට නැගපු ආදිත්‍ය කෙලින්ම ගියේ අසේලිගේ ගෙදර ලගට.අසේලිගේ ගෙදරත් පහු කරලා බයික් එක නවත්තපු ආදිත්‍ය අසේලිගේ ගෙදර ඉස්සරහ හිටගත්තා.ඒ වෙද්දිත් අසේලිගේ කාමරේ ලයිට් දාලා තිබ්බ එක ගැන ආදිත්‍යගේ හිතට දැනුනේ සතුටක්.කලින් හිතාගත්ත විදියට තාප්පෙට නැගලා එතනින් අඹ ගහට නැග ගත්ත ආදිත්‍යට තරමක මහන්සියකින් පස්සේ අසේලිගේ බැල්කනියට නැග ගන්න පුලුවන් වුනා.

අමාරුවෙන් බැල්කනියට ආපු ආදිත්‍යට කාමරේ ඇතුලේ එක එක සද්ද වගයක් ඇහුනා
'නිදි නෑ වගේ තාම.තව කවුරුහරි කාමරේ ඉන්නවද දන්නේ නෑ' එහෙම හිතපු ආදිත්‍ය බැල්කනියේ දොරේ වීදුරුව අස්සෙන් එබිකම් කලා.

'නෑ වගේ කවුරුවත්ම...කෝ අසේලිත් නෑනේ' එහෙම හිතපු ආදිත්‍ය හෙමීට දොරෙන් ඇතුලට ඔලුව දැම්මා.ඒත් කවුරුවත් පේන්න හිටියේ නෑ.

'කෝ මේක ඇතුලේ කවුරුවත් නෑනේ'  ආදිත්‍ය හිතුවේ කාමරේ වටේ බලන ගමන්

"ආදිත්‍ය.." සියුම් හඩකින් ඇහුනු ඒ කටහඩ අදුරගන්න ආදිත්‍යට වැඩි වෙලාවක් ගියේ නෑ.කට හඩ ඇහුනු පැත්තට හැරුනු ආදිත්‍ය දැක්කේ ඇද ලගින් හෙමීට නැගිටින අසේලිව.

*****************************************
ඉක්මනින් හමුවෙමු.
ආදරෙන් ඉන්න ❤️

Friday, December 28, 2018

මන්දාරම් අහස යට - දහ නම වන කොටස


අසේලිට සිහිය ආවේ වතුර වගයක් මුණට වැටෙනවා දැනිලා.අමාරුවෙන් ඇස් ඇරපු අසේලි වටපිට බැලුවා.බොද වෙච්ච ජායාවක් වගේ අසේලි දැක්කේ එයා ඉස්සරහ ඉන්න පොලිස් කාන්තාවක්.

"හා හා දැන්වත් නැගිටිනවා හොදයි.කොහොමද දැන්" ඒ පොලිස් කාන්තාව කිව්වේ අසේලිගේ නළලට අතක් තියන ගමන්.
අසේලි හෙමීට ඔලුව උස්සලා එතන වාඩි වුනා.වාඩි වෙලා වටපිට බලපු අසේලි දැක්කේ කබඩ් ගොඩකින් වට වුනු පොඩි කාමරයක්.අසේලි වාඩි වෙලා හිටියේ එතන තිබ්බ පොඩි බංකුවක් උඩ.

"මෙතන එහා පැත්තේ නාන කාමරයක් තියෙනවා.මූණ ටිකක් හෝදලා මේක ඇදගන්න.ලොකු සර් දැන් කීප සැරයක්ම ඇහුවා" කලින් කතා කරපු පොලිස් කාන්තාවම අසේලිට කිව්වේ පාර්සලයක් දික් කරන ගමන්.පාර්සලේ අතට ගත්තත් මේ වෙන්නේ මොකක්ද කියලා අසේලිට තේරුමක් තිබ්බේ නෑ.

"මං මේ කොහෙද ඉන්නේ?" අසේලි ඇහුවේ වටපිට හොදට බලන ගමන්.

"මේ කළුතර පොලීසිය" ඒ පොලිස් කාන්තාව කියද්දි අසේලි බැලුවේ බය වෙලා.එතකොටම පොලිස් කාන්තාවක් කාමරේට ඇතුල් වුනේ ෆයිල් කවර වගේකුත් අරගෙන.

"ඇයි....ඇයි....මං පොලීසියේ ඉන්නේ" අසේලි ඇහුවේ බය වෙලා.

"නැත්තම් වෙන කොහෙද ඉන්න ඕනේ? මේ පොඩි වයසට ඇග විකුනනවා මිසක් තමුන්ට වෙන කරන්න රස්සාවක් තිබ්බේ නැද්ද?" අලුතෙන් කාමරේට ආපු පොලිස් කාන්තාව එහෙම කියාගෙන අසේලිගේ පැත්තට ආවේ අසේලි දිහාවට අප්‍රසන්න බැල්මකුත් හෙලාගෙන.

"නිලූශා...." අසේලි ලග මෙච්චර වෙලා හිටපු පොලිස් කාන්තාව කිව්වේ ටිකක් තදින්.ඒත් නිලූශා ඒක ගනන් ගත්ත පාටක් නොපෙනුනේ ආයෙත් කතා කරන්න ගත්ත නිසා.

"තමුන්ලා වගේ ගෑනු නිසයි ඕයි රටේ ගෑනු ජාතිය මෙච්චර පහළට වැටිලා තියෙන්නේ" නිලූශා ආයෙත් කියවද්දි අසේලි ඒ දිහාම බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව.

"ඔය ඇති නිලූශා" අසේලිගේ ඉස්සරහින් කලින් පොලිස් කාන්තාව හිටගත්තේ නිලූශාව වලක්වන්න.

"මොකක්ද ඇති කියන්නේ...ඔයත් මේ වගේ ගෑනු ආරක්ශා කරන්න හදන්නේ මොකද අමාලි.ඔයාටත් මේකේ සම්බන්දයක් තියෙනවද?" නිලූශා කියද්දි අමාලි අසේලි දිහා හැරිලා බැලුවේ වේදනාවෙන්.

"ඔව් සම්බදයක් තියෙනවා.මේ මගේ නංගිගේ වයසෙම ගෑනු ලමයෙක්.කෙල්ලෙක්ට ඔහොම කතා කරන්න ලැජ්ජ නැද්ද ඔයාට"

"මං මොකටද ලැජ්ජ වෙන්නේ.මේ වගේ බැල්ලියෝ ආරක්ශා කරන ඔහේලයි ලැජ්ජ වෙන්න ඕනේ..තුක් විතරක්..මේ වගේ ගෑනු" නිලූශා එහෙම කියන ගමන් අසේලිගේ මූණට කෙල ගහද්දි අසේලිට මේක තවත් දරා ගන්න බැරි වුනා.අසේලි බංකුවෙන් අමාරුවෙන් නැගිට්ටා.

"මං...මං මොකක්ද කරපු වැරැද්ද මට ඔහොම කතා කරන්නේ"අසේලි අහද්දි නිලූශා හිනා වුනේ ඉණටත් අත තියාගෙන.

"වැරැද්ද...දන්නේම නෑ...තොත්ත බබා...වරෙන් නලවන්න" නිලූශා එහෙම කිව්වේ සරදමට හිනා වෙන ගමන්.

"නිලූශා...කරුණාකරලා මෙතනින් යනවද? මේ ලමයට ලෑස්ති වෙන්න ඕනේ.සර් එන්න කියලා තියෙන්නේ" අමාලි කිව්වේ බොහොම ඉවසීමෙන්.

"යන්නම්..යන්නම්...කොහොමත් මේ වගේ ගෑනු ලග වැඩි වෙලා ඉන්න මගේ කැමැත්තක් නෑ" නිලූශා එහෙම කියලා කාමරෙන් යද්දි අසේලි ඔලුව අල්ලගෙන බංකුවෙන් වාඩි වුනා.

"ඇයි මොකද? ඔලුව රිදෙනවද?" අමාලි ඇහුවේ අසේලි දිහාවට පහත් වෙන ගමන්.
"ටිකක්..." අසේලි කිව්වේ ඔලුව අල්ලගෙනමයි.

"ගිහින් මූණ ටිකක් හෝදගෙන මේක ඇදගෙන එන්න" එහෙම කියලා අමාලි යන්න හැරුනත් අසේලි එයාගේ අතකින් අල්ලගත්තා.

"ඇයි...එයා මට එහෙම කිව්වේ" අසේලි අහද්දි අමාලි සුසුමක් හෙලුවා.

"ලොකු සර් හම්බුනාම ඔක්කොම දැනගන්න පුලුවන්.ගිහින් ඇදගෙන එන්න" අමාලි කිව්වම අසේලි හෙමීට නැගිටලා එතන තිබ්බ නාන කාමරේට ගියා.

එක්කෙනෙක්ට හැරෙන්නවත් අමාරු ඒ පොඩි නාන කාමරේ තිබ්බේ උහුලන්න පුලුවන් සුගන්දයක් නෙවෙයි.ඒකත් ඉවසගෙන ශරීර කෘත්‍ය කරගත්ත අසේලි එතන තිබ්බ පොඩි කණ්නාඩි කෑල්ලෙන් මූණ බැලුවා.ඒ කණ්නාඩි කෑල්ලෙන් පේන තමන්ගේ මූණ දිහා අසේලි බැලුවේ පුදුමෙන්.රතු වෙච්ච ඇස් එක්ක මලානික වෙච්ච මූණ නම් තමන්ගේ නෙවෙයි කියලයි අසේලිට හිතුනේ.එහෙම්ම කණ්නාඩි කෑල්ලෙන් මූණ බලාගෙන අසේලි කල්පනා කරේ මොකක්ද වුනේ කියලා.

"මං ආදිත්‍ය එක්ක අයිස් ක්‍රීම් ගන්න ගියා...ඊට පස්සේ...ඊට පස්සේ...සිරී...සිරී... කියල කෙනෙක් හිටියා..." අසේලි මතක් කරේ අමාරුවෙන්.

"ආ...මගේ ඔලුව..." අසේලි ඔලුව අල්ලගත්තේ අමාරුවෙන්.

"ඇයි මගේ ඔලුව මෙච්චර රිදෙන්නේ?" අසේලි හිතුවේ ඔලුව අල්ලගෙනමයි.

අසේලි ඊට පස්සේ බැලුවේ තමන් ඇදන් හිටපු ඇදුම දිහා.ගෙදරින් ඇදගෙන ආපු සුදු පාට ගවුම මෙච්චර කිළටු වුනේ කොහොමද කියලා අසේලිට හිතාගන්නත් බැරි වුනා.ගවුම ගලවන්න ගවුම පිටිපස්සට අත යවපු අසේලිට තේරුනේ ගවුම පිටිපස්සෙන් ඉරිලා කියලා.

"ගවුම ඉරිලානේ...මොකද වුනේ" අසේලි හිතුවේ බයෙන්.

පුලුවන් ඉක්මනින් බෑග් එකෙන් ගත්ත සුදු සායකුයි ටීශර්ට් එකකුයි ඇදගත්ත අසේලි කොණ්ඩේ යන්තමට පිටිපස්සට කරලා ගොතා ගත්තා.ලෑස්ති වෙලා තව එක පාරක් කණ්නාඩියෙන් මූණ බලපු අසේලි එලියට ආවා.අමාලි එලියේ බලන් හිටියේ අසේලි එනකම්.අසේලිව එලියට එක්කගෙන ගියපු අමාලි පොලිස් පරීක්ශක කාමරේ ලග නැවතුනා.

"එක්ස්කියුස් මී සර්..මේ ගෑනු ලමයා නැගිට්ටා"
"අහ් කෝ එවන්න ඇතුලට"පොලිස් පරික්ශකතුමා කිව්වේ බල බල හිටපු ෆයිල් එක වහන ගමන්.

හෙමිට ඇතුලට ගියපු අසේලි පොලිස් පරීක්ශකතුමා ලග හිටගත්තා.

"වාඩි වෙන්න" අසේලි වාඩි වුනේ බයෙන්.

"කොහොමද දැන්? කොහේ හරි රිදෙනවද?" පොලිස් පරීක්ශකතුමා ඇහුවේ අසේලි දිහා හොදට බලන ගමන්.ඒකට අසේලි ඔලුව වැනුවා.

"මොකක්ද නම?"

"අසේලි...අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

"වයස"

"විසි එකයි"

"ම්ම්....ගෙවල් කොහෙද"

"නාගස් හන්දියේ...හොරණ පාරේ"

"තාත්තා මොකද කරන්නේ"

"තාත්තා බිස්නස් කරන්නේ.ජයවර්ධන බේකරිය තාත්තගේ"

"හ්ම්ම්...දැන් තමුන් දන්නවද ඇයි මේ පොලිසියේ ඉන්නේ කියලා" පොලිස් පරික්ශක්තුමා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"තාත්තගේ නම්බර් එක මතකද?" පොලිස් පරීක්ශකතුමා ඒ පාර අහද්දි අසේලි ඔලුව වැනුවා.

"කියන්න..." පොලිස් පරීක්ශකතුමා කිව්වේ දුරකථනයේ රිසීවරය අතට අරගෙන.

"07********"

පොලිස් පරික්ශකතුමා දුරකථන ඇමතුම ගන්නකම් අසේලි  එතන මේසේ උඩ තිබ්බ ඔර්ලෝසුව දිහා බැලුවා.ඒකේ වෙලාව තිබ්බේ හතයි කියලා.

'මේ රෑ හත ද?' අසේලි කල්පනා කරේ වටේ කරුවල දිහා බලන ගමන්.

"හෙලෝ...මිස්ටර් ජයවර්දන ද? "

"........................"

"මිස්ටර් ජයවර්දන මං මේ කලුතර පොලීසියේ ඉන්ස්පෙක්ටර් කොඩිකාර කතා කරන්නේ.මිස්ටර්ගේ දුව නේද අසේලි ප්‍රාර්ථනා ජයවර්ධන"

"......................"

"කලබල වෙන්න දෙයක් නෑ මිසටර් ජයවර්දන.දුව පොලීසියේ ඉන්නවා"

"..................."

"කලබල වෙන්න දෙයක් නෑ මිස්ටර් ජයවර්දන.පුලුවන් ඉක්මනට ස්ටේශන් එකට එන්න"

"..................."

"හරි..." එහෙම කියපු පොලිස් පරීක්ශකතුමා දුරකථනය විසන්ධි කරේ අසේලි දිහා බලාගෙනමයි.අසේලි ඉන්න විදියෙන් අසේලිගේ වරදක් නෑ කියලා තේරුනත් හදවතින් විතරක් හිතලා තීරණ ගන්න පොලිස් නිළදාරියෙන් විදියට පොලිස් පරික්ශකතුමාට පුලුවන් කමක් තිබ්බේ නෑ.

" දැන් අසේලි මතක විදියට කියමු බලන්න මොකක්ද දවල් වුනේ කියලා" පොලිස් පරීක්ශකතුමා අහද්දි අසේලි කල්පනා කරන්න ගත්තා.

" වැඩි දෙයක් මතක නෑ.අන්තිමට මට මතක අයිස් ක්‍රීම් ගන්න යනවා.එතකොට වෑන් එකක් මං ලග නැවැත්තුවා.ඒ අය මගෙන් ඇඩ්‍රස් එකක් ඇහුවා."

"ඔයා තනියමද අයිස් ක්‍රීම් ගන්න ගියේ"පොලිස් පරික්ශකතුමා ඇහුවේ ආදිත්‍යගේ කතාව පරික්ශා කරගන්න හිතාගෙන

"නෑ...ආදිත්‍ය එක්ක" අසේලි කිව්වේ කල්පනා කරන ගමන්.

"ම්ම්ම්...හරි...ඊට පස්සේ මුකුත්ම මතක නැද්ද" පොලිස් පරික්ශකතුමා අහද්දි අසේලි ටිකක් කල්පනා කරා.අසේලිට මතක තිබ්බේ අතරමගදි ඇහැරුනු වෙලාවේ වෙච්ච දේවල් විතරයි.ඒවා මතක් වෙද්දි අසේලි කලබල වුනා.

"අනේ.....එයා මගේ ඇගට ආවා...මට...මට..." කලබල වුන අසේලි පුටුවෙන් නැගිට්ටේ පොලිස් පරික්ශකතුමා වත් බය කරලා.

"අමාලි..." පොලිස් පරික්ශකතුමා කෑගැහුවේ අසේලි ඔලුව අල්ලගෙන පහතට නැවෙද්දි.අමාලි දුවගෙන ඇවිත් අසේලිව අල්ලගත්තා.හෙමීට අසේලිව වාඩි කරවපු අමාලි අසේලි ලගින් හිටගත්තා.

"බලන්න අසේලි...එහෙම මුකුත් වෙලා නෑ.එහෙම වුනා නම් ඔයා ඉන්න ඕනේ හොස්පිට්ල් එකේනේ.අපි  නොර්මල් චෙකප් එකක් කරා.ඔයාට කරදරයක් වෙලා නෑ" පොලිස් පරික්ශකතුමා කියද්දි අසේලි ඔලුව උස්සලා බැලුවේ ඇස් කදුලෙන් තෙමෙද්දි.

"ඒත් මං...මං...කොහොමද මෙහෙට ආවේ" අසේලි අහද්දි පොලිස් පරික්ශතුමා පුටුවට හේත්තු වුනා.

අසේලි එහෙම අහද්දිම කාමරේට ඇතුල් වුනේ අසේලිගේ තාත්තා.තාත්තගේ පස්සෙන් නීතිඥ මහත්තයෙකුත් කාමරේට ඇතුල් වුනා.

"අනේ...සුදු දූ..." අසේලිගේ තාත්තා අසේලිව දැකලා ඔලුව අතගෑවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන.

"මිස්ටර් ජයවර්ධන වාඩි වෙන්න" පොලිස් පරික්ශකතුමා කියද්දි ජයවර්දන වාඩි වුනා.
"මොකක්ද ඉන්ස්පෙක්ටර් වුනේ" අසේලිගේ තාත්තා ඇහුවේ කලබලෙන්.

"ඒක තමයි මේ කියන්න හැදුවේ" එහෙම කියපු පොලිස් පරීක්ශකතුමා වෙච්ච දේ විස්තර කරන්න පටන් ගත්තා.

ආදිත්‍ය ගැනත් වෙච්ච දේ ගැනත් කියද්දි අසේලි ඇස් දෙක ලොකු වුනා.

"ඔන්න ඕකයි අපි දන්න විදියට සිද්ද වුනේ.." පොලිස් පරික්ශකතුමා කියද්දි ජයවර්දන ඔලුව වැනුවා.

"එතකොට මේ කියන කොල්ලා..."

"ආදිත්‍ය...ආදිත්‍ය ගෙදර ගියා.ඒ ලමයා කියපුවයි අසේලි කියපුවයි ගොඩක් දුරට සමානයි.ඒ නිසා දැනට අපට ප්‍රශ්නයක් නෑ.ඒත් දෙන්නටම උසාවි එන්න වෙනවා උත්තර දෙන්න"

"එහෙනම් ඉන්ස්පෙක්ටර් අපට යන්න පුලුවන්ද"

"පුලුවන්.අමාලි අසේලිගේ කට උත්තරේ ලියාගන්න.මිස්ටර් ජයවර්දන ටිකක් ඉන්න.මට කතා කරන්න ඕනේ" පොලිස් පරික්ශකතුමා එහෙම කිව්වම අසේලි එලියට ගිහින් කට උත්තරේ දීලා බලන් හිටියේ තාත්තා එනකම්.

ජයවර්දන එලියට ආවට පස්සේ දෙන්නම ගෙදර යන්න පිටත් වුනා.ගෙදරට යනකම්ම දෙන්නා අතර කිසිම කතාවක් වුනේ නෑ.ඒක අසේලිට සහනයක් වුනේ ආයෙත් වෙච්ච දේ මතක් කරන්න ඕනේ නැති නිසා.

ගෙදරට ගියපු අසේලිව ගෙදර අය පිළිගත්තේ හරිම ආදරෙන්.

"අනේ සුදූ දූ කොච්චර බය වෙලාද අපි හිටියේ.විහාරාත් මෙච්චර වෙලාම මෙහේ ඉදලා දැන් ගෙදර ගියේ ඔයා ඉන්නවා කියලා දැනගත්තම" අසේලිගේ අම්මා ජනිතා කියවන්න ගත්තේ අසේලිව තුරුල් කරගන්න ගමන්.

අසේලිගේ ඔලුව විතරක් අතගාපු නිමන්ත අසේලිගේ තාත්තා ලගින් පුටුවක වාඩි වුනේ තාත්තගේ මූණ හරි නැති නිසා.

" මොකද තාත්තේ වෙලා තිබ්බේ" නිමන්ත ඇහුවේ ජනිතා එක්ක උඩට යන අසේලි දිහා බලන ගමන්.ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු ජයවර්දන නිමන්ත දිහාවට හැරුනා.ජයවර්දන පොලිස් පරික්ශකතුමා කියපු කතාව නිමන්තට කියද්දි නිමන්තගේ අතමිට මෙළවුනේ ඔහුටත් නොදැනීමයි.

"මං ඕකුන්ව අහුවුනොත් ඉතුරු කරන්නේ නෑ" නිමන්ත කිව්වේ තරහෙන් වෙව්ලන ගමන්.

"ඒක නෙවෙයි ප්‍රශ්නේ..." ජයවර්දන කියද්දි නිමන්ත ජයවර්දන දිහා බැලුවේ පුදුමෙන්.

"එහෙනම්.."

"කවුද මේ ආදිත්‍ය සූරියබණ්ඩාර කියන්නේ කියලා" ජයවර්දන කියද්දි නිමන්ත කල්පනාවකට වැටුනා.

"ඒත් තාත්තේ..ඒ කොල්ලා මේ..." නිමන්ත කියන්න ගත්තත් කතාව නැවැත්තුවේ ජයවර්දනගේ මූණේ තිබ්බ පෙනුම නිසා.

" ඒ කොල්ලා...මොන ජාතියේ වුනත් මට වැඩක් නෑ නිමන්ත.කොහෙන් හරි මිනිස්සු දම්මලා හොයලා දෙනවා මට මූ මොකෙක්ද කියලා.නිශාන්ත සූරියබණ්ඩාර ලෝයර්ගේ ගෙදරලු ඉන්නේ" ජයවර්දන එහෙම කියාගෙනම නැගිට්ටේ නිමන්ත පුදුමෙන් බලන් ඉද්දි.

දවස් දෙකක්ම අසේලි කාමරෙන් එලියට බැස්සේ නෑ.කාමරේට වෙලා හිටියත් අසේලිට එක විනාඩියක්වත් නින්ද ගියේ නෑ.නින්ද ගියොත් හීන පෙනේවි කියන බය නිසා අසේලි එක විනාඩියකටවත් ඇස් පියාගත්තේ නෑ.ඒ නිසාම අසේලිගේ තිබ්බ අසනීප ගතිය තවත් වැඩි වුනා.ජනිතා එක එක කෑම හද හද දුන්නත් අසේලි කෑම කන්න උනන්දු වුනෙත් නෑ.ජනිතා වගේම මේධාවිත් කොච්චර අසේලි එක්ක කතා කරලා විස්තර දැනගන්න උත්සහ කරත් අසේලි ආයෙත් ඒ ගැන කතා කරන්න අකමැති වුන නිසා එයාලත් ඒ ගැන කතා නොකර හිටියා.

මුලු දවසෙම අසේලි කරේ බැල්කනියේ තියෙන පුටුවට වෙලා නිදි කිරා වැටි වැටි කල්පනා කරපු එක.විහාරා අසේලිව බලන්න ආවත් විහාරා එක්කවත් කතා කරන්න අසේලිගේ කැමැත්තක් තිබ්බේ නෑ කැම්පස් යන්න අසේලිට ඕනේකම තිබ්බත් ගෙදර හැමෝම ඒකට විරුද්ද වුනේ අසේලිගේ අසනීප තත්වේ නිසා.ඒ නිසා අසේලිට ගෙදරම ඉන්න වුනා.

තුන්වෙනි දවසේරෑ අසේලිට කාමරේ තනියෙන් ඉන්න උනේ මේධාවි ඉස්කෝලෙන් යන විනෝද චාරිකාවක් ගියපු නිසා.ජනිතා අසේලි එක්ක නිදාගන්න එන්නම හැදුවත් අසේලි එපා කිව්වේ එයාට තනියෙන් ඉන්න ඕනේ නිසා.අසේලිට පේන හීන නිසා අසේලි මේධාවි එක්ක මිසක් වෙන කිසිම කෙනෙක් එක්ක නිදාගන්න කැමති වුනේ නෑ.ඒ වගේම ඕනවට වඩා තමන්ට මේ ලැබෙන අවධානෙත් අසේලිට කරදරයක් වෙලා තිබ්බේ.

රෑ කෑම කාලා කාමරේට ආපු අසේලි ඇදෙන් ඇලවුනේ පොතකුත් අරගෙන.ටිකක් වෙලා එහෙම්ම පොත දිහා බලන් හිටපු අසේලිට මතක් වුනේ පොලිස් පරික්ශකතුමා කියපු දේවල්.

"ආදිත්‍ය සෑහෙන දුරක් පයින් දුවගෙන ඇවිත් තියෙනවා ඔයාව බේරගන්න.ඔයාව අපට හම්බවෙද්දිත් ආදිත්‍ය එතන හිටියේ"

'ඔයා ඇයි එහෙම ආවේ? ඔයාට කතා කරන්න ඕනේ මට.ඒත් කතා කරලා මොනවා කියන්නද.ඔයත් කරදරේ වැටිලා මං නිසා' අසේලි හිතුවේ ඇස් දෙක පියාගෙන ඔලුව බිත්තියට හේත්තු කරගන්න ගමන්.

එතකොටම බැල්කනිය පැත්තෙන් ඇහුනු සද්දයක් නිසා අසේලි ඒ පැත්ත බැලුවේ කලබලෙන්.කලින් දවස් වල මේධාවි කාමරේ බැල්කනියේ දොර අගුළු දැම්මත් අද මේධාවි නැති නිසා අසේලිටත් ඒක මතක් වුනේ නෑ.

ඇහුනු සද්දේ නිසා කලබල වුනු අසේලි ඇදෙන් නැගිට්ටේ දොරෙන් එලිය බලන ගමන්.බැල්කනියේ විදුලි එලිය නිසා කාමරේ පැත්තට වැටුනු හෙවනැල්ල දැකපු අසේලි තවත් කලබල වුනා.අසේලි ඉක්මනින්ම කාමරෙන් යන්න හැදුවේ මේක තාත්තට කියන්න.ඒත් අසේලිගේ කලබලේ නිසාම මේස කකුලේ කකුල පැටලුනු අසේලි බිම වැටුනා.

"ආව්ව්..." අසේලිට ඉබේටම කියවුනා.ඒත් එක්කම බැල්කනියේ දොර ටිකක් ඇරුනේ අසේලිව තවත් බය කරන ගමන්.

අසේලි ඇද ලග බිම වැටිලා හිටපු විදියට අසේලිට දොර පෙනුනේ නෑ.ඒ නිසා අසේලි හෙමීට ඔලුව උස්සලා ඇදට උඩින් බැලුවේ මේ කවුද කියලා දැනගන්න.

"ආදිත්‍ය..." අසේලිට ඉබේටම කියවුනේ දොරෙන් ඇතුලට ඔලුව දාගෙන හිටපු ආදිත්‍ය දැකලා.

******************************************
කතාව ගැන හිතන දේ මට කියන්න අමතක කරන්න එපා..

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි

ඉක්මනින් හමුවෙමු

ආදරෙන් ඉන්න ❤️

Wednesday, December 26, 2018

මන්දාරම් අහස යට - දහ අට වන කොටස


අසේලිව දාගෙන ආපු වෑන් එක හොය හොය ආපු ආදිත්‍ය පාර බෙදෙන මං සන්දියක නැවතිලා දෙපැත්ත බැලුවා.මොන පැත්තට යන්නද කියලා කිසිම අදහසක් නැති ආදිත්‍ය එක පාරක් දිගට ගියේ ඒ පාර යන්නේ කොහෙටද බලන්න.ඒත් ඒ පාර කෙලවර වෙන්නේ පන්සලකින් කියලා ආදිත්‍යට තේරෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ නිසාම ආපහු හැරුනු ආදිත්‍ය අනිත් පාරට දුවගෙන ගියා.ඉක්මන් ගමනින් ආදිත්‍ය ඒ පාරේ ඇවිද්දේ වටපිට හොදට බලන ගමන්.

මෙහෙම යන අතරේ තමයි ආදිත්‍ය දැක්කේ ඇරපු ගේට්ටුවක් ඇතුලේ නවත්තලා තියෙන වෑන් එක.ඒක අසේලි දාගෙන ආපු වෑන් එක කියලා ආදිත්‍යට හොදටම විශ්වාසයි.මේ වෙද්දි වෑන් එකේ කවුරුවත්ම නැති බව දැකපු ආදිත්‍ය ඒ ගේටටුව දිහා බැලුවා.

"හිමායා බීච් රිසෝර්ට්" ආදිත්‍ය ගේට්ටුවේ ගහලා තිබ්බ නම කියෙව්වා.

"හරි, ගිහින් බලමු.යකා පේන තරම් කලු නැතුව ඇතිනේ.මොකක්ද දැන් ගිහින් කියන්නේ" තමන්ට කියාගන්න ගමන් ආදිත්‍ය  වටපිට බැලුවා.ටියුශන් පන්තියක කොලයක් බිම වැටිලා තියෙනවා ආදිත්‍ය දැක්කේ ඒ වෙලාවේ.

"රංගන දිසාසේකර - සංයුක්ත ගණිතය.කන්ඩායම් පන්ති සදහා අමතන්න." ආදිත්‍ය කොලේ දිහා බලාගෙනම කියෙව්වා.

"හරි...මේ විදියට කියලා බලමු" තමන්මට එහෙම කියාගත්ත ආදිත්‍ය රිසෝර්ට් එක පැත්තට ඇවිදගෙන ගියා.

ඒ රිසෝර්ට් එක ඒ පැත්තේ සෑහෙන ප්‍රසිද්ද පාටක් පෙනුනේ එතන නවත්තලා තිබ්බ වාහන නිසා.එතන ඉස්සරහ නැවතිලා වටේ බලපු ආදිත්‍ය දැක්කේ එයා දිහා විපරමෙන් බලන මැර පෙනුමක් තියෙන මිනිස්සු දෙන්නෙක්.ඒ දෙන්නා ආදිත්‍යගේ පැත්තට එනවත් එක්කම ආදිත්‍ය ඉක්මන් ගමනින් ගියේ පිළිගැනීමේ නිළධාරිනිය ලගට.

ආදිත්‍යව දැකපු පිළිගැනීමේ නිළධාරිනිය හිනා වුනත් ආදිත්‍ය දිහා බැලුවේ සැකයෙන්.රතු පාට තොල් ආලේපන ගොඩක් තවරගෙන උඩුකය ගොඩක් විවර වුන ඇදුමක් ඇදන් හිටපු ඇයව ආදිත්‍යට පෙනුනේ ඕස්ට්‍රේලියාවේ රාත්‍රී සමාජ ශාලාවක වේටර්වරියක් වගේ.

"ගුඩ් මෝර්නින්ග් සර්" ඇය ආදිත්‍යට සුබ පතද්දී මැර පෙනුමක් තිබ්බ මිනිස්සු දෙන්නත් ඒ ලගට කිට්ටු වුනා.

" ගුඩ් මෝර්නින්ග්.මං ක්ලයන්ට් කෙනෙක් මීට් වෙන්න ආවේ" ආදිත්‍ය කිව්වේ එයාගේ කටහඩ පාලනේ කරගන්න ගමන්.

"කවුද දන්නේ නෑ නේද සර් ක්ලයන්ට්?" ඒ පිළිගැනීමේ නිළධාරිනිය සුහද විදියට ඇහුවත් මුණේ තිබ්බේ සැක සහිත පෙනුමක්.

" මිස්ටර් රංගන දිසාසේකර.ටියුශන් සර් කෙනෙක්.මට පොඩි වැඩකට අපොයින්මන්ට් එකක් දීලා තියෙනවා 12ට එන්න කියලා" 

"රූම් නම්බර් එක දන්නවද සර්" 

"ඒක තමයි ප්‍රශ්නේ.මට ඒක දැන් මතක නෑ.10 වගෙයි මතක.මගේ ෆෝන් එකෙත් බැට්‍රි බැහැලා" ආදිත්‍ය කිව්වේ ෆෝන් එක පෙන්නන ගමන්.

එතකොටම ඇහුනු සද්ද වගයක් නිසා ආදිත්‍ය වගේම ඒ පිළිගැනීමේ නිළධාරිනියත් හැරිලා බැලුවා.ඇතුලේ ඉදන් කීප දෙනෙක්ම කලබලේ පිටත් වෙනවා දැකපු පිළිගැනීමේ නිළධාරිනිය අර මැර පෙනුමක් තිබුනු මිනිස්සු දෙන්නට ඉගියක් කරනවත් ඔවුන් දෙන්නා ඇතුලට යනවත් ආදිත්‍ය බලාගෙන.

"පොඩ්ඩක් ඉන්න සර්"එහෙම කියන ගමන් පිළිගැනීමේ නිළධාරිනිය පරිඝනකයට නැබුරු වුනා.

"සොරි සර් මෙහේ එහෙම කෙනෙක් නෑ" එහෙම කිව්වත් පිළිගැනීමේ නිළධාරිනිය බැලුවේ වටේ සිද්ද වෙන කලබලේ දිහා.එතකොටම එතන මැනේජර් වගේ පෙනුම තියෙන තලතුනා පිරිමි කෙනෙක් එතනට ආවා.ඔහුත් සෑහෙන කලබලෙන් හිටියේ.ආදිත්‍ය දිහා එක බැල්මක් විතරක් හෙලලා එයා හැරුනේ පිළිගැනීමේ නිළධාරිනිය පැත්තට.එයාගේ කණට කරලා යම්කිසි දෙයක් කියපු මැනේජර් ආදිත්‍ය දිහාවට හැරුනා.

"මේ මිස්ටර් මොකටද දන්නේ නෑ ආවේ නේද" මැනේජර් ඇහුවේ පිළිගැනීමේ නිළධාරිනිය දිහාත් බලන ගමන්.

"ආ මං ක්ලයන්ට් කෙනෙක් හොයාගෙන ආවේ.ඒත් මෙහේ නෑ කියනවනේ" ආදිත්‍ය කිව්වා.

"කවුද යශෝදා"

"අහ් මේ මිස්ටර් රංගන කියලා කෙනෙක්.එහෙම කෙනෙක් නෑ සර්" පිළිගැනීමේ නිළධාරිනිය කිව්වේ එතන තිබ්බ ෆයිල් වගයක් හොයන ගමන්මයි.

"අහ් සර්ට සමහරවිට තැන වැරදිලාද දන්නේ නෑ"මැනේජර් ඒ සැරේ කිව්වේ එයාගේ දුරකථන‍යත් බලන ගමන්.

"වෙන්න ඇති.එහෙනම් මං යන්නම්" 

"හරි සර්" මැනේජර් එහෙම කියලා කලබලේට දුරකථනය කනේ තියාගත්තා.

ආපහු යන්න හැරුනත් ආදිත්‍ය බැලුවේ එතනින් ඇතුලට යන්න.ඒ වෙද්දී ඇතුලේ ඉදන් එන පිරිස වැඩි වෙලයි තිබ්බේ.දුරකථනය ඇමතුම නිසා ආදිත්‍යගේ අවධානය නැති වෙලා තිබ්බ අතරේ ආදිත්‍ය එතන තිබ්බ කොරිඩෝරයට ගියා.ඒ කොරිඩෝරය දිගේ තිබ්බ කාමර වලින් මිනිස්සු එකා දෙන්නා එලියට එනවා ආදිත්‍යට පෙනුනේ මලානික විදුලිඑලියකින්.ඒ කොරිඩෝව දිගේ යන්න හදපු ආදිත්‍ය නැවතුනේ දුරකථන ඇමතුමෙන් ඇහුනු දෙයක් නිසා.

"දැන් ටිකකට කලින් අලුත් කෙල්ලෙකුත් ගෙනාවා.අංක 25 ඉන්නේ.ඔය කෙල්ලෝ ටික ඇතුලට දාලා ඒ කෙල්ලවත් බලපන්.සිහිය ඇවිත් නම් කේස් එකක්.අලුත් කෑල්ලක්නේ" මැනේජර් කියද්දි ආදිත්‍යගේ ඇස් ලොකු වුනා.

'මේ කියන්නේ අසේලි ගැනද' ආදිත්‍ය හිතුවෙ පපුව සීතල වෙලා යද්දි.

එහෙම්ම ආයෙත් හැරුනු ආදිත්‍ය කලබලෙන් ගියේ අංක 25 කාමරේ හොයාගෙන. ටික දුරක් එහාට මෙහාට යද්දි ආදිත්‍යට 25 කාමරේ හොයාගන්න පුලුවන් වුනා.ආදිත්‍ය කාමරේ දොරට අත තියනවත් එක්කම එලියෙන් ඇහුනේ ලොකු සයිරන් හඩක්.ඒත් එක්කම එලියේ ලොකු කලබලයක් ඇහෙන්න පටන් ගත්තා.ඒ කලබලේ ගැන ආදිත්‍යට හිතන්න වෙලාවක් තිබ්බේ නෑ.කාමරේ දොර ඇරගෙන ඇතුල් වුන ආදිත්‍ය දැක්කේ ඇද උඩ අඩ නිරුවතින් සිහිය නැතුව ඉන්න අසේලිව.කාමරේ වෙන කිසිම කෙනෙක් ඉන්න පාටක් පෙනුනෙත් නැති නිසා ආදිත්‍ය ඉක්මනටම අසේලි ලගට ගියා.

අසේලි ඇදගෙන හිටපු ගවුම බිම ගලවලා දාලා තිබුනා.අසේලි ඇද උඩ හිටියේ එයාගේ යට ඇදුම් පිටින්.අසේලි ඉන්න විදිය දැකපු ආදිත්‍ය එතන තිබ්බ ඇද රෙද්ද අර අසේලිගේ ඇග වැහුවා.ඊට පස්සේඅසේලි ලගට ලං වෙලා ඇදෙන් අසේලිව කෙලින් කරගත්ත ආදිත්‍ය අසේලිගේ කම්මුලට කීප පාරක්ම තට්ටු කරා.

"අසේලි...අසේලි...නැගිටින්න" ආදිත්‍ය කීප පාරක්ම කතා කරද්දි අසේලි හෙමීට කෙදිරි ගෑවා.අසේලිව එහෙම්ම එතන තියලා නැගිටපු ආදිත්‍ය එතන තිබ්බ වතුර එකෙන් ටිකක් අරන් ඇදේ වැතිරිලා ඉන්න  අසේලිගේ මූණේ ගෑවා.

"අපි යන්න ඕනේ මෙතනින්...නැගිටින්න..." ආදිත්‍ය එහෙම කිව්වේ අසේලිව වත්තන් කරගන්න ගමන්.

එතකොටම කාමරේ දොර ඇරුනා.දොරෙන් ආපු පොලීස් නිළධාරියා ආදිත්‍යත් අසේලිත් දිහා බැලුවේ පුදුමෙන්

"ඒයි අත් උස්සනවා..සර් මෙන්න මෙතන ඉන්නවා දෙන්නෙක්" ඒ පොලිස් නිළධාරියා කෑගැහුවේ ආදිත්‍ය බය වෙලා බලන් ඉද්දි

"නෑ ඔෆිසර් අපි මේ..." ආදිත්‍ය කතා කරන්න ගත්තා.

"කට වහගන්නවා.කියන්න තියෙන දෙයක් පොලීසියේදි කියනවා" එහෙම කිව්වේ එතනට ආපු වෙනත් පොලිස් නිලධාරීයෙක්.

" ඒ වුනාට මං වැරැද්දක් කරේ නෑ.මේ මගේ යාලුවෙක්.මං එයා බේරගන්න ආවේ" ආදිත්‍ය කිව්වේ එයාගේ අතට මංංචු දාන අතරේ.ඒ අතරෙදි එතනට ආපු පොලිස් කාන්තාවක් අසේලිව පරික්ශා කරා.

"ඩ්‍රග්ස් අරන් වගේ සර්" ඒ පොලිස් කාන්තාව කිව්වේ එතන හිටගෙන බලන් හිටපු පොලිස් පරික්ශකතුමාට.

"අරන් එනවා එයාවත් පොලීසියට.ඇග විකුනනවා මදිවට ඩ්‍රග්ස් ගහනවා" පොලිස් පරික්ශකතුමා එහෙම කිව්වේ ආදිත්‍ය එතනින් ගෙනියන්න කියලා ඉගි කරන ගමන්.

ඒක ඇහුනු ආදිත්‍යගේ ඇග හීතල වෙලා ගියා.

'මේ අය හිතන්නේ අසේලි එහෙම කෙනෙක් කියලද.නෑ පොලිස් ස්ටේශන් ගියාට පස්සේ මේක විසදගන්න පුලුවන්"ආදිත්‍ය හිතුවේ ජීප් එකට නගින්න යන අතරේ.

පොලීසියට අරන් ගියපු ආදිත්‍යව එතන බංකුවකින් වාඩි කෙරෙව්වා.දුරකථන ඇමතුමක් ගන්න අවස්ථාවක් ආදිත්‍ය ඉල්ලුවත් ඒකට අවසර ලැබුනේ නෑ.අත් දෙක ඔලුවේ ගහගත්ත ආදිත්‍ය වෙච්ච දේ ගැන කල්පනා කරා.

"මට එයා එක්ක අයිස් ක්‍රීම් ගන්න ගියා නම් හරි..එහෙනම් මෙහෙම වෙන්නේ නෑ.ඒත් ඇයි අසේලිම.පව් දැන් කෙල්ල කොහෙද දන්නේ නෑ"ආදිත්‍ය හිතුවේ පොලිස් ස්ථානයේ වටේම බලන ගමන්.ඒත් අසේලිගේ කිසිම සලකුණක් තිබ්බේ නෑ.

'ඇදුම් තිබ්බෙත් නෑ ඇගේ.කරදරයක්වත් වුනාද දන්නේ නෑ' එක පාරටම ආදිත්‍යගේ හිතට ආපු ඒ හැගීම නිසා ආදිත්‍යගේ ඇගේ හිරිගඩු පිපුනා.එහෙම්ම ඔලුව නවාගත්ත ආදිත්‍ය අතින් ඔලුවේ කෙස් ඇදගත්තා.

"අසේලී..අසෙලී...මොනවද මේ වෙන්නේ" ආදිත්‍ය කියාගත්තේ තමන්ටමයි.

"අන්න තමුන්ට එන්න කියනවා " එහෙම කියනවා ඇහුනු ආදිත්‍ය ඔලුව උස්සලා බැලුවා.සරදම් හිනාවකුත් එක්ක එතන හිටගෙන හිටියේ ආදිත්‍ය මුලින්ම දැකපු පොලිස් නිලධාරීයා.බංකුවෙන් නැගිට්ට ආදිත්‍ය පොලිස් පරීක්ශක කාර්‍යාලයට ගියා.පොලිස් පරීක්ශන ආදිත්‍යට පුටුවේ වාඩි වෙන්න කියලා අතින් පෙන්නුවේ ආදිත්‍ය දිහා බලන්නෙවත් නැතුව.

"නම මොකක්ද?" 

"ආදිත්‍ය සූරියබණ්ඩාර" 

"හරි ආදිත්‍ය කොහෙද ඉන්නේ? මේකේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා.ලංකාවේ කොහෙද ඉන්නේ" 

"කලුතර කටුකුරුන්දේ" 

" කටුකුරුන්දේ කොහෙද"

"හන්දිය කිට්ටුවමයි.සූරියබණ්ඩාර කියලා ලෝයර් කෙනෙක් ඉන්නේ"

"ඔව් ඉතින්" 

" ඒ මගේ ලොකු අප්පච්චි.මං එහේ ඉන්නේ"

"අහ් මේ එතකොට සූරියබණ්ඩාරගේ නෑයෙක්" එහෙම කියන ගමන් පොලිස් පරීක්ශකතුමා හිනා වුනා.

"සූරිය බණ්ඩාර මගේ හොද යාලුවෙක්.දැන් මට කියනවා බලන්න මොකක්ද වුනේ කියලා" පොලිස් පරීක්ශකතුමා ඇහුවේ ආදිත්‍යට කතාව කියන්න අවස්ථාව දීලා.කතාව ඔක්කොම අහගෙන හිටපු පොලිස් පරික්ශකතුමා පුටුවට හේත්තු වුනා.

"දැන් එතකොට මේ කියන්නේ ඒ ගෑනු ලමයව පැහැරගෙන ආවා කියලා.තමුන්ගේ යාලුවෙක් කියලා.එහෙම නේද?"

"ඔව්.." 

"හරි අපි ඒක බලමු ඒ ලමයට සිහිය ආවාම.ඩ්‍රග් වැඩි වෙලා තාමත් සිහියක් නෑ හරියට"

" එයාට අමාරුයිද සර්" ආදිත්‍ය අහද්දි පොලිස් පරික්ශකතුමා හිනා වුනා.

"යාලුවා ගැන සෑහෙන හිතනවා වගේ"

"නෑ මේ...සිහිය නෑ කියපු නිසා ඇහුවේ" 

"හරි හරි ඉලන්දාරියා..එලියෙන් ඉන්නවා.මං සූරියබණ්ඩාරට කෝල් කරන්නම්.එතකොට ගෙදර යන්න පුලුවන්.හැබැයි අපි එන්න කිව්ව්ම එන්න ඕනේ" 

" එතකොට අසේලිට?" 

"එයාට නම් තත්වේ ටිකක් බරපතලයි.තමුන් ලගත් නම්බර් එකක් නෑ කිව්වනේ ගෙදර.ඒ නිසා එයාට සිහිය එනකම් ඉන්න වෙනවා.කොහොමත් කට උත්තරයක් ගන්න ඕනේ" පොලිස් පරික්ශකතුමා කිව්වට පස්සේ ආදිත්‍ය කාමරෙන් එලියට යන්න හැරුනේ සැනසිල්ලෙන්.

"ඊට පස්සේ වුනත් එයාට මේක ලේසි වෙන්නේ නෑ" පොලිස් පරික්ශකතුමා කියද්දි ආදිත්‍ය ආයෙත් ඒ පැත්තට හැරුනා.

"ඇයි" 

"මෙතන ප්‍රශ්න කීපයක්ම තියෙනවා.අපි ඒ වැටලුවේ ගණිකා මධ්‍යස්ථානයක්.ගණිකා මධ්‍යස්ථානයක ඉන්න ඕනේම කෙල්ලකට එල්ල වෙන චෝදනාව තමයි ගණිකා සේවයේ යෙදීම කියන එක" පොලිස් පරික්ශකතුමා කියද්දි ආදිත්‍ය ඒ දිහා බැලුවේ පුදුමෙන්.

"ඒ වුනත්..." ආදිත්‍ය කියාගෙන ආවත් පොලිස් පරික්ශකතුමා අත දික් කරලා ආදිත්‍යව වැලැක්කුවා.

"අපි බලමු.තමුන් කියපු කතාව ඇත්තද කියලා බලන්න පුලුවන් ඒ ලමයව වෛද්‍ය පරීක්ශනේකට ලක් කරාට පස්සේ" 

"ඒත් සර්" ආදිත්‍ය ආයෙත් කියාගෙන ආවත් පොලිස් පරික්ශකතුමා ඊට ඉස්සර වුනා.

"අයිසේ නිමල්...මේ ලමයව එලියෙන් වාඩිකරවනවා" පොලිස් පරික්ශකතුමා එහෙම කිව්වේ ආදිත්‍යට එලියට යන්න කියලා ඉගි කරන ගමන්.

පොලිස් පරික්ශකතුමාගේ කාමරෙන් එලියට ආපු ආදිත්‍ය ආයෙත් කලින් බංකුවේන් ම වාඩි වුනා.පිටිපස්සේ බිත්තියට ඔලුව තියාගත්ත ආදිත්‍ය ඇස් පියාගත්තා.

"ගණිකා සේවය...අසේලි...ඔයා මේ මොකක්ද දාගත්ත ලෙඩේ' ආදිත්‍ය තමන්ම මුමුන ගත්තා.

***********************************************

මුලින්ම කියන්න ඕනේ මේ කොටස් ටික ටිකක් දුක හිතෙන කොටස් ටිකක් වේවි.පොඩ්ඩක් ඉවසීමෙන් කියවමු.කන්දක් නගින්නම ඔනනේ පල්ලමක් හම්බෙන්න.

එහෙනම් ඉක්මනින්ම හම්බෙමු

කොමෙන්ටුවකින් අදහස් කියන්න අමතක කරන්න එපා.මැසේජ් එකක් හරි එවන්න අදහස් කියලා 

ආදරෙන් ඉන්න ❤️

Monday, December 24, 2018

මන්දාරම් අහස යට - දාහත් වන කොටස



පාරෙන් එහා කහ ඉර ලග හිටගෙන අසේලි දිහා බලන් හිටපු ආදිත්‍ය පාර පැන්නේ අසේලි ලග නවත්තපූ වෑන් එක දිහා බලාගෙනමයි.ආදිත්‍ය පාර මාරු වෙලා එනකොටම දැක්කේ සිහිය නැති වෙලා ඉන්න අසේලිව කඩිමුඩියේ වෑන් එකට දාගන්න මිනිස්සු දෙන්නෙක්.ආදිත්‍ය එතනට දිව්වත් ඒ මිනිස්සු ආදිත්‍යට වඩා ඉක්මන් වුනා.අසේලිව වාහනේට දාගත්ත ගමන් වෑන් එක එතනින් ඉගිල්ලුනේ හිතාගන්නවත් බැරි වේගේකින්.

එක පාරට මේ වෙච්ච දේ ආදිත්‍යට හිතාගන්න බැරි වුනා.පපුව මහ හයියෙන් ගැහෙද්දි ආදිත්‍ය වෑන් එක පස්සෙන් දුවන්න ගත්තා.ඒත් වෑන් එකේ වේගේට තමන්ට කිට්ටු කරන්න බැරි බව තේරුම් ගන්න ආදිත්‍යට වැඩි වෙලාවක් ගියේ නෑ.ඒ නිසා දුවන අතරෙම පාරේ යන ත්‍රී වීල් එකකට අත දාපු ආදිත්‍ය ඒකට ගොඩ වුනා.

"අයියේ අර පේන සුදු වෑන් එක පස්සේ යමු..ඉක්මනට" ආදිත්‍ය කිව්වේ හති දාන ගමන්.
"ඇයි මල්ලි මොකක්ද කේස් එක?" රියදුරා ඇහුවේ වාහනේ වේගේ වැඩි කරන ගමන්.

"මං දන්න ගෑනු ලමයෙක්ව දාගෙන යනවා අයියේ ඒකේ" ආදිත්‍ය කියද්දි රියදුරා හැරිලා ආදිත්‍ය දිහා බැලුවා.

"මල්ලිගේ ගෑනු ලමයද"

"ඔව්" ආදිත්‍ය උත්තර දුන්නේ වැඩිය හිතන්නේ නැතුව.ආදිත්‍යගේ මුළු අවදානෙම තිබ්බේ ඉස්සරහින් යන වෑන් එකට.

එහෙන් මෙහෙන් කීප සැරයක්ම වෑන් එක හැරෙව්වත් ත්‍රී වීල් රියදුරාගේ දක්ශකම නිසා වෑන් එක මග ඇරගන්නේ නැතුව තියාගන්න පුලුවන් වුනා.ඒත් එයාලට වෑන් එක මග ඇරුනේ දුම්රිය මාර්ගය ලගදි.ත්‍රී වීල් එක දුම්රිය ගේට්ටුව ලග නතර වෙද්දි අසේලිව දාගත්ත වෑන් එක ඈතින් නොපෙනී ගියා.

"ශිට්..." ආදිත්‍ය කේන්තියෙන් අත්මිට මොළවගත්තේ හිතේ නොසන්සුන්කම වැඩි වෙද්දි
"යන්න ඇත්තේ බීච් එක පැත්තේ රෙස්ටුරන්ට් වලට මල්ලි" ත්‍රී වීල් රියදුරා කිව්වේ ත්‍රී වීල් එක නවත්තන ගමන්.

"එහෙනම් අයියේ වෙන පැත්තකින් දාලා යමුද?" ආදිත්‍ය කලබලෙන් ඇහුවා.

"එහෙම යන එක වැඩක් වෙන්නේ නෑ මල්ලි.කාලේ නාස්තියක් විතරයි.අනික මේ ගිය පැත්තට වෙන පාරකින් එන්න වෙනම දුරක් යන්න ඕනේ.ඔන්න දැන් කොච්චියත් එනවනේ." ත්‍රී වීල් රථ රියදුරා කිව්වේ ඈත එන කොච්චිය දිහා බලාගෙන.

" හරි එහෙනම් අයියා යන්න.මෙන්න සල්ලි" එහෙම කියන ගමන් 500 කොලයක් රියදුරාට දික් කරපු ආදිත්‍ය ත්‍රී වීල් එකෙන් බැස්සා.

ඉතුරු සල්ලි ගන්නවත් නොහිටපු ආදිත්‍ය ඈතින් දුම්රිය එන රේල් පාර මැද්දෙන් එහා පැත්තට දිව්වේ පුලුවන් ඉක්මනින් වෑන් එක අල්ලගන්න.හති දාගෙන දුවපු ආදිත්‍ය ආවේ තුන්මං හන්දියකට.එතනට ආපු ආදිත්‍ය නැවතිලා දෙපැත්ත බැලුවා.පාරක් අහගන්නවත් කෙනෙක් නොහිටිය ඒ පාරේ තිබ්බේ මහ මූසල පාටක්.ඒ පාරවල් වලින් එක පාරක් මුහුද පැත්තට යන අතරේ අනිත් පාර තිබ්බේ වෙනම දිශාවකට.ත්‍රී වීල් රියදුරා කියපු කතාව මතක් කරගත්ත ආදිත්‍ය මුහුද පැත්තට තිබ්බ පාර දිගේ එක දිගටම  දිව්වා.

ඒත් ඒ පාර දිගට තිබ්බේ වහලා දාපු පොඩි සිල්ලර කඩේකුත් වැටකෙයියා යායකුත් විතරයි.මුහුද ලග නතර වුන ආදිත්‍ය හුස්මක් හෙලුවා.පහතට නැවිලා දණහිස් දෙක අල්ලගත්ත ආදිත්‍ය හති දැම්මා.ආයෙත් කෙලින් වෙච්ච ආදිත්‍ය එයාගේ දුරකථනය ගත්තේ අවිශ්කට දුරකථන ඇමතුමක් දෙන්න හිතාගෙන.

එක පාරක් නාද වෙද්දිම අවිශ්ක දුරකථනයට පිළිතුරු දුන්නා.

"කොහෙද යකෝ ඉන්නේ? කෝ අසේලි" අවිශ්ක ඇහුවේ කලබලෙන්

"අසේලිට කරදරයක් මචන්.මං ඉන්නේ බීච් සයිඩ් එකේ.රේල් ගේට් එක පහු කරලා ආවා.පොලීසියට කියලා වරෙන් ඉක්මනට" ආදිත්‍ය ඒ ටික කිව්වේ ආයෙත් යන්න හැරෙන ගමන්.ඒත් ඒකට අවිශ්කගෙන් උත්තරයක් නැති තැන ආදිත්‍ය බැලුවේ එයාගේ දුරකථනය දිහා.

"ශීකේ...මේ මගුලෙත් මේ වෙලාවෙම බැට්‍රි බැස්සනේ..."ආදිත්‍ය තමන්ටම කියාගත්තේ දුරකථනය සාක්කුවට දාගන්න ගමන්.

එහෙම්ම ආයෙත් ආදිත්‍ය දුවලා ආවේ තුන්මං හන්දියට.එතනින් තිබ්බ අනිත් පාර දිගේ ආදිත්‍ය දුවගෙන ගියේ වටපිට හොදට බලන ගමන්.ලොකු ගේට්ටු තියෙන ගෙවල් ගොඩක් තිබ්බ ඒ පාරේ අසේලිව දාගෙන ආපු වෑන් එක කොහේවත් තිබ්බේ නෑ.ඒ පාර බෙදෙන මං සන්දියක නැවතුනු ආදිත්‍ය දෙපැත්ත බැලුවා.

"අසේලී...කොහෙද ඔයා ඉන්නේ" ආදිත්‍ය තමන්ටම කියාගත්තේ මංසන්දියේ දෙපැත්ත බලන ගමන්මයි.

අසේලිට ඔලුව බර ගතියක් දැනෙන්න වුනේ ඇගේ අමාරුවක් එක්කමයි.ඇස් අරින්න උත්සහ කරත් අසේලිට ඇස් ඇරගන්න බැරි ගතියක් දැනුනා.ඒත් එක්කම අසේලිට දැනුනේ තමන් ඉන්නේ වාහනේක කියලා.එතනින් නැගිට්ට හැදුවත් අසේලිට දැනුනේ අපහසුවක්.ඒ අපහසුවටම අසේලිට කෙදිරි ගෑවුනා.

"කපිල අයියා,මෙන්න මේකි ඇහැරිලාද කොහෙද" කවුදෝ එහෙම කියනවා අසේලිට ඇහුනේ හීනෙන් වගේ.

"කමක් නෑ බං.දැන් බොසා ලගට යන එකනේ.බොසා සතුටු වේවි කෙල්ලව දැකලා"
"ඇත්තට කොහෙන්ද කපිල අයියේ බොසාට මේ කෙල්ල සෙට් වුනේ?" ඒ ඇහුවේ තවත් කටහඩක්.

"මේ අහම්බෙන් සෙට් වෙච්ච එකක්නේ.දන්නවනේ බොසාට ඇහැ යන කෙල්ලෙක් බොසාට නැතුවම බෑනේ" කපිල කියද්දි අනිත් උන් ටික හිනාවෙනවා අසේලිට ඇහුනා.ඒත් මොනවත් කරගන්න බැරි තරමටම අසේලිගේ ඔලුව බරට දැනුනේ.ඒත් එක්කම වාහනේ වංගුවකින් හරවනවත් එක්කම අසේලිගේ ඔලුව වාහනේ පැත්තක වැදුනා.ඒ වැදුනු පාරට අසේලිට දැනුනේ ආයෙත් පැත්තම අදුරු වෙලා යනවා වගේ දැනුනා.

අසේලිට ආයෙත් එක එක කටහඩවල් ඇහෙන්න ගත්තේ ලොකු ඔලුවේ කැක්කුමකුත් එක්කමයි.

"ඔන්න බොස් කෙල්ල ඉන්නවා කිරි ටොපි කෑල්ල වගේ" එක කටහඩක් එහෙම කියනවා අසේලිට ඇහුනා.

අමාරුවෙන් ඇස් ඇරපු අසේලි ට පෙනුනේ සුදු පාට ශීට් දාපු වහලක්.කෙලින් වෙන්න උත්සහ කරත් ඇගට දැනෙන ලොකු අපහසුවක් එක්ක අසේලිට නැගිටගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.ඒත් අමාරුවෙන් කෙලින් වුන අසේලි තමන් ඉදිරියේ ඉන්න අය දිහා බැලුවා.එක පාරටම බලපු නිසා අසේලිට පෙනුනේ එතන හතර දෙනෙක් ඉන්නවා කියලා.ඒත් එහෙම්ම ඇද උඩ වාඩි වෙලා දෙතුන් පාරක් ඇස් පිල්ලම් ගහපු අසේලි ඒ පිරිමි දෙන්නා දිහා හොදට බැලුවා.

අසේලි ගැන කිසිම ගානක් නැතුව එතන කතා කර කර හිටපු පිරිමි දෙන්නා අදුරගන්න අසේලිට මහ ලොකු වෙලාවක් ගියේ නෑ.ඒ එදා රෑ තමන්ට හම්බුනු විජේ සහ සිරී දෙන්නා කියලා දැකපු අසේලිට ඇති වුනේ ලොකු බයක්.

'දෙයියනේ දැන් මං මොකද කරන්නේ?' අසේලි කල්පනා කරේ බයේ ගැහෙද්දි. එහෙම්ම එහා පැත්ත බලපු අසේලි දැක්කා එයා දාගෙන හිටපු බෑග් එක පුටුවක් උඩ තියෙනවා.
'බෑග් එක ගත්තොත් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි.ෆෝන් එක ඇති ඒක ඇතුලේ' අමාරුවෙන් වුනත් අසේලි පුටුව දිහාට අත දික් කරේ බැග් එක ගන්න හිතාගෙන. ඒත් ඒකෙන් වුනේ.ඇද උඩ තිබ්බ බෝතලයක් බිම වැටුනු එක.

බෝතලේ වැටෙන සද්දෙන් අසේලි බය වුනා වගේම විජේයි සිරියි දෙන්නත් හැරිලා බැලුවා.

"අහ් චූටී කෙල්ල නැගිටලා වගේ..." විජේ එහෙම කියාගෙන හිනා වේගෙන අසේලි ලගට ආවා.

"එන්න එපා මං ලගට" අසේලි එහෙම කියාගෙනම ඇදේ අයිනට වුනා.ඇද පුරා අත ගෑවත් ගහන්න කියලා කිසිම දෙයක් අසේලිගේ අතට අහු වුනේ නෑ.

"අහ් මේ මොකද බය වෙලා...අපි ටිකක් හොදින් කතා කරලා ඉමුකෝ" විජේ අයියා කිව්වේ අසේලිට තවත් කිට්ටු වෙන ගමන්.මේ ඔක්කොම සිරී හිනා වෙවී බලන් හිටියා.ඇද කොනේ බිත්තිය අයිනට වුන අසේලි දැක්කේ ජනේලේ අයිනේ තියෙන පොඩි කොකු කෑල්ලක්.

"මේ බලන්නකෝ කපිලා ...මෙයා අපට බය වෙලානේ" විජේ කිව්වේ අසේලි දිහා බලලා හිනා වෙවී.

"කපිල කිව්වට දන්නේ නැතුව ඇති බොස්.මොකක්ද ඒ මට කියපු නම.අහ් සිරී" කපිල ඒක කිව්වේ මහ හයියෙන් හිනා වෙන ගමන්.

"මොකක්ද බං මට දාපු නම ? විජේ...අනේ අම්මපා උබටත් නමක් තිබ්බේ නෑනේ ඒ වෙලාවෙ කියන්න"බොස් කපිල දිහා බැලුවේ එහෙම කියන ගමන්.ඒ අවසරෙන් අසේලි ජනෙල් පඩිය උඩ තිබ්බ කොකු කෑල්ල අතට ගත්තා.ආපහු අසේලිගේ පැත්තට හැරුනු බොස් දැක්කේ කොක්කක් අතේ තියන් ඉන්න අසේලිව.

"එන්න එපා මං ලගට.මං කෑගහනවා" අසේලි කිව්වේ ඒ කොකු කෑල්ලත් දික් කරන ගමන්.ඒත් ඒකෙන් බොස් නැවතුනේ නෑ.බොස් දිගටම අසේලි ලගට එනවත් එක්කම අසේලි අඩියක් ගානේ පස්සට ගියා.එහෙම පස්සට ගියපු අසේලි එතන බිත්තියට හේත්තු වුනා.කරන්න වෙන කිසිම දෙයක් හිතාගන්න බැරි වුන අසේලි කෑගහන්න ගත්තා.

"මාව බේරගන්නෝ...කවුද ඉන්නේ...." අසේලි කෑගහන්න ගත්ත ගමන් ඉස්සරහට පැනපු බොස් අසේලිගේ කට අතකින් වැහුවේ අනිත් අතින් අසේලිව බිත්තියට තද කරගන්න ගමන්.

"කපිලා...ගෙනෙන් අර සිලින්ජරේ..මේකිට හොද සිහියෙන් මේක කෙරෙන් නෑ වගේ" බොස් කිව්වේ අසේලිගේ මූණට හොදටම කිට්ටු වෙලා.

බොස්ගේ උණුසුම් හුස්ම් මූණේ වැදෙනවත් එක්ක අසේලිට දැනුනේ අප්පිරියාවක්.ඒ නිසාම අසේලි මූණ අනිත් පැත්තට හරව ගත්තා.

"ඇයි මොකෝ අප්පිරියයිද? උඹ මේකට පුරුදු වෙයි..වෙයි නෙවෙයි වෙන්න වෙනවා " බොස් අසේලිගේ කණට කරලා කිව්වේ උණුසුම් හුස්මක් කනට පිඹින ගමන්.ඒකට අසේලිගේ ඇග හීතල වෙලා ගියා.

"කෝ බං ඕක ගෙනෙන්කෝ..." බොස් කිව්වේ පිටිපස්ස බලන ගමන්.ඒ අවසරෙන් අතක් නිදහස් කරගත්ත අසේලි අතේ තිබ්බ කොක්ක බොස්ගේ ඇගට ඇන්නා.

"අම්මෝ..." බොස් එහෙම කියාගෙනම අසේලිගෙන් ඈත් වුනේ තුවාලේ බලන්න.ඒත් අසේලිගේ අත අතෑරියේ නෑ.කොක්ක වැදිලා තිබ්බේ බොස්ගේ අතකට.එතන හීරීලා තිබ්බත් ලොකු තුවාලයක් වෙලා තිබ්බේ නෑ.අසේලි ඒ අතෙන් මිදෙන්න එහෙට මෙහෙට දැගලුවත් ඒක හරි ගියේ නෑ.කොක්ක වැදිලා තුවාල වුන බොස් අසේලි දිහා බැලුවේ තවත් තරහෙන්.

"උඹ එච්චර ලොකුයි ද ආ...එච්චර ලොකුයිද..." එහෙම කියපු බොස් අසේලිගේ කම්මුලට පාරක් ගහනවත් එක්කම අසේලි වීසී වෙලා වැටුනා

"අනේ...අනේ...මට යන්න දෙන්න..." අසේලි කිව්වේ එතනම බිත්තිය අයිනට ගුලි වෙන ගමන්.බොස් එතන බිම ඇණ ගහගත්තා.

"යන්න දෙන්න...යන්න දෙන්නම්..මගේ වැඩේ කෙරුනම"  එහෙම කියන ගමන් බොස් අසේලිගේ කොණ්ඩෙන් ඇදලා ගත්‍තා.

"ආ........" අසේලි කෑගැහුවේ වේදනාවෙන්.

"අහ් රිදෙනවද උඹට...තව රිදේවී ඉස්සරහට" බොස් කිව්වේ අසේලිව ඇදට තල්ලු කරලා දාන ගමන්.අසේලි ඇදෙන් නැගිටින්න හදනවත් එක්කම අසේලිගේ කකුලට මොකෙන්දෝ අනිනවා වගේ තේරුනු නිසා අසේලි ඔලුව උස්සලා බැලුවා.සිලින්ජරයකුත් අතේ තියාගෙන හිනා වේවි හිටපු කපිල අසේලි දිහා බලලා ඇහැක් ගැහුවා.

අසේලි නැගිටින්න උත්සහ කරත් ඔලුවට දැනෙන මහා බර ගතියක් නිසා එහෙම්ම ඔලුව අල්ලගත්ත අසේලි ඇදට බර වුනා.ඒත් එක්කම බොද වෙලා යන ඇස් වලින් අසේලි දැක්කේ තමන්ගේ ඇගට පහත් වෙන බොස්ව.බොස් අසේලිගේ බෙල්ල මූණ සිපගන්න පටන් ගත්තේ අසේලිගේ විරෝදතාව ගනන් ගන්නේ නැතුව.ඔලුවට දැනෙන බර ගතියත් ඇගේ අමාරුවත් එක්කඅසේලිට විරෝදතාවයක් දක්වන්න තරම් පුලුවන්කමක් තිබ්බෙ නෑ.එහෙට මෙහෙට ඇබරී ඇබරී මේකෙන් බේරෙන්න අසේලි උත්සහ කරා.අසේලිගේ මේ විරෝදතාව නිසා බොස්ට ඇති වුනේ තරහක්.

අසේලිගේ ඇග ලගින් වාඩි වුන බොස් අසේලිට ආයෙත් කම්මුලට පාරක් ගැහුවා.
"දැන්වත් මේක කෙරෙන්න ඕනේ මට ඕනේ විදියට" බොස් එහෙම කියාගෙනම අසේලි දිහාවට පහත් වෙද්දිම අසේලිගේ ඇස් නිලංකාර වෙලා නොපෙනී ගියා.

*****************************************************************************
යාලුවනේ, සමාවෙන්න පරක්කු වුනාට.අද කතාව සම්පුර්ණයෙන්ම ටයිප් කරේ ෆොන් එකෙන්.ඒ නිසා අකුරු වැරදි ඇති.ඒවට සමාවෙන්න.ඊලගට සෑහෙන්න හිත හිත ලියපු කොටසක් මේක.ඇත්තටම අමාරු වුනා ලියාගන්න.ඒ නිසා ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.

එහෙනම් ඊලග කොටසින් හම්බෙමු

ආදරෙන් ඉන්න ❤️

Saturday, December 22, 2018

මන්දාරම් අහස යට - දහසය වන කොටස




දේදුණු පුරුදු විදියටම ඒ සෙනසුරාදත්  අප්පච්චි එනකම් බැල්කනියට වෙලා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.වෙනදට වඩා අප්පච්චි හම්බෙන්න මේ සතියේ දේදුණුට තිබ්බ උවමනාවත් වැඩියි.ඒකට හේතු වුනේ ආදිත්‍ය.කලින් දවසේ හවස ආදිත්‍යව හම්බුනාට පස්සේ දේදුණු සෑහෙන වෙලා ආදිත්‍ය ගැන කල්පනා කරා.

'මේ කොල්ලා මේ කියන්නේ ඇත්ත කියලත් වෙලාවකට හිතෙනවා.ඒත් වැඩිපුරම මට හිතෙන්නේ මේක බොරුවක් කියලා.ඒ ගර්ල් මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න බෑ.ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙයාට නොකිය කීයටවත් කැම්පස් යන්නේ නෑනේ.යාලුවෙක් වෙන්න ඇති.මාව අල්ලගන්න ඒ වෙලාවේ කටට ආපු එකක් කියන්න ඇති.පව් දෙයියනේ...' දේදුණු හිතුවේ හිත යටින් හිනා වෙන ගමන්.

' ඒත් මේ කියන කතාව ඇත්ත නම් මොකෝ කරන්නේ.අද අප්පච්චිගෙන් අහලා බලන්න ඕනේ' දේදුණු කල්පනා කරේ පාර දිහා බලාගෙනමයි.එතකොටම දේදුණුගේ ජංගම දුරකථනය නාද වෙන්න ගත්ත නිසා දේදුණු ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා කාමරේට ගියේ ඇමතුම ගන්න.

ඒ ඇමතුම ආවේ විසල්ගෙන්.

"හෙලෝ..." 

"හෙලෝ බබා..කොහෙද ඉන්නේ?"

"ගෙදර ඉන්නේ අයියේ..මේ අප්පච්චි එනකම් බලන් ඉන්නවා.අද පරක්කුයි එයා " දේදුණු කිව්වේ දුරකථනයත් අරන් ආයෙත් බැල්කනියට යන ගමන්.

"අහ් එහෙමද....සුදූ, නැන්දා ඉන්නවා නම් පොඩ්ඩක් ෆෝන් එක දෙන්න" විසල් එහෙම කියද්දි දේදුණුට දැනුනේ අමුත්තක්.කවදාවත් විසල් එහෙම කියලා නෑ.

"ඇයි අයියේ?"

"කියන දේ කරන්නකෝ සුදූ" ඒ සැරේ විසල් කිව්වේ ටිකක් තදින්.ඒ නිසාම මුකුත් නොකියපු දේදුණු දුරකථනයත් අරගෙන පහළට ගියේ නැන්දා හොයාගෙන.කුස්සියට ලං වෙද්දිම දේදුණුට ඇහුනේ ඇඩුම් හඩක්.

"අනේ සුරේ...මොකද දැන් කරන්නේ?" ඒ ඇහුනේ නැන්දගේ කටහඩ.දේදුණු හෙමීට කුස්සියට කිට්ටු කරා.

"මොනවා කරන්නද.සුදූවත් ලෑස්ති කරගෙන ඉක්මනට නුවර යමු" මාමා කියද්දිමයි දේදුණු කුස්සියෙන් එබුනේ.

"මේ නැන්දා විසල් අයියට නැන්දට කතා කරන්න ඕනේලු" දේදුණු කිව්වේ නැන්දට දුරකථනය දික් කරන ගමන්.

මෙච්චර වෙලා මේසේ ලගට වෙලා වාඩි වෙලා හිටපු නැන්දා දුරකථනයත් අරන් ඉක්මනටම කුස්සියෙන් ගියේ දේදුණුගෙන් මූණ හංගන ගමන්.මොකක්ම හරි ප්‍රශ්නයක් කියලා තේරුනු නිසා දේදුණු බැලුවේ මාමා දිහා.

"ඇයි මාමේ ඒක පාරට නුවර යමු කිව්වේ?" 

"මෙහෙන් වාඩි වෙන්නකෝ සුදූ" මාමා කිව්වේ එයාගේ ඉස්සරහ පුටුවට අත දික් කරන ගමන්.

"ඇයි මාමේ? " දේදුණු ඇහුවේ පුටුවෙන් වාඩි වෙන ගමන්.මාමා කතා කරපු විදියට දේදුණුගේ හිතට අමුත්තක් දැනෙමින් තිබුනා.

"සුදූ කලබල වෙන්න එපා.අප්පච්චිට හාර්ට් ඇටෑක් එකක් ඇවිත්ලූ" මාමා කියද්දී දේදුණුට දැනුනේ එයාගේ ඔලුව කැරකෙනවා වගේ.

"දැන් අප්පච්චිට කොහොමද?" දේදුණු ඇහුවේ වෙව්ලන කටහඩකින්

"හොස්පිට්ල් ඇඩ්මිට් කරලලූ.වෙන විස්තරයක් දන්නේ නෑ සුදූ" මාමා කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්.

" මට අප්පච්චි බලන්න යන්න ඕනේ" දේදුණු කිව්වේ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි

"ඒක තමා අපිත් මේ කතා වුනේ,සුදූ ලෑස්ති වෙන්නකෝ.අපි යමු දැන්" එහෙම කියන ගමන් මාමා දේදුණුගේ ඔලුව අතගෑවේ දේදුණු ගැන ඇති වුන දුකකින්.

"සුදූ මෙන්න ෆෝන් එක.ලෑස්ති වෙන්න.අපි නුවර යමු" නැන්දා එහෙම කියාගෙනම ඇවිත් දේදුණු අතට දුරකථනය දුන්නා.ඔලුව පහතට හරවගත්ත දේදුණු ඉක්මන් ගමනින් උඩට යද්දි මාමා නැන්දා දිහා බැලුවා.නැන්දා හිස් බැල්මකින් කුස්සිය අස් කරන්න පටන් ගත්තා.

"ඇයි මොකද වුනේ? " මාමා ඇහුවේ නැන්දගේ වෙනසක් තේරුන නිසා

" අයියගේ හාර්ට් ඇටෑක් එකට විසල්ගෙත් සම්බන්දයක් තියෙනවා වගේ" නැන්දා කිව්වේ මාමා දිහා බලන්නෙවත් නැතුව.

"ඔයා කොහොමද එහෙම කියන්නේ?" 

"විසල් කතා කරද්දි පිටිපස්සෙන්  මහ ගෑනි සද්දේට කියෙව්වේ ඕකුන්ගේ මහ එකා බොරුවට හාර්ට් ඇටෑක් හදාගෙන කියලා" නැන්දා කිව්වේ කේන්තියෙන් පුපුරන ගමන්.

" ඒ මොකක්ද ඒ කතාවේ තේරුම.ඔයා ඒක විසල්ගෙන් ඇහුවේ නැද්ද"

" ඒක අහද්දි විසල් පොඩි වැඩක ඉන්නේ කියලා ෆෝන් එක කට් කරා.විසල් නම් හොද කොල්ලෙක් තමා.හැබැයි මට ඒ මාන්නක්කාර මහ ගෑනි නම් පේන්න බෑ" 

"හරි දැන් විසල් මොකටද කතා කරලා තියෙන්නේ"

"එයා කතා කරලා තියෙන්නේ දේදුණුට කොහොමද බලන්න.එයා හිතලා තියෙන්නේ අපි මේ වෙද්දිත් පිටත් වෙලා කියලා.දේදුණු මුකුත් නොදන්න බව තේරුණු නිසාලු මට කතා කරේ" නැන්දා කිව්වේ කුස්සියේ පිගන් ටික අඩුක් කරන ගමන්.

"හරි හරි...ඔයා දැන් ගිහින් ලෑස්ති වෙන්නකෝ.බලන්න දේදුණුට කොහොමද කියලා.මං දොරවල් වහලාම ලෑස්ති වෙන්නම්" කුස්සියේ දොර වහන ගමන්ම මාමා කිව්වේ නැන්දත් මේ වෙලාවේ සන්සුන් වෙන්න ඕනේ නිසා.

දේදුණු ඇදුම් කීපයක් බෑග් එකට දාගත්තේ ඇස් වලින් කදුලු කඩා හැලෙද්දි.හැමදාමත් දේදුණු වැඩියෙන්ම ආදරේ කරේ අප්පච්චිට.පැන්ඩෝල් පෙත්තක් බොන්න තරම්වත් ලෙඩක් නොතිබුනු අප්පච්චිට මේ එක පාරට මොකද වුනේ කියලා දේදුණුට හිතාගන්නත් බැරි තරම්.පුලුවන් ඉක්මනින් ලෑස්ති වෙච්ච දේදුණු මාමායි නැන්දයි එක්ක නුවර යන්න පිටත් වුනේ හදවත කඩාගෙන වැටෙද්දි.

මේ අතරේ අසේලි කළුතර නගරයට වෙලා බලන් හිටියේ විහාරා එනකම්.එදා අසේලිටයි විහාරාටයි පංති දවසක් වුනත්   හුග දවසකින් හම්බ නොවුන නිසා අසේලි විහාරට කතා කරලා එන්න කිව්වේ ඇදුම් ටිකකුත් අරන් ටිකක් ඇවිදලා එමු කියලා.අවිශ්කගේ සිද්දියෙන් පස්සේ අසේලිට විහාරා එක්ක හරියට කතා කරන්න වුනෙත් නැති නිසා විහාරා ඒ ගැන තාම හිතනවද කියලවත් අසේලිට හිතාගන්න බෑ.ඒ නිසාම අසේලිට ඕනේ වුනේ මේ ගැන විහාරා එක්ක කතා කරන්න. විහාරා එනකම් බලන් ඉන්න අතරේ අසේලිට මතක් වුනේ ආදිත්‍යව.

'ඒ සිද්දියෙන් පස්සේ සතියක්ම ගියා.දැක්කෙත් නෑ.මොනවා කරනවද දන්නේ නෑ.ඇත්තට එයා මොනවා කරන කෙනෙක්ද දන්නේ නෑ.නම ඇරුනම මං එයා ගැන මෙලෝ දෙයක් දන්නේ නෑනේ' අසේලි කල්පනා කුතුහලෙන්.

අසේලි කල්පනා කරන අතරේ එතනට ආපු විහාරා බලන් හිටියේ තනියෙන් හිනා වෙවී ඉන්න අසේලි දිහා.

"හීන ලෝකෙන් වඩින්න කුමරිය" විහාරා කණට කරලා කියද්දි අසේලි බැලුවේ ගැස්සිලා හැරිලා බැලුවා.අසේලි බය වුන විදිය දැකලා විහාරාට ඉබේටම හිනා ගියා.

" මොකද බං හිනා වෙන්නේ.මෙතන මාව බය කරලා මදිවට" අසේලි කිව්වේ අතින් කටත් වහන් හිනා වෙන විහාරා දිහා තරහෙන් බලන ගමන්.

"හිනා යන්නේ නැද්ද බං.මෙතන තනියෙන් හිනා වෙවී ඉන්නකොට"

"කවුද තනියෙන් හිනා වුනේ.උබට පිස්සු" අසේලි අහක බලාගෙන කිව්වේ ලැජ්ජාවෙන්

"අහ් මෙන්න කෙල්ලට ලැජ්ජ හිතිලා.කවුද කොල්ලා" විහාරා ඇහුවේ අසේලිගේ අතකිනුත් අල්ලගෙන ලං වෙන ගමන්.

"මොන කොල්ලද? පිස්සු උබට.වරෙන් යන්න.පංතිත් කට් කරලා ආවේ මෙතන උඹේ මගුල් අහන්න නෙවෙයි" අසේලි එහෙම කියාගෙනම අසේලිගේ අතින් ඇදගෙන ගියේ ප්‍රදේශයේ ප්‍රසිද්ද ඇදුම් සාප්පුවකට.

අතේ සල්ලි නැතත් රටේම ඕපදූප කතා කර කර ඇදුම් අල්ල අල්ල ඇවිදින එක අනිත් ගෑනු ලමයින්ට වගේම අසේලිටයි විහාරාටයිත් හොදට පුරුදු වැඩක් වුනා.ඒ නිසාම පැයක් විතරම ඇදුම් කඩ ගානේ ඇවිද්දත් මේ දෙන්නා එලියට බැස්සේ හිස් අතින්.

"මෙලෝ දෙයක් තිබ්බේ නෑනේ බං ගන්න"අසේලි නෝක්කාඩු කියද්දි විහාරා හිනා වුනා.

"තිබ්බේ නෑ නෙවෙයි.ගනන් වැඩියි ගනන් වැඩියි" විහාරා කියද්දි අසේලියි විහාරායි දෙන්නම එකට හිනා වුනා.

"මොකද කරන්නේ දැන්" අසේලි අහද්දි විහාරා උරහිස් හැකිලුවේ එයාටත් අදහසක් නැති බව පෙන්නන්න.

"මං කියන්නද? යමු අපේ ගෙදර.මට උබට කියන්න කතාවකුත් තියෙනවා.අපේ ගෙදරින් කාලා ෆිල්ම් එකක් බලලා හවස අපේ අයියට කියලා ඇරලව ගමු.හා ද?" අසේලි කියද්දි විහාරා හිනා වුනා.

"හා යමු" විහාරා කිව්වේ අසේලිගේ අතකිනුත් අල්ල ගන්න ගමන්.

දෙන්නත් එක්ක කලුතර බස් නැවතුමට ආවත් ඒ වෙද්දි අසේලිට ගෙදර යන්න බස් එකක් තිබුනේ නෑ.ඒ නිසා දෙන්නත් එක්ක එතන පාර අයිනේ ගහක් යටට වෙල හිටගත්තා.

"හෙන රස්නෙයි අනේ.අතනින් අයිස් ක්‍රීම් කමුද?" අසේලි ඇහුවේ එයාලාට ටිකක් ඈතින් ඉන්න අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් පෙන්නන ගමන්.ඒත් ඒකට විහාරාගෙන් පිළිතුරක් ලැබුනේ නැති නිසා අසේලි විහාරා දිහා බැලුවා.විහාරා හිටියේ වෙන කොහෙදෝ බලාගෙන.ඒ පැත්ත බලපු අසේලි දැක්කේ බස් එකක් ලගට වෙලා එතන කට්ටියක් එක්ක කතා කර කර අවිශ්කයි ආදිත්‍ය යි.

අසේලි ඒ පැත්ත බලනවත් එක්කම ආදිත්‍ය ත් ඒ පැත්ත බැලුවා.අසේලිව දැකපු ආදිත්‍ය හිනා වෙලා අත වනනවත් එක්කම අසේලි අහක බලාගත්තේ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව.

'ඒ මොකද ඒ?' අසේලි අහක බලාගන්නවා දැකපූ ආදිත්‍ය හිතුවේ පුදුමෙන්.ඒ නිසාම අවිශ්ක එතන ඉද්දිම ආදිත්‍ය අසේලි ලගට ආවා

"මොකෝ මෙතන" එතනට ආපු ආදිත්‍ය ඇහුවේ අසේලියි විහාරායි දෙන්නම දිහා බලන ගමන්.

"ටවුන් එකට ආවා බඩු ටිකක් ගන්න" අසේලි උත්තර දුන්නා.

"කෝ ගත්තද ඉතින්" 

"හොද ඒවා තිබ්බේ නෑ නේද විහාරා" අසේලි ඇහුවේ විහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"හොද ඒවා තිබ්බේ නෑ නෙවෙයි.මෙයාට එතන තිබ්බ ඒවා ඔක්කොම ගනන් වැඩියි.අපෝ ශූ ශූ මෙච්චර ගනන්ද බෑ බෑ ගගා හිටියේ මුලු වෙලාවෙම" විහාරා කියද්දි ආදිත්‍ය හයියෙන් හිනා වුනේ අසේලිව තරහ ගස්සලා.

"අනේ මේ නිකන් හිටපන්.කවුද දන්නේ නෑ ඒක කැතයි මේක කැතයි කිව්වේ.ගනන් අඩුයි නම් ගන්න තිබ්බනේ.මෙයා ගත්තෙත් නෑ" අසේලි කිව්වේ විහාරාට රවන ගමන්.

"හරි හරි ඉතින් ඒවා විහාරාට කැත ඇති.කැත ඒවා ගන්න බෑනේ නේද විහාරා" ආදිත්‍ය කිව්වේ විහාරාට ඇහැක් ගහන ගමන්.

" ඒකනේ...නැතුව මේ ලෝබකමකට නම් නෙවෙයි මං ගත්තේ නැත්තේ" විහාරා කියද්දි ආදිත්‍ය හිනා වුනේ විහාරාව තවත් කේන්ති ගස්සලා.

" අනේ මේ මං ලෝබ නෑ.හිටපන්කෝ ආයේ එන්නේ නෑ මං කොහේවත් යන්න" අසේලි තරහෙන් කියද්දි ආදිත්‍ය යි විහාරායි ආයෙත් හිනා වුනා.

" හරි හරි දැන් කොහෙද යන්නේ ඉතින්" ආදිත්‍ය ඇහුවේ අසේලිගෙන් වුනත් උත්තර දුන්නේ විහාරා

" මෙයාලාගේ ගෙදර යන්නේ" විහාරා කිව්වේ අසේලිව පෙන්නන ගමන්

" මාත් එන්නද?" ආදිත්‍ය අසේලිගේ මූණටම එබිලා ඇහුවේ අසේලිව වගේම විහාරාවත් පුදුම කරලා.

" ඒ මොකටද" අසේලි ඇහුවේ ටිකක් පිටිපස්සට වෙන ගමන්.පිටිපස්සට වුන ආදිත්‍ය සාක්කුවට අත් දෙකම දාගෙන හිනා වුනා.

"ඇයි ඉතින් එදා කරපු උදව්වට ට්‍රීට් එකක් දෙන්නේ නැද්ද" ආදිත්‍ය කිව්වේ අතින් කොණ්ඩේ හදන ගමන්

"ට්‍රීට් එකක්?" අසේලි එහෙම අහද්දි විහාරාට තිබ්බේ වෙන ප්‍රශ්නයක්

"මොකක්ද උදව්ව" විහාරා ඇහුවේ ආදිත්‍ය යි අසේලියි දෙන්නම දිහා බලන ගමන්.

එතකොටම එතනට ආවේ අවිශ්ක.අවිශ්කව දැකපු විහාරා අහක බලාගත්තා.ඒත් අවිශ්ක නම් කෙලින්ම බැලුවේ විහාරා දිහා.විහාරා දිහා බලන අවිශ්ක දිහා බලපු ආදිත්‍ය හුස්මක් හෙලුවා.පහුගිය දවස් ටිකේම අවිශ්කගේ මොකක්දෝ වෙනසක් ආදිත්‍යට තේරිලා තිබ්බත් ඒකට හේතුව විහාරා කියලා ආදිත්‍යට තේරුනේ අවිශ්කගේ ලැප් එක දාගත්ත වෙලාවේ.ඒකේ කවරයේ තිබුනු විහාරාගේ පින්තූරය දැකපු ආදිත්‍යට හැමදේම තේරුනා.ඒත් ඒ ගැන අවිශ්ක එක්ක කතා කරන්න තරම් ආදිත්‍යට වෙලාවක් හම්බුනේ නෑ.මේ දෙන්නට කතා කරන්න දෙන්න මේක හොද අවස්ථාවක් කියලා හිතපු ආදිත්‍ය අසේලි දිහා බැලුවා.අසේලිත් බලාගෙන හිටියේ අවිශ්ක දිහාමයි.

"මේ කමුද කට්ටියම අයිස් ක්‍රීම්" ආදිත්‍ය කිව්වේ අවිශ්කගේ උරහිසින් අල්ලගන්න ගමන්.ඒත් අවිශ්කට නම් ඒ ගැන ගානක් තිබ්බේ නෑ.

"හා හා කමු කමු" අසේලිත් කිව්වේ සතුටෙන්.

"අපි දෙන්නා ගිහින් ගේමු නේද? හතර දෙනෙක් යන්න ඕනේ නෑනේ" ආදිත්‍ය කිව්වේ අසේලිට ඇහැක් ගහලා ඉගි කරන ගමන්.ඒක තේරුන් ගත්ත අසේලිත් ඔලුව වැනුවා.ඒත් එතකොටම විහාරා අසේලිගේ අතින් අල්ලගත්තා.

"මාත් එනවා"

"ඔයා ඉන්න.අයිස් 4ක් ගෙන්න 3ක් යන්න ඕනේ නෑනේ" එහෙම කියලා විහාරාගේ අත අතෑරපු අසේලි ආදිත්‍ය එක්කම ගියේ අයිස් ක්‍රීම් වෙළෙන්දා ලගට.ඒත් එතන තිබ්බේ වැනිලා විතරයි.

"අයියෝ මං කන්නේ චොක්ලට් අනේ.මේ  අර පාර එහා පැත්තේ එකට යමුද?" අසේලි කිව්වේ පාරෙන් එහා හිටපු තවත් වෙළෙන්දෙක්ව පෙන්නන ගමන්.

"මෙන්න මෙතනින් ගමු.ආයේ එහා පැත්තට යන්න මට බෑ.මෙතන කහ ඉරකුත් නෑ" ආදිත්‍ය කිව්වේ සාක්කුවෙන් පර්ස් එක ගන්න ගමන්.

"මේ එහෙනම් ඔයා ඔතනින් වැනිලා ගන්න.විහාරායි මායි කන්නේ චොක්ලට්.මං යනවා එහා පැත්තට" එහෙම කියපු අසේලි කහ ඉරකුත් නැති පාරේ වාහන හරහා එහා පැත්තට දිව්වේ ආදිත්‍ය පුදුමෙන් බලන් ඉද්දි.

"පුදුම කෙල්ලෙක් තමයි මෙයා නම්..." තමන්ටම කියා ගත්ත ආදිත්‍ය ටිකක් එහායින් තිබ්බ කහ ඉර ලගට ගියේ පාර මාරු වෙන්න හිතාගෙන.පාර මාරු වෙන්න එතන හිටගෙන හිටපු ආදිත්‍ය බලන් හිටියේ පාරෙන් එහා පැත්තේ ඇවිදගෙන යන අසේලි දිහා.

" ගානක්වත් නැතුව යන හැටි.එදා රෑ බය වෙලා හිටපු කෙල්ල කියලා හිතන්නවත් බෑ"ආදිත්‍ය තමන්ටම කියාගත්තේ කට කොණකින් හිනා වෙන ගමන්.

අසේලි පාර දිගේ ඉස්සරහට ගියේ අයිස් ක්‍රීම් කඩේ හොයාගෙන.

'මේ මොඩයට තේරෙන්නේ නැද්ද මංදා දුර කඩේකින් ගත්තම තව වෙලා යනවා කියලා.එතකොට අර දෙන්නට තව කතා කරන්න වෙලා හම්බෙනෝනේ.ඔලුවේ තියෙන්නේ මැටිද කොහෙද' ආදිත්‍ය පාර මාරු වෙන්න ඉන්නවා දැක්කත් අසේලි නොදැක්ක ගානට ගියේ ආදිත්‍යට හිතින් බැන බැන මයි.

එතකොටම එතනට ආපු සුදූ වෑන් එකක් අසේලි ලගින්ම නැවැත්තුවා.ඉස්සරහ ජනේලෙන් ඔලුව දාපු මනුස්සයා අසේලිට කතා කරා.

"එක්ස්කියුස් මී නංගි..මේ එඩ්‍රස් එක තියෙන්නේ කොහෙද කියනවද?" ඒ පිරිමි කෙනා ඇහුවේ බොහොම වීනීත විදියට.ඒ නිසාම අසේලි කොළ කෑල්ල අතට ගත්තා.එඩ්‍රස් එක කියවන අතරේ අසේලිට එක පාරටම මූණට රෙදි කෑල්ලක් තද වෙනවා දැනුනා.වෙන මොනවත් හිතන්න කලින් වටේම කරුවල වෙනවා දැනුනු අසේලි ඇදගෙන වැටුනා.

************************************************

කතාවට කොමෙන්ටුවක් කොටාගෙන යන්න අමතක කරන්න එපා.බැන්නත් කමක් නෑ.

ඉක්මනින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️