Tuesday, December 18, 2018

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස



"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා.

"මං කැම්පස් එකේ " ගගන කිව්වේ වටපිට බලන ගමන්.ඒත් අසේලිගෙන් නම් ගගන ඈත් වුනේ නෑ.

"ඔයාගේ වැඩ ඉවරයිද? යන්න පුලුවන්ද? " ඒ සැරේ ආදිත්‍ය ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන බලන් ඉන්න අසේලිගෙන්.ඒකට අසේලි ඔලුව වැනුවත් එතනින් එන්න තරම් ඉඩක් තිබුනේ නෑ.

"කැම්පස් වුනාට කමක් නෑ මිස්ටර්.පොඩ්ඩක් එහාට වෙනවද.මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එන්න ඉඩ දීලා." ආදිත්‍ය ඒක කිව්වේ ටිකක් සැරෙන් වගේ.ඒ සද්දේ නිසාමද කොහෙද ගගන ආදිත්‍ය දිහා බැලුවේ පුපුරන ඇස් දෙකකින්.ඒත් වචනයවත් නොකියපු ගගන අසේලිට යන්න ඉඩ දුන්නා.

ඒ ඉඩ අස්සෙන් රිංගපු අසේලි ඇවිත් නැවතුනේ ආදිත්‍ය ලග.ලගට ආපු අසේලි දිහා ඇස් කොණෙන් බලපු ආදිත්‍ය අසේලිගේ අතින් අල්ලගෙන කැම්පස් ගේට්ටුවෙන් එලියට ආවා.එලියට ආවත් ආදිත්‍ය අසේලිගේ අත අතෑරියේ බස් හෝල්ට් එකටත් ආවට පස්සේ.හිතේ තිගැස්ම නිසාම අසේලිටත් ඒක ලොකු ගානක් වුනේ නෑ.

ඒත් අත අතෑරියම අසේලිට ඒක එක පාරටම දැනුනා.ඒ නිසාමයි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ.

"මොකක්ද ඒ කරේ?" අසේලි ඇහුවේ හිතට ආපු පලවෙනි ප්‍රශ්නේ

"මොකක්ද? " ආදිත්‍ය ඇහුවේ වටපිට බලන ගමන්.

"අර අතන කරපු විකාරේ.මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වේ මොකටද? " 

"නැත්තම් මං ඔයාගේ අයියා කියන්නද? හරි නම් මට තැන්ක් යූ කියන්න ඕනේ මං එතනින් බේරගෙන ආවාට."

"හපොයි ඔව්..මාර ස්තූතියි අප්පා ඔයාට.මං මැරෙන්න ලං වෙලා හිටියේ.ඔයා නැත්තම් මං දැන් මැරිලා" අසේලි කටත් ඇද කරලා කියද්දි ආදිත්‍ය රැව්වා.

"මේකිව එතනින් එක්කගෙන ආවට මට පොල්ලකින් ගහන්න ඕනේ.හොද වැඩේ තොට.පාඩුවේ යන්නේ නැතුව අනුන්ගේ මගුල් බලන්න ගියාට" ආදිත්‍ය තමන්ටම මුමුණගත්තා.

"මොකක්ද කිව්වේ" අසේලි ඇහුවේ ආදිත්‍ය හුස්ම යටින් මොනවදෝ මුමුණනවා ඇහුනු නිසා.

"නෑ මුකුත් නෑ.මං මේ බස් එකක් නැද්ද බැලුවා" ආදිත්‍ය කිව්වේ ඇත්තටම බස් එකක් එනවද කියලා බලන ගමන්.

'බස් එකක්....දෙයියනේ....කෝ ජීවක' අසේලිට ඉහ මොළ රත් වුනේ ජීවක එතන නෑ කියලා දැක්කම.කලබලෙන් ජංගම දුරකථනය හොයාගත්ත අසේලි දැක්කේ ජීවකගෙන් තිබුනු කෙටි පණිවිඩයක්.එත් එක්කම ජීවකගෙන්ම මග ඇරුනු ඇමතුම් ගානකුත් එතන තිබ්බා.

අසේලි ඒ වෙලාවෙම ජීවකට ඇමතුමක් ගත්තා.

"හෙලෝ..."

"හෙලෝ....ජීවක කොහෙද ඉන්නේ" අසේලි කතා කරේ කලබලෙන්.

"අසේලි අපට හදිස්සියේ යන්න වුනා.අපේ කොල්ලෙක් ගිය බස් එකක් ඇක්සිඩන්ට් වෙලා කොටුවට යන අත‍රමග.ඌ නුවර කොල්ලෙක්.මට කතා කරා.ඉතින් අපි මේ ඌ බලන්න ආවා" 

"අනේ කවුද ඒ? අමාරුද එයාට?" 

"නිමේශ් කියලා කොල්ලෙක්.ඔයාට මතක නැතුව ඇති.ඔයා ආවෙත් ඊයේ පෙරේදානේ "

"හ්ම්ම්...දැන් ඔයාලා ගෙදර යන්නේ කොහොමද?" 

"අපි මේක බලලා තමා යන්නේ.මේ අසේලි ඔයා ඔතන බස් එකක නැගලා යන්න බම්බලපිටියට.එතන බම්බලපිටිය බස් එක නවත්තන තැනමයි ගාල්ල බස් නවත්තන්නෙත්.එතනින් බලලා නගින්න.බය වෙන්න එපා.සෙනග ඕනේ තරම් ඉන්නවා එතන " ජීවක පැහැදිලි කරද්දි අසේලිට හීල්ලුනා.

"පුලුවන් නේද යන්න" ජීවක ආයෙත් ඇහුවේ අසේලිගෙන් පිළිතුරක් නැති නිසා.

"හ්ම්ම් හා පුලුවන් " අසේලි හෙමීට කිව්වා.

"හරි එහෙනම් මං තියන්නම් අසේලි.මොනවාම හරි ඕනෙකමක් වුනොත් කතා කරන්න " 

"හා...බායි " එහෙම කියපු අසේලි දුරකථනය විසන්ධි කරා.

එතකොටම එතනට ඇවිත් නැවැත්තුවේ 154 බස් එකක්.අසේලි ඒක දිහා බලාගෙනම හිටියේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.

බස් එකට නගින්න ගිය ආදිත්‍ය හැරිලා බැලුවේ අසේලි නැති නිසා.බස් නැවතුමේ ඉදන් කල්පනා කරන අසේලි දැකපු ආදිත්‍ය ආයෙත් අසේලි ලගට ගියා.

"ඒයි මෝඩ වහන්සේ යන්නේ නැද්ද? " ආදිත්‍ය ඇහුවේ බස් එක දිහා බලන් ඉන්න අසේලිගෙන්.

"මේකේ යන්න පුලුවන්ද බම්බලපිටියට " අසේලි අහද්දි ආදිත්‍ය හිනා වුනා.

" ගෙදරනේ යන්නේ.මේකේ යන්න  පුලුවන්. නගින්න " එහෙම කියපු ආදිත්‍ය බස් එකේ දොර ලගට ගියත් අසේලි නගිනකම්ම ඉදලා තමයි බස් එකට නැග්ගේ.

මහා සෙනග ගොඩක් මැද්දේ තෙරපුනු අසේලි බෑග් එකත් තුරුල් කරගෙන හිටියේ ජනේලෙන් එලියත් හොදට බලාගෙන.ආදිත්‍ය බස් එකට නගිනවා අසේලි දැක්කත් ඊට පස්සේ සෙනග ගොඩේ අසේලිට ආදිත්‍යව පෙනුනේ නෑ.

බම්බලපිටිය බස් හෝල්ට් එකේ බස් එක නවත්තනවත් එක්කම සෙනග බස් එකෙන් බහින්න ගත්තේ අසේලිවත් පෙරලගෙන.ඒ සෙනග ගොඩේ අසේලිත් බස් එකෙන් බැහැගත්තා.බම්බලපිටිය අදුරගන්න අසේලිට වැඩි අමාරුවක් නොවුනේ ගිය සතියෙත් නෙහාරා එක්ක ආපු නිසා.

බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්න ගමන් අසේලි වටපිට හැරි හැරි බැලුවේ ආදිත්‍ය කොහෙද කියලා.ආදිත්‍යත් යන්නේ කලුතරටමද කියලා අහන්න අසේලිට උවමනාව තිබ්බත් හිතේ තිබ්බ් ආඩම්බරේ නිසා ඒක අහන්න අසේලිට ඕනේ වුනේ නෑ.

"කොහෙද බලන් ඉන්නේ? අන්න බස් එකක් එනවා" අසේලි වටපිට හැරි හැරි ඉන්න අතරේ ඇහුනු කටහඩ නිසා අසේලි ගැස්සිලා හැරිලා බැලුවා.අසේලි ලගම හිටගෙන හිටපු ආදිත්‍ය බලන් හිටියේ ඈත එන බස් එකක් දිහා.ඒක ගාල්ල බස් එකක්.

ආදිත්‍ය වගේම අසේලිත් බස් එක නවත්තනවත් එක්කම බස් එකේ පිටිපස්සේ දොරෙන්  බස් එකට නැගගත්තේ හරිම අමාරුවෙන් තෙරපීගෙන.වෙලාවට අසේලිට එතන නැග්ග ගමන්ම තිබ්බ ශීට් එකක් හම්බුනා.එතනින් වාඩි වෙලා බෑග් ටිකත් උකුලේ තියාගත්ත අසේලි ලොකු හුස්මක් හෙලුවා.

'ඇති යන්තම්.දැන් කලුතරින් බහින්නනේ තියෙන්නේ' අසේලි හිතුවේ සැනසීමෙන්.එතකොටම කවුදෝ කෙනෙක් ඇගට තද වෙනවා දැනිලා අසේලි උඩ බැලුවේ මේ ඇගට ආපු මිනිහා කවුද බලන්න.

ඒත් එතන හිටගෙන හිටියේ ආදිත්‍ය.අමාරුවෙන් උඩ පොල්ලකුත් අල්ලගෙන ආදිත්‍ය එතන හිටියේ හරිම අපහසුතාවයකින්.දොර ලගම නිසා බස් එකට නගින මිනිස්සුත් ඔක්කොම ආදිත්‍යගේ ඇගේ.ආදිත්‍යට එහා පැත්තේ බස් එකේ පිටිපස්ස පැත්තට වෙන්න  හිටගෙන හිටියේ පංති යන වයසේ කොල්ලෝ තුන්දෙනෙක්.ඒ අයත් හිටියේ හරිම අමාරුවෙන් බව තේරුනු නිසා ආදිත්‍ය බස් එකේ ඉස්සර පැත්ත දිහා බැලුවේ ඉස්සර කෙනාට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුලුවන්ද අහන්න හිතාගෙන.එතන හිටගෙන හිටියේ අවුරුදු 50ත් පැනපු හැබැයි අවුරුදු 30ක විතර පෙනුමක් ගන්න මේකප් ගොඩකුත් උලාගත්ත ගෑනු දෙන්නෙක්.

"එක්ස්කියුස් මී ඇන්ටි,පොඩ්ඩක් ඉස්සරහට යන්න පුලුවන්ද?" ආදිත්‍ය ඇහුවේ බොහොම ආචාරශීලී විදියට වුනත් ඒ කාන්තාවෝ දෙන්නා නම් ආදිත්‍ය දිහාවට හෙලුවේ නොපහන් බැල්මක්.

"මෙතන් කොහෙද තව යන්න ඉඩක් තියෙන්නේ" ආදිත්‍ය ලගම හිටපු ගෑනු කෙනා එහෙම කියාගෙනම ගස්සලා අහක බලාගත්තේ ආදිත්‍ය පුදුමෙන් බලන් ඉද්දි.

මේ අතරේ අසේලිගේ දුරකථනය නාද වෙන්න ගත්තා.අසේලි එයාගේ බෑග් එක අස්සේ දුරකථනය හොයලා ඒක කණේ තියාගත්තේ ඇමතුම කාගෙන්ද කියලාවත් බලන්නේ නැතුව.

"හලෝ"

"හලෝ නංගි.කොහෙද ඉන්නේ?" ඒ කතා කරේ අසේලිගේ අයියා නිමන්ත

"අහ් මං මේ ගාල්ලේ බස් එකක නැගලා ඉන්නේ.දැන් බම්බලපිටියෙන් එනවා"

"තනියෙන් නෙවෙයිනේ" අයියා ආයෙත් අහන්නේ අසේලිගේ ආරක්ශාව ගැන හිතලා

"නෑ නෑ අනේ.බය වෙන්න එපා"

"මං නෙවෙයි අන්න අම්මා බයේ නහින්න හදනවා.ඒකයි මං මේ ගත්තේ.දැන් හවස 6ත් පහු වෙලා.නිකන්වත් හිතුනේ නැද්ද කෝල් එකක් දෙන්න ඕනේ කියලා" නිමන්ත බනින්නේ හිතේ තරහටමයි

"අයියෝ මං මේ බෑග් ගොඩකුත් එල්ලගෙන අමාරුවෙන් ඉන්නේ.මේ කෝල් එක ගත්තෙත් අමාරුවෙන්"

"හරි පරිස්සමෙන් එනවා.පානදුරේදි කියනවා.මං කලුතරට එන්නම් ගන්න" අයියා කිව්වේ අසේලි කලුතරට එද්දි තවත් රෑ වෙන නිසා.

"හා හරි හරි" අසේලි එහෙම කිව්වේ උඩ බලලා ආදිත්‍යට ඔරවන ගමන්.

"හරි එහෙනම්.බායි"

"බායි" අසේලි දුරකථනය විසන්ධි කරේ ආයෙත් උඩ බලන ගමන්.

අසේලි උඩ බල බල ඔරවනවා දැකපු ආදිත්‍යත් අසේලිට රැව්වා.

'මේකි යකෝ මට රවන්නේ මං නිකන් හිතාමතා ඇගට ආවා වගේනේ.මේ පිටිපස්සේ එවුන් මගේ ඇග උඩ නැගගෙන.ඒ මදිවට මෙයා එනවා මට ඔරවන්න' ආදිත්‍ය හිතින් අසේලිට බැන්නා.

'මූ එන්නේම ඇගටනේ අප්පා.ටිකක් එහාට වෙලා ඉන්න බැරිද මන්දා.මං නම් හිතුවේ නෑ මෙයා මේ ජාතියේ කියලා.මෙයාගේ බෝයි ෆ්රෙන්ඩ් සීන් එකෙන් ගැලවුන එක හොදයි.නැත්තම් කවුද දන්නේ මොනවා හිතේ තියාගෙන ඕවා කරන්න ඇහුවද කියලා.අර අපේ පන්තියේ හිටපු නටාශාටත් එයාගේ බෝයි ෆ්රෙන්ඩ් එහේ මෙහේ රූම් ගානේ යන්න කතා කරලනේ ඒ සම්බන්දෙත් නැති වුනේ.අනේ අම්මෝ මේ මොන ජාතියේ කොල්ලෙක්ද දන්නෙත් නෑ.මේ අතේ ටැටූ එකකුත් ගහලා.අපෝ අපෝ ශේප් එකේ ඈත් වෙලා ඉන්න ඕනේ.හරියට ඉගෙන ගත්තේ නැති රස්තියාදුකාරයෙක්ද කොහෙද' අසේලි කල්පනා කරේ ආදිත්‍යගෙන් පුලුවන් තරම් ඈතට වෙන ගමන්.

කොහොමින් කොහොම හරි පානදුරට එනකම්ම සෙනග වැඩි වුනා මිසක් අඩුවක් වුනේ නම් නෑ.සෙනග වැඩිකමටම තනි කකුලෙන් හිටගෙන ඇවිත් ආදිත්‍යට හොදටම මහන්සියි.අවිශ්ක එක්ක බස් එකේ ගිහින් මිසක් ආදිත්‍යට මෙච්චර දුරක් මෙහෙම තනියෙන් සෙනග පිරුනු බස් එකක ගිහිල්ලා පුරුද්දක් තිබ්බෙත් නෑ.

බස් එකේ කොන්දොස්තර ' පානදුර.... පාන්දුර.....පානදුර බහින්න එන්න....' කියලා කෑගහන්න ගහන්න ගත්තම ආදිත්‍ය අමාරුවෙන් උඩ පොල්ල අල්ලගෙන හිටපු අත නිදහස් කරගෙන වෙලාව බැලුවා.එතකොට වෙලාව රෑ 8ටත් කිට්ටුයි.

පානදුරෙන් බස් එකේ හිටපු සෙනගෙන් සෑහෙන ප්‍රමාණයක් බැහැපු නිසා ආදිත්‍යටත් අසේලිට ඉස්සරහ ආසනයක් හම්බුනා වාඩි වෙන්න.ආදිත්‍ය වාඩි වෙනකොටමයි ආදිත්‍යට අවිශ්කගෙන් දුරකථන ඇමතුමක් ආවේ.ආසනේ වාඩි වුන ආදිත්‍ය දුරකථන ඇමතුමට කතා කරා.

"හෙලෝ"

"හෙලෝ ආදි කොහෙද මචං ඉන්නේ" අවිශ්ක ඇහුවේ කලබලෙන්

"දැන් ඔන්න පානදුර"

"මෙච්චර වෙලා මොනවා කරාද? දේදුණු හම්බුනාද?"

"ඔව් හම්බුනා...ඒකත් අමුතු ජාතියේ කෙල්ලෙක් බං.වෙලාවට පට්ට ෆ්රෙන්ඩ්ලි. වෙලාවකට  පට්ට ආඩම්බරයි." ආදිත්‍ය කියද්දි අවිශ්ක හිනා වුනා

"කෙල්ලෝ කියන්නේ කොහොමත් අමුතු ජාතියක් බං.හරි උබ කලුතර කිට්ටු කරලා කියපන්.වස්කඩුවෙදි වගේ.මං එන්නම් උබව ගන්න.මෙහෙට පට්ටෙට වැස්ස.පයින් එන්න බැරි වෙයි උබට"

" අහ් එහෙමද .මෙහෙටත් පොද වැස්ස.ගොරවනවත් එක්ක.මං කියන්නම් උබට "

"හරි එහෙනම් අපි තිබ්බා එහෙනම්"

"හරී හරී " ආදිත්‍ය එහෙම කියලා දුරකථනය විසන්දි කරා.පානදුරෙන් සෑහෙන සෙනගක් බැහැපු නිසා බස් එකේ මේ වෙද්දි මහ ගොඩක් සෙනග හිටියේ නෑ.ආදිත්‍ය ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා.

ආදිත්‍යට මතක් වුනේ හවස දේදුණු කියපු කතාව,

ආදිත්‍යට හවස දේදුණු ව හම්බුනේ එදා වගේම දේදුණුගේ පන්තිය ඉස්සරහදි ,

"මං දන්නේ නෑ මේ කතාව ඇත්තද බොරුද කියලා නම්.මොකද මට එහෙම මතකයක් නෑ.ඔයා කියනවා වගේ මට එතකොට වයස අවුරුදු 5යි නම් මට අමතක එකත් පුදුමයක් නෙවෙයිනේ.  හැබැයි මට ඔයාට උදව් කරන්න පුලුවන් මේ ගැන හොයන්න" දේදුණු කිව්වේ ආදිත්‍ය කියපු කතාව ගැන ටිකක් කල්පනා කරලා.

"ඒ කොහොමද??" ආදිත්‍ය ඇහුවේ හිතාගන්න බැරුව.

"අපේ අප්පච්චිගෙන් අහන්න පුලුවන්.අප්පච්චි මං අහන දේකට උත්තර නොදී ඉන්නේ නෑ. හැබැයි ඉතින් මං දන්නේ නෑ වැඩි දෙයක් දැනගන්න පුලුවන් වේවි කියලා නම් "

"ඒ මොකද? දැන් කිව්වේ අප්පච්චි කියනවා කියලා ඕනේ දෙයක් "

"කියනවා නම් තමයි.ඒත් ඒ ඇත්ත හේතුව කිව්වොත්.මට අප්පච්චිට බොරු කියලා පුරුද්දක් නෑ.මං අප්පච්චිට බොරු කියනකොට අහු වෙනවා" දේදුණු කිව්වේ ටිකක් කල්පනා කරන ගමන් 

"ඉතින් ඔයා ඇත්තම කියන්න.ඔන්නම්  මං ඇවිත් අප්පච්චිව හම්බෙන්නම්"

"ඔයා තනියෙන් ඇවිත් කතා කරලා නම් වැඩක් වෙන එකක් නෑ" 

"එහෙනම්"

"ඔයා ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් එක්කම ඇවිත් අප්පච්චිව හම්බෙන්න ඕනේ" දේදුණු ඒ සැරේ කිව්වේ කට කොණකින් හිනා වෙන ගමන්.

"ඒ මොන එහෙකටද එයා  අප්පච්චිව හම්බෙන්නේ?" ආදිත්‍ය ඇහුවේ පුදුමෙන් 

"අයියෝ අනේ...නැත්තම් අප්පච්චි හිතාවි ඔයා මේ මගේ පස්සෙන් එන කොල්ලෙක් කියලා" දේදුණු කියද්දි ආදිත්‍යට හිනා ගියා 

"ඇයි රටේම කොල්ලෝ ඔයාගේ පස්සෙන් එනවද?" ආදිත්‍ය ඇහුවේ ඒ හිනාවෙන්මයි 

"රටේම කොල්ලෝ නම් එන්නේ නෑ.ඒත් ඔහොම බොරු කියාගෙන ඇවිත් තියෙනවා.ඒකයි මං කිව්වේ" දේදුණු කිව්වේ ආදිත්‍යට රවන ගමන් 

"අනේ මංදා බලමුකෝ" ආදිත්‍ය ඔලුව කසන ගමන් කිව්වා 

"බලන්නකෝ බලන්නකෝ" දේදුණු කිව්වේ හිනා වෙවීමයි.

බස් එකේ එන ගමන් ආදිත්‍ය හිතුවේ  දේදුණු ඒක කිව්වේ සරදමටවත්ද කියලා යි.

එක පාරටම ආදිත්‍ය මේ කල්පනාවෙන් මිදුනේ බස් එක ගැස්සෙන්න ගත්ත නිසා.ගැස්සි ගැස්සි ටික දුරක් ගිය බස් එක එහෙම්ම නැවතුනා.බස් එකේ හිටපු ගොඩක් අය නැගිටලා බැලුවේ මේ මොකක්ද වුනේ කියලා.ආදිත්‍යත් ශිට් එකෙන් නැගිටලා ජනේලෙන් එබිලා බැලුවේ මේ කොහෙද කියලා දැනගන්න.ඒ වෙද්දිත් බස් එක තිබ්බේ වාද්දූවේ.කලුතරට තවත් සෑහෙන දුරක් යන්න ඕනේ නේද කියලා ආදිත්‍යට හිතුනා.ඒ නිසාම ආදිත්‍ය දුරකථනය බැලුවේ අවිශ්කට කතා කරන්න හිතාගෙන.ඒත් වැස්ස නිසා එකේ සිග්නල් තිබ්බෙත් නෑ.

මහා වරුසාව මැද්දෙම එලියට බැහැපු කොන්දොස්තරයි රියදුරු මහත්තයයි එලියේ සෑහෙන වෙලාවක් ගත කරා.පැය කාලක් විතරම එලියේ හිටපු කොන්දොස්තර ආයෙත් බස් එකට නැග්ගා.

"බස් එක කැඩිලා.හැමෝම බහින්න.සල්ලි ඉල්ලගන්න ටිකට් එකේ" කොන්දොස්තර වැස්සේ හඩත් පරදින්න කෑගැහුවා.

ඒ සද්දේට මෙච්චර වෙලා ශීට් එකේ වාඩි වෙලා හිටපු අසේලි හිටගෙන හිටපු ආදිත්‍ය දිහා බැලුවේ බය වෙලා.

***************************************************************************************************

ඔන්න මේ කියන්නේ ගම් පලාත් ගැන දැනුමක් නැති අයට.කොළබ ඉදන් කලුතර යනකොට පානදුරට පස්සේ පහු වෙන්නේ වාද්දූව.වාද්දුව ඉදනුත් බස් එකේ ගියොත් විනාවි 20ක් විතර යනවා කලුතරට යන්න.කොහෙත්ම පයින් යන්න පුලුවන් දුරක් නෙවෙයි.මං ඒක කිව්වේ මේ රෑ කරුවලේ බෑග් ගොඩකුත් එල්ලගෙන අසේලි මොනා කරාවිද කියලා ඔයාලට හිතාගන්න.

හරි දැන් හිතන්න කොහොම යාවිද කියලා.

අනේ යාලුවනේ මේ දවස් වල පොඩි පොඩි වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ.ඒ නිසා  හැමදාම කතාව දාන්න බැරි වෙයි.තරහ වෙන්න එපා හොදේ.දවසක් ඇර දවසක් හරි අනිවාර්යෙන් කතාව දානවා.

එහෙනම් පුලුවන් ඉක්මනින් කොටසක් අරන් එන්නම්.

ආදරෙන් ඉන්න 💖

2 comments:

  1. අපිත් මේ ලොකු ලොකු වැඩ වලට හිර වෙලා ඉන්න ගමන් තමයි කියවන්නෙ. හුහ් එනවා මෙතන "අනේ යාලුවනේ මේ දවස් වල පොඩි පොඩි වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ.ඒ නිසා හැමදාම කතාව දාන්න බැරි වෙයි." කියන්න. කෝ දැන් දවස් දෙකක් ගියා තවම කතාව නෑ.
    කේ නැන්දා

    ReplyDelete
    Replies
    1. Menna niyama motivation...techinical problem ekak tibba k nande ekak late wunee.onna oma poddak baninnako anee.ethakota digatama liyannam.he he 😂🙈

      Delete