Thursday, January 25, 2018

අලුත් අවුරුද්දේ සතුටින් ඉමු- දෙවන කොටස

2.My Little Things - මගේ පුංචි දේවල් 

ජීවිතේ අපි හැමෝටම තියෙනවා පුන්චි පුන්චි දේවල් අපි සතුටු වෙන.ඒත් අපි ගොඩක් අය දන්නෙ නෑ ඒ දේවල් වලින් ඇත්තටම මේ තරම්  සතුටක් ලැබෙනවද කියලා. අද මේ කියන්නේ මගේ ජීවිතේ මන් සතුටු වෙන පොඩි පොඩි දේවල් වගයක්.ඔයාලාත් මන් වගේම මේ දේවල් වලින් සතුටු වෙනවා නේද බලන්න.

1.A Good Hair Day 

 උදේ නැගිටිනකොට කොන්ඩෙ හොද ලස්සනට තිබුනොත් සතුටුයි නේද? මේක ගැනු ලමයින්ට වගේම පිරිමි ලමයින්ටත් අදාලයි.කොන්ඩේ හොදට තියෙන දවසක් නම් මොන තරම් කර්‍යබහුල වුනත් කොච්චර ප්‍රශ්න තිබුනත් අපට ඒක හොද දවසක්.මන් දන්නව මට වගේම ඒක ඔයලටත් එහෙමයි කියලා.

2.Finding money in your pocket that you forgot about



කාලෙකට පස්සේ අදින්න ගත්තු ඩෙනිමේ සක්කුවක තිබිලා රුපියල් 100ක් හම්බුනොත් එහෙම නැත්තම් බෑග් එකේ පොකට් එකකින් රුපියල් 50ක් හම්බුනොත් එහෙම ඇත්තටම සන්තෝසයි නේද? අන්න ඒකයි සල්ලි හම්බුනම තියෙන ඇත්තම සන්තෝසෙ.ඒක වැඩියි මාසේ අන්තිම පඩි හම්බුනම එන සතුටට වඩා.

3.Taking a bath after a long tiring day 

මේකට නම් කාටවත්ම නෑ කියන්න බෑ.දවසම මහන්සි වෙලා ගෙදර ඇවිත් නෑවම දැනන සනිපෙට ඒ සතුටට සමාන කරන්න සතුටක් වෙන තියෙන්න බෑ..

4.Radio plays your all time favorite song 


 අපි කොච්චර සින්දූ ෆෝන් ඒකේ දාගෙන හිටියත් බස් එකක හරි වෙන කොහෙදි හරි රේඩියො එකේ හඩිස්සියෙන්ම අපි කැමතිම සින්දුව යනකොට දැනෙන හැගීම කොහොමද? හරි ආස හිතෙන හැගීමක් නේද?

5.Singing in the shower


සින්දු අහනවා වගේම සින්දු කියන්නත් අපි හැමෝම වගේ ආසයි.ඒ වුනාට ඉතින් හැමෝටම හැමදේම බෑනේ.ඒ නිසා අපි සින්දූ කියන්න ටිකක් බයයි.හැබැයි අපී හැමෝම ගායකයෝ වෙන එක තැනක් තියෙනවා.ඒ තමයි බාත්‍ රූම එක.නාන ගමන් ඇග හෝදන ගමන් අපි හැමෝම ගයකයෝ වෙනවා.දැන් ඉතින් නෑ කියන්න එපා.තියෙන සින්දුව ගයකයගෙ විදියට වගේම අපේම version වලට කියන්නත් අපි හරි දක්ශයි.ඒකේ ආතල් එක දන්නේ ඉතින් එහෙම සින්දූ කියන අයම තමයි.

6.අම්මගේ බත් එක 



මෙන්න මේක හොදට තේරෙනවා ඇතී බෝඩිම් වල ඉන්න හොස්ටල් වල ඉන්න අයට.දවස් ගානක් කඩේ කෑම කාලා කාලා ගෙදර ගියාම අම්මා රස කෑම ගොඩක් හදලා කන්නත් බැරි තරමට කොත ගහල වගේ බෙදල දෙනවා.ඒ කෑමට ගහන්න මොන five star hotel එකටවත් බෑ..

7.Ice Cream

මට නම් අයිස් ක්‍රීම් කියන්නේම සතුටු හිතෙන දෙයක්.ඕනේම වෙලාවක ඕනේම රසකින් මට නම් අයිස් ක්‍රිම් කන්න පුලුවන්.අයිස් ක්‍රීම වලට පුලුවන් අපේ තියෙන ඕනම ප්‍රශ්නයක් ඕනේම දුකක් ටක් ගාලා අමතක කරවන්න.බොරු නම් ඔයලත් උත්සහ කරල බලන්න.

8.Sound of rain

වැස්සෙ සද්දේ අහන් ඉදල තියෙනවද ඔයාල.එහෙම අහන් ඉදල තියෙනවා නම් ඔයලා දන්නවා මං මේ කියන දේ.එහෙම අහන් ඉදල නැත්තම් වැස්ස වෙලවක ඒ සද්දේ අහල බලන්න.ඒක අමුතුම සංගීතයක්.හිත හරිම සන්සුන් වෙනවා ඒ සංගීතයට.

9.Popping Bubble Wrap

මෙන්න මේක ගැන ඔයල මොකද කියන්නෙ? මතක් වෙද්දිත් හරි ආසයි නේද? මොන විදියෙ තත්වෙක හිටියත් ඒ ඔක්කොම අමතක කරවන්න පුලුවන් මේකට.මේවා ඉතින් හම්බෙන්නේ අලුත් බඩුවක් එක්ක විතරක් වුන එක තමයි ඉතින් ප්‍රශ්නේ.

10.Watching Favorite TV Shows.




නිවාඩු දවසක ඇදට වෙලා කෑමත් ලග තියාගෙන කැමතිම ටීවී සීරීස් එකක් නැත්තම් ෆිල්ම් එකක් බලන එකේ තියෙන්නෙ වෙනම සන්තෝසයක්.ඒක දන්නේ එහෙම කරන අයම විතරයි.සමහරුන්ට හිතෙන්න පුලුවන් ඕවා බලන එකෙන් වෙන්නෙ තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දාගන්න එක කියලා.ඒ වුනට තමන්ගේ ප්‍රශ්න අමතක කරන්න මේක හොදම විදියක් කියලා දන්නේ මෙහෙම බලන අයම තමයි.සරලව කියනවනම් ටික වෙලවකට යථාර්තයෙන් පැනලා ගිහින් වෙනම ලෝකේක ඉන්න පුලුවන් මෙහෙම කරලා.සතුටින් ඉන්න පුලුවන් නම් මට ඒකෙ වැරැද්දක් පෙන්නේ නෑ.


ඉතින් මේ තියෙන්නේ මං සතුටින් ඉන්න දේවල් ටිකක් විතරයි.තව ඕනේ තරම් තියෙනවා.ඔයලටත් ඇති ඔයලගේම සතුටු වෙන දේවල්.සතුටෙන් ඉන්න මහ ලොකු දේවල් ඔනේ නෑ කියලා පේනවනේ.මොන ප්‍රශ්නේ තිබුනත් කොච්චර දුක් වෙන්න දේවල් තිබුනත් මන් නම් කියන්නේ පොඩි පොඩි දේවල් කරල සතුටින් ඉන්න බලන්න.මොකද අපට ජිවිත දෙක තුනක් නෑ.ඉන්න ටිකේ සන්තෝසෙන් ඉන්න ඕනේ...



Friday, January 12, 2018

ආදරණීය නපුරා - තුන්වන කොටස


දෙන්නගේ කේන්දර වල නැකැත් නිසයි අම්මලා තාත්තලාගේ උනන්දුව නිසයි කසාදේ මාස 3කින් කරන්න දාගත්තා.එකම දරුවා නිසා සජිනිගේ වෙඩින් එක ලොකුවට කරන්න අම්මලාගේ හිතේ තිබුනත් සජිනිට එහෙම ඕනේ වුනේ නෑ .සහනුයි සජිනියි දෙන්නම ඒ ගැන හිටියේ එකම මතේක.බොරුවට සල්ලී වියදම් කරන ලොකු වෙඩින් ඕනේ නෑ කියලයි දෙන්නම කිව්වේ.

අනික අද කාලේ ෆැශන් එකක් වුන preshoot වගේ පොටෝ ගන්නත් එයාලා බෑ කිව්වා.ඒ දෙන්නටම ඕනේ වුනේ මේ කසාදේ කියන කරදරේ ඉක්මනට ඉවර කරගන්න.අමාරුවෙන් කැමති කරගත්ත කසාදයක් නිසා අම්මලත් දෙන්නාගේ කැමැත්තට ඕනේ දෙයක් කරගන්න ඉඩ දුන්නා.අන්තිමට තීරනේ වුනේ තියන උත්සව ගෙවල් වලම තියන්නත් ලගම නෑදෑයෝ සහ යාලුවන්ට විතරක් කියන්නයි.

සහන්ගේ තීරනේ නිසා ගොඩක් ආසාවෙන් කරපු ජොබ් එකෙන් සජිනි අයින් වුනා.මේ තරම් කැප කිරීමක් කරන්න තරම් සහන් සුදුසුද කියලා සජිනිට නොහිතුනා නෙවෙයි.සජිනි හිත හදාගත්තේ මේ ඔක්කෝම අම්මලා වෙනුවෙන්නේ කියලා හිතලයි.කොහොම හරි ජොබ් එකේ වැඩ කියලා සහන් නම් මේ වෙඩින් වැඩ වලට ආවේ නෑ .ඒක සජිනිටත් සහනයක් වුනා.

කැමැත්තෙන් කෙරෙන කසාදයක් නොවුනත ඕනේම ගෑනු ලමයෙක් කැමතියි ලස්සන මනමාලියක් වෙන්න.ඒ නිසා සජිනි එයාට ලස්සන සාරියක් මේකප් ආර්ටිස්ට් කෙනෙක් එහෙම තෝරගත්තා.

වෙඩින්ග් එකේ දවස තිබුනේ ජුනි 28.ඒ වගෙම දෙවෙනි දවස තිබුනේ ජුනි 29.වෙඩින් එක දවසේ සජිනි පාන්දරම නැගිට්ටා.ගෙදරම වෙඩින් එක තිබුනු නිසා සජිනිව ඇන්දුවෙත් ගෙදරමයි.උඩරට විදියට ඔසරිය ඇදලා මාල හත දාලා සජිනි ලස්සනට හිටියා.සහන් ඇදගෙන ආවේ ෆුල් සූට් එක.දෙන්නා එකට පෝරුවට නැග්ගා.දුකේදි සැපේදි එකට ඉන්න පොරොන්දු වෙලා මුදු මාරු කරගත්තා.ඊට පස්සේ විවාහය ලියාපදිංචි කරලා සජිනි සහන්ගේ නීත්‍යානුකූල බිරිද බවට පත් වුනා.

මේ විදියට කසාදේ වැඩ ඔක්කොම ඉවර කරල දෙන්නා ආවේ එදා රෑ ඉන්න හෝටලේට.කාර් එක එලවගෙන ආවේ සජිනිගේ මල්ලි කෙනෙක්.මල්ලි දෙන්නගේ බැග් එහෙම කාර් එකෙන් එලියේ තියලා සහන්ට ඇහැකුත් ගහලයි ගියේ.

කාමරේට ගියපු ගමන් සහන් කරේ තුවායකුත් අරගෙන බාත් රූම් එකට රිංග ගත්ත එක.සජිනි කණ්ණාඩි මේසේ ලගට වෙලා හෙමීට ආබරන එහෙම ගලවන්න ගත්තා.නාගෙන ආපු සහන් සජිනි දිහා බලන්නෙවත් නැතුව කාමරෙන් ගියා.මේ දේවල් වලට මූන දෙන්න වෙනවා කියලා සජිනි දැනගෙන හිටියේ.ඒ නිසා සජිනි ඒ ගැන හිතුවේ නෑ .

නාගෙන ආපු සජිනි කාමරේ බලන් හිටියා.පැය දෙකක්ම ගියත් සහන් එන පාටක් තිබුනේ නෑ .සජිනි ලග සහන්ගේ phone number එකක් තිබුනෙත් නෑ .ඒ විතරක් නෙවෙයි සජිනිට දැන් හොදටම බඩගිනියි වගේම නිදිමතයි.තවත් පැයක් විතර කාමරේ තිබුනු tv එක දාගෙන හිටපු සජිනි හිතුවා room service  කතා කරලා කෑම ගෙන්න ගන්න.

සහන් මොනවා කාවිද කියලා සජිනිට කිසිම අදහසක් තිබුනේ නෑ .ඒ මොනා වුනත් සහන්ටත් එක්කම කෑම ඕඩර් කරන්න සජිනි හිතුවා.මහන්සි නිසාම සජිනිට බත් නම් කන්න ආසාවක් තිබුනේ නෑ .ඒ නිසා මෙනූ එක බලලා සජිනි සහන්ටත්  එක්කම නූඩ්ල්ස් ඕඩර් කරා.කෑම එනකොටත් සහන් ඇවිත් හිටියේ නෑ .සජිනි කන්න කියල හිතනකොටම සහන් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා.මෙසේ උඩ කෑම තියනවා දැක්කත් සහන් ඒක ගනන් ගත්තේ නෑ .

"එන්න කන්න" සජිනි කතා කරා

"මන් කාලා ආවේ" සහන් සජිනි දිහා බලන්නේවත් නැතුව කියලා ඇදෙන් ඇලවුනා.

සජිනි ටිකක් වෙලා සහන් දිහා බලන් ඉදලා පිගානකට කෑම බෙදාගන්න පටන් ගත්තා.
සජිනිගේ ඇස් වලට ඒ වෙනකොට කදුලු උනන්න පටන් අරන් තිබ්බේ.උගුරේ අමුතුම රිදිල්ලකුත් තිබුනා.ඒ විතරක් නෙවෙයි පැය ගානක් තිස්සේ තිබුනු බඩගින්න එක විනාඩියෙන් නැති වෙලා තිබුනා.මේ ඔක්කොම වුනේ සහන් කියපු ඒ වචන තුනට.

මන් මේක අහගන්නගේ මෙයා එනකම් මෙච්චර වෙලා බලන් හිටියේ කියලා සජිනිට හිතුනා.ඒ ඔක්කොටමත් වඩා සජිනිගේ හිත රිදුනේ මෙහෙම තමන්ව තනියෙන් දාලා කාලා ආවේ තමන් කසාද බැදපු මනුස්සයනේ කියලා මතක් වෙලා.

ඒ මොනා වුනත් තමන්ගේ හිත රිදුනු බවක් සහන්ට පෙන්නන්න සජිනි කැමති වුනේ නෑ .බෙදාගත්ත නූඩ්ල්ස් ටිකක් කාපු සජිනි නිදා ගන්න හිතා ගත්තා.නිදා ගන්න තිබුනු ඇද ලොකු ඇදක්.ඒ නිසා සජිනි සහන් ට ඈතට වෙන්න ඇදේ කොනකින් ඇල වුනා.සජිනි හිතුවේ එතකොට සහන්ට නින්ද ගිහින් කියලා.ඒ‍ත් සද්දෙට සහන් ඇස් ඇරලා බැලුවා.

"මොකද්ද ඔය කරන්නේ" සහන් ඇහුවා
.
"මිනිස්සු රෑට නිදාගන්නවා.මාත් මේ එකයි කරන්න හදන්නේ" සජිනි ගානක්වත් නැතුව කිව්වා.සහන් රැව්වා.

"ඒක මන් දන්නවා.මන් අහන්නේ මේ ඇදේ මොකද කරන්නේ කියලා" 

"ඇදේ නැත්තම් මට කොහේ නිදාගන්න කියලාද ඔයා කියන්නේ"

"කොහේ හරි නිදාගන්නවා.මන් නිදාගන්නේ ඇදේ"

"හරි ඉතින්.මේ ඇදේ ඕනේ තරම් ඉඩ තියෙනවනේ.අනික මන් නින්දෙන් දගලන කෙනෙක් නෙවෙයි" සජිනිගේ කතාවට සහන් සැකෙන් වගේ බලන් හිටියා.සජිනි ආයේ කතා කරා.

"මන් නිදාගන්නේ ඇදේ.ඒකේ මට නම් ප්‍රශ්නයක් නෑ .ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා වෙන කොහේ හරි නිදාගන්න" 

එහෙම කියලා සජිනි ඇදෙන් ඇලවුනා.සහන් ටිකක් වෙලා බලන් ඉදලා ඇදෙන් ඇල වුනා.පැයකම බලන් හිටියත් සහන්ට නින්ද ගියේ නෑ .සජිනි නම් හොද නින්දක හිටියේ.බැරිම තැන කොට්ටෙකුත් අරන් ඇදෙන් බැහැපු සහන් සෙටිය උඩට වෙල ඇස් පියාගත්තා.

********************************************************************************************************
ඊලග කොටසින් හම්බෙමු....

Tuesday, January 9, 2018

අලුත් අවුරුද්දේ සතුටෙන් ඉමු - පලවෙනි කොටස

සුබ අලුත් අවුරුද්දක් වේවා..... 


මේක අලුත් අවුරුද්දක්.අලුත් කියන්නේ අලුත්ම අලුත් අවුරුදදක් .අපි හැමෝම හිතන දෙයක් තමයි අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඕනේ කියලා.ඒත් ඒ කොහොමද කියලා ගොඩක් අයට අදහසක් නෑ.අපි ගොඩක් වෙලාවට අලුත්  වෙන්නේ බාහිර දේවල් වලින්.අලුත් ඇදුම් අලුත් බඩු වගේ දේවල් වලින්.හැබැයි අපට තව අලුත් වෙන්න පුලුවන් විදි තියෙනවා.මන් මේ කියන්න හදන්නෙ අපට අලුත් වෙන්න පුලුවන් විදි කීපයක්.මේවා මන් උත්සහා කරපු සහ මට ප්‍රැක්ටිකලි හරි ගියපු දේවල්.මහ ලොකු දේවල් නම් නෙවෙයි.අපෝ අපි මෙවා දන්නවනෙ කියලත් හිතෙවි සමහරවිට.ඒත් දන්න හැමදේම අපි ඇත්තට කරනවා ටිකක් අඩුයි නේද?එහෙනම් බලමුකො මේ මොනාද කියලා 

1.Live the moment - මේ මොහොතේ ජීවත් වෙමු 


මොකද්ද මේ මොහොතේ ජීවත් වෙමු කියන්නේ.අපි ජිවත් වෙනවා නෙන්නම් කියලා කාට හරි හිතෙන්න පුලුවන්.ඒත් ප්‍රශ්නේ මේ මොහොතෙද ජිවත් වෙන්නේ කියන එක.අපි සමහරු ඉන්නවා අතීතයේ ජීවත් වෙන අය.ඒ වගේම සමහරු ඉන්නවා අනාගතේ ජීවත් වෙන අය.මොකද්ද මේ අතීතයේ ජිවත් වෙනවා අනාගතේ ජිවත් වෙනවා කියන්නේ කියලා බලමු මුලින්ම.


අතීතයේ ජිවත් වෙනවා කියන්නෙ අවුරුදු  ගානකට කලින් දේවල් ගැන හිතලා ජීවත් වෙන එකට.මේ කියන්නේ අතීතය අමතක කරන්න කියලවත් මුල අමතක කරන්න කියලවත් නෙවෙයි.මේ වෙනකොටත් සිද්ද වෙලා ඉවර දේවල් ගැන පසුතැවිලි වෙන එක වැඩක් නෑ කියලා ඒ වගේම පරන සිදුවීම මත අද ජීවිතේ ගත කරන්න හොද නෑ කියලා.

අපි හිතමු අපට කාලෙකට කලින් හොද රැකියා අවස්තාවක් ලැබෙනවා ඒත් ඉගෙන ගන්න ඕනේ කියලා අපි රැකියවට යන්නෙ නැතුව දිගටම ඉගෙන ගන්නවා.ඒත් දැන් ඔයාට හිතෙන්න ගන්නවා ඒ වෙලවේ රස්සාවට ගියා නම් ඉවරයි කියලා.ඒත් දැන් ඒ ගැන පසුතැවිලි වෙලා වැඩක් තියෙනවද.නෑ... කිසිම වැඩක් නෑ.ඒ කියපු උදාහරනේ වගේම තමයි අනිත් දේවලුත්. සිද්ද වෙලා ඉවර වුන දේවල් ගැන පසුතැවිලි වෙන එකෙ කිසිම තේරුමක් නෑ.පසුතැවිලි වෙන කාලේ අපරාදේ වගේම ඒ ගැන හිතනකොට ඔයාට දැනෙන හැගීම ගැන හිතන්නකො.ඒ හැගීම පොඩ්ඩක්වත් සුන්දර හැගීමක් නෙවෙයි.ඉතින් ඇයි තමන්ගේ හිතටම දුක් දෙන්නෙ.දැන් ඔයාලා කියන්න පුලුවන්  ඒක දිගටම මතක් වෙනවනෙ කියලා.ඔව් ඇත්ත ඒකට මොකද කරන්නෙ? ඒකට කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා.පුලුවන් තරම් වෙන වැඩ කරන්න බලන්න.ඉගෙන ගන්න වැඩ,රැකියාවේ වැඩ,සින්දු අහන්න,යාලුවො එක්ක විනොද වෙන්න වගේ දේවල් කරන්න බලන්න.කරන්නම දෙයක් නැත්තම් ටිකක් නිදාගන්න. බලෙන් ඒකම හිත හිත දුක් වෙන්න හදන්න එපා.

ඒ වගේම ගොඩක් අය අතීතයේ ජීවත් වෙන්න හේතුවක් තමයි ආදරය.ආදරය කියන්නේ ලෝකේ තියෙන සුන්දරම හැගීමක්.ඒක මෙහෙම කතා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒත් වෙලා ඉවර වුන දෙයක් ගැන හිත හිත දුක් වෙන එක ඒ ආදරේටත් අපහාසයක්.ඉතින් කරන්න තියෙන හොදම දේ තමයි හැමදේම කාලය විසදාවි කියලා අද දවස ගැන හිතල සතුටින් ඉන්න එක.එහෙම හිතුවම ජීවත් වෙන්න ලේසියි.අතීතය ගැන හිතලා දුක් වෙන එක තේරුමක් නැති දෙයක්.මොකද එහෙම කරා කියලා අපට අතීතයට යන්න බැරි නිසා.අපට වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත ඉන්න එක කාලය අපරාදයක් වගේම හිතට වේදනාවක්.ඉතින් අතීතයේ සිද්ද වුන වෙනස් කරන්න බැරි දේවල් වගේම දුක හිතෙන දේවල් මතක් කරන්නෙ නැතුව ඒ දේවල් ගැන නොහිතා ඉන්න එක මේ මොහොතේ ජිවත් වෙන්න තියෙන හොදම විදියක්.

සින්ඩෙරෙල්ලා සපත්තුව ගන්න ආපහු ගියා නම් 
එයා කවදාවත් කුමාරිකාවක් වෙන්නේ නෑ...
ඒ වගේ තමයි අතීතයට යන්න දෙන්න...
කාලයට ඉඩ දෙන්න...
හැමදේම හරියාවි.... 

ඒ කිව්වේ අතීතයේ ජීවත් වෙන අයනේ.තව ඉන්නවා අනාගතේ ජීවත් වෙන අයත්.මේ කියන්නේ හීන දකින්න එපා කියලවත් අනගතය සැලසුම් කරන්න එපා කියලවත් නෙවෙයි.සරලව කිව්වොත් මේ කියන්නෙ මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහන්න එපා කියලා. සමහර අය ඉන්නවා ඕනේම දෙයක් ගත්තම ඒකේ අන්තෙටම හිතල බලනවා.වෙන්න තියෙන නරක දේවල් ඔක්කොම හිතනව.හිතල හිතල අන්තිමට එයාම දුක් වෙනවා.අන්තිමට දුක් වෙච්ච හේතුව ඇහුවම තාම සිද්ද වෙලාවත් නැති අඩු ගානේ ලගකදි සිද්ද වෙන බවක් පෙන්නෙවත් නැති දේකට තමයි දුක් වෙලා තියෙන්නෙ.

ඉස්සර මන් අදුරන ගැනු ලමයෙක් හිටියා.දවසක් අඩනවා දැකල මන් ඇයි ඇහුවම කිව්වා එයාට හිතෙනවලු එයගේ බෝයි එයගේ හොදම යාලුවා එක්ක යාලු වෙයි කියලා.දැන් මෙහෙම හිතෙන්න හේතුවක් තියෙන්න ඕනේ නිසා මන් විස්තරෙ ඇහුවා.ඇත්තටම නම් ඒ විස්තරේ අහල මට හිනා යන්නත් අවා.ඒත් මන් එක ඒ ලමයට පෙන්නුවේ නෑ.මෙන්න මේකයි විස්තරේ,මේ ගර්ල් ස්විමින්ග් වලට ආසයිලු ඉතින් ස්විමින්ග් යන නිසා ඒ වතුරට කලු වෙගෙන එනවලු එයගේ බෝයි නම් සුදුයිලු.මේ කියන හොදම යාලුවා මේ ලගදි දවසක ඒ බෝයිට බස් එකේදි හම්බෙලා.ඒ දෙන්නා එක පැත්තෙලු ගෙවල්.ඉතින් එකේ පුදුමයක් නැනේ.කොහොමහරි ඔන්න ඕකයි සිද්දිය.දැන් මෙයා හිතනවා මෙයා කලුත් වෙලා නිසා අර බෝයි මෙයාගෙ යාලුවා එක්ක යාලු වෙයි කියලා.දැන් ඕක වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.1% ක්වත් මන් නම් හිතන්නෙ නෑ.හරි ඒත් එහෙම වෙනවා කියන්නකො වෙනවා නම් ඕක දැන්ම වෙන්නෙ නෑනේ.අඩු ගානේ එහෙම වෙන සලකුනක්වත් තාම නෑ.ඉතින් ඇයි කියන්නකො මේ දැන් ඕකට දුක් වෙන්නෙ.මන් මේ කිව්වේ මගේ අත්දැකීමක්.ඒත් අපි හැමොටම වගේ ඔහොම දේවල් වෙනවා.

ඉන්ටෙර්විව් එකක් එහෙම තියෙනවා කිව්වම සතියක ඉදන් බය වෙලා ඉන්නෙ.මොකක් හරි අලුත් දෙයක් කරන්න හරි කලින් ගිහිල්ලම නැති තැනකට අලුතෙන් යනවා කිව්වමත් එහෙමයි.බයක් නැතත් ඒ ගැන හිතල හිතලම අවුල් වෙනවා.මන් නම් කියන්නෙ අනාගතය ගැන හිතල කරදර වෙන එක නවත්තන්න.අද දවසෙ සතුටින් ජීවත් වෙන්න.කවුද දන්නෙ අපි සමහරවිට හෙට පාරේ යද්දී අනතුරක් වෙලා මැරෙන්න ඉඩ තියෙනවා.කියන්න බැනේ.ඉතින් එහෙම වුනොත් අද තමයි ඔයාගේ ජිවිතේ අන්තිම දවස.අර දුක් වුන අනාගතේ එන්නේ නෑ.

අන්න ඒකයි අපට අද දවස ගොඩක්ම වැදගත්.

අද දවස ජීවිතේ අන්තිම දවස කියල හිතල සතුටින් ජීවත් වෙන්න
අතීතය ගැන දුක් වෙන්න වත් අනාගතය ගැන බය වෙන්න වත් එපා 
මේ මොහොත විදින්න...
මේ මොහොතේ ජිවත් වෙන්න....




සතුටින් ජීවත් වෙන්න තවත් පොඩි දෙයක් අරන් මන් ආයෙම එන්නම්...



Monday, January 8, 2018

ආදරණීය නපුරා -දෙවන කොටස


සජිනිට කිසිම අදහසක් තිබුනේ නෑ මොකක් කරන්නද කියලා.එයාගේ අම්මා ආවා එයා ලගට.

"මොකද පුතේ ඔයා මේකට කියන්නේ"

"අනේ මන්දා අම්මේ "

"අනේ මන්දා නෙවේ දරුවෝ.අපට නම් ඒ ලමයාගේ වැරැද්දක් පේන්නේ නෑ .ඒ පැත්තේනුත් කැමතියි.ඔයාගේ උත්තරේ තමයි ඕනේ"

"අපි බල කරන්නේ නෑ .ඔයා කැමති නැත්තම් කියන්න."

සජිනි අම්මා කියපු දේ අහන් හිටියා.සහන් හැසිරුනු විදිය ගැන කිසිම පැහැදීමක් නැති වුනත් සහන් නරක කොල්ලේක් නෙවෙයි කියලා සජිනි දැනන් හිටියා.එක පාරටම හිතට ආපූ ඒ වචන සජිනි අම්මාට කිව්වා.

"මන් කැමතියි අම්මේ"

සජිනිගේ අම්මා ගේ ඇතුලට ගියේ හරි සන්තෝසෙන්.සහන්ගේ  අම්මායි තාත්තායි අක්කායි එක්ක තමයි සහන් ඇවිත් හිටියේ.සජිනිගේ තීරනේ කිව්වාම ඒ හැමෝම හරිම සතුටු වුනා එක්කෙනෙක් ඇරෙන්න.

සහන්ට මේ කතාව විශ්වාස කරගන්න බැරි වුනා.මන් මේ කෙල්ලට මෙච්චර කියලත් මේකී මොකක්ද මේ කරපු මගුල.සහන් දත් මිටි කෑවා.සජිනි තාමත් එලියේ.සහන් නැගිටලා එලියට ගියා.සජිනි ලොකු කල්පනාවක හිටියේ.මේ ගත්ත තීරනේ හරිමද කියලා එයාට හිතා ගන්න බැරුවයි හිටියේ.

"මොකක්ද ඒ කරපු විකාරේ" සහන් සජිනිගේ ඇගට ගොඩ වුනා.

"මොකද්ද විකාරේ" සජිනි කිසි ගානක් නෑ වගේ ඇහුවා.සහන්ගේ ගෝරනාඩුවට බය වුනත් මේ ආඩම්බරකාරයාට ඒක පෙන්නන්න සජිනිට ඕනේ වුනේ නෑ .

"මොකටද මේකට කැමතියි කිව්වේ"

"මට වෙන කරන්න දෙයක් නෑ .අම්මලා මේකට කැමතියි.මට මේකට අකමැති වෙලා අම්මලගේ හිත් රිද්දන්න බෑ ".සජිනි බිම බලාගෙන කිව්වා.

සහන් සජිනි දිහා බලාගෙන හිටියේ සජිනි කියපු එක අදහාගන්න බැරුව

"දැන් එතකොට ඔයාට ඕනේ ඔයාට කැමති නැති කෙනෙක්ව බදින්නද? "

"මට අම්මලාගේ හිත් රිද්දන්න බෑ"

"හරි ශෝක් හේතුව.හිතන්න එපා මේ මගුල කවදාවත් හරි යාවී කියලා.මන් කවදාවත්ම ඔයාට කැමති වෙන්නේ නෑ ."

සහන්ගේ වචන වලින් සජිනිගේ හිත හොදටම රිදුනා.නිකන් කොල්ලෙක් නෙවෙයි මෙහෙම කියන්නේ, තමන් බදින්න හිතන් ඉන්න කෙනා වෙච්ච එකයි සජිනිට වැඩියෙන්ම දුක.දැන් සජිනි හිතන්නේ මේ යකාව බැදලා ඉන්නේ කොහොමද කියලා.ඒත් මේ කිසි දෙයක් සජිනි සහන්ට පෙන්නුවේ නෑ .හැබැයි සහන්ට තේරුනා සජිනි දැන් මේ තීරනේ ගැන ආයෙත් හිතනවා කියලා.

"ඕකේ ඔච්චර හිතන්න දෙයක් නෑ .ඔයා කැමති නෑ කියලා කියන්න"සහන් ශේප් එකේ සද්දේ අඩු කරලා කිව්වා.

"මට එහෙම කියන්න බෑ .ඒත් මන් හිතන්නේ අපට පුලුවන් මෙහෙම දෙයක් කරන්න.අපි බදිමු.බැන්දට පස්සේ ඔයා ඔයාට ඕනේ විදියට ඉන්න.මන් මට ඕනේ විදියට ඉන්නම්."

"ඔච්චර මගුලක් නටන්න ඕනේ නෑනේ බෑ කිව්වා නම්" සහන්ට ආයෙත් යකා නැග්ගා.

"මේක හරි මගුලක්නේ.ඔයා කියන කියන එක කරන්න මන් කවුරු කියලද හිතන් ඉන්නේ.මට මේක නවත්තන්න හේතුවක් කියන්නෙත් නෑ .අඩු ගානේ මන් මේකට විසදුමක් වත් දුන්නා.ඒකට කැමතිත් නෑ ." සජිනිගෙත් ඉවසිමේ සීමාව පැන්නා.සහන් බය වුනා මේ එක පාරට වෙච්ච දේට.

"මන් වෙන කෙනෙක්ට ආදරෙයි" සහන් කිව්වා

"නදිනිට"? සජිනි ඇහුවා.සහන් පුදුමෙන් බැලුවා.

"නදිනියි මායි එක ස්කෝලේ.ඒකයි මන් දන්නේ"සජිනි ඒකට උත්තරේ දුන්නා.

"ඉතින් දැන් එයා කොහෙද" සජිනි ආයෙත් ඇහුවා.

"එයා වෙන කෙනෙක් බැන්දා" සහන් හෙමීට කිව්වා.

"අහ්.." සජිනිට කියන්න දෙයක්වත් මතක් වුනේ නෑ .

"ඉතින් ඔයා දැන් මේකට බෑ කියනවද?" සහන් ඇහුවා.

"මන් කලිනුත් කිව්වානේ.මට බෑ කියන්න බෑ මේකට" සජිනි පසුතැවිල්ලෙන් කිව්වා.වෙන කෙනෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙනෙක් බදින්න සජිනිටත් ඕනේ වුනේ නෑ .ඒත් සජිනි දන්නවා අම්මලා කොච්චර මහන්සි වුනාද කියලා මනමාලයෝ හොයන්න.ඒ නිසා දැන් මේකට බෑ කියන්න සජිනිට බෑ .

"ඔයාට මන් ඕනේ තරම් සල්ලි දෙන්නම්" සහන් ආපහු උත්සහ කරා.

"අනේ මට ඔයාගේ සල්ලි ඕනේ නෑ .මන් රස්සාවක් කරනවා" 

" ඒ කොහෙද? "

"මෙයා marketing excecutive කෙනෙක්" එතකොටම එතනට ආපු සජිනිගේ අම්මා කිව්වා.

සහන්ට එක පාරටම අදහසක් ආවා.
"මන් නම් කැමති මගේ වයිෆ් බැදලා ගෙදර ඉන්නවට" සජිනිගේ ඇස් උඩ ගියා.සජිනි එයාගේ ජීවිතේ තරම්ම එයාගේ රස්සාවට ආදරේ කරා.එයාට ඒකෙන් අයින් වෙන්න කිසිම ඕනේකමක් තිබුනේ නෑ .

ඒක සජිනිගේ අම්මාත් දැනන් හිටියා.අම්මාගේ මූන දැක්කම සජිනිට දුක හිතුනා.වෙන වෙලාවක නම් සහන් මේ කියපු එක සජිනි විස්වාස කරන්න තිබුනා.ඒත් දැන් සහන්ගේ හැටි සජිනි දන්නවා.සහන්ට එහෙම දිනන්න දෙන්න සජිනි ලැස්ති නෑ .අම්මා දිහා බලලා හොදට හිනා වෙලා සජිනි මෙහෙම කිව්වා.

"මන් කොහොමත් බැන්දම ජොබ් එකෙන් අයින් වෙන්නනේ අම්මේ හිටියේ නේද? ,ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ " සජිනි සහන් දිහා බලලා කිව්වා.සජිනිගේ අම්මාට පුදුම හිතුනා සජිනිගේ කතාවට.ඒත් මුකුත් කිව්වේ නැතුව ගේ ඇතුලට ගියා.සජිනිත් සහන් එක්ක නෝන්ඩියට වගේ හිනා වෙල ඇතුලට ගියා.

සහන් බලන් හිටියේ කරගන්න දෙයක් නැතුව.

"දැන් ඉතින් මට මේ යක්සනී බදින්නම වෙනවා" සහන් හිතුවා.

"දැන් ඉතින් මට මේ යකා බදින්නම වෙනවා" සජිනිත් හිතුවා.

**************************************************************************************************
ඊලග කොටසින් හම්බෙමු....

ආදරණීය නපුරා -පලවන කොටස


යෝජිත විවාහයක් කවදාවත්ම සජිනිගේ හිතේ තිබ්බේ නෑ.සජිනිට ඕනේ වුනේ තව ටිකක් ඉගෙන ගෙනම ආදරයක්,විවාහයක් ගැන හිතන්න.විද්‍යා විශයෙන් උසස් පෙල කරලා හොදට පාස් වුනත් කැම්පස් යන්න නම් සජිනිට ලකුනු මදි වුනා.මුලදිම ලකුනු මදි වෙවී කියල සජිනිට හිතිල තිබුනු නිසාම සජිනි විබාගය ඉවර වුන ගමන්ම බාහිර  උපාදියක් කරන්න පටන් ගත්තා.ඒ පැත්තෙන්ම රස්සාවකුත් හොයගත්ත සජිනිට ඕනේ වුනේ නැ දැන්ම විවාහයක් ගැන හිතන්න.

ඒ කොහොම  වුනත් මේ වෙනකොට සජිනි ලැස්ති වෙවී හිටියේ ගෙදරට එන මනමාලයෙක් පිලිගන්න.සජිනිගේ හඳහනේ තිබ්බ විවාහ ප්‍රමාද වීමක් නිසා වයස 23ක් වුනත් එයාව බන්දල දෙන්න අම්මලට තිබුනෙ ලොකු උනන්දුවක්.අම්මලගේ හිත් රිද්දන්න බැරි නිසාම සජිනිත් ලැස්ති වුනා එන මනමාලය පිලිගන්න.නම සහන් කියලයි සොෆ්ට්වෙයාර් ඉන්ජීනියර් කෙනෙක් කියලයි මිසක් සජිනි මේ කොල්ල ගැන වැඩි දෙයක් දැනන් හිටියේ නෑ. ඒ වුනාට තව පැය කිහිපයකින් තමන්ගේ ජීවිතයම වෙනස් වෙන්න යනවා වගේ දෙයක් නම් සජිනිට දැනුනා.

ලා කහ පාට සරියකුත් ඇදගෙන සජිනි කාමරේ බලාගෙන හිටියේ එනව කියපු මනමලය එනකම්.

"දුවා... ලැස්තිද?"

"ඔව් අම්මේ කෝ තාම නැද්ද? "

"දැන් එනවා ඇති .මේකම හරි යන්න කියලා හිතාගන්න හොදේ.අපටත් බෑ මෙච්චරම හොයන්න" අම්මා කිව්වේ සාරියේ පොට හදන ගමන් 

"ආ අන්න ආවද කොහෙද මන් ගිහින් බලන්නම්.මන් එන්නම්කො එක්කගෙන යන්න ඔයාව"එහෙම කියගෙනම අම්මා  කාමරෙන් යන්න ගියා.සජිනි බලාගෙන හිටියෙ හරි චකිතයකින් 

ටිකකින් ගේ ඇතුලෙ කටහඩවල් ඇහෙන්න ගත්ත.තවත් ටික වෙලාවක් ගිහින් සජිනිගෙ අම්මා ආවා සජිනි එක්කගෙන යන්න.

සාලේ හිටපු ඒ පිරිමි ලමයා දැකපු ගමන් සජිනිගේ හදවත එහෙම්ම නැවතුනා.මෙයා මෙහෙ මොකද කරන්නෙ? කෝ නදිනි? දැන් ඒක නැද්ද? සජිනිගේ හිතේ ප්‍රශ්න ගොඩයි.

ඒ ඇවිත් හිටපු සහන්  සජිනිගේ ඉස්කෝලේ යාලුවෙක්ගෙ පෙම්වතා.ඇත්තම කතා කරොත් සජිනිටත් ඒ කාලේ සහන් ගැන උනන්දුවක් තිබුනා. සහන් ඒ තරම්ම කඩවසම් වගේම හරි විනොදෙන් හිටපු කෙනෙක්.සජිනි විතරක් නෙවෙයි ගොඩක් ගැනු ලමයි සහන්ට කැමැත්තෙන් හිටියත් සහන් කැමැති වුනේ නදිනිට.නදිනිත් සහන්ට හොදට ගැලපුනා.ඉස්කෝලේ කාලෙ පටන් ගත්ත මේ ආදරෙ මේ ලගක් වෙනකම්ම තිබුන කියල සජිනිට විස්වාසයි.මොකද සජිනි මේ ලගදිත් දැකලා  තිබුන ඒ දෙන්න එකට ඇවිදින්න එහෙම යනවා.

සජිනි ඇවිත් සහන්ට ආචාර කරත් සහන් නම් සජිනි දිහා බැලුවෙවත් නෑ. 

පුතා ඕනෙ නම් දුවත් එක්ක කතා කරන්න.මේවා ඔයාල තීරනය කරන්න ඕනේ දේවල්නේ.සජිනිගේ තාත්තා කිව්වා.

සහන්ගේ තාත්තාත් ඔලුව වැනුවා.දුවා පුතාව වත්තට එක්කගෙන යන්නකො කියල සජිනිගේ අම්ම කිව්ව ගමන් සහන් පුටුවෙන් නැගිට්ටා.සජිනිත් නැගිටලා සහන් දිහා බලලා වත්ත පැත්තට යන්න හැරුනා.සහනුත් සජිනි එක්කම ගියා.

ආවට මොකද මොනව කියන්න්ද කියල සජිනිට තේරුමක් තිබ්බෙ නෑ. අනිත් අතට සජිනිට දැනගන්න ඕනේ වෙලත් තිබ්බ සහන් මෙහෙ මොකද කරන්නෙ කියල.

"මන් මේ කසදෙට කමති නෑ" සහන් කියනව සජිනිට ඇහුනා.සජිනි සහන් දිහාවට හොදට හැරුනා

"මොකක්ද ඔයා කිව්වේ?" සජිනි එහෙම ඇහුවේ ඇහුනු දේ විස්වස නැති නිසා.

එක සැරෙටම එහෙම දෙයක් ඇහුනම  සජිනිගේ හිත කඩන් වැටුන.සජිනි  දන්නවා එයා රූප සුන්දරියක් නම් නෙවෙයි කියල.ඒත් අද සජිනි ලස්සනට ලැස්ති වුනා.ඒත් දැන් සහන් මේ කියපු දේ නිසා සජිනිට දැනුනේ එයා හරි කැතයි කියලා.කිසිම කෙල්ලෙක් කෑමති නෑ එකට.

"මන් කිව්වේ මන් මේකට කැමති  නෑ කියල.ඒ නිසා ඔයා ඔයාගෙ අම්මලට කියන්න කැමති නැ කියල" සහන් කිව්වේ අත් දෙකත් බැදගෙන 

"ඇයි මන් එහෙම කියන්නෙ?" සජිනිත් පරාද වෙන්න ලෑස්ති නෑ 

"මන් කියන නිසා "

"ඇයි ඔයා කියන නිසා මන් එහෙම කරන්න ඕනේ" සහන් ලොකූ හුස්මක් ගත්තා..මේ කෙල්ල මහ කරදරයක්.සහන් හිතුවා.

"ඇයි එහෙම කියන්න බැරි ?"

"ඉතින් ඒක ඔයාටම පුලුවන්නෙ කියන්න"

"මට එහෙම කරන්න බෑ"

"ඇයි බැරී?"

"එකෙන් තමුන්ට වැඩක් නෑ" සහන් කිව්වේ තරහෙන් 

"ඇයි ඔයා මෙහෙම කරන්නෙ සහන්?" සජිනි ඇහුවේ අත් දෙකත් බැදගෙනම.

සහන් පුදුම වුනා සජිනි තමන්ගෙ නම දන්න එක ගැන. සජිනිට තේරුනා සහන් තමන්ගේ නම දන්නේ නැ කියලා..මේ කතා කරපු හැටියට ඒක පුදුමයක් නෙවෙයි කියල සජිනිට හිතුනා.

"ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි මිස්...." සහන් නැවත්තුව..

"මන් සජිනි", සජිනි කිව්වා.

"ඔයාට අදල නැ මිස් සජිනි" සහන් ආයෙත් කිව්වා 

"කියාපු විදියට කරන්න".එහෙම කියලා සහන් හැරිල ගේ ඇතුලට ගියා.

සජිනි එතනම ඉදන් කල්පනා කරේ මොකද කරන්නෙ කියලා.මෙ වගේ නපුරු කොල්ලෙක් බදින්න නම් මටත් කිසිම ඕනෙකමක් නෑ..සජිනි හිතුවා.

*****************************************************************************************************
ඊලග කොටසින් හම්බෙමු......