Thursday, January 25, 2018

අලුත් අවුරුද්දේ සතුටින් ඉමු- දෙවන කොටස

2.My Little Things - මගේ පුංචි දේවල් 

ජීවිතේ අපි හැමෝටම තියෙනවා පුන්චි පුන්චි දේවල් අපි සතුටු වෙන.ඒත් අපි ගොඩක් අය දන්නෙ නෑ ඒ දේවල් වලින් ඇත්තටම මේ තරම්  සතුටක් ලැබෙනවද කියලා. අද මේ කියන්නේ මගේ ජීවිතේ මන් සතුටු වෙන පොඩි පොඩි දේවල් වගයක්.ඔයාලාත් මන් වගේම මේ දේවල් වලින් සතුටු වෙනවා නේද බලන්න.

1.A Good Hair Day 

 උදේ නැගිටිනකොට කොන්ඩෙ හොද ලස්සනට තිබුනොත් සතුටුයි නේද? මේක ගැනු ලමයින්ට වගේම පිරිමි ලමයින්ටත් අදාලයි.කොන්ඩේ හොදට තියෙන දවසක් නම් මොන තරම් කර්‍යබහුල වුනත් කොච්චර ප්‍රශ්න තිබුනත් අපට ඒක හොද දවසක්.මන් දන්නව මට වගේම ඒක ඔයලටත් එහෙමයි කියලා.

2.Finding money in your pocket that you forgot about



කාලෙකට පස්සේ අදින්න ගත්තු ඩෙනිමේ සක්කුවක තිබිලා රුපියල් 100ක් හම්බුනොත් එහෙම නැත්තම් බෑග් එකේ පොකට් එකකින් රුපියල් 50ක් හම්බුනොත් එහෙම ඇත්තටම සන්තෝසයි නේද? අන්න ඒකයි සල්ලි හම්බුනම තියෙන ඇත්තම සන්තෝසෙ.ඒක වැඩියි මාසේ අන්තිම පඩි හම්බුනම එන සතුටට වඩා.

3.Taking a bath after a long tiring day 

මේකට නම් කාටවත්ම නෑ කියන්න බෑ.දවසම මහන්සි වෙලා ගෙදර ඇවිත් නෑවම දැනන සනිපෙට ඒ සතුටට සමාන කරන්න සතුටක් වෙන තියෙන්න බෑ..

4.Radio plays your all time favorite song 


 අපි කොච්චර සින්දූ ෆෝන් ඒකේ දාගෙන හිටියත් බස් එකක හරි වෙන කොහෙදි හරි රේඩියො එකේ හඩිස්සියෙන්ම අපි කැමතිම සින්දුව යනකොට දැනෙන හැගීම කොහොමද? හරි ආස හිතෙන හැගීමක් නේද?

5.Singing in the shower


සින්දු අහනවා වගේම සින්දු කියන්නත් අපි හැමෝම වගේ ආසයි.ඒ වුනාට ඉතින් හැමෝටම හැමදේම බෑනේ.ඒ නිසා අපි සින්දූ කියන්න ටිකක් බයයි.හැබැයි අපී හැමෝම ගායකයෝ වෙන එක තැනක් තියෙනවා.ඒ තමයි බාත්‍ රූම එක.නාන ගමන් ඇග හෝදන ගමන් අපි හැමෝම ගයකයෝ වෙනවා.දැන් ඉතින් නෑ කියන්න එපා.තියෙන සින්දුව ගයකයගෙ විදියට වගේම අපේම version වලට කියන්නත් අපි හරි දක්ශයි.ඒකේ ආතල් එක දන්නේ ඉතින් එහෙම සින්දූ කියන අයම තමයි.

6.අම්මගේ බත් එක 



මෙන්න මේක හොදට තේරෙනවා ඇතී බෝඩිම් වල ඉන්න හොස්ටල් වල ඉන්න අයට.දවස් ගානක් කඩේ කෑම කාලා කාලා ගෙදර ගියාම අම්මා රස කෑම ගොඩක් හදලා කන්නත් බැරි තරමට කොත ගහල වගේ බෙදල දෙනවා.ඒ කෑමට ගහන්න මොන five star hotel එකටවත් බෑ..

7.Ice Cream

මට නම් අයිස් ක්‍රීම් කියන්නේම සතුටු හිතෙන දෙයක්.ඕනේම වෙලාවක ඕනේම රසකින් මට නම් අයිස් ක්‍රිම් කන්න පුලුවන්.අයිස් ක්‍රීම වලට පුලුවන් අපේ තියෙන ඕනම ප්‍රශ්නයක් ඕනේම දුකක් ටක් ගාලා අමතක කරවන්න.බොරු නම් ඔයලත් උත්සහ කරල බලන්න.

8.Sound of rain

වැස්සෙ සද්දේ අහන් ඉදල තියෙනවද ඔයාල.එහෙම අහන් ඉදල තියෙනවා නම් ඔයලා දන්නවා මං මේ කියන දේ.එහෙම අහන් ඉදල නැත්තම් වැස්ස වෙලවක ඒ සද්දේ අහල බලන්න.ඒක අමුතුම සංගීතයක්.හිත හරිම සන්සුන් වෙනවා ඒ සංගීතයට.

9.Popping Bubble Wrap

මෙන්න මේක ගැන ඔයල මොකද කියන්නෙ? මතක් වෙද්දිත් හරි ආසයි නේද? මොන විදියෙ තත්වෙක හිටියත් ඒ ඔක්කොම අමතක කරවන්න පුලුවන් මේකට.මේවා ඉතින් හම්බෙන්නේ අලුත් බඩුවක් එක්ක විතරක් වුන එක තමයි ඉතින් ප්‍රශ්නේ.

10.Watching Favorite TV Shows.




නිවාඩු දවසක ඇදට වෙලා කෑමත් ලග තියාගෙන කැමතිම ටීවී සීරීස් එකක් නැත්තම් ෆිල්ම් එකක් බලන එකේ තියෙන්නෙ වෙනම සන්තෝසයක්.ඒක දන්නේ එහෙම කරන අයම විතරයි.සමහරුන්ට හිතෙන්න පුලුවන් ඕවා බලන එකෙන් වෙන්නෙ තියෙන ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න දාගන්න එක කියලා.ඒ වුනට තමන්ගේ ප්‍රශ්න අමතක කරන්න මේක හොදම විදියක් කියලා දන්නේ මෙහෙම බලන අයම තමයි.සරලව කියනවනම් ටික වෙලවකට යථාර්තයෙන් පැනලා ගිහින් වෙනම ලෝකේක ඉන්න පුලුවන් මෙහෙම කරලා.සතුටින් ඉන්න පුලුවන් නම් මට ඒකෙ වැරැද්දක් පෙන්නේ නෑ.


ඉතින් මේ තියෙන්නේ මං සතුටින් ඉන්න දේවල් ටිකක් විතරයි.තව ඕනේ තරම් තියෙනවා.ඔයලටත් ඇති ඔයලගේම සතුටු වෙන දේවල්.සතුටෙන් ඉන්න මහ ලොකු දේවල් ඔනේ නෑ කියලා පේනවනේ.මොන ප්‍රශ්නේ තිබුනත් කොච්චර දුක් වෙන්න දේවල් තිබුනත් මන් නම් කියන්නේ පොඩි පොඩි දේවල් කරල සතුටින් ඉන්න බලන්න.මොකද අපට ජිවිත දෙක තුනක් නෑ.ඉන්න ටිකේ සන්තෝසෙන් ඉන්න ඕනේ...



No comments:

Post a Comment