Monday, February 5, 2018

ආදරණීය නපුරා-හතරවන කොටස



මේ මොන ජාතියේ කෙල්ලෙක්ද කියලා සහන්ට හිතාගන්නවත් බෑ.මේ හැසිරෙන විදියට කිසිම කෙල්ලෙක් තමන්ට කැමති වෙන්නෙ නෑ කියලා නම් සහන්ට ශුවර්.ඒ වුනාට සජිනි සහන්ව බදින්න කැමති වුනා විතරක් නෙවෙයි දැන් වෙනකම් කිසිම වෙනසක් පෙන්නුවේ නෑ.වෙන කෙල්ලෙක් නම් මේ වෙනකොට කදුලු පෙරන් අඩලා.සහන්ට නදිනි මතක් වුනා.නදිනිත් එහෙම පොඩි පොඩි දේවල් ලොකු කරන් අඩන කෙනෙක් නම් නෙවෙයි.

'මන් මේ මොනවද හිතන්නෙ?මන් මොකටද නදිනියි සජිනියි සන්සන්දනය කරන්නෙ? මටත් පිස්සූ මේ කොහේවත් යන කෙල්ලෙක් බැදගන්න වුනානේ.දැන් ඉතින් එන හැටියකට ජිවත් වෙනවා.මන් මගේ පාඩුවේ හිටියම ඉවරයින' .සහන් ඇදේ නිදාගෙන ඉන්න සජිනි දිහා බලාගෙන හිතුවා.

පහුවදා උදේ සහන් නැගිටිනකොට සජිනි ඇදේ හිටියේ නෑ.බාත් රූම් එකෙන් වතුර වැටෙන සද්දයක් ආවා.ටිකකින් සජිනි එලියට ආවා දිග සායකුයි ටී ශර්ට් එකකුයි ඇදගෙන.

"ගුඩ් මොර්නිග්" සජිනි කිව්වේ ඊයේ වෙච්ච ඔක්කෝම අමතක කරලා.වෙන කිසිම දෙයක් හිතට ගන්න හොද නෑ කියලා සජිනි හිතා ගත්තේ සහන්ව බදින්න කැමති උන වෙලාවෙමයි.

"මෝර්නිග්" එහෙම කියපු සහන් සජිනි දිහා බලන්නෙවත් නැතුව තුවායත් අරගෙන බාත් රූම් එකට ගියා.

සජිනි තෙත කොන්ඩේ පිහිදන ගමන් බැල්කනියට ගියා.සජිනිලා නැවතිල තිබුනේ හික්කඩුවේ ප්‍රසිද්ද හෝටලේක.නාලා හිටපු සජිනිට බැල්කනියට එන  මුහුදු හුලන් වලින්  හරි සනීපයක් දැනුනා. එනකොට රෑ වුන නිසා කරුවලට කිසි හරියකට පෙනුනේ නෑ.දැන් තමයි සජිනිට මේ ලස්සන හරියටම පෙන්නේ.පොඩ්ඩක් එලියේ ඇවිදලා බලන්න සජිනිට ආසයි.ඒත් සහන් මොනා කියාවිද දන්නේ නෑනේ.ඒ නිසා සජිනි ඒ අදහස අතෑරලා දැම්මා.ඒ වෙනුවට සජිනි රූම් සර්විස් එකට කෝල කරලා සැන්ඩ්විච්ස් ටිකකුයි කෝපී පොට් එකකුයි ගෙන්න ගත්තා.සහන් මේවට කැමති වෙයිද දන්නෙ නෑ කියලත් සජිනිට හිතුනා.ඒත් ඊයේ වෙච්ච දෙයින් සජිනි පාඩමක් ඉගෙන ගෙනයි හිටියේ.

සහන් එනකොට සජිනි බැල්කනියේ කෝපී බොනවා.සජිනිට සහන්ගේ සද්දේ ඇහුනත් ගනන් ගත්තේ නෑ.

"කෑම තියෙනවා.කැමති නම් කන්න" සජිනි කිව්වේ සහන් දිහා බලන්නෙවත් නැතුව.

සහන්ටත් කන්න ඕනේ වෙලා හිටියේ.ඊයේ සජිනිට ලොකුකමට කෑවා කිව්වාට සහන් කාලා හිටියේ නෑ.තවත් ලොකුකම් පෙන්නලා බඩගින්නේ ඉන්නවද කියලත් සහන් කල්පනා කරා.ඒත් මේ සැරේ නම් ආඩම්බරකමට වඩා බඩගින්න ඉස්සර වුනා. සහන් වාඩි වෙලා සැන්ඩ්විච්ස් කාලා කෝපි බිව්වා.

"අපි යන්න ඕනේ" සහන් කිව්වා

"කොහෙද?"

"ඇයි දිගටම මෙහෙ ඉන්නද හිතන් ඉන්නේ? හිටියත් ඉතින් මට නම් කමක් නෑ"

මේ මිනිහට හොද පොල්ලකින් ගහන්න තියෙනව නම් කියලා තමයි සජිනිට හිතුනේ.ඒත් ඉතින් බැදපු මිනිහනේ කියලා සජිනි කට වහගත්තා.සජිනි කොහොමත් වැඩක් නැති දේවල් කතා කරන කෙනෙක් නෙවෙයි.

ටිකකින් දෙන්න යන්න පිටත් වුනා.යන්නෙ කොහෙද කියලා ආපහු නම් සජිනි ඇහුවේ නෑ.යන තැනක යාවිනේ කියලා හිටියා.පැය දෙකකින් විතර එයාලා සහන්ගේ ගෙදරට ආවා.

"පුතා..ඇයි මේ? මුකුත් කරදරයක්ද? හෙටනේ එන්න හිටියේ? ඇයි අද ආවේ?" සහන්ගේ අම්මාගෙන් ප්‍රශ්න කෝටියයි.

"මට හෙට වැඩට යන්න තියෙනවා"එහෙම කියාගෙන සහන් ගේ ඇතුලට ගියා.

"ඒ මොකද ඒ"

"ඒ මොකද කියන්නේ?මට නිවාඩු නෑ"

"ඒක මහ පුදුම රස්සවක්නේ.තමන්ගේ කසදෙට නිවාඩු දෙන්නේ නැති කොම්පැනි තියෙනවද? ඔයා එන්න දුව" සහන්ගේ අම්මා සජිනව එක්කගෙන සහන්ගේ කාමරේට ගියා.

සහන්ගේ කාමරේ හරිම සරල පෙනුමක් තිබුනු කාමරයක්.හැබැයි සජිනී ඒ තිබුනු අලු පාටට කලු පාටට ආස වුනේ නෑ.මේක නම් හරිම බෝරින්ග් කාමරයක් කියලයි සජිනිට හිතුනේ.එ බෝරින්ග් කාමරේ ඇතුලේ සජිනිගේ ඇදුම් බෑග් තියලා තිබුනා.

"පුතා ඔයාට එහෙම යන්න බෑ.තව කොච්චර දේවල් තියෙනවද කසාදයක් වුනාම කරන්න.නෑදෑයන්ගේ ගෙවල් වල යන්නත් ඕනේ"

"අනේ අම්මේ මේ අම්මට ඕනේ නම් මෙයා එක්ක ඕනේ තැනක යන්න.මට ඕවට නිවාඩු නෑ.දැන් මෙතනින් යන්නකෝ.මට ටිකක් නිදාගන්න ඕනේ.කොන්දත් රිදෙනවා" සහන් සජිනිට රවන ගමන් කිව්වා.

මොකටද මෙයාගේ මේ කතා අහගෙන ඉන්නේ කියලා සජිනි ඇවිත් සාලෙන් වාඩි වුනා.

"තාත්තා ආවම මේක කතා කරමුකෝ"

"මේකේ ආය කතා කරන්න දෙයක් නෑ අම්මේ.දවල්ට කාලා අපි යනවා" එහෙම කියලා සහන් නිදගත්තා.

සහන්ගේ අම්මා ටිකකින් තේ හදගෙන සාලෙට ආවා.

"අනේ දුව අපේ පුතා කියන දේවල් ගනන් ගන්න එපා.ටිකක් සැර වුනාට එයාගේ හිත හොදයි.මට විශ්වාසයි ඔයාට එයාව හදල ගන්න පුලුවන් කියලා" සහන්ගේ අම්මා සජිනිගේ අතකින් අල්ලගෙන කිව්වා.

"මන් දන්නවා අම්මේ අම්මා බය වෙන්න එපා"

සජිනියි සහන්ගේ අම්මයි එක එක ඔපදූප කතා කර කර හිටියා පැයක් විතර.සහන්ගේ තාත්තාත් ආවා ටිකකින්.සජිනි හිතුවා තාත්තා බනිවි කියලා සහන්ට.ඒත් තාත්තාත් සහන් කියපු දේට එකග වුනා.

"ඒකට කමක් නෑ.එයාට නිවඩු නැත්තම් යන්න ඕනේ නම් ගියපුවාවේ.නැදෑයෝ හම්බෙන්න කලින් මේ දෙන්නා එයලාගේ ජීවිතේ හදාගෙන ඉන්න එපැයිනේ"

සජිනිත් ඒ කතාවට සම්පුර්නෙන්ම එකග වුනා.මෙහෙම පුපුරන මිනිහෙක් එක්ක කොහේවත් යන්න සජිනිට කිසිම ඕනෙකමක් තිබුනේ නෑ.ඉතින් ඇත්තටම සජිනි නම් මේ වැඩේ ගැන සතුටින් හිටියේ.

කොහොම හරි සහන් නැගිට්ටට පස්සේ දවල්ටත් කාලම සජිනියි සහනුයි පිටත් වුනා කොලබ යන්න.එයාලගේ අලුත් ජිවිතේට.

********************************************************************************
ඊලග කොටසින් හම්බෙමු....


No comments:

Post a Comment