Saturday, February 10, 2018

චන්දේ සහ වට්ස් ඇප් ගෘප් එක


මං ඉස්සර කොහෙත්ම දේශපාලනේට කැමති කෙනෙක් නෙවෙයි ෆ්‍රෙන්ස්.ඒ වුනාට මං මේ ඊයේ පෙරේදා ඉදන් චන්දේ තියෙන එක ගැන මාර සන්තොසෙන් ඉන්නේ.ඇත්තම කියනවා නම් අද චන්දේ ඉවර වෙන එක ගැන මට සාතිශය සංවේගයක් ඇති වෙලා තියෙන්නේ.ඉතින් ඔයාලා හිතන්න පුලුවන් එක පාරටම මෙහෙම වෙන්න තියෙන හේතු මොනාද කියලා.මේකට තියෙන්නේ එකම එක හේතුවයි ෆ්‍රෙන්ස්.ඒක තමයි.වට්ස් ඇප් එක.😍😊 වට්ස් ඇප් එකෙයි චන්දෙයි තියෙන සම්බන්දේ තමයි මන් මේ ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ.

ටික දවසක් ඉදන් මං ඉන්න වට්ස් ඇප් ගෲප් එකක කතා වෙන්නේම චන්දේ ගැන.මේ ගෲප් එකේ විශේෂත්වයක් තියෙනවා.මේකේ එකම එක කොල්ලෙක් විතරයි ඉන්නේ.ඉතින් ඔයාලා දන්නවනේ කාලයක් ගියාම ඕනේම ගෲප් එකකට වෙන්නේ මොකක්ද කියලා.අන්න ඒකම තමයි මේකට වෙලා තිබ්බෙත්.සෑහෙන කාලෙකින් මැසේජ් එකක් නැතුව ගෲප් එක පාලුවට ගිහින් තිබ්බේ.ඉතින් ඕන්න චන්දෙට සතියක් විතර තියලා නිදහස් දවසේ හවස අර කොල්ලාගෙන් එනවා ගෲප් එකට මැසේජ් එකක්.(අහ් කියන්න අමතක වුනා.ඒ කොල්ලා අප්පච්චිට හරීඊඊම ආආආදරෙයි 😉

මැසෙජ් එක තමයි අර ජනාධිපතිගේ නිදහස් දවසේ අමරණීය කතාව.ඔව් ඔව් 70, 30 වෙච්ච කතාව තමයි.😂😂😂 

මං දේශපාලනේ සලකන්නේ නැතුව ඕනේ දෙයක් ආතල් එකේ බාර ගන්න ඩයල් එකක් නිසා ඒ මැසෙජ් එක බලලා යැව්වා 😂😂😂😂ඒවා සෙට් එකක්ම.මෙන්න බොලේ විනාඩියක් ගියේ නෑ මු එවනවා මැසේජ් එකක් මෙන්න මෙහෙම

X - උබලා චන්දේ දීලා පත් කරගත්ත ජනාධිපති තමයි මේ 😑

ඔන්න ඉටින් ෆ්‍රෙන්ස් එකට නම් මටත් චුට්ටක් අවුල් ගියා.මන් එක හිතින් මහින්ද මහත්තයාට චන්දේ දුන්න කෙල්ලෙක්.හැබැයි එහෙම වුනා කියාලා අප්පච්චීඊඊ.... ගාගෙන යන්නේ නම් නෑ.ඒක වෙනම කතාවක්.ඒ කෝම හරි ඕම කියන්න වටින්නේ නෑනේ.මන් ඉතින් හැරෙන තැපෑලෙන් අවදාරණය කරා මං චන්දේ දුන්නේ මහින්ද මහත්තයාට බව.

ඊට පස්සේ මූ කියනවා හරි ඒ වුනාට අනිත් අය (ගෲප් එකේ අනිත් අය) දුන්නේ හිටන් ට නේද කියලා.
ඉතින් ඒකේ මොකද්ද තියෙන වැරැද්ද ෆ්‍රෙන්ස්.අපි ඕනේම කෙනෙක්ට අපි කැමති කෙනෙක්ට චන්දේ දෙන්න අයිතියක් තියෙනවනේ.ඉතින් මං දුන්නේ මහින්දට වුනත් මන් අනිත් අය වෙනුවෙන් පෙනි සිටියා ෆ්‍රෙන්ස් සෑහෙන වෙලාවක්.මගේ ඔය වගේ ගොන් වැඩ හරියට තියෙනවා.කොච්චර කිව්වත් අනිත් උන් වෙනුවෙන් කරන එක නවතින්නෙම නෑනේ.ඇදගෙන නාන්නමයි කැමැත්ත.

ඕන්න ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ එක්කේනෙක් පෙනී සිටියා.ටිකකින් තව එක්කෙනෙක් පෙනී සිටියා.කෝමින් කෝම හරි මුලු ගෲප් එකම මේකට සෙට් වුනා.අර කාලයක් තිස්සේ වල් වැදිලා තිබ්බ ගෲප් එකක්ද කියලා දැන් නම් හොයන්නවත් බැරි තරම්.තාමත් මේ චැට් එක ඉවර නෑ.ඔන්න ඔහොමයි ෆ්‍රෙන්ස් චන්දෙන් අපට වැඩක් වුනේ.උන්නද මලාද කියලා හොයාගන්න බැරුව හිටපු අය දැන් යස අගේට චැට් එකේ.

ඇත්තටම මේ වෙච්ච සිද්දියේ වාසි කීපයක්ම තියෙනවා.
1. ගෲප් එකේ උන් උන්නද මලාද කියලා දැනගත්ත එක.
2.වලිය ෆෝම් කිරිමෙන් ලැබෙන ආතල් එක.
3.බයියන්ගේ ගති ස්වබාවය පිලිබද දැනුවත් වීම

ඔන්න බලන්න ඉටින් කොච්චර වැදගත්ද කියලා මේක.දේශපාලනෙන් වැඩක් නෑ කියලා මට නම් ආය කියන්න එපා ෆ්‍රෙන්ස්.එහෙම කියලා පස්සේ දත් ඇන්දට මොනා හලි වුනොත් ඔන්න මං නම් නෑ . 😉😆

ඒ කෝම හරි ෆ්‍රෙන්ස් ජාතියක් විදියට අද අපි හැමෝටම වැදගත් දවසක්. මුලු රටේම මේ විදියට චන්දයක් තියෙන පලවෙනි වතාව කියලයි කියන්නේ.ඉතින් හැමෝම හරිම උනන්දුවෙන් තමයි චන්දේ දාන්න වගේම ප්‍රතිඵල බලන්නත් ඉන්නේ.හෙට වෙනකොට මේ චන්දේ ප්‍රතිඵලේ හරියටම දැන ගන්න පුලුවන් වෙයි.

PS: මහින්ද පැරදුනොත් අර මගේ යාලුවට මොනා වෙයිද කියලයි මට හිතාගන්න බැරි.පවුලේ එකම දරුවා දෙයියනේ ඒ 😑😔

No comments:

Post a Comment