දේදුණු ආදිත්‍යව බලලා රෝහලින් එළියට ආවේ කණගාටුවෙන්.අවිශ්කත් එක්ක වෙච්ච කතාව දේදුණු ගේ කණේ රැව් දුන්නා.
"ආදිත්‍යට ඔහොම වුනේ අසේලි කියලා ඔයා කියන්නේ කොහොමද දේදුණු? ඒ ලමයත් තාම ඉස්පිරිතාලේ " අවිශ්ක කිව්වේ බොහොම සැරෙන්.
"එයාගේ මොකක් හරි විකාරයක් නිසානේ ආදි ටත් මේක වුනේ? මේ එකක්වත් නෑ එයා එක්ක නොගියා නම්" දේදුණු කිව්වේ තරහෙන්.
"මේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවද? තමන්ගේ කෙල්ල එක්ක යන්නේ නැතුව ආදිත්‍ය තමුන් එක්ක ගමන් යන්නද? " අවිශ්ක කියද්දි දේදුණු ට යාන්තමට හිනාවක් ගියා.
"එයාගේ කෙල්ල? අනේ මේ දැන්වත් ඒ බොරුව නවත්තනවද? මං හොදටම දන්නවා ඒ ආදි ගේ කෙල්ල නෙවෙයි කියලා.ට්‍රිප් ගිහින් ඔහොම වෙනම ඉන්නවද වෙන කපල්"
"ඔව් ඉන්නේ නෑ..මේ දෙන්නට එහෙම ඉන්න වුනේ ඔයා නිසා දේදුණු.ආදිත්‍ය ඔයා තනි වෙනවට අකමැති වුනු නිසා.ඒක අසේලිත් තේරුම් ගත්ත බව ඔයාට තේරුනේ නැතුව ඇති.අතින් අල්ලගෙන තුරුල් වෙලා ඉන්න එකම නෙවෙයි දේදුණු ආදරේ.උන් දෙන්නා ගැන හොදටම දන්න මට කියන්න එන්න එපා ඔය මළ විකාර" අවිශ්ක කියාගෙනම යද්දි දේදුණු ගේ මූණ මැලවුනා.
"ඔයා කියන්නේ ඒ දෙන්නා ඇත්තටම යාලුයි කියලද?" දේදුණු ආයෙමත් අහද්දි අවිශ්ක හොද හුස්මක් ගත්තා.
"දැන් මං මෙච්චර වෙලා සිංහලෙන් නෙවෙයිද කතා කරේ.ඔව් ඔව් ඔව් උන් දෙන්නා යාලුයි.දැන් හරිද සන්තෝසද?" අවිශ්ක ඇහුවේ සරදම් හඩකින්.
"ඇයි මේ ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නේ?" දේදුණු ඇහුවේ තරහෙන් රතු වෙලා බලන් ඉන්න අවිශ්කගෙන්
" මට ඔයා එක්ක ඇති තරහක් නෑ.ඒ වුනාට ලෙඩ බලන්න ආවා නම් කරුණාකරලා ලෙඩ බලලා යන්න.මෙතන මේ නිකන් එක එක්කෙනාට චෝදනා කරන්න එන්නේ නැතුව" අවිශ්ක ඒ සැරේ නම් කිව්වේ ටිකක් සන්සුන් කටහඩකින්.
"හ්ම්ම්...දැන් එතකොට ආදි ව රට ගෙනියනවද?"
"ඔව්...හෙට රෑ ෆ්ලයිට් එක.හෙට දවල් ඩිස්චාර්ජ් කරනවා කිව්වා"
"හ්ම්ම්...හරි මං එන්නම් එහෙනම් හෙට දවල්ටත්" අවිශ්කට එහෙම කියපු දේදුණු ආයෙමත් දැඩි සත්කාර ඒකකයේ වීදුරුවෙන් පේන ආදිත්‍ය දිහා බැලුවා.
මැශින් ගොඩක් මැද හිර වෙලා ඉන්න ආදිත්‍යගේ පෙනුම දේදුණු ගේ හිතට ගෙනාවේ ලොකු දුකක්.එහෙම්ම ආපහු හැරිලා රෝහලින් එලියට එන්න ආපු දේදුණු ගේ හිතට අදහසක් ආවා.දේදුණු එයා එක්ක ආපු නෙත්මි දිහා බැලුවේ ඒ අදහසින්මයි.
"මේ...සුවසෙත හොස්පිට්ල් එක මේ ලගද නෙත්මි තියෙන්නේ?"
"කලුතර ටවුන් එකේ.වැඩි දුරක් නෑ" නෙත්මි කිව්වේ දේදුණු දිහා හොදට බලන ගමන්.
"වීල් එකක යන්න පුලුවන්නේ නේද? එහෙත් ගිහින් එමුද?"
"ඇයි එහේ යන්නේ?"
"තව යාලුවෙක් එහේ ඉන්නේ. අනේ යමුකෝ.රෑ වුනොත් අපේ නැන්දලගේ ගෙදර ඉමු.අපිට රෑට ෆිල්ම් එකක් බලලා ජොලියේ ඉන්නත් පුලුවන්" දේදුණු කිව්වේ නෙත්මිගේ අතිනුත් අල්ලගන්න ගමන්.
"හා එහෙනම් යමුකෝ...ඒ ඉන්න යාලුවත් කොල්ලෙක්ද?"
"අපෝ නෑ අනේ.ඒ කෙල්ලෙක්" දේදුණු කිව්වේ ඈතින් එක ත්‍රීරෝද රථයකට අත දාන ගමන්.
සුවසෙත රෝහලට යන්න එයාලට වැඩි වෙලාවක් ගත වුනේ නෑ.පිළිගැනීමේ නිළධාරිනියගෙන් කාමර අංකයත් අහගත්ත දේදුණු නෙත්මිත් එක්කම කාමරේ ලගට ගියා.
"මේක නේද? " නෙත්මි ඇහුවේ කාමර අංකය දිහා බලන ගමන්.
"ඔව් 207 නේ කිව්වේ.මං තට්ටු කරන්නද?"
"හා..."
දොරට තට්ටු කරපු දේදුණු දොර දිහාම බලන් හිටියා.
"ආයේ තට්ටු කරනෝ.ඇහුනේ නැද්ද දන්නේ නෑ" නෙත්මි කිව්වේ සද්දයක් නැති නිසා.
දේදුණු ආයේ තට්ටු කරන්න අත උස්සනවත් එක්කම දොර ඇරුනා.දොර ලග හිටපු පිරිමි කෙනා දේදුණු දිහා බැලුවේ කුතුහලයෙන්.
"මේ මට අසේලි බලන්න පුලුවන්ද?" දේදුණු අහද්දි ඒ පිරිමි කෙනා හැරිලා කාමරේ දිහා බැලුවා.ඒ දොර අතරින් දේදුණු ට ඇදේ වැතිරිලා ඉන්න අසේලිව පෙනුනා.
"එන්න දේදුණු ඇතුලට" අසේලි කියද්දි ඒ පිරිමි කෙනා දේදුණු ට කාමරේට යන්න ඉඩ දීලා අයින් වුනා.
අසේලිගේ ඇද ලගට එන ගමන් දේදුණු අසේලි එක්ක හිනා වුනා.
"කොහොමද ඔයාට දැන්" දේදුණු ඇහුවේ ඒ හිනාවෙන්මයි.
"දැන් නම් සෑහෙන හොදයි.ඔයා කොහොමද මං මෙහේ කියලා දන්නේ?"
"මං ආදි ව බලන්න ගියා.ඒ වෙලාවේ අවිශ්ක කිව්වේ"
"වාඩි වෙන්න පුතේ මෙහෙන්" ජනිතාගේ කටහඩ ඇහෙද්දි දේදුණු හැරිලා බැලුවා.
ඒ ඉන්න පිළිවලින්ම මේ ඉන්නේ අසේලිගේ අම්මා වෙන්න ඇති කියලා දේදුණු ට හිතුනා.අසේලිගේ අයියායි තාත්තායි ඒ වෙද්දිත් කාමරෙන් පිට වෙලා හිටිය නිසා ඒ වෙද්දි කාමරේ හිටියේ ජනිතායි මේධාවියි නෙත්මියි දේදුණු යි විතරයි.
"තැන්ක් යූ ආන්ටි" දේදුණු කිව්වේ නෙත්මි එක්කම පුටුවෙන් වාඩි වෙන ගමන්.
"මේ දුවගේ කැම්පස් යාලුවෝ වෙන්න ඇති" ජනිතා හිනා වෙලා අහද්දි දේදුණු ත් හිනා වුනා.
"ඔව් අම්මා" අසේලි දේදුණු ට කලින්ම උත්තර දුන්නේ දේදුණු මොනවා කියාවිද කියලා නොදන්න නිසා.
"දුවලා එහෙනම් කතා කරන්න.මං පොඩ්ඩක් පහළට ගිහින් එන්නම්.තාත්තාගේ බෙහෙත් ටික මං ලග සුදූ.දවල් බිව්වෙත් නෑ බෙහෙත්" ජනිතා කිව්වේ බෑග් එකත් අතට ගන්න ගමන්.
"අයියෝ....එහෙමද? අම්මා තාත්තාට බෙහෙත් බොන්න දීලම එන්න හොදේ.බොන්නේ නෑ නැත්තම් " අසේලි කියද්දි මේධාවිත් ඔලුව වැනුවා.
"ඔව් ඔව් මේ ඊයෙත් අතට දීපු බෙහෙත් ටික කමීස සාක්කුවේ දාගෙන.මට අද උදේ හම්බුනේ" මේධාවි කියද්දි ජනිතා හිනා වුනා.
"හරි හරි මං ඉක්මනට එන්නම්.චූටි මේ අක්කලා දෙන්නට බොන්න මොනවා හරි දෙන්න" ජනිතා කිව්වේ කාමරෙන් යන ගමන්.
"ඉතින් අසේලි මොකද වුනේ" දේදුණු ඇහුවේ පුටුවේ හොදට වාඩි වෙන ගමන්.
"මොනවා වුනාද කියලා මටත් හරියට මතකයක් නෑ දේදුණු.එතන වෙච්ච දේ මටත් පැහැදිලි නෑ.මාව පැහැරගෙන තිබ්බට ඒ පැහැරගත්ත අයව මට හම්බුනේ නෑ.ඒ වෙනුවට වෙන කෙනෙක්ව මං දැක්කේ.ඒ අයව නම් දැන් පොලීසියෙන් අල්ලගෙනලු.ඒ ඇරෙන්න මේ මොනවා වෙනවද කියලා මාත් දන්නේ නෑ" එහෙම කියපු අසේකි හුස්මක් හෙලුවා.
"කොහොම හරි මේ ඔයාගේ ජරමරේ නිසා අමාරුවේ වැටුනේ ආදි තමයි නේද?" මේධාවි දීපු පලතුරු යුශ එකත් බොන ගමන් දේදුණු කියද්දි අසේලි ගැස්සිලා දේදුණු දිහා බැලුවා.
******************************************
හෙටත් කොටසක් දෙන්නම් හොදේ.කරන්ට් නෑ.ෆෝන් එකෙන් ටයිප් කරෙත්.
සමාවෙන්න මෙහෙම පරක්කු වෙනවට.ඒ වගේම කතාව කියවන මට මැසේජ් එවන හැමෝටම ස්තූතියි ❤️
ආදරෙන් ඉන්න ❤️
Thank you
ReplyDeleteK Nenda