Monday, April 2, 2018

දන්න Pizza ගැන නොදන්නා කතා

අතීතයේදි  සාම්ප්‍රදායික ඉතාලි ආහාරයක් ලෙස හැදින ගෙන තිබූ Pizza අද ලෝකයේ ජනප්‍රියතම  ආහාරයක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවෙයි.සාම්ප්‍රදායික ලෙස යීස්ට් රොටියක් මත තක්කාලි සෝස් සහ චීස් යොදා පුලුස්සා ගැනීමෙන් සාදා ගන්නා මෙයට උඩින් විවිධ එලවලු ,මස් වර්ග සහ විවිධ කුළු බඩු වර්ගද  එකතු කරගැනීමේ හැකියාව තිබෙනවා.මේ අපි දන්නා Pizza ගැන නොදන්නා කතා කීපයක්.


ඉතිහාසය 

Pizza හී ආරම්භය ඉතා ඈත අතීතයට දිව යන්නක් .නියෝලිතික සමයේ සිටම  පාන් සමග වෙනස් රසයන් මුසු කිරීම සිදු වී ඇති අතර අතීත ග්‍රීකයන් පාන් සමග තෙල්,පැලෑටි සහ චීස් ආහාරයට ගෙන තිබෙනවා.පළමුවෙන්ම Pizza ගැන සදහනක් වෙන්නේ 10 වන ශතවර්ශයේදී වුවත් නවීන Pizza හී ආරම්භය සිදු වී ඇත්තේ 18 වන හෝ  19 වන ශතවර්ශයේ නේපල්ස් නගරයේදීය.මෙම කාලයේදී පැතලි පාන් මතට සුදු ළුනු,ලුනු,ඌරු තෙල්,චීස් සහ බැසිල් යොදා Pizza නිපදවා ඇති මුත් Pizza සෑදීමට තක්කාලි එකතු කිරීම ආරම්භ කල කාලයක් ගැන නිශ්චිතව සදහනක් නෑ.1830 වන තෙක්ම Pizza අලෙවි කර ඇත්තේ එලිමහනේ හෝ Pizza බේකරි වල ඉදිරිපසයි.අපි මේ අද Pizza ලෙස ආහාරයට ගන්නා පිලිවලට Pizza එකක් ප්‍රථම වතාවට නිශ්පාදය කරනු ලැබුවේ 1889දී මාර්ගරීටා රැජින පිලිගැනීමට වන අතර ඒ නිසාම එයට "පීසා මාගරීටා" යන නමද භාවිතා කෙරුනා.

පුරාණ කාලයේ එලිමහනේ Pizza සාදන ආකාරය දැක්වෙන සිතුවමක්./https://pizzanapoletanismo.com

19 වන ශත වර්ශය අග භාගයේදි ඉතාලි සංක්‍රමණිකයන් පිරිසක් විසින් Pizza ඇමරිකා එක්සත් ජනපදයට හදුන්වා දුන් අතර 1905දී ඇමරිකා එක්සත් ජනපදයේ පළමු Pizza අවන්හල විවෘත කරන ලදී.දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ආපසු සිය රටට පැමිණි ජනයා අතර මේ ඉතාලි ආහාරය ඉතා ජනප්‍රිය වීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදය පුරා මෙම ආහාරය ජනප්‍රියත්වයට පත් විය.අද වන විට  Domino's, Pizza Hut සහ Papa John's වැනි Pizza සදහාම වූ අවන්හල් ජාලා ලෝකය පුරාම විසිරි පැතිරී ඇති අතර එයට අමතරව සීත කල Pizza හා නිවසේදි  ඉකමනින් සාදා ගත හැකි Pizza වර්ගද සුපිරි වෙලද සැල් වලින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

Pizzafest සැණකෙලිය 

Pizzafest සැනකෙලියේ දර්ශනයක්  /https://www.tastecapade.com

සෑම වසරකම සතියක කාලයක්  දකුණු ඉතාලියේ නේපල්ස් නගරය ඉතා සුන්දර හා රසවත්  සැනකෙලියක් බවට පත් වෙන්නේ  Pizzafest ලෙස හැදින්වෙන ලොව විශාලතම  Pizza  සැනකෙලිය සදහායි.මේ  සැණකෙලියේදි  විවිධ රස ඇති නවතම  Pizza රස බැලීමට මෙන්ම Pizza සෑදීමේ තරග වලට සහභාගී වීමේ අරමුණින් නේපල්ස් කරා ඇදී එන සංචාරකයන් බොහොමයි.Pizza දිනයක් වෙන් කර මුල් වරට සමරන ලද්දේ 1995දී වන අතර මේ වන විට සෑම වසරකම දින 5-7 අතර කාලයක් පුරාවට නේපල්ස් නගරයේදි මෙය සමරනු ලබනවා.මෙහිදි සාම්ප්‍රධායික Pizza හා ලොව පුරා ඇති නවතම Pizza රස බැලිමේ අවස්ථාව සැණකෙලියට සහභාගි වන්නන්ට  හිමි වෙන අතර සතිය අවසානයේ විනිශ්චය මණ්ඩලයක් විසින් මේ සියල්ල විනිශ්චය කරනු ලබනවා

Pizza වාර්තා 

ලොව විශාලතම Pizza එක 

ලොව විශාලතම Pizza එක නිර්මාණය වී ඇත්තේ 2012 දෙසැම්බර් මස රෝමයේදි වන අතර එහි ප්‍රමාණය වර්ග මීටර් 1261 බව කියවෙනවා.මෙය පළමු රෝම අධිරාජ්‍යා සිහි වීම පිණිස "Ottavia"ලෙස නම් කර ඇති අතර මෙය ග්ලුටෙන් රහිතව නිශ්පාදනය කර තිබීම විශේෂත්වයක්.

ලොව දිගම Pizza එක 2016දී නේපල්ස්  හීදී නිශ්පාදනය කෙරුණු අතර එහි දිග කිලෝ මිටර් 1.85කි.

ලොව දිගම Pizza ආහාරය 

ලොව මිල අධිකම Pizza ලෙස ගිනස් වාර්ථා පොතට ඇතුල්ව ඇත්තේ ලන්ඩනයේ පිහිටි අවන්හලක නිපදවෙන Pizza විශේෂයක් වන අතර මෙය අලෙවි වන්නේ ස්ටර්ලින් පවුම් 100ක මුදලකටයි.මෙම Pizza වර්ගය සෑදිමට ලොව මිල අධිකම හතු වර්ග හා චීස් වර්ග යොදා ගැනෙන අතර එය පුළුස්සා ගනු ලබන්නේද දර උදුනකයි.මීට වඩා මිල අධික Pizza වර්ග විවිධ අවස්ථා වල නිපදවා ඇති මුත් ඒවා කිසිවක් ගිනස් වාර්ථා වලට ඇතුලත්  වී නෑ.

සෞඛ්‍යය අවධානය 

http://www.nbpizzaworks.com/

ඉතා විශාල ප්‍රමාණ වලින් Pizza නිශ්පාදනය කෙරෙන ක්ෂණික ආහාර අවන්හල් වල සෞඛ්‍යයට අහිතකර අමු ද්‍රව්‍යය යොදන බවට චෝදනාවක්ද ඇති වී තිබෙනවා.Pizza හී ලුනු සහ තෙල් ප්‍රමාණය ඉහළ යාම මෙයට බලපා ඇති අතර මෙය සෞඛ්‍යයට ඉතා අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා.Pizza ආහාරයට ගැනීමේදී එය ශරීරයට බලපාන ආකාරය Pizza හී අන්තර්ගත ද්‍රව්‍ය වර්ග අනුව වෙනස් වන මුත් පොදු මතය නම් එහි ලුනු ප්‍රමාණය ඉතා අධික බවයි.

Pizza යනු කොහෙත්ම පැණි රස කෑමක් නොවන නමුත් එහි සීනී ද අන්තර්ගත වෙනවා.චීස් Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 5ක්ද මස් සහ එලවලු Pizza කැබැල්ලක සීනී ග්‍රෑම් 7ක්ද අඩංගු බව කියවෙනවා.සාමාන්‍ය කාන්තාවක් දවසට ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 24ක් වන අතර පිරිමි අයෙක් ගත යුතු උපරිම සීනී ප්‍රමාණය ග්‍රෑම් 36ක් ලෙස දැක්වෙනවා.එසේ බලන කල Pizza අනුභවය දියවැඩියා රෝගින්ට කොහෙත්ම හිතකර වෙන්නේ නෑ.

Pizza හී අඩංගු මේදය  ප්‍රමාණය රදා පවතින්නේ එහි ඇති එලවලු මස් හා චීස් ප්‍රමාණය මත වූවත් සාමාන්‍ය මතය නම් එහි ඇති මේද ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අසංතෘප්ත මේදය බවයි.මෙය කොලොස්ට්‍රෝල් වැනි ලෙඩ බොහෝ ප්‍රමාණයකට මූලික හේතුවක් සේ සැලකෙනවා.

 මුලාශ්‍ර - https://en.wikipedia.org/wiki/Pizza





   

2 comments: