Saturday, November 24, 2018

සීතල

සීතල....

දැනෙන්නේ හීත හුලගක් හැමුවම විතරයිද...
නැත්තම් අකුණු ගහගහ වහින රෑක විතරයිද....

නෑ...

අපට දුක හිතුනමත් සීතල දැනෙනවා...
ඒකයි අපි තුරුල් වෙලා අඩන්න උණුසුම දැනෙන පපුවක් හොයන්නේ...

ඒ විතරක් නෙවෙයි...

අපට බය හිතුනමත් සීතල දැනෙනවා...
ඒකයි අපි බය වුනාමත් ඇගේ හිරිගඩු පිපෙන්නේ...
අල්ලගන්න උණුසුම් අතක් හොයන්නේ...

ඒත් අපට වැඩියෙන්ම සීතල දැනෙන්නේ පාලුවක් තනිකමක් දැනෙන වෙලාවට...

ඒකයි අපි තනිකමක් දැනෙද්දි,

ලගින් ඉන්න උණුසුම් හදවතක්...
කතා කරන්න උණුසුම් හිතක්...
අල්ලගන්න උණුසුම් අතක්...
තුරුල් වෙන්න උණුසුම් පපුවක්...

හොයාගෙන යන්න හදන්නේ...

~ දම්මි 💜️ ~


3 comments: