"ඇති යන්තම්" නදිනි පුටුවෙන් නැගිට්ටේ හොදට හිනා වෙන ගමන්.මේ මුකුත් තේරුනේ නැති සහන් බලන් හිටියේ නදිනි දිහා
"සජ්ජෝ...." නදිනි සජිනිට කතා කරගෙනම කුස්සියට ගියේ සජිනි එතන ඇති කියලා හිතලා.සජිනි මෙහෙම ගිහින් ඇති කියලා නදිනිට පොඩ්ඩක්වත් හිතුනේ නෑ.
නදිනි ඇවිත් කුස්සියට එබුනේ සජිනි කොහෙද බලන්න.ඒත් සජිනි පේන්න හිටියේ නැති වුනාම නදිනිට දැනුනේ අමුත්තක්.
"ඇයි මොකක්ද?" සහන් නදිනිගේ පිටිපස්සේ ඉදන් ඇහුවේ මේක තේරෙන්නේ නැති නිසා.
"නෑ මේ සජිනි නෑනේ "
"සජිනි කාමරේ වෙන්න ඇති" එහෙම කියපු සහන් කාමරේට ගියේ සජිනිව බලන්න.
ඒත් සජිනි කාමරේ හිටියේ නෑ.සහන් එන ගමන් නාන කාමරේ බැලුවත් සජිනි නාන කාමරේ හිටියෙත් නෑ.එතකොට නම් සහන්ගේ හිතට වෙනසක් දැනෙන්න ගත්තා.සහන් සාලෙට ආවේ මේක ගැන නදිනිගෙන් අහන්න හිතාගෙන.නදිනි සාලේ මැද්දේ කෝලෙකුත් අතේ තියාගෙන බය වෙලා වගේ බලන් ඉන්නවා දැකපු සහන් තවත් කලබල වුනා
"ඇයි මොකද? කෝ සජිනි?"
"සහන්...අනේ සහන් මට සමාවෙන්න.මෙහෙම දෙයක් මං හීනෙන්වත් හිතුවේ නෑ" නදිනි කිව්වේ වෙව්ලන හඩකින්.
"මොනවද කියවන්නේ? කෝ සජිනි මේ ඉස්සරහ කාමරේත් නැද්ද?" එහෙම කියාගෙන සහන් ලෑස්ති වුනේ සජිනි ඉස්සර හිටපු කාමරේට යන්න.ඒත් ඊට කලින් නදිනි කතා කරා
"එයා ගිහින් " නදිනිගේ කතාවට සහන් හැරිලා බැලුවා
"මොකක්ද?"
"එයා ගිහින් සහන්..." නදිනි කිව්වේ අතේ තිබ්බ කොලේ සහන්ට පෙන්නන ගමන්.අඩියට දෙකට නදිනි ලගට ආපු සහන් නදිනි ලග තිබ්බ කොලේ උදුරලා ගත්තා.
ආදරණීය නදිනි,
මං හිතන්නේ ඔයාට දැන් තේරෙන්න ඇති මං කියපු දේ.සහන් ආදරේ ඔයාට.ඒකේ වෙනසක් නෑ.මං ගොඩක් උත්සහ කරා.ඒත් මට තවත් මේක දරාගෙන ඉන්න බෑ.මං යනවා.සහන්ව බලාගන්න.එයාට කියන්න මං එයාව බදින්න කැමති වුන එකට මට සමාවෙන්න කියලා.ඒ නිසයි මේ ඔක්කොම වුනේ.
කරුණාකරලා අම්මලා කාටවත් දැන්ම මුකුත් කියන්න එපා.සතියකින් විතර මං එයාලට කතා කරන්නම්
මේ
සජිනි
ලියුම කියවපු සහන් බැලුවේ නදිනි දිහා
"මොකක්ද මේ" එත් නදිනිගෙන් සද්දයක් නැති තැන සහන් ආයෙත් කතා කරා.නදිනි මේ සිද්දියෙන් කලබල වෙලයි හිටියේ.කියන්න දෙයක්වත් නදිනිට හිතාගන්න බෑ
"මොකක්ද මේ කියන්නේ මේකේ " නදිනි ඔලුව උස්සලා සහන් දිහා බලනකොට නදිනිගේ මූනේ පෙනුමෙන් සහන්ට තේරුනා මේ කතාව බරපතළ බව.සහන් එහෙම්ම දිව්වේ කාමරේට
කවදාවත් අල්මාරියේ සජිනිගේ ඇදුම් තියෙන පැත්ත ඇරපු නැති සහන් කලබලෙන් අල්මාරිය ඇරියා.ඇදුම් ටිකක් ඇරෙන්න ඉතුරු ඉඩ හිස් වෙලා තිබ්බේ.සජිනි ඇත්තටම ගෙදර නැති බව සහන්ට තේරුනේ දැන්.සහන් එහෙම්ම ඇද උඩ වාඩි වෙලා අත් දෙක ඔලුවේ ගහ ගත්තා.
'මොකක්ද මේ වුනේ? ඇයි එක පාරට? මං දන්නවා මගෙන් වැරදි වුනා.එත් එයාට මාව මෙහෙම දාලා යන්න තරම් දෙයක් වුනාද.ඒකත් මටත් නොකියම.අර ලියුම වුනත්...' සහන්ට එක පාරට මතක් වුනේ නදිනි අතේ තිබ්බ ලියුම.
සහන් සාලෙට යද්දි නදිනි උත්සහ කර කර හිටියේ සජිනිගේ දුරකථනයට.ඒත් ඒක ක්‍රියා විරහිත කරලයි තිබ්බේ
"ෆෝන් එකත් වැඩ නෑ" නදිනි කියද්දි සහන් නදිනිගේ අතේ තිබ්බ කොලේ උදුරලා ගත්තා
"මේක ලියලා තියෙන්නෙත් ඔයාට? මොකක්ද නදිනි මේකේ තේරුම? මොකක්ද මේ?" සහන් කියවගෙන ගියා
"සහන් මේක මගේ අදහසක්"
"මොකක්ද ගෙදරින් යන එකද?" සහන් ඇහුවේ තරහෙන් පිපිරි පිපිරි
"නෑ..ඔයාට කලින් එන්න කියලා මෙහෙම කතා කරලා..." නදිනි කියාගෙන යද්දි සහන් බැලුවේ පුදුම වෙලා
"මොකක්ද මොකක්ද? මාව කලින් ගෙන්නලා..ප්ලෑන් එකක්ද එතකොට මේක? නදිනි මේ මගේ යකා අවුස්සගන්නේ නැතුව කියනවා සජිනි කොහෙද කියලා" සහන්ගේ කෑගැහිල්ලට නදිනිත් බය වුනා
"මං දන්නේ නෑ.එයා ගියේ ඇයි කියලා මට හිතාගන්න බෑ.ඔයා කිව්වේ සජිනිට ආදරෙයි කියලනේ" නදිනි කිව්වේ කල්පනා කරන ගමන්
"මේ කියන මගුලක් තේරෙන්න කියනවද? තමුසේ මොන නාඩගමක්ද නැටුවේ සජිනි ගෙදරින් යන්න තරම්" සහන්ගේ ඒ කතාවට නදිනිටත් තරහ ගියා
"අනේ මේ මං නටපු ඇති නාඩගමක් නෑ.ඔයාගේ වැරදි වලට මාව අල්ලගන්න එපා සහන්.මං උදව්වක් කරන්න හැදුවේ"
"ඔව් ඔව් මේ කරේ ශෝක් උදව්වක්.අනේ පින්සිද්ද වෙයි.ඔයාගේ උදව් ඕනේ නෑ.මගේ සජිනිව මං හොයාගන්නම්" සහන් එහෙම කියාගෙනම ගියේ පහළ ආරක්ශක නිළදාරියා ලගට.එතකොටත් වටේම හොදටම කරුවල වැටිලා
"අයියේ..මේ මගේ වයිෆ් යනවා දැක්කද?"
"ඔව් මහත්තයා.දැන් වැඩි වෙලාවක් නෑ.කැබ් එකක ගියේ"
"මොකක්ද දන්නේ නෑ කැබ් එක නේද?"
"ඒක නම් දන්නේ නෑ මහත්තයා.එලියේ තියෙන වාහනේ බැලුවේ නෑ ඉතින්.ඇයි මහත්තයා ප්‍රශ්නයක්ද?" ඒ ආරක්ශක නිලදාරියා ඇහුවේ හරි සුහද විදියට.සහන් අමාරුවෙන් හිනා වුනා
"ඔව් මේ පොඩි ප්‍රශ්නයක් වුනා"
"නෝනලා ඔහොම තමයි මහත්තයා.යන්න ඇත්තේ නෝනගේ මහ ගෙදර.දවසක් දෙකක් ගිහින් එක්කගෙන එන්න" ඒ මනුස්සයාගේ කතාවට ලාවට හිනා වුන සහන් උඩට නැග්ගේ බලාපොරොත්තු කඩ වෙච්ච මූනෙන්.
සහන් ඇතුලට එද්දි නදිනි හිටියේ සාලේ වාඩි වෙලා.සහන්ව දැකපු ගමන් නදිනි නැගිට්ටා
"සහන් ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ"
"ඒ මොකටද?" සහන් ඇහුවේ තරහෙන්
"මේ මට කෑගහන්න එපා සහන්.මං මේ උදව්වක් කරන්න හදන්නේ.ඔයාගේ වයිෆ් වගේම ඒ මගේ යාලුවා.මටත් කැක්කුමක් තියෙනවා"
"කැක්කුමට වෙන්නැති මාව ප්ලෑන් කරලා ගෙන්නගෙන මෙතන"
"ඇති සහන්...සජිනි ගෙදරින් ගියේ මං නිසා නෙවෙයි.ඔයා නිසා.ඔයා මුලින් ඒක පිළිගන්න.එහෙම නැතුව මේ රටේ මිනිස්සුන්ට බැන බැන ඉදලා හරි යන්නේ නෑ" නදිනිත් කෑගැහුවෙ හිතේ තරහටමයි
ඒත් එක්කම හොද සුසුමක් හෙලපු සහන් එතන පුටුවෙන් වාඩි වුනා
"මොකක්ද මට දැන් කරන්න කියන්නේ?" සහන් ඇහුවේ බිම බලාගෙන.නදිනිත් සහන් ලගින් වාඩි වුනා
"හෙට උදේම යන්න සජිනිගේ මහ ගෙදර" නදිනිගේ කතාවට සහන් බැලුවේ පුදුම වෙලා
"එහේ එයා නැතුව ඇති.ලියුමේ තිබ්බේ අම්මලට සතියකින් කතා කරනවා කියලා"
"අනේ ගෙම්බෝ..අහනවකෝ සජිනි එහේ නැතුව ඇති තමයි.ඒත් ඔයාට විස්තරයක් හොයාගන්න පුලුවන් වේවි.මං විශ්මිටත් කතා කරා.එයත් බලන්නම් කිව්වා"
"ඒත් කොහොමද මං ඒ අම්මලට කියන්නේ?" සහන් ඇහුවේ පසුතැවිල්ලෙන්
"ඒක ඔයාගේ වැඩක් සහන්.ඇත්තම කියන්න" නදිනිගේ කතාවට සහන් කල්පනා කරන්න ගත්තා
"ඇත්තටම මොකක්ද නදිනි වුනේ?" ටික වෙලාවකින් සහන් ඇහුවේ නදිනි දිහා හොදට බලලා
"ඇති යන්තම් මනුස්ස පාටට ඒක ඇහුවා.මං ඔයාගෙන් ඔයා මට ආදරේද අහද්දි සජිනි කුස්සියේ ඉදන් ඒක අහගෙනයි හිටියේ.ඒ උත්තරෙන් එයා කලබල වෙන්න ඇති.හැබැයි මට හිතෙන විදියට එයා කලින්ම යන්නයි ප්ලෑන් කරන් ඉදලා තියෙන්නේ" නදිනි කියාගෙන යද්දි සහන් අහගෙන හිටියේ කල්පනාවකින්
"ඒත් ඇයි ඔයා එහෙම එකක් කරේ? ඇයි මගෙන් එහෙම දෙයක් ඇහුවේ"
"ඇහුවේ ඔයා නෑ කියාවි කියලා හිතාගෙන.සහන් ඔයා දන්නේ නෑ සජිනි අඩපු තරම්" නදිනි හුස්මක් හෙලුවේ දුකෙන්
"කවද්ද?"
"අද උදේ...ඔයාගේ ඔලුව හොද නැද්ද සහන්.මොන මගුලකටද ඔයා එයාට කියන්න ගියේ මට ආදරෙයි කියලා.ඔහොම විහිලු කරන්න හොද නෑ .ඔයා මහ ගොනෙක් සහන්"
"නදිනි මං ඒවා කිව්වේ විහිලුවට නෙවෙයි" සහන් උත්තර දුන්නේ බිම බලාගෙන
"ඒ කියන්නේ" සජිනි උදේ කියපුවා වගේම සහන් දැන් කියන ඒවත් නදිනිට පුදුම හිතෙන දේවල්
"සජිනිව බදින කාලෙත් මං ඔයාට ආදරේ කරා.මං එයා එක්ක තරහෙන් හිටියේ මාව බදින්න කැමති වුනාට.මං නිසා එයා සෑහෙන්න අඩලා තියෙනවා" එහෙම කියද්දි සහන්ගේ කටහඩ වෙව්ලන්න ගත්තා
"මොකක් කිව්වා...සහන් බලන්න මං දිහා" නදිනි කිව්වම සහන් ඔලුව උස්සලා නදිනි දිහා බැලුවා.සහන්ගේ ඇස් හොදටම රතු වෙලා තිබ්බේ
"සහන්, ඔයාට තාමත් එහෙම හිතෙනවද?" නදිනි අහනකොට සහන් ඔලුව වැනුවා
"මටත් එහෙමයි සහන්,අපි ආදරේ කරා.ඒත් අපිට අපි නැතුව ඉන්න බැරි තරමට අපි ආදරේ කරාද? නෑ සහන්.මට ඕනේ වුනා නම් ඔයාට එන්න කියලා හොරෙන් බදින්න තිබ්බා.මං කොච්චර එපා කිව්වත් ඔයාට වුනත් තිබ්බා ඕනේ නම් මාව බලන්න එන්න.එහෙම නොවුනේ අපට ආදරේ වෙනුවෙන් ප්‍රශ්න දාගන්න ඕනේ වුනේ නැති නිසා.ඒකයි ඇත්ත.ඒක මට තේරුනේ ජීවක හම්බුනාම.මට දැන් පේනවා ඔයාටත් සජිනි ගැන එහෙම හිතෙනවා කියලා.ඉතින් එයාව නැති කරගන්න එපා"
නදිනිගේ කතාව අහගෙන හිටපු සහන් පුටුවෙන් නැගිට්ටා
"මං දැන්ම යනවා එහේ.කොච්චර බැනුම් අහන්න වුනත් කමක් නෑ.සජිනි මගේ වයිෆ්.මට එයාව ඕනේ"
"අන්න එහෙමනේ ඉන්න ඕනේ.දැන්ම යන්න.මං කන්න දෙයක් හදන්නම් .කාලා යන්න" නදිනි පුටුවෙන් නැගිට්ටේ එහෙම කියාගෙන
"නදිනි...ඔයා තනියම ප්‍රශ්නයක් නැද්ද?" සහන්ගේ ප්‍රශ්නෙට නදිනි හිනා වුනා
"ඇයි මං බබෙක්ද? මට ඉන්න පුලුවන්.තිළිනි අක්කත් ඉන්නවනේ.ඔයා දැන් බලන්න ඕනේ සජිනි ගැන.ගිහින් ලෑස්ති වෙන්න.මං කන්න හදන්නම්"
යන්න ගියපු නදිනි ආයෙත් හැරුනා
"සහන් මේ ඔයාගේ ෆෝන් එකෙන් සජිනිට මැසෙජ් එකක් දාලා තියන්න.ඒක ඔන් කරාම සජිනිට යාවි.ඔයාටත් දැනගන්න පුලුවන් ෆෝන් ඔන් කියලා"
"ඒකත් ඇත්ත තමයි." සහන් ෆෝන් එක අතට ගත්තත් මොකක් යවන්නද කියලා සහන්ට හිතාගන්න බැරි වුනා
"මේ මොකක්ද යවන්න ඕනේ?" සහන් කුස්සියට එබුනේ එහෙම අහගෙන
"නෝනට යවන මැසේජ් එක මගෙන්ද අහන්නේ? එක්කෝ සහන් ඔයා හිස් මැසේජ් එකක් යවන්න"නදිනිගේ කතාවට සහන් බැලුවේ පුදුම වෙලා
"ඇයි?"
"නෑ ඔයා මොනා කියාවිද කියලා ශුවර් නෑනේ.ඊට හපන් සජිනි ඕකෙන් මොනවා තේරුම් ගනිවිද දන්නෙත් නෑනේ.බුද්දිය අතින් නම් මේ දෙන්නම පොඩි ලමයි වගේ" නදිනි කිව්වේ හිනා වෙවි.
"හ්ම්ම්..එහෙනම් හිස් එකක් යවන්නම්"
"යන්න ගිහින් ලෑස්ති වෙන්න.දැන්ම ගියොත් ඔයාට 10ට 11ටවත් යන්න පුලුවන් එහෙට"නදිනි කිව්වේ සහන් ගැන අනුකම්පාවෙන්
සහන් අමාරුවෙන් හිනා වෙලා කාමරෙට ගියේ ලෑස්ති වෙන්න හිතාගෙන.කාමරේ ඇද උඩ තිබ්බේ සහන්ගේ බොත්තමක් ගැලවීලා අල්ලලා තිබ්බ ශර්ට් එක.සහන් ඒක අතට ගත්තා.
'මට සමාවෙන්න සජිනි...මේක සම්පූර්ණ මගේ වැරැද්ද.ඒත් මං මේ වැරැද්ද හදනවා මයි.මං ඔයාව ආපහු එක්කගෙන මිසක් ආයේ මේ ගෙදරට එන්නේ නෑ'
********************************************************************************
කතාව ටිකක් කොටයි අද.ඒ ගැන වැඩිය හිතන්න එපා..කොටස් වැඩි කරන්න කියලා තියෙන ඉල්ලිම් නිසයි කොට කරේ
හෙට හම්බෙමු...
ආදරෙන් ඉන්න 💗
ඒ සජිනියා කොහෙද ගියේ...
ReplyDeleteඅපේ ගෙදර ආවෙත් නැනෙ.
අනේ දම්මි එයාව ඉක්මනට සහන්ට හම්බ වේවිනේද?
ඔව්..ලගදීම <3
Deleteහපොයි , මාත් යන්න ඕන දැම්ම හොයන්න, මේ ඉස්සෙල්ලා හොයාගත්ත කෙනාට තියාගන්න දෙන්න බැරිද :P
ReplyDeleteආ...එහෙම තියාගන්න දෙන්න මේක මේ තරගයක්ද ;)
Deleteඔන්න චාන්ස් එක
ReplyDelete:P :P
Delete