මගේම ආදර දේදුණුට,
සුලගක් ව ආදරෙන් මගේ ලග ගැවසෙන්න...
මලක් ව සුවද දී මා හද සනසන්න...
සදක් ව සද මඩල මා වටා පතුරන්න...
අනේ නුඹ ඇවිදින් සිතක් සනසා යන්න...
ආදරෙන්..
ආදිත්‍ය 💗
*********************************************************
සදාදරණීය ආදිත්‍ය ,
සද නැති රැයක තනිකමට ගුලි වෙන්න...
මා හද පුරාවට මල් වැසි වස්සන්න...
සිත ඇදි පැතුමන් සැබෑවක් කරන්න...
ආදරෙන් හැමදාම මා ලගට වී ඉන්න...
ඔයාගෙම,
අසේලි 💗
*********************************************************
ආදරණීය ආදි,
ආදර බැල්මකින් මා හද කළඹන්න...
සොදුරු කතාවෙන් මා සිත පුබුදන්න...
හාදු වැස්සකින් මා ගත තෙමන්න...
ලගම ඉදන් මට ආදරේ කියන්න...
ඔයාගේ ආදරණීය,
දේදුණු 💗
**********************************************************
මන්දාරම් අහස යට
ලගදීම....
තුන්කොන් ආදර?
ReplyDeleteබලමුකෝ බලමුකෝ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්
Deleteබලන් ඉන්නම්
ReplyDeleteදැක ගන්න මම
එ සොඳුරු වු ආදරේ
පතන්නම් මම
සුභ පැතුම් අද
දම්මියෝ
මන්දාරමේ
සමපාද දැයි නොදන්නා මුත් මෙකි ත්‍රිකෝණාකාර ආදරය මාව පිස්සෙක් කරනා බවට මා අනාවැකි කියන්නට කැමැත්තෙමි
ඔව් ඔව් මේක මාවත් දැනටම පිස්සෙක් කරලා තියෙන්නේ
Deleteඅසේලි,
Deleteසද සිසිල කලඹ වන්න
පිපි මල් තලාලන්න
එපා ඔබ මෙහෙ එන්න
ඒ ආදරේ මට විතරක් තියන්න...
දේදුනු
දේදුනු,
ReplyDeleteඔහුගේ ප්‍රේමය ඔබ වෙන්න
සද සිසිලෙන් සනසවන්න
දහසක් මල් පුබුදුවන්න
මොහොතක් දෙන්න මට ආදරේ කරන්න
අසේලි
අසේලි,
ReplyDeleteඇයයි මගේ ප්‍රථම ප්‍රේමය
මගේ හද මඩල සනසන
ඔබයි මගේ දෛවයෝගය
ජීවන කතරේ හමුවුන
ආදී
ඔබගෙන් දෝ
ReplyDeleteඇයගෙන් දෝ
මා අද දින සමුගන්නේ