Saturday, February 2, 2019

මන්දාරම් අහස යට -තිස් දෙවන කොටස


 .
දුම්රිය නුවරට ලගා වෙද්දි දවල් 2ටත් කිට්ටුයි.කට්ටිය බෑග් ටිකත් අරගෙන කඩිමුඩියේ බැස්සා.

"කෝ ඔක්කොම බැස්සද?" මිගාර කට්ටියව ගනන් කරන්න පටන් ගත්තා.මිගාරගේ ගම නුවර නිසා මිගාර තමන්ට මේ ගමනේ වගකීම පවරගෙන තිබුනා.

"ආදි හරි,අවියා ඉන්නවා,දෙනුවන් හරි,ජනිශ හරි,ජිවක හරි,කල්ප හරි,සෙනෙශ් හරි.කෝ කෙල්ලෝ ටික" මිගාර වටේට හැරි හැරි බලනවා.

"අපි හරි..විහාරා ඉන්නවා.නෙහාරා ඉන්නවා.මල්කි ඉන්නවා,අමායා ඉන්නවා.මාත් ඉන්නවා" අසේලි කිව්වේ ගෑනු ලමයි දිහා බලන ගමන්.

"ආ...ඔයත් ඉන්නවද?...අන්න ඒකයි පොඩි අවුලකට තියෙන්නේ" සෙනේශ් කටත් ඇද කරලා කියද්දි අසේලි සෙනේශ්ට රැව්වා.

කට්ටියත් එක්ක බඩුත් අරගෙන එලියට යන්න පිටත් වුනා.නුවර දුම්රිය ස්ථානයේ පිටවීම් දොරටුව ලග හිටපු කෙනා දැකලා අසේලිගේ මූණ අදුරු වුනෙත් ආදිත්‍ය ගේ මූණ එලිය වුනෙත් එකම වෙලාවේ.

"ආවා නේද? මං ඒත් හිතුවා අපට බලන් ඉන්න වේවිද කියලා" ආදිත්‍ය එතනට ගිහින් දේදුණු ගෙන් ඇහුවේ හොදට හිනා වෙන ගමන්.

"මේ දැන් ආවේ.ට්‍රේන් එක පරක්කු වුනානේ.නැත්තම් ඔයාලට ඉන්න වෙනවා තමයි" දේදුණු කිව්වේ ඇවිත් ඉන්න අය දිහාත් බලන ගමන්.

"එන්න යමු මං අදුන්වලා දෙන්නම්" ආදිත්‍ය එහෙම කියලා කට්ටිය ලගට ගියේ දේදුණු එක්කමයි.

"මේ මගේ නංගි කෙනෙක්.දේදුණු" ආදිත්‍ය දේදුණු ව කට්ටියට අදුන්වලා දුන්නා.

"මේ ඉන්නේ මිගාර.ජනිශ,මිගාරගේ මල්ලි දෙනුවන්,ක්‍රිශාන්ගේ  මල්ලි සෙනේශ්,මේ ජිවක,මේ කල්ප.එතකොට මූ නම් ඔයා දන්නවනේ " ආදිත්‍ය අවිශ්කව පෙන්නන ගමන් කිව්වා.

"මං වගේ හැන්ඩ්සම් කොල්ලෙක් අමතක වෙන්න විදියක් නෑනේ නේද නංගි" අවිශ්ක කියද්දි දේදුණුත් ඔලුව වැනුවේ හිනාව තද කරගෙන.

"මේ ආදිත්‍ය අයියේ අපිව අදුන්වලා දෙන්නේ නැද්ද?" මේ අතරේ  නෙහාරා කිව්වේ දේදුණු දිහාත් හොදට  බලන ගමන්.

"උඹලාගේ මොනවා අදුන්වලා දෙන්නද බං.වැදගත් අයව විතරයි එහෙම අදුන්වලා දෙන්නෙ" සෙනේශ් කියද්දි පිරිමි ලමයි හිනා වුනේ ගෑනු ලමයි රවද්දි.

"මේ නෙහාරා,මේ විහාරා,මල්කි,අමායා" ආදිත්‍ය කට්ටියවම අදුන්වලා දෙද්දි දේදුණු ඒ හැමෝම එක්ක හිනා වුනේ බොහොම සුහද විදියට.

"කෝ උඹ වැදගත්ම කෙනාව අදුන්වලා දෙන්නේ නැද්ද?" අවිශ්ක අසේලි දිහා බලන ගමන් ඇහුවා.

"අසේලිව දන්නවනේ දේදුණු නේද?" ආදිත්‍ය අහද්දි දේදුණුත් ඔලුව වනලා අසේලි එක්ක හිනා වුනා.අසේලිත් දේදුණු එක්ක යන්තමට වගේ හිනා වුනේ නෙහාරාගේ අතින් අල්ලගන්න ගමන්.

"මගේ අතින් අල්ලගෙන වැඩක් නෑ.අල්ලගනින් කොල්ලාගේ අතින්" අසේලි අතින් මිරිකනවා තේරුනු නෙහාරා හෙමීට අසේලිගේ කණට මිමිණුවා.

"නංගිත් එනවනේ අපිත් එක්ක යන්න නේද?" ක්‍රිශාන් අහද්දි දේදුණු ඔලුව වැනුවා.

"එයා එනවලු.හැබැයි කවුරු හරි අපේ ගෑනු ලමයෙක් එයාලගේ අම්මට කතා කරන්න ඕනේ" ආදිත්‍ය දේදුණු වෙනුවෙන් කතා කරේ ගෑනු ලමයි දිහාත් හොදට බලන ගමන්.

"මල්කි උඹ කතා කරපන්.උඹට ඕවා හොදට පුලුවන්නේ" සෙනේශ් කියද්දි මල්කි දේදුණු දිහා බැලුවා.

"කොහොමද කියන්න ඕනේ? ගිහිල්ලා කතා කරලද නැත්තම්......?" මල්කි ඇහුවේ දේදුණුගෙන් 

"නෑ නෑ...කෝල් කරා නම් ඇති" දේදුණු කිව්වේ දුරකථනය  අතට ගන්න ගමන් 

"මොකක්ද කියන්න ඕනේ"

"මේ අපේ යුනි ට්‍රිප් එකක් කියලා මං කිව්වේ.හෙට නුවර එලි යන්න තමයි මට අවසර ඕනේ.මං දැන් කෝල් කරන්නම්.ඔයාටත් ෆෝන් එක දෙන්නම්.අම්මා ප්‍රශ්න අහන්නේ නෑ" දේදුණු කිව්වේ දුරකථන ඇමතුම ගන්න ගමන්මයි.

"හෙලෝ...අම්මා...."

"..................................."

"ඔව් අම්මා එයාලා ඇවිත් ඉන්නේ."

"....................................................."

"නෑ නෑ හෙට උදේම මෙහෙන් යනවා.අද මෙහේ යාලුවෙක්ගේ ගෙදර ඉන්නේ"

"...................................................................................."

"කමක් නෑ අම්මේ.එහේ ඉඩ තියෙනවලුනේ"

"...................................................."

"ඔව් ඔව් ගෑනු ලමයි ඉන්නවා.ඉන්න මං ෆෝන් එක දෙන්නම් මල්කිට" දේදුණු එහෙම කියන ගමන්ම මල්කිට දුරකථනය දුන්නා.

"හෙලෝ ඇන්ටි...."

".................................................................."

"ඔව් ඔව් අපි කට්ටියක්ම ඉන්නවා"

"..................................................................."

"අද හවස නම් මිගාරගේ ගෙදරින් දවල්ට කාලා පේරාදෙණිය පාර්ක් යන්න ඉන්නේ"

"......................................................................."

"හරි හරි ඇන්ටි.බය වෙන්න එපා.දේදුණුව අපි බලාගන්නම්"

"............................................"

"ඔව් හෙට උදේ නුවර එළි යන්න ඉන්නේ"

"..............................................................."

"හරි ඇන්ටි වෙලා තිබ්බොත් එන්නම්.දේදුණුව එවනවනේ නේද ඇන්ටි" මල්කි ඒක කිව්වේ නම් දේදුණු දිහාත් බලන ගමන්.

".............................................................."

"හරි ඇන්ටි...තැන්ක් යූ..දේදුණුට දෙන්නම් එහෙනම්" මල්කි එහෙම කියලා දුරකථනය ආයෙමත් දේදුණුගේ අතට දුන්නා.දේදුණු අම්මා එක්ක කතා කරන අතරේ ආදිත්‍ය බැලුවේ අසේලි දිහා.අසේලි හිටියේ  විහාරායි නෙහාරායි එක්ක කතාවක.

"මට නම් මේ දේදුණුව වැඩිය අල්ලන්නේ නෑ" විහාරා කිව්වේ දේදුණු දිහා බලන ගමන් 

"ඔව් බං.ආදිත්‍යගේ ඇගේ එල්ලෙනවා වැඩියි" නෙහාරාත් එකට පෝර දැම්මා 

"මාත් දැක්කා.අතිනුත් අල්ලගත්තා එක පාරක්" විහාරා හෙමීට කෙදිරුවා 

"මොකද උඹ කතා නැත්තේ?අසේලි උඹ මේකට මොකක් හරි කරන්න ඕනේ" නෙහාරා කිව්වේ මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු අසේලිගේ අතින් අල්ලගන්න ගමන් 

"මං මොනා කරන්නද?" අසේලි කිව්වේ ලොකු හුස්මක් හෙලන ගමන් 

" මොකක් කරන්නද කියන්නේ? උඹට ආදිත්‍ය ගැන හැගීමක් නැද්ද? මෙතන මේ වෙන කෙල්ලෙක් එල්ලෙනකම් බලාගෙන ඉන්නේ?" නෙහාරා කියද්දි විහාරාත් ඔලුව වැනුවා.

"අනේද කියන්නේ" විහාරාත් කිව්වේ තාමත් දුරකථනයෙන් කතා කරන දේදුණු දිහා බලන ගමන්.

" ආදිත්‍ය කැමති එයාට නම් මං මොනවා කරන්නද? මට එහෙම ඕනේ නෑ නෙහාරා" 

" එහෙම ඕනේ නෑ කියන්නේ ඇයි? නිකන් ඉදලා මුකුත් හම්බෙන්නේ නෑ.අපි ආදරේ කරන දේ අපි ඇයි නිකන්ම අතාරින්නේ?" නෙහාරා ආයෙත් කිව්වා.

"එකක් මගේ හිතේ එයා ගැන උඹලා හිතනවා වගේ දෙයක් නෑ.අනිත් එක තමයි එහෙම දෙයක් තිබ්බත් මට බලෙන් ආදිත්‍යව අයිති කරගන්න ඕනේ නෑ." අසේලි කියද්දි නෙහාරා ආයෙත් කතා කරා.

"ඒත්....අසේලි" නෙහාරා කතාවට බාධා කරා 

"හිටපන් ටිකක්.මං කියලා ඉවර නෑ" එහෙම කියපු අසේලි හොද හුස්මක් ගත්තා.

"මට බලෙන් අයිති කරගන්න ඕනේ නෑ.හැබැයි මගේ දෙයක් මං කාටවත් දෙන්නෙත් නෑ" අසේලි කිව්වේ තීරණාත්මක හඩකින්.

"මොනවද කාටවත් දෙන්නේ නැත්තේ?" එක පාරටම පිටිපස්සෙන් ඇහුනු කටහඩ නිසා කට්ටියම හැරිලා බැලුවා.එතන හිටගෙන හිටියේ ආදිත්‍ය.

"මුකුත් නෑ" එහෙම කියපු අසේලි ආදිත්‍යගෙන් එහා පැත්තට හැරුනේ ආදිත්‍යව ගනන් ගන්නේ නැතුව.

"මොකද මේ තුන්දෙනා මෙතනට වෙලා කතාව?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ අසේලිගේ වෙනසක් තේරුනු නිසා.

"ඔයාගේ අලුත් යාලුවා ගැන කතා කරේ" නෙහාරා එහෙම කියද්දි දේදුණු නෙහාරාගේ අත කෙනිත්තුවත් නෙහාරා ඒක ගනන් ගත්තේ නෑ.

"කවුද දේදුණුද? එයා ගැන මොනවද කතා කරේ?" තුන් දෙනා දිහාම විමසිල්ලෙන් බලන ගමන් ආදිත්‍ය ඇහුවා.

"කවුද ඒ ඔයාගේ? " නෙහාරා ආයෙත් ඇහුවේ අසේලිගේ රැවුම් ගෙරවුම් ගනන් ගන්නේ නැතුව.එතනම හිටගෙන හිටපු ආදිත්‍යට අසේලිගේ රැවුම් හොදට පෙනුනා.

"දැන් මේ ප්‍රශ්නේ ඔයාගෙද? ඔයාගේ යාලුවාගෙද?" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහා හොදට බලන ගමන්.ආදිත්‍ය බලනවත් එක්කම අසේලි අහක බලාගත්තා.

"මගේ මගේ..කවුද ඒ?" නෙහාරා ආයෙත් ඇහුවා.

"පොඩි කාලේ අපේ ගෙවල් ලග හිටපු නංගි කෙනෙක්.අවුරුදු ගානකට පස්සේ මේ සැරේ ලංකාවට ආපු වෙලාවේ හම්බුනේ" ආදිත්‍ය විස්තර කරා.

"වෙන මුකුත් නෑනේ නේද?" මෙච්චර වෙලා සද්ද නැතුව ඉදපු විහාරා අහද්දි ආදිත්‍ය බැලුවේ අහක බලාගෙන හිටපු අසේලි දිහා"

"තිබුනත් වැරැද්දක් නෑනේ නේද? වෙන කාටවත් මාත් එක්ක සම්බන්ධයක් නැතිලුනේ" ආදිත්‍ය කියද්දි අසේලිගේ ඇස් ලොකු වුනා.

"ආ....ඒ කියන්නේ ඒ කියන්නේ....." නෙහාරා අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"නෑ...එහෙම සම්බන්ධයක් නෑ.ඒ මගේ නංගි කෙනෙක් විතරයි" ආදිත්‍ය කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.

"යමුද?" මිගාර එතනට ඇවිත් ඇහුවේ එයාලා එන්න කියපු වාහනේ ආපු නිසා.

"යමු..." ආදිත්‍ය එහෙම කියන ගමන් මිගාර එක්ක ගියේ අසේලි දිහාත් එක පාරක් බලලා.

"ඒ මොකක්ද ඒකේ තේරුම"නෙහාරා අසේලි දිහා බැලුවේ පුදුමෙන් 

"මොකක්ද?" බෑග් එක ගන්න පහත් වෙන ගමන් අසේලි ඇහුවා.

"ඒ මොකක්ද කිව්වේ  සම්බන්ධයක් නැතිලුනේ කියලා" විහාරාත් කතාවට එකතු වුනා.

"අන්න ඒකමයි මාත් අහන්නේ"නෙහාරාත් කිව්වා 

"මං දන්නේ කොහොමද? එයාගෙන්ම අහන්න" අසේලි කිව්වේ බෑග් එකත් අරගෙන වෑන් එක ලගට යන අතරේ.ඒ අතරේ අසේලිට මතක් වුනේ දුම්රියේදි ආදිත්‍ය අහපු දේ 

"ඇත්තටම නැද්ද අපි දෙන්නගේ සම්බන්දයක්?" ආදිත්‍ය අසේලිගේ ඇස් වලට එබිලා අහද්දි අසේලි බිම බලාගත්තේ ඒ ඇස් දිහා බලන් ඉන්න බැරිකමට.

"මං දන්නේ නෑ" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන හඩකින් 

"දන්නේ නෑ කියන්නේ උත්තරයක් නෙවෙයි"

"ඉතින් මං දන්නේ කොහොමද?"

"මං අහන්නේ ඔයා හිතන විදියට සම්බන්ධයක් තියෙනවද?"

"නෑ...." ලොකු හුස්මක් පහත හෙලපු අසේලි කියද්දි ආදිත්‍ය අසේලිගෙන් ඈත් වෙලා ශීට් එකට  හේත්තු වුනා.

"ඇයි?" ටිකක් වෙලා ඉදපු අසේලි ඇහුවේ ආදිත්‍යගෙන් සද්දයක් නැති නිසා.

"නෑ ඉතින් ඔයා නෑ කියනවා නම් නෑ වෙන්න ඇතිනේ" එහෙම කියපු ආදිත්‍ය එතනින් නැගිටලා ආයෙත් සිංදු කියන තැනට ගියේ අසේලි පුදුමෙන් බලන් ඉද්දි.

"කෝ දෙන්න බෑග් එක" අසේලි කල්පනාවෙන් මිදුනේ දෙනුවන්ගේ හඩින්.දෙනුවන්ට බෑග් එක දිපු අසේලි වෑන් එකට නැගලා විහාරා ලගින් වාඩි වුනා.

වෑන් එකේ නැගපු කට්ටියම ගියේ මිගාරලගේ ගෙදරට.

මිගාරලගේ ගෙදරින් කෑම කාලා කට්ටිය පේරාදෙණිය උද්භිත උද්‍යානය බලන්න යන්න පිටත් වුනා.

අවසරපත් අරන් උද්‍යානයට ඇතුල් වුනාට පස්සේ කට්ටියම පටන් ගත්තේ එක එක විදියේ ජායාරූප ගන්න.

"මේ මෙතන ගමු ෆොටෝ එකක්" මිගාර කෑගැහුවේ එතන තිබ්බ ගහක් පෙන්නලා

"ඔතන කැතයි අනේ...අර පාරේ ගමු" මල්කි කිව්වා

"මෙතනත් ගමු එතනත් ගමු" සෙනේශ් කියද්දි ආදිත්‍ය වටපිට බැලුවේ දේදුණු එතන පේන්න නොහිටිය නිසා.දේදුණු ඒ වෙලාවේ හිටියේ එතන තිබ්බ මල් ගස් වගයක් ජායාරූප ගත කරන ගමන් .

"මොකද මෙතන තනියම" දේදුණු ලගට ගියපු ආදිත්‍ය අහද්දි දේදුණු ඔලුව උස්සලා ආදිත්‍ය දිහා බැලුවා.

"මං ආසයි මල් වල ෆොටෝ ගන්න.මේ බලන්න ලස්සන" දේදුණු ඒ දුරකථනයෙන් ගත්ත ජායාරූපේ ආදිත්‍යට පෙන්නුවා.

"ශා....හරිම ලස්සනයිනේ" ආදිත්‍ය කිව්වේ ඒ රෝස මල දිහා බලාගෙන.

"ඒකනේ....ඒවාගේ ෆෝටෝ අරන් ෆෝන් එකේ තියාගන්න මං ආසයි" දේදුණු කිව්වේ ආදිත්‍යගෙන් දුරකථනය ගන්න ගමන්.

"යමු අරහෙට...කට්ටිය එහේ ෆොටෝ ගන්නවා" ආදිත්‍ය කිව්වේ කට්ටිය ඉන්න දිහා බලන ගමන්.

"අනේ...මේ...අපි ටිකක් අරහෙට යමුද? මට අර රෝස ගස් වල ෆොටෝ ටිකක් ගන්න ඕනේ.තනියෙන් යන්න බෑ වගේ" දේදුණු කිව්වේ ඈත වවලා තිබ්බ රෝස යායක් පෙන්නන ගමන්.

"හා යමු..." ආදිත්‍ය කිව්වේ කට්ටිය දිහා එක සැරයක් හැරිලා බලන ගමන්.

"කියලා එන්න වේවිද එයාලට" දේදුණු ඇහුවේ ආදිත්‍ය හැරිලා බලනවා දැකපු නිසා.

"ඕනේ නෑ.ෆෝන් එක තියෙනවනෙ.කෝල් එකක් දෙමු" ආදිත්‍ය කිව්වේ දේදුණු එක්ක ඒ පැත්තට යන ගමන්.

මේ අතරේ ආදිත්‍යයි අසේලියි ඈත යන දිහා අසේලි බලන් හිටියේ බොද වුනු දෑසින්.

************************************************************************************** 

සමාවෙන්න කියපු විදියට කතාව නොදැම්මට.කතාව ලියන්න තරම් පුලුවන්කමක් තිබුනේ නෑ.අසනීප වෙලා හිටියේ.ඒ වගේම ගෙදර නෙවෙයි හිටියේ.ඉතින් පරිඝනකය තිබ්බෙත් නෑ.දුරකථනයෙන් දිගටම ටයිප් කරන්න තරම් සනිපයක් තිබ්බෙත් නෑ.ඊලග කොටස මෙන්න මේ දවසේ දානවා කියලා මං කියන්නේ නෑ.මොකද මං මේ පොරොන්දු කඩපු විදියට ඔයාලා විශ්වාස කරන එකක් නැති නිසා.

පුලුවන් ඉක්මනින් කොටසක් ගෙන්නම්.

ආදරෙන් ඉන්න 💖

අදහස් කියන්න අමතක කරන්න එපා 



No comments:

Post a Comment