Thursday, January 10, 2019

මන්දාරම් අහස යට - විසි පස් වන කොටස



අසේලිත් එක්කම ආදිත්‍යත් පාර මාරු වුනේ අසේලිට පොත් කඩේකට යන්න ඕනේ කියපු නිසා.

"කොහෙන්ද පොත ගන්නේ?" ආදිත්‍ය ඇහුවේ අසේලිගේ සද්දයක් නැති නිසා.

ඒකට උත්තරයක් නොදීපු අසේලි ඇවිදගෙන ගියේ එතන තිබ්බ පොඩි පොත් කඩයක් ලගට.කඩේ ඇතුලට ගිය අසේලි පස්සෙන් ආදිත්‍යත් කඩේට ඇතුල් වුනා.

" මේ පොත තියෙනවද?" අසේලි ඇහුවේ කඩේ හිටපු ගෑනු ලමයට කොල කෑල්ලක් දෙන ගමන්.

"ම්ම්ම්ම්....තිබ්බා.ඉන්න බලන්නම්" එහෙම කියපු ඒ ගෑනු ලමයා කඩේ ඇතුලට ගියා.

"මොකක්ද පොත" ආදිත්‍ය ඇහුවේ එතන කවුන්ටරේට හේත්තු වෙන ගමන්.

"නංගි ගෙන්න කියපු එකක්" අසේලි එහෙම කිව්වේ එතන තිබ්බ වෙන පොතක් පෙරලලා බලන ගමන්.

" ඉතින් කැම්පස් එකේ ඉදන් මෙහෙටම ආවේ? ඒ ලග පොත් කඩ නැද්ද?"

"තිබ්බා නම් මං මෙහේ එනවද?" අසේලි එක පාරටම කියද්දි ආදිත්‍ය බැලුවේ පුදුමෙන්.අසේලිගේ වෙනසක් දැක්ක වෙලාවේ ආදිත්‍යට තේරිලයි තිබ්බේ.

" එතන බුක් ශොප් නැති එක මගේ වැරැද්දක් නෙවෙයි" ආදිත්‍යත් කිව්වේ ටිකක් සැරෙන්.
"දැන් මං කිව්වද ඒක ඔයාගේ වැරැද්දක් කියලා"

"ඒ වගේනේ කෑගැහුවේ" ආදිත්‍ය එහෙම කියද්දිම කඩේ සේවිකාව එතනට ආවේ පොතකුත් අරගෙන.

"මිස්ගේ වාසනාව.මේ පොත විතරමයි තිබ්බේ.මේක පරණ ප්‍රින්ට් එකක්නේ මිස්" සේවිකාව කිව්වේ අසේලිගේ අතට පොත දෙන ගමන්.

පොතට සල්ලි ගෙව්වට පස්සේ ආදිත්‍යයි අසේලියි කඩෙන් එලියට ආවා.

" බම්බලපිටිය ට යමු.එතනින් බස් එකක් ගන්න පුලුවන්"ආදිත්‍ය කිව්වේ වටපිට බලන ගමන්.

"ඔයා යන්න.මට තනියෙන් යන්න පුලුවන්" අසේලි කියද්දි ආදිත්‍ය අසේලි දිහා බැලුවා.
"ඉතින් මාත් ගෙදර යන්නේ" ආදිත්‍ය එහෙම කිව්වේ වෙන කියන්න දෙයක් හිතාගන්න බැරුව.

" හ්ම්ම්.."

" අන්න බස් එකක්.නගිමු" ආදිත්‍ය කිව්වේ බස් එකට අත දාන ගමන්.

එදා සිකුරාදා දවසක් වෙච්ච නිසා බස් එකේ සෙනග පුරවලා හිටගෙන හිටියා.අසේලිට ඇතුලට වෙන්න ඉඩ හදලා දීපු ආදිත්‍ය බස් එකේ දොරේ හිටගත්තා.බස් එක බම්බලපිටියට එන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ .බම්බලපිටියෙන් බැහැපු ආදිත්‍යයි අසේලි ඊටපස්සේ බලන් හිටියේ ගෙදර යන්න බස් එකක් එනකම්.මේ මුලු වෙලාවෙම ආදිත්‍යයි අසේලියි අතර ලොකු කතාබහක් ඇති වුනේ නෑ.පොත් කඩෙන් පස්සේ ආදිත්‍යත් අසේලි එක්ක කතා කරන්න උත්සහ නොකරේ අසේලි කතා කරන්න උනන්දුවක් නැති බව පෙනුනු නිසා.ඒත් අසේලිගේ මේ නිහඩ බව නිසා ආදිත්‍යට දැනුනේ කුතුහලයක්.

"අන්න ගාල්ල බස් එකක්" ආදිත්‍ය කිව්වේ ඈත බස් එකක් එනවා දැකලා.

පුදුමෙකට වගේ ලොකු සෙනගක් බස් එකේ නොහිටිය නිසා නැගපු ගමන් එක ලගම වාඩි වෙන්න මේ දෙන්නට පුලුවන් වුනා.අසේලි ජනේලේ ලග ශීට් එකේ වාඩි වෙද්දි ආදිත්‍ය ඒ ලගින් වාඩි වුනා.බෑග් එක උකුලට ගත්ත අසේලි බෑග් එක ඇරගෙන මොනවදෝ හොයන්න පටන් ගත්තා.

"මොනවද හොයන්නේ" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහා ටිකක් බලන් ඉදලා.ඒත් ඒකටත් අසේලිගේ උත්තරයක් තිබ්බේ නෑ.

එතකොටම ආදිත්‍ය දැක්කේ අසේලිගේ බෑග් එකේ පිට සාක්කුවකින් එලියට පැනලා තිබුනු අසේලිගේ ජංගම දුරකථනය  එක.ඒක තිබුනු විදියටම අසේලි හොයන්නේ මේක වෙන්න ඇති කියලා ආදිත්‍යට හිතුනා.ඒක අතට ගත්ත ආදිත්‍ය බැලුවේ බෑග් එකට එබීගෙන ඉන්න අසේලි දිහා.

"මේකද හොයන්නේ" ආදිත්‍ය ඇහුවේ දුරකථනය පෙන්නන ගමන්.

බෑග් එකෙන් ඔලුව උස්සලා බලපු අසේලි දුරකථනය දැකලා ඒක ගන්න අත දික් කරත් ආදිත්‍ය එයාගේ අත එහාට කරේ අසේලිට ඒක ගන්න බැරි වෙන්න.

"දෙන්නකෝ" අසේලි ආයෙත් අත දික් කරේ දුරකථනය ගන්න හිතාගෙන.

"ඊට කලින් මට කියන්න මොකද මේ මාත් එක්ක තරහ වෙලා කියලා" ආදිත්‍ය කියද්දි අසේලි ජනෙලෙන් එහා පැත්ත බලාගත්තා.

"මගේ තරහක් නෑ" අසේලි කෙදිරුවේ ඇහෙන නෑහෙන ගානට.

"නෑ....එහෙනම් මේ කතා කරන්නේ නැත්තේ" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහාවට එබෙන ගමන්.

" ඒ මගේ හැටි"

"අනේ මේ මං නොදන්න ඔයාගේ හැටි" ආදිත්‍ය කිව්වේ සරදම් ස්වරයකින්.

"ඇයි? ඔයා දන්නේ නෑ තමයි"

එතකොටම එතනට ආපු කොන්දොස්තර නිසා ආදිත්‍ය පර්ස් එක එලියට ගත්තේ අසේලිගේ ප්‍රශ්නෙට උත්තර නොදීමයි.

******************************
සමාවෙන්න...
ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ.පූර්ණ කාලීන රැකියාවක් එක්ක අමතර වැඩ ගොඩකුත් එක්ක ගෙදර වැඩත් කරන ගමන් පහුගිය ටිකේම ක්‍රීඩා උත්සව පුහුණු කිරීම් වලට මහන්සි වෙන්න වුනා.ඒ නිසා මේ වෙද්දි කතා කරගන්නත් බැරි තරමටම ලෙඩ වෙලා ඉන්නේ.
කතාවේ මේ කොටස ලියලා ඉවර කරගන්නත් බැරි වුනා.මේ දැම්මේ ලියපු ටික.පුලුවන් ඉක්මනින් කොටසක් ගෙන්නම්.
ආදරෙන් ඉන්න ❤️

7 comments:

  1. Get Well Soon Duwa
    K Nenda

    ReplyDelete
  2. දම්මියෝ මට කියවිල්ල මඟ හැරැනා බං මට මේ අසේලි දිරෙව්වේ නැ..
    බට් අද ඉදන් මං එයාට පන වගේ ..
    ඕකේ..
    උඹ ලියපන් මං කියවනෝ

    ReplyDelete
    Replies
    1. Man eka dannawa sudoo ❤️ adarei palenna ����

      Delete