Tuesday, January 9, 2018

අලුත් අවුරුද්දේ සතුටෙන් ඉමු - පලවෙනි කොටස

සුබ අලුත් අවුරුද්දක් වේවා..... 


මේක අලුත් අවුරුද්දක්.අලුත් කියන්නේ අලුත්ම අලුත් අවුරුදදක් .අපි හැමෝම හිතන දෙයක් තමයි අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඕනේ කියලා.ඒත් ඒ කොහොමද කියලා ගොඩක් අයට අදහසක් නෑ.අපි ගොඩක් වෙලාවට අලුත්  වෙන්නේ බාහිර දේවල් වලින්.අලුත් ඇදුම් අලුත් බඩු වගේ දේවල් වලින්.හැබැයි අපට තව අලුත් වෙන්න පුලුවන් විදි තියෙනවා.මන් මේ කියන්න හදන්නෙ අපට අලුත් වෙන්න පුලුවන් විදි කීපයක්.මේවා මන් උත්සහා කරපු සහ මට ප්‍රැක්ටිකලි හරි ගියපු දේවල්.මහ ලොකු දේවල් නම් නෙවෙයි.අපෝ අපි මෙවා දන්නවනෙ කියලත් හිතෙවි සමහරවිට.ඒත් දන්න හැමදේම අපි ඇත්තට කරනවා ටිකක් අඩුයි නේද?එහෙනම් බලමුකො මේ මොනාද කියලා 

1.Live the moment - මේ මොහොතේ ජීවත් වෙමු 


මොකද්ද මේ මොහොතේ ජීවත් වෙමු කියන්නේ.අපි ජිවත් වෙනවා නෙන්නම් කියලා කාට හරි හිතෙන්න පුලුවන්.ඒත් ප්‍රශ්නේ මේ මොහොතෙද ජිවත් වෙන්නේ කියන එක.අපි සමහරු ඉන්නවා අතීතයේ ජීවත් වෙන අය.ඒ වගේම සමහරු ඉන්නවා අනාගතේ ජීවත් වෙන අය.මොකද්ද මේ අතීතයේ ජිවත් වෙනවා අනාගතේ ජිවත් වෙනවා කියන්නේ කියලා බලමු මුලින්ම.


අතීතයේ ජිවත් වෙනවා කියන්නෙ අවුරුදු  ගානකට කලින් දේවල් ගැන හිතලා ජීවත් වෙන එකට.මේ කියන්නේ අතීතය අමතක කරන්න කියලවත් මුල අමතක කරන්න කියලවත් නෙවෙයි.මේ වෙනකොටත් සිද්ද වෙලා ඉවර දේවල් ගැන පසුතැවිලි වෙන එක වැඩක් නෑ කියලා ඒ වගේම පරන සිදුවීම මත අද ජීවිතේ ගත කරන්න හොද නෑ කියලා.

අපි හිතමු අපට කාලෙකට කලින් හොද රැකියා අවස්තාවක් ලැබෙනවා ඒත් ඉගෙන ගන්න ඕනේ කියලා අපි රැකියවට යන්නෙ නැතුව දිගටම ඉගෙන ගන්නවා.ඒත් දැන් ඔයාට හිතෙන්න ගන්නවා ඒ වෙලවේ රස්සාවට ගියා නම් ඉවරයි කියලා.ඒත් දැන් ඒ ගැන පසුතැවිලි වෙලා වැඩක් තියෙනවද.නෑ... කිසිම වැඩක් නෑ.ඒ කියපු උදාහරනේ වගේම තමයි අනිත් දේවලුත්. සිද්ද වෙලා ඉවර වුන දේවල් ගැන පසුතැවිලි වෙන එකෙ කිසිම තේරුමක් නෑ.පසුතැවිලි වෙන කාලේ අපරාදේ වගේම ඒ ගැන හිතනකොට ඔයාට දැනෙන හැගීම ගැන හිතන්නකො.ඒ හැගීම පොඩ්ඩක්වත් සුන්දර හැගීමක් නෙවෙයි.ඉතින් ඇයි තමන්ගේ හිතටම දුක් දෙන්නෙ.දැන් ඔයාලා කියන්න පුලුවන්  ඒක දිගටම මතක් වෙනවනෙ කියලා.ඔව් ඇත්ත ඒකට මොකද කරන්නෙ? ඒකට කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා.පුලුවන් තරම් වෙන වැඩ කරන්න බලන්න.ඉගෙන ගන්න වැඩ,රැකියාවේ වැඩ,සින්දු අහන්න,යාලුවො එක්ක විනොද වෙන්න වගේ දේවල් කරන්න බලන්න.කරන්නම දෙයක් නැත්තම් ටිකක් නිදාගන්න. බලෙන් ඒකම හිත හිත දුක් වෙන්න හදන්න එපා.

ඒ වගේම ගොඩක් අය අතීතයේ ජීවත් වෙන්න හේතුවක් තමයි ආදරය.ආදරය කියන්නේ ලෝකේ තියෙන සුන්දරම හැගීමක්.ඒක මෙහෙම කතා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඒත් වෙලා ඉවර වුන දෙයක් ගැන හිත හිත දුක් වෙන එක ඒ ආදරේටත් අපහාසයක්.ඉතින් කරන්න තියෙන හොදම දේ තමයි හැමදේම කාලය විසදාවි කියලා අද දවස ගැන හිතල සතුටින් ඉන්න එක.එහෙම හිතුවම ජීවත් වෙන්න ලේසියි.අතීතය ගැන හිතලා දුක් වෙන එක තේරුමක් නැති දෙයක්.මොකද එහෙම කරා කියලා අපට අතීතයට යන්න බැරි නිසා.අපට වෙනස් කරන්න බැරි දේවල් ගැන හිත හිත ඉන්න එක කාලය අපරාදයක් වගේම හිතට වේදනාවක්.ඉතින් අතීතයේ සිද්ද වුන වෙනස් කරන්න බැරි දේවල් වගේම දුක හිතෙන දේවල් මතක් කරන්නෙ නැතුව ඒ දේවල් ගැන නොහිතා ඉන්න එක මේ මොහොතේ ජිවත් වෙන්න තියෙන හොදම විදියක්.

සින්ඩෙරෙල්ලා සපත්තුව ගන්න ආපහු ගියා නම් 
එයා කවදාවත් කුමාරිකාවක් වෙන්නේ නෑ...
ඒ වගේ තමයි අතීතයට යන්න දෙන්න...
කාලයට ඉඩ දෙන්න...
හැමදේම හරියාවි.... 

ඒ කිව්වේ අතීතයේ ජීවත් වෙන අයනේ.තව ඉන්නවා අනාගතේ ජීවත් වෙන අයත්.මේ කියන්නේ හීන දකින්න එපා කියලවත් අනගතය සැලසුම් කරන්න එපා කියලවත් නෙවෙයි.සරලව කිව්වොත් මේ කියන්නෙ මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහන්න එපා කියලා. සමහර අය ඉන්නවා ඕනේම දෙයක් ගත්තම ඒකේ අන්තෙටම හිතල බලනවා.වෙන්න තියෙන නරක දේවල් ඔක්කොම හිතනව.හිතල හිතල අන්තිමට එයාම දුක් වෙනවා.අන්තිමට දුක් වෙච්ච හේතුව ඇහුවම තාම සිද්ද වෙලාවත් නැති අඩු ගානේ ලගකදි සිද්ද වෙන බවක් පෙන්නෙවත් නැති දේකට තමයි දුක් වෙලා තියෙන්නෙ.

ඉස්සර මන් අදුරන ගැනු ලමයෙක් හිටියා.දවසක් අඩනවා දැකල මන් ඇයි ඇහුවම කිව්වා එයාට හිතෙනවලු එයගේ බෝයි එයගේ හොදම යාලුවා එක්ක යාලු වෙයි කියලා.දැන් මෙහෙම හිතෙන්න හේතුවක් තියෙන්න ඕනේ නිසා මන් විස්තරෙ ඇහුවා.ඇත්තටම නම් ඒ විස්තරේ අහල මට හිනා යන්නත් අවා.ඒත් මන් එක ඒ ලමයට පෙන්නුවේ නෑ.මෙන්න මේකයි විස්තරේ,මේ ගර්ල් ස්විමින්ග් වලට ආසයිලු ඉතින් ස්විමින්ග් යන නිසා ඒ වතුරට කලු වෙගෙන එනවලු එයගේ බෝයි නම් සුදුයිලු.මේ කියන හොදම යාලුවා මේ ලගදි දවසක ඒ බෝයිට බස් එකේදි හම්බෙලා.ඒ දෙන්නා එක පැත්තෙලු ගෙවල්.ඉතින් එකේ පුදුමයක් නැනේ.කොහොමහරි ඔන්න ඕකයි සිද්දිය.දැන් මෙයා හිතනවා මෙයා කලුත් වෙලා නිසා අර බෝයි මෙයාගෙ යාලුවා එක්ක යාලු වෙයි කියලා.දැන් ඕක වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි.1% ක්වත් මන් නම් හිතන්නෙ නෑ.හරි ඒත් එහෙම වෙනවා කියන්නකො වෙනවා නම් ඕක දැන්ම වෙන්නෙ නෑනේ.අඩු ගානේ එහෙම වෙන සලකුනක්වත් තාම නෑ.ඉතින් ඇයි කියන්නකො මේ දැන් ඕකට දුක් වෙන්නෙ.මන් මේ කිව්වේ මගේ අත්දැකීමක්.ඒත් අපි හැමොටම වගේ ඔහොම දේවල් වෙනවා.

ඉන්ටෙර්විව් එකක් එහෙම තියෙනවා කිව්වම සතියක ඉදන් බය වෙලා ඉන්නෙ.මොකක් හරි අලුත් දෙයක් කරන්න හරි කලින් ගිහිල්ලම නැති තැනකට අලුතෙන් යනවා කිව්වමත් එහෙමයි.බයක් නැතත් ඒ ගැන හිතල හිතලම අවුල් වෙනවා.මන් නම් කියන්නෙ අනාගතය ගැන හිතල කරදර වෙන එක නවත්තන්න.අද දවසෙ සතුටින් ජීවත් වෙන්න.කවුද දන්නෙ අපි සමහරවිට හෙට පාරේ යද්දී අනතුරක් වෙලා මැරෙන්න ඉඩ තියෙනවා.කියන්න බැනේ.ඉතින් එහෙම වුනොත් අද තමයි ඔයාගේ ජිවිතේ අන්තිම දවස.අර දුක් වුන අනාගතේ එන්නේ නෑ.

අන්න ඒකයි අපට අද දවස ගොඩක්ම වැදගත්.

අද දවස ජීවිතේ අන්තිම දවස කියල හිතල සතුටින් ජීවත් වෙන්න
අතීතය ගැන දුක් වෙන්න වත් අනාගතය ගැන බය වෙන්න වත් එපා 
මේ මොහොත විදින්න...
මේ මොහොතේ ජිවත් වෙන්න....




සතුටින් ජීවත් වෙන්න තවත් පොඩි දෙයක් අරන් මන් ආයෙම එන්නම්...



No comments:

Post a Comment