Tuesday, February 26, 2019

මන්දාරම් අහස යට - හතලිස් එක් වන කොටස



දිගු නින්දකින් ඇහැරුනු ආදිත්‍ය වටපිට බලන්න උත්සහා කරා.එත් ඒක කරන්න බැරි වුනේ ඔලුවට දැනෙන ලොකු වේදනාවක් නිසා.ආදිත්‍ය ගේ ඇගට සවි කරලා තිබුනු උපකරණ වල බීප් හඩට අමතරව දැඩි සත්කාර ඒකකයේ තිබුනේ නිහඩතාවයක්.

ටිකකින් ඇහුනු දොරක් ඇරෙන සද්දයක් එක්ක කවුදෝ ඇතුලට එන හඩක් නිසා ආදිත්‍ය ඒ පැත්ත බලන්න උත්සහ කරා.දැඩි සත්කාර ඒකකයේ අනිත් රෝගීන්ට බාධාවක් නොවෙන විදියට ඇවිදගෙන ආපු අවිශ්ක ආදිත්‍ය ගේ ඇද ලගින් නැවතුනා.

"ආ..නැගිටලා නේද? දැන් කොහොමද?" අවිශ්ක එහෙම ඇහුවත් ආයෙමත් ඔලුවට අත ගහගත්තා.

"සොරි මචං මට අමතක වුනා" අවිශ්ක එහෙම කියාගෙනම ආදිත්‍ය ලග වාඩි වෙද්දි ආදිත්‍ය හිනා වුනා.

"අසේලි...අසේලි..." ආදිත්‍ය අමාරුවෙන් කතා කරන්න උත්සහ කරා.

"අසේලි ගැන ආරංචියක් නෑ බං තාම.පොලීසියෙන් හොයනවා" අවිශ්ක කියද්දි ආදිත්‍ය ගේ ඇස් රතු වුනේ අවිශ්ක බලන් ඉද්දිමයි.

"හරි හරි කූල් ඩවුන් මචන්.මෙහෙම සීන් එකක් තියෙනවා.අසේලි ව ඇදගෙන ගිහින් තියෙන්නේ උඹට ගැහුවට පස්සේ.මොකද අසේලිව වාහනේට දාගන්නවා නිමන්ත අයියා දැකලා.අයියා එද්දිත් උඹ බිම ලු.ඒ නිසා අයියා කියපු දේවල් පස්සේ තමා පොලීසිය යන්නේ.හොයාගන්න පුලුවන් වේවි කියලා කියන්නේ" අවිශ්ක කියපුවා ආදිත්‍ය අහගෙන හිටියේ කිසිම හැලහොල්මනක් නැතුව.ටිකක් වෙලා ආදිත්‍ය ලගට වෙලා හිටපු අවිශ්ක දැඩි සත්කාර ඒකකයෙන් එලියට ඇවිත් එලියේ පුටුවක වාඩි වෙලා හිටපු පවුලේ අය ලගින් වාඩි වුනා.

"දැන් මොකද අයියේ ආදි ගේ තත්වේ" නිශාන්ත ඇහුවේ ක්‍රිශාන්තගෙන්.

"ඇග ගොඩක්ම දුර්වලයි.ස්නායු වලට ඩැමේජ් ලුනේ.බෙහෙත් කරත් හොද වෙන්න කාලයක් යාවි කියලා කියන්නේ"ක්‍රිශාන්ත උත්තර දෙද්දි ප්‍රියංකා කදුලු පිහිදගත්තා.

"මෙහේ හොද කරන්න පුලුවන් ලුද?" ගයානි ඇහුවා.

"නෑ නෑ අපි එයාව එහේ ගෙනියනවා.එහේ මීට වඩා හොස්පිට්ල් හොදයි.ඉක්මනට හොද වේවි එහේ තියාගෙන බලාගත්තම." ප්‍රියංකා කියද්දි නිශාන්ත ඔලුව වැනුවා.

"ඒත් අක්කේ.මෙයාලාගේ නඩුවක් තියෙනවානේ.අනිද්දා තියෙන්නෙත්.මේ ප්‍රශ්නේ නිසා නඩුව කල් දාවි.ආදි ගෙන් කට උත්තරයක් ගන්න පුලුවන් වෙනකම්.එතකම් රට යන්න බෑ.සාක්කිකාරයෙක්නේ"නිශාන්ත තත්වේ විස්තර කරත් ප්‍රියංකා නම් ඒක පිළිගන්න සුදානම් වුනේ නෑ.

"දැන් එතකොට ඒ නඩුව කවදාහරි ඉවර වෙනකම් පුතාව මෙහේ තියාගන්නද කියන්නේ.ඕකට වෙන විදියක් තියෙන්නම ඕනනේ" ප්‍රියංකා දැඩි ස්වරයකින් කියද්දි ක්‍රිශාන්ත ප්‍රියංකාගේ අතින් අල්ලගත්තේ ප්‍රියංකාට සන්සුන් වෙන්න කියන්න.

"වැරදිකාරයෝ වැරැද්ද පිළිගත්තොත් හරි.අපි බලමුකෝ අනිද්දට උසාවි ගිහින්" එහෙම කියන ගමන් නිශාන්ත බැලුවේ අවිශ්ක දිහා.

"මොකද ආදි කියන්නේ? වෙනසක් තියෙනවද?"

"නෑ...ඒත් එයා අසේලි ගැන කරදර වෙනවා වගේ"

"අසේලි...අසේලි...කවුද මේ අසේලි...එක පාරක් ආදි ඒ කෙල්ලව බේරගන්න ගිහින් අමාරුවේ වැටුනා.මේ සැරෙත් ඒ කෙල්ල නිසාම මගේ දරුවා ඉස්පිරිතාලේ " ප්‍රියංකා කියවගෙන ගියේ තරහෙන්

" අසේලි අහිංසකයි පුංචි අම්මේ.එයා ඕවා දන්නේ නෑ.දැන් එයත් නෑනේ හොයාගන්න.ඒ ගෙදර අයත් බය වෙලා"

"ඒවා මට වැඩක් නෑ.ආයේ එහෙම ඔය අසේලි කියන නම මට ඇහෙන්නවත් කියන්න එපා" ප්‍රියංකා කියවද්දිම අවිශ්ක ගේ දුරකථනය නාද වුනා.

දුරකථන තිරයේ දිස් වුනේ විහාරාගේ නම.ඒක දැකපු අවිශ්ක දුරකථනය ත් අරගෙන ටිකක් ඈතට ගියේ ඇමතුම ගන්න හිතාගෙන.

"හෙලෝ.."

"හෙලෝ..." විහාරාගේ හඩ දුරකථනයෙන් ඇහුනේ හරිම දුර්වල විදියට.

"විහාරා...ඇයි?" අවිශ්ක ඇහුවේ ටිකක් කලබලයෙන්.

"පොලීසිය හොයාගෙනලු අසේලි අරන් ගිය වෑන් එක තියෙන තැන"

"කොහෙද තියෙන්නේ වෑන් එක"

"සොහොනක් කිට්ටුව පාර අයිනෙලු තිබුනේ.අනේ අවී...අසේලි පව්" විහාරා දුරකථනයෙන්ම අඩන්න ගත්තා.

"විහාරා...අඩන්න එපා.දැන් වෑන් එක හොයාගත්තා කියන්නේ ඉක්මනටම අසේලිව හොයාගනිවී"

"හ්ම්..ආදිත්‍ය අයියට කොහොමද?" විහාරා ඇහුවේ නහයත් උඩට අදින ගමන්.

"දැන් සිහිය තියෙනවා.ස්නායු ප්‍රශ්නේ තමයි තියෙන්නේ.මොලේ ටනේ වැදිලා තියෙන්නේ"

"අයියා අහන්නේ නැද්ද අසේලි ගැන"

"ඒක අහන්නවත් මිනිහට කතා කරගන්න බෑනේ.හැබැයි ඒ ගැන තමයි හිතේ තියෙන්නේ.ඒක පේනවා මට" අවිශ්ක කිව්වේ සුසුමක් හෙලන ගමන්.

"මං එහෙනම් තියනවා අවී..මං ගෙදර යන්න හදන්නේ"

"හරි පරිස්සමෙන් යන්න" දුරකථන සංවාදය ඉවර වුනත් අවිශ්කගේ හිතේ තිබ්බේ අසේලිට මොකද වුනේ කියලා.

මේ අතරේ ලොකු කරුවල කාමරේක පුටුවකට බැදලා දාපු අසේලි බයෙන් වටපිට බැලුවා.කරුවල කාමරේ වටපිට ඇහෙන මීයන්ගේ සද්ද කැරපොත්තෝ දුවන සද්ද අසේලිව තවත් බය කරා.අත් දෙක ලිහලා දාන්න උත්සහ කරත් අත් දෙක පුටුව පිටිපස්සට කරලා තදට බැදලා දාලායි තිබුනේ.දැනට දවස් දෙකක් උනු අසේලි ඇදගෙන හිටපු ඇදුම් දාඩියත් එක්කම ඇගට ඇලිලා තිබුනා.

එක පාරටම ඉස්සරහ දොර ඇරුනා.ඒත් එක්කම ආපු ඇස් කඩාගෙන යන ආලෝකය නිසා අසේලි ඇස් වහ ගත්තා.

"ආ..මේ නැගිටලා" ඒ ඇහුනු ගැබුරු කටහඩ අදුරගන්න අසේලිට එච්චර අමාරු වුනේ නෑ.

සිහිය නැති වෙලා හිටපු වෙලාවේ සැරින් සැරේට මූණට වතුර දදා තමන්ව නැගිට්ටවගන්න උත්සහ කරේ මේ මනුස්සයා බව අසේලිට මතකයි.

"කොහෙද මං මේ ඉන්නේ...මට යන්න දෙනවා" අසේලි පුලුවන් තරන් වීරීය අරගෙන කෑගැහුවා.

"ශ්...ශ්....කෑගහන්න එපා.බොස් ගේ මල්ලි ඇවිත් ඉන්නේ ඔයාව බලන්න" ඒ මනුස්සයා කිව්වේ කරුවලේම අසේලි ලගට ඇවිදගෙන එන ගමන්.

"මොකා ආවත් මට මොකද මට යන්න දෙනවා...තමුසේ දන්නේ නෑ අපේ අයියාගේ හැටි.අපේ තාත්තා තමුසෙලා කවුරුවත් ඉතුරු කරන එකක් නෑ" අසේලි පුලුවන් තරම් හයියෙන් කෑගැහුවා.

"හා...හා...හා...මේ මොකද නංගි කෑගහන්නේ? ඔච්චර කෑගහන්න එපා.අද රෑට මහන්සිය වැඩි වෙයි දැන් ඔහොම කෑගැහුවොත්"  දොර ලගින් ඇහුනු ඒ කටහඩට අසේලි ඒ දිහා උවමනාවෙන් බැලුවේ කටහඩ හොදට පුරුදු නිසා.

"ඒයි ලකී ලයිට් එක දාපන්..මට මේ මූණ ටිකක් බලාගන්න ඕනේ" ඒ කටහඩින් ආයෙත් කියද්දි අසේලි ලග හිටගෙන හිටපු ලකී බිත්තියේ තිබුනු ස්වීචය දැල්වුවා.

එක පාරටම ඇස් වලට ආපු දීප්තිය දරාගන්න කීප සැරයක්ම ඇස් පිල්ලම් ගහපු අසේලි අමාරුවෙන් ඔලුව උස්සලා දොර ලගට හිටගෙන හිටපු කෙනා දිහා බැලුවා.

"ගගන අයියා..." දොර ලග හිටගෙන හිටපු ගගනව දැකලා අසේලිට කියවුනා.

***************************************
අද කොටස ටිකක් කොටයි..අමාරුවෙන් වෙලාව හොයාගත්තේ.
පුලුවන් ඉක්මනට කොටසක් ගෙන්නම්.
ආදරෙන් ඉන්න ❤️

Sunday, February 24, 2019

මන්දාරම් අහස යට - හතලිස් වන කොටස



හවස දේශන ඉවර වෙලා ගෙදර ආපු දේදුණු බෑග් එක ඇද උඩට වීසී කරා.

"විසල් අයියා හිතාගෙන ඉන්නේ එයා කවුරු කියලද දන්නේ නෑ" දේදුණු කේන්තියෙන් තමන්ටම කියාගත්තේ කරාබු දෙක ගලවලා කණ්නාඩි මේසේ උඩට වීසී කරන ගමන්.

' මොන මගුලකට දැන් මගේ පස්සේ එනවද මං දන්නේ නෑ.ඒ දවස් වල හෙව්වෙම නෑ.දැන් එක පාරටම ඕනෙකම.එදා නුවරඑළියටත් ආවා.ඒ අය මොනවා හිතුවද දන්නේ නෑ මෙයා හැසිරිනු  විදියට' දේදුණු කල්පනා කරේ කණ්නාඩියෙන් පේන තමන්ගෙම ජායාවට රවන ගමන්.

"දේදුණු මේ ඔයාව හම්බෙන්න බෝයි කෙනෙක් ඇවිත්" එදා අවිශ්ක එහෙම කියාගෙනම හෝටලේ බැල්කනියට ආපු විදිය දේදුණු ට මතක් වුනා.

"කවුද ඒ?" දේදුණු හැරිලා බැලුවේ මේ කවුද කියලා දැනගන්න.අවිශ්කට පිටිපස්සෙන් හිටගෙන ඉන්න විසල්ව දැකලා දේදුණු ගැස්සුනා.

"විසල් අයියා?" දේදුණු ට ඉබේටම කියවුනා.

"ඔයාගේ ෆෝන් වැඩ නෑනේ.ඒකයි මං මේ බලන්න ආවේ" විසල් හිනා වෙලා කියද්දි දේදුණු ත් අමාරුවෙන් හිනා වුනා.

"මේ වැස්සනේ.සිග්නල් නෑ." දේදුණු අමාරුවෙන් කියාගත්තේ වටපිට බලන ගමන්.එතන හිටපු කට්ටිය විසල් දිහා බැලුවේ කුතුහලයෙන් බව දේදුණු ට තේරුනා.

"ආ...මේ විසල් අයියා" දේදුණු කියන්න ගත්තේ විසල් දිහාත් බලන ගමන්.

"හලෝ..මං දේදුණු ගේ බෝයි ෆ්‍රෙන්ඩ්" විසල් එක පාරටම එහෙම කියද්දි දේදුණු ගල් ගැහුනා.

"ආ...දේදුණු කිව්වෙවත් නෑනේ" නෙහාරා කිව්වේ දේදුණු දිහාත් හොරෙන් බලන ගමන්.

"මෙයා එහෙම තමයි.හරි ලැජ්ජයි ඕවා කියන්න." විසල් කිව්වේ දේදුණු ගේ කරටත් අතක් දාගන්න ගමන්.දේදුණු ට ඒ අත අයින් කරන්න උවමනා වුනත් කට්ටිය ඉස්සරහ ප්‍රශ්නයක් ඇති කරගන්න දේදුණු ට ඕනේ වුනේ නෑ.

"බබා ලෑස්ති වෙන්න.අපි නුවර යමු" විසල් කියද්දි දේදුණු විසල් දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඔයා යන්න.මං හෙට මෙයාලා එක්කම එන්නම්" 

"බෑ බබා මට තියෙනවා කතා කරන්න දෙයක් ඔයා එක්ක.දැන් හොද ලමයා වගේ ගිහින් ලෑස්ති වෙන්නකෝ" විසල් කිව්වේ දේදුණු ගේ ඔලුවත් හෙමීට අතගාන ගමන්.අනිත් අය ඉස්සරහ විරුද්ද වෙන්න තරම් පුලුවන්කමක් දේදුණු ට නොතිබ්බ නිසා දේදුණු ට විසල් එක්ක ගෙදර යන්න පිටත් වෙන්නම වුනා.

එන අතරමගදි විසල්ගේ කිසිම කතාවක් තිබ්බේ නෑ.ඒත් දේදුණු ට ඕනේ වුනේ කතා කරන්න.ටිකක් වෙලා විසල් දිහා බල බල හිටපු දේදුණු කතාව පටන් ගත්තා.

"ඇයි ඔයා ආවේ?" 

"ඔයාව එක්කගෙන යන්න" විසල් කිව්වේ පාර දිහාම බලාගෙන වාහනේ එලවන ගමන්.

"ඉතින් ඇයි එක්කගෙන යන්නේ මාව.මං අම්මට කියලා ආවේ" 

"අම්මට බොරු කියලා ආවේ"

"මොකක්ද බොරුව?" 

"කැම්පස් යාලුවෝ කට්ටියක් එක්ක කියලා නේද කිව්වේ.මේ ඔයාගේ කැම්පස් යාලුවොද? බොරු කියන්න එපා දේදුණු.ඔයා හිතන්නේ ඔයා බොරු කිව්වම ඒක අහුවෙන්නේ නෑ කියලද?" විසල් ඒක කිව්වේ නම් දේදුණු දිහා බලාගෙන.

"ඔයා කොහොමද දැනගත්තේ?" දේදුණු ඇහුවේ විසල්ගේ ඇස් මග ඇරලා.

"ඔයාලගේ ගෙදර ගියා මං අප්පච්චි හම්බෙන්න.ඒ වෙලාවේ ඔයාගේ කැම්පස් යාලුවෙක් ගෙදරට කෝල් කරා ඔයාගේ ෆෝන් ඔෆ් නිසා.වෙලාවට ඒ කෝල් එක මං ආන්සර් කරේ.යාලුවාගේ විස්තරෙන්ම මට තේරුනා මෙහෙම ට්‍රිප් එකක් කැම්පස් එකෙන් ගියේ නෑ කියලා" විසල් කියද්දි දේදුණු මුකුත්ම නොකියා අහගෙන හිටියා.

"මොනවද සුදූ මේ කරන වැඩ? ගෙදරට බොරු කියලා ඔහොමත් ගමන් යනවද? අනික කවුද අර ආදිත්‍ය කියන්නේ?"  ඒ සැරේ විසල් අහපු ප්‍රශ්නෙට දේදුණු බැලුවේ බය වෙලා

"ඇස් ලොකු කරගන්න දෙයක් නෑ.අර පොතක් පිටිපස්සේ කුරුටු ගාලා තිබ්බේ ආදිත්‍ය කියලා.කවුද ඒ?" විසල් ඇහුවේ සැකෙන් දේදුණු දිහා බලන ගමන්.

"ආ...ඒ මේ හින්දි නලුවෙක්නේ අනේ.ඔයා ආදිත්‍ය රෝයි කපූර් දන්නේ නැද්ද? එයා හරිම ලස්සනයි අනේ.මං මේ ලගදි එයාගේ ෆිල්ම් එකක් බැලුවා.ඒ බලන ගමන් ලිව්වේ ඒක" දේදුණු කිව්වේ පුලුවන් තරම් විසල්ගේ ඇස් මග ඇරලා.

"ආ...එහෙම නම් කමක් නෑ.මං මේ බැලුවා කවුද මේ ආදිත්‍ය කියලා" විසල් කිව්වේ වැඩි ගානකට නැතුව.

"හරි දැන් ඒකෙන් මේකෙන් වැඩක් නෑ.ඇයි ඔයා මේ මාව එක්කගෙන යන්නේ?" දේදුණු ආයෙමත් ඇහුවා.

"ඔයා මේ වෙලාවේ මගෙන් ඒක අහන්න පුලුවන් තත්වෙක නෑ.බොරු කියලා ආපු ට්‍රිප් එක ආවේ කාත් එක්කද කියලා මුලින් මට කියන්න.මං එතකොට කියන්නම්" 

"ඒ මගේ යාලුවෙක්ගේ ට්‍රිප් එකක්.මටත් කතා කරා.ඒ නිසා ගියා" 

"කවුද මං නොදන්න ඔයාගේ යාලුවා" 

"ඔයා මගේ හැම යාලුවාම දන්නේ නෑනේ විසල් අයියේ.නිකන් ඔයා මං ගැන කරදර වෙනවා වගේ රගපාන්න එපා.මං ආපු ගියපු තැන් මගේ අප්පච්චි ට ප්‍රශ්නයක් නැත්තම් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා" 

"අප්පච්චි දැනගත්තා නම් ප්‍රශ්නයක් වෙනවා..මං කියපු නැති නිසා හොදයි" 

"ඔයා ඒක නොකියා ඉදලා මට උදව්වක් කරා වගේ කියවන්න එපා.ඔයා ඒක කිව්වත් මට කමක් නෑ.මං වැරදි දෙයක් කරේ නෑ.මට පුලුවන් අප්පච්චි එක්ක මේක කතා කරගන්න" 

" හරි එහෙනම් කතා කරගන්නකෝ බලන්න..හැබැයි සුදූ ඔයා අමතක කරන්න එපා ඔයා බදින්න ඉන්නේ මාව කියලා.ඔයාට දීලා තියෙන නිදහසෙන් මේ ඔයා අයුතු ප්‍රයෝජන ගන්න හදන්නේ" 

"හරි හරි...ඒක අපි ඒ කාලෙට බලමුකෝ.ප්ලීස් දැන් අපි ඉක්මනට යමුද? මගේ ඔලුවත් කැක්කුමයි." දේදුණු කිව්වේ ශීට් එකට ඔලුව හේත්තු කරගන්න ගමන්.

දේදුණු ඒ මතකෙන් එලියට ආවේ දුරකථනය නාද වෙන හඩින්.

"සපු කුසුමේ....සුවද කවා...රකිමි ඔබේ සුසුම පවා......" දුරකථනය තිරයේ වැටිලා තිබුනේ නොදන්නා අංකයක් වුනත් දේදුණු දුරකථනය ට පිළිතුරු දුන්නා.

"හෙලෝ..." 

"හෙලෝ...දේදුණු මං මිගාර" 

"ආ..මිගාර අයියා.කොහෙන්ද මගේ නම්බර් එක" දේදුණු ඇහුවේ මිගාර කතා කරපු එක ගැන සතුටෙන්.

"හම්බුනා ආදිත්‍ය ගේ ෆෝන් එකෙන්.නංගි මං පනිවිඩයක් කියන්න කතා කරේ.කලබල වෙන්න එපා"

"මොකක්ද අයියේ" දේදුණු ඇහුවෙම කලබලෙන්.

"ආදි ට කවුරු හරි හොදටම ගහලා.දැන් නාගොඩ හොස්පිට්ල් එකේ ඉන්නේ" 

"දෙයියනේ...." අසේලි කිව්වේ පපුවටත් අත තියාගෙන.

"ඔව් නංගි.ඊයේ රෑ වෙලා තියෙන්නේ.වැඩ ඇරිලා යන ගමන්" 

"ආදි ට කොහොමද දැන්" දේදුණු ඇහුවේ වෙව්ලන කටහඩකින්.

"ICU ඉන්නේ.ඔපරේශන් එකක් කරා.තාම සිහිය නෑ.හරියටම ඔලුව මැදට වැදිලා හොද පාරක්.ඒ නිසා සිහිය එනකම් මුකුත් කියන්න බෑ කියලා ඩොක්ටර් කිව්වේ" 

"ඒ කියන්නේ...ඒ කියන්නේ..." දේදුණු ඇහුවේ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි.

"නෑ නෑ ජිවිත අවදානමක් නෑ.ඒත් මොළයේ වෙලා තියෙන වෙනස්කම් හරියටම බලාගන්න පුලුවන් වෙන්නේ සිහිය ආවමලු."

"අනේ දෙයියනේ....මං එන්නම් අයියේ එහේ.ගොඩක් දුරයිද" 

"දුරයි නංගි.ඔයා එනවා නම් හෙට 12ට එන්න බලන්න.මේ මගේ නම්බර් එක.මේකට කෝල් කරන්න"

"හා...හා..." දේදුණු කිව්වේ කම්මුල දිගේ බේරිලා වැටෙන කදුලු බිංදු පිහිදන ගමන්.

"හරි නංගි මං තියනවා එහෙනම්.එනකොට කියන්න" එහෙම කියනවා එත් එක්කම මිගාරගේ දුරකථනය විසන්ධි වුනා.

දේදුණු දුරකථනය ත් අතේ තියාගෙනම ඇදට වැටුනේ ඇස් වලින් නොනවත්තවාම කදුලු ගලාගෙන යද්දි.

ආදිත්‍යට ඔලුව වටේට පොඩි පොඩි සද්ද ගොඩක් ඇහෙන්න අරන් දැන් ටිකක් වෙලා.ඒත් එක්කම ඇහෙන බීප් හඩ එන්න එන්නම වැඩි වෙන බවක් ආදිත්‍යට තේරුනා.ඒත් ඒ හඩ මොකක්ද බලන්නවත් ඇස් ඇරගන්න පුලුවන්කමක් ආදිත්‍ය ට තිබ්බේ නෑ.යකඩ බරු දෙකක් එල්ලලා වගේ ඇස් පිහාටු බරට දැනෙද්දි ආදිත්‍යගේ ඔලුව එක පාරටම හිරි වැටෙන්න පටන් අරන් තිබ්බා.ඒ හිරි වැටිල්ල නිසාමයි ආදිත්‍ය එයාගේ අතින් ඔලුව අල්ලගන්න උත්සහ කරේ.ඒත් අතක් තියෙනවද කියලා වත් ආදිත්‍ය ට දැනුනේ නෑ.ඒ කණ ලගින්ම ඇහුනු බීප් හඩ එක සැරේටම අඩු වෙලා යද්දි ඔලුවේ හිරි ගතියත් නැති වෙනවා ආදිත්‍ය ට දැනුනා.ඒත් එක්කම ඔලුවට දැනුනු සැනසිල්ලත් එක්ක ආදිත්‍ය ඇස් දෙක ඇරියා.

ඇස් ඇරපු ගමන් ආදිත්‍ය ට පෙනුනේ උඩ තිබුනු සුදු සිවිලිමක්.අමාරුවෙන් ඔලුව හරවලා බලපු ආදිත්‍ය ට මේ ඉන්නේ ඉස්පිරිතාලේ කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.එයා ලග වාඩි වෙලා ඇදට ඔලුව ගහගෙන ඉන්න ගෑනු කෙනාගේ ඔලුව ආදිත්‍යගේ ඇගිලි තුඩු වලට දැනුනා.ආදිත්‍ය ඇගිලි තුඩු වලින් ඒ ඔලුව අල්ලන්න හැදුවේ ඒ ඉන්නේ කවුද කියලා දැනගන්න.

ආදිත්‍ය ඔලුව් අල්ලනවත් එක්කම ඔලුව උස්සලා බැලුවේ ප්‍රියංකා.ආදිත්‍ය ගේ අම්මා.

"අනේ සුදු පුතා සිහිය ආවාද? ඉන්න මං ඩොක්ටර් ට කතා කරන්න" ප්‍රියංකා කලබලෙන් එහේ මෙහේ යද්දි ඒ මූණේ තිබුනු අලුත් කදුලු පාරවල් ආදිත්‍ය දැක්කා.

ටිකකින් ආපු දොස්තර ආදිත්‍යව සම්බන්ද කරලා තිබුනු උපකරණ බලලා ආදිත්‍ය එක්ක හිනා වුනා.

"ඉලන්දාරියා දැන් ගොඩ වගේ.ඒත් දැන් මෙහේ ඉන්නේ ඇයි කියලා මතකද?" ඩොක්ටර් අහද්දි ආදිත්‍ය ආයෙත් ඇස් පියාගත්තා.

මහ රෑක විදුලි පහන් එලියක් මැද්දේ "ආදිත්‍ය..." කියලා කෑගහන සද්දේ ඇහුනු ආදිත්‍ය ඇස් ඇරියේ කලබලෙන්.

"හෝව්...හෝව්...පුතා...හෙමීට හෙමීට.ඉක්මන් වෙන්න එපා.හෙමීට මතක් කරන්න" දොස්තර කිව්වේ ආදිත්‍ය ගේ මොළේට සම්බන්ද කරපු උපකරණය දිහා බලන ගමන්.

ඒත් ආදිත්‍යගේ ඔලුවේ තිබ්බේ එක දෙයයි.

"අසේලි..කෝ අසේලි..."ආදිත්‍ය කතා කරන්න උත්සහ කරත් ආදිත්‍ය ගේ කටින් වචන පිට වුනේ නෑ.

"ඩොක්ටර්..ඩොකටර්...පුතා මොකක් හරි කියන්න හදනවා" ප්‍රියංකා කිව්වේ ආදිත්‍ය දිහාවට අත දික් කරන ගමන්.

ආදිත්‍ය දිහාවට නැඹුරු වුනු දොස්තර ආදිත්‍ය ගේ ඔක්සිජන් වැස්ම ඉවත් කරා.

"අසේලි...කෝ අසේලි..." ආදිත්‍ය ආයෙත් කතා කරත් ආදිත්‍ය ගෙන් වචන පිට වුනේ නෑ.ඒ වෙනුවට හුලං ගොඩක් විතරයි පිට වුනේ.

"කෝ පුතා කට අරින්න බලන්න" දොස්තර ආදිත්‍ය ගේ කටත් උගුරත් පරික්ශා කරලා ආපහු ආදිත්‍ය ට ඔක්සිජන් වැස්ම දැම්මා.

"එලියට එන්නකෝ මිසිස් සූරියබණඩාර ..." එහෙම කියපු දොස්තර ප්‍රියංකාට එලියට කතා කරා.

එක සැරයක් ආදිත්‍ය දිහා බලලා ඔලුවත් අත ගාපු ප්‍රියංකා කාමරෙන් එලියට ගියේ කදුලු පිහිදන ගමන්.

"මිසිස් සූරියබණ්ඩාර අපි හිතන්නේ ආදිත්‍යට පොඩි ගැටලු වගයක් ඇති වෙලා තියෙනවා" 

"ඒ කියන්නේ ඩොක්ටර්? ඇයි පුතා කතා නොකරන්නේ" 

"පේන විදියට එයාගේ මොළයට ඇති වුනු ශොක් එක නිසා එයාගේ කටහඩ එයාට නැති වෙලා.එක්කෝ නැති වෙලා.නැත්තම් මොළයෙන් වචන පිට කරන එක ප්‍රතික්ෂේප කරනවා.එයාට කියන්න දේවල් තිබ්බත් මොළයෙන් ඒ දේ කියන්න ඉඩ දෙන්නේ නෑ" 

"ඒක පුදුම කතාවක්නේ ඩොක්ටර්.එහෙම වෙන්න පුලුවන්ද?"ප්‍රියංකා ඇහුවේ වෙව්ලන කටහඩින්.

"පුලුවන්.මොළයේ ඒ ස්නායු කොටස් හානි වෙලා නම් වෙන්න පුලුවන්.නැත්තම් මේක කම්පනය නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන්" 

"එතකොට ඩොකටර් පුතාට ආයේ කතා කරන්න පුලුවන් වේවි නේද?" 

"ඒක මට මෙහෙම හරියටම කියන්න අමාරුයි මිසිස් සූරියබණ්ඩාර.මට ටිකක් චෙක් කරන්න ඕනේ.දැනට අපට පෙනුනේ කතාවේ වෙනස විතරක් වුනාට තව දේවල් තියෙන්න පුලුවන් ප්‍රශ්න ඇති වුනු"

"අනේ ඩොක්ටර් මගේ පුතාව හොද කරලා දෙන්න.මං ඕනේ රටකට පුතාව ගෙනියන්න ලෑස්තියි" 

"හරි මිසිස් සූරියබණ්ඩාර කලබල වෙන්න එපා.ගොඩක් දුරට මේක කම්පනය නිසා වෙච්ච දෙයක් වෙන්න ඇති.එහෙම නම් මේක තාවකාලිකයි.අපි බලමු.ආදිත්‍ය දැන් ජීවත් වෙනවනේ.අපි ඉතුරු ටික හදාගන්න බලමු" එහෙම කියපු දොස්තර එතනින් පිටත් වුනා.

දොස්තර යන දිහා ටිකක් බලන් හිටපු ප්‍රියංකා බැලුවේ මැශින් ගොඩකට සම්බන්ද කරලා ඇදකට වෙලා වැතිරිලා ඉන්න ආදිත්‍ය දිහා.

***********************************************
හෙටත් කොටසක් ගෙන්නම්

ආදරෙන් ඉන්න ❤️

Saturday, February 23, 2019

මන්දාරම් අහස යට - තිස් නම වන කොටස



"ඔයා කොහොමද කියන්නේ ඒ ආදිත්‍ය මයි කියලා " මාධවී ඇහුවේ පුදුමෙන් 

"ආදිත්‍ය ලග තිබිලා එයාගේ පොඩි කාලේ ෆොටෝ එකක් පෙන්නුවා මට.ඒ හිටියේ ඒ පිරිමි ළමයි දෙන්නා" අසේලි උත්තර දුන්නේ ඇද උඩ හොදට වාඩි වෙන ගමන්.

"එක්කෙනෙක් ආදිත්‍ය.එතකොට අනිත් එක්කෙනා?"

"එයාගේ මල්ලි.ඒ දෙන්නා නිවුන්නුලු.පස්සේ කාලෙක ලෙඩ වෙලා මල්ලි නැති වෙලා.ඊට පස්සේ තමයි එයාලා රට ගිහින් තියෙන්නේ" 

" ඉතින් ඇයි මේ ඔයාට එයාව පෙන්නේ?" මාධවී ඇහුවේ කුතුහලෙන් 

" මට හිතෙන්නේ මෙහෙම දෙයක් .අපිත් පොඩි කාලේ හිටියේ නුවර නේ.ඉතින් ඒ කාලේ අපි අදුරනවා ඇති.ඒ කාලේ දේවල් වෙන්න ඇති මේ පෙන්නේ" 

"හරි එයාව පෙන්නේ ඒ නිසා කියමුකෝ.එතකොට මේ බය හිතෙන හීන? ඔයා කාමරේ ඇතුලේ හිරකරලා ඉන්නවා වගේ පෙනුණු ඒවා, අර ඔයාව පැහැරගත්තා වගේ පෙනුණු  හීන? ඔයා කියන්නේ ඒවත් ඇත්තට වුනා කියලද?"

"අනේ මන්දා ඒක නම්.අම්මලා ඒ ගැන මුකුත්ම කියලා නෑනේ .මං ඉස්සර ඒ හීන ගැන කියලා අම්මාගෙන් අහලාත් තියෙනවා"

"ඉතින් අම්මා මොකද කිව්වේ එතකොට?"

"අම්මා හිනා වෙනවා.පිස්සුද අහනවා.එහෙම එකක් වුනේ නෑලු"

"මේක මාර වැඩක්නේ.ආදිත්‍ය අයියා මොකද කිව්වේ ඉතින්?"

"එයා මොනවා කියන්නද? මං මේවා එයාට කිව්වේ නෑ ." අසේලි කිව්වේ බෑග්  එකෙන් ස්ට්‍රෝබෙරි පාර්සලය එලියට ගන්න ගමන්.

"ඇයි ඒ? " ස්ටෝබෙරි ගෙඩියක් ගන්න ගමන්ම මාධවී ඇහුවේ පුදුමෙන්.

"මං මොකක්ද එයාට කියන්නේ? මට හීන පේනවා.ඒවගේ එයා ඉන්නවා කියන්නද? මට පිස්සු කියලා හිතාවි" 

" ඒ වුනාට අක්කේ ඕකට එයා උත්තරයක් දන්නවා ඇති අනිවාර්යෙන්ම"

"හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කණට කොදුරලා ගියා...." අසේලිගේ දුරකථනය නාද වෙන්න ගත්තේ අසේලි මාධවී ට උත්තරයක් දෙන්න හදද්දිමයි.

"ආදිත්‍ය..." අසේලි තමන්ටම කියාගත්තේ දුරකථනය තිරය දිහා බලාගෙනමයි.

"ආව්...ආව්...මෙයාගේ මූණේ ලයිට් දාපු හැටි කෝල් එක දැකලා" මාධවී කියද්දි අසේලි රැව්වා.

"යනවා...ගිහින් පාඩම් කරනවා" අසේලි කිව්වේ දුරකථනය ත අරන් ඇදෙන් බහින ගමන්.දුරකථනය අරගෙන බැල්කනියට ගියපු අසේලි හොද හුස්මක් ගත්තා.

"හරි හරි මේක කෝල් එකක් විතරයි.ආන්සර් කරන්න.ඔයා කලිනුත් එයා එක්ක කතා කරානේ" අසේලි තමන්ටම කියාගත්තේ පපුවෙනුත් අතක් තියාගෙන.දුරකථනය තිරයේ ආදිත්‍ය ගේ නම දැකපු වෙලාවේ ඉදන් මහ හයියෙන් ගැහෙන්න ගත්ත හිත දැන් නම් කොයි වෙලාවේ හරි පුපුරාවි කියලා අසේලිට හිතුනා.

'හරි...හරි...ඔන්න ගත්තා'අසේලි එහෙම හිතාගෙනම දුරකථනයට පිළිතුරු දෙන්න හැදුවත් එතකොටම දුරකථනය විසන්ධි වුනා.

"අයියෝ..." අසේලිට ඉබේටම කියවුනා.ටිකක් වෙලා අසේලි දුරකථන තිරය දිහා බලන් හිටියා.එතකොටම ආයෙත් දුරකථනය නාද වෙන්න පටන් ගත්තා.කලින් සැරේ වෙච්ච දේ නිසා මේ සැරේ අසේලි කලබලෙන් පළමු නාද වීමෙන්ම දුරකථනය ට පිළිතුරු දුන්නා.

"හෙලො..." 

"හෙලෝ.. කොහෙද ඉන්නේ" ආදිත්‍යගේ කටහඩ දුරකථනයෙන් ඇහෙද්දි අසේලි හොද හුස්මක් ගත්තා.

"ගෙදර.ඔයා?" 

"ගෙදර.දැන් ආවේ"

"හ්ම්ම්..." 

"මොකද?" 

"ඇයි" 

"හ්ම්ම් ගාන්නේ බකමුණෙක් වගේ"

"නෑ....එහෙම නෑ" අසේලි කියද්දි ආදිත්‍ය හිනා වෙනවා අසේලිට දුරකථනයෙන් ඇහුනා.

"ඇයි හිනා වෙන්නේ?" අසේලි ඇහුවේ පුදුමෙන්.

"නෑ මං මේ බැලුවේ වෙනදට තොරතෝංචියක් නැතුව කියවන කෙල්ලට මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා" 

"මට මුකුත් වෙලා නෑ" 

"වෙලා නැත්තේ මොකද? ආපහු එද්දිත් විහාරා ලගටම වෙලා හිටියා.නිකමටවත් මූණ බැලුවේ නෑ.හරියට මං ගිලිවී වගේ ඈතට වෙලා හිටියේ" 

"එහෙම නෑ..."

"නැත්තේ මොකද?" 

"නෑ අනේ" ඒ සැරේ නම් අසේලි කිව්වේ නොඉවසිල්ලෙන්.

"හරි හරි දැන් මොකද කරන්නේ? නෑවද? කෑවද?" ආදිත්‍ය අහද්දි අසේලිගේ මූණට ඉබේටම වගේ හිනාවක් ආවා.

"තාම නෑ.නංගි එක්ක කතා කර කර හිටියා" 

"මොනවද කතා කරේ?" 

"ට්‍රිප් එක ගැන කිව්වා" 

" මං ගැන නංගි දන්නවද?" ආදිත්‍ය අහද්දි අසේලිගේ මූණ රතු වුනා.

"මොනවද?" 

"මස්සිනා කෙනෙක් ඉන්නවා කියලා එයාට" ආදිත්‍ය කියද්දි අසේලි තවත් රතු වුනා.මොනවා කියන්නද කියලා හිතද්දි ආදිත්‍ය ආයෙත් කතා කරා.

"ආ...දන්නවද නංගි මාව."

"හ්ම්ම්..." 

"මොකද කිව්වේ?" 

"මොනවත් නෑ.එයා මේ නිකන් ඔයාව දන්නවා විතරයි.අර හෝටලේ සිද්දිය නිසා"

" ඒ මොකක්ද ඒ? මං ඇහුවේ ඒක නෙවෙයිනේ" 

"එහෙනම් මොකක්ද ඔයා ඇහුවේ" ඒ සැරේ අසේලි ඇහුවේ හිනා වෙවී.

"ඇහුවේ නංගි මස්සිනා ගැන දන්නවද කියලා.දන්නවද?" 

"නෑ නේ" 

"කියන්නේ නැද්ද?" 

"හෙමීට හිතලා බලන්න ඕනේ" 

"හෙමීට හිතලා බලලා මටත් කියන්න ඕනේ එක කටින් කියන්න හරිද?" 

"මොකක්ද කටින් කියන්න ඕනේ එක?" අසේලි ඇහුවත් ආදිත්‍ය උත්තර දුන්නේ වෙනම එකකට.

"හරි හරි මං එනවා....ඔව් අසේලි.අහ් හරි හරි මං අහන්නම්" ආදිත්‍ය එහෙම කිව්වේ වෙන කෙනෙක්ට කියලා තේරුනු අසේලි ආදිත්‍ය පිළිතුරු දෙනකම් බලන් හිටියා.

"හෙලෝ...අසේලි" 

"කවුද ඒ කතා කරේ" 

" අවිශ්ක..මට කන්න එන්න කියලා.මේ ඒක නෙවෙයි මං අහන්න හිටියේ අර නඩුව ගැන" 

"ඉතින්?" 

"ඒකට ලියුමක් ආවද? අද මෙහෙට ඇවිත් ලබන සතියේ නඩුව තියෙනවා කියලා" 

"ආ...දන්නේ නෑ ආවද කියලා.තාත්තා තාම ගෙදර ඇවිත් නෑ.අම්මත් ලග ගෙදරක බණකට යනවා කියලා ගියා.රෑට තමා දැනගන්න වෙන්නේ" 

"හරි...දැනගත්තොත් මැසේජ් එකක් දාන්න" 

"දැනගත්තොත් විතරයිද?" 

"ඒ කියන්නේ?" 

" නෑ....මේ ඒ ගැන දැනගත්තොත් විතරයිද මැසේජ් දාන්න ඕනේ" අසේලි අහද්දි ආදිත්‍යට හිනා ගියා.

"නෑ නෑ බබා ඔයාට ඕනේ වෙලාවක කතා කරන්න."

"හරි හරි මං එනවා..." ආදිත්‍ය ආයෙත් කෑගැහුවා.

"ඔයා ගිහින් කන්න" අසේලි කිව්වේ ඒක අහගෙන ඉදලා.

" හරි ඔයත් වොශ් එකක් දාගෙන කන්න.මං කාලා එන්නම්" 

"හා....බුදුසරණයි" 

"මේ....මං රෑට ගන්නද?" ආදිත්‍ය අහද්දි අසේලිට ඉබේටම හිනාවක් ගියා.

"නංගි 11ට නිදාගන්න කාමරේට එනවා.ඊට කලින් ගන්න" 

"හරි...එහෙනම් මං තියන්නම්.බායි" 

"බායි.බුදුසරණයි" 

"බුදුසරණයි" 

දුරකථනට විසන්ධි කරපු අසේලි කාමරේට ඇවිත් ඇදෙන් ඇලවුනා.

පහුවදා උදේම විශ්ව විද්‍යාලයට යන්න පිටත් වුනු අසේලිගේ ඒ සතියම ගත වුනේ විශ්ව විද්‍යාලේ වැඩත් එක්ක.ඒත් ඒ අතරේ වෙලාව හොයාගෙන ආදිත්‍යට කතා කරන්නත් අසේලි අමතක කරේ නෑ.

සිකුරාදා හවස විශ්ව විද්‍යාලේ දේශන ඉවර වෙලා අසේලි ගේට්ටුව ලගට වෙලා හිටියේ ආදිත්‍ය එනවා කියපු නිසා.

"ආ...නංගි එහෙනම් දැන් මං තනියම යන්න ඕනේ නේද?" එතනට ආපු නෙහාරා ඇහුවේ දුක හිතෙන විදියට මූණත් හදාගෙන.

"තනියම කොහෙද? ඇයි අද එක්කෙනෙක් කිව්වේ එයත් එක්ක යන්න පුලුවන් කියලා" අසේලි කිව්වේ නෙහාරාට ඇහැක් ගහන ගමන්.

"අනේ...මේ..එයා දැනටම ගිහින්ද කොහෙද.කෝ පෙන්නවත් නෑනේ" නෙහාරා කිව්වේ වටපිට බලන ගමන්.

"මේ ඇත්තටම ඔයාගෙයි ජීවකගෙයි මොකක්ද වෙන්නේ? දැන් ඒක හරිද?" 

"මොනවද? එහෙම මුකුත් නෑ.උඹට පිස්සු" නෙහාරා එහෙම කිව්වේ හිනා වෙන ගමන්.

"අනේ...මේ මට බොරු කරන්න එපා" 

"දවසෙම මාත් එක්ක එල්ලෙන්න එන කොල්ලෙක් එක්ක මොන ලව් ද බං.විකාර නොකිය ඉදහන්" 

"ආ...අන්න එනවා ගියා කියපු කෙනා" අසේලි පෙන්නුවේ ඈතින් එන ජීවක ව.

" මං හිතුවා ගිහින් කියලා" ජීවක එතනට කිට්ටු වෙද්දිම නෙහාරා කිව්වේ නෝක්කාඩු හඩකින්.

"ජයතිස්ස සර් කතා කරා අර ලෙක්චර් ටයිම් ටේබල් දෙන්න.මං මැසේජ් එකක් දැම්මනේ" ජීවක කියද්දි නෙහාරා කලබලෙන් දුරකථනය අතට ගත්තා.

"ආ...මේ මේකට මැසේජ් දාලා වැඩක් නෑ.මැසේජ් සයිලන්ට් දාලා තියෙන්නේ.කොල් කරන්න එපැයිනේ ඔයා.තව ටිකෙන් මං යනවා" නෙහාරා කියද්දි ජීවක රැව්වා.

"ඉතින් ඔයා සයිලන්ට් දාගත්තට මං මොනවා කරන්නද? මට කෑගහන්නේ මොකටද?" 

"කවුද කෑගැහුවේ.ඒ මං කතා කරන හැටි" නෙහාරාත් ජීවකට පරදින්න කැමති වුනේ නෑ.

"හරි හරි මේ දැන් හරිනේ ඕක.රණ්ඩු වෙන්න එපා" අසේලි කිව්වේ මේ රණ්ඩුව අහගෙන ඉදලා එපා වෙලා.

"ආදිත්‍ය අයියා නැද්ද තාම" ජීවක ඇහුවේ අත් ඔර්ලෝසුව දිහා බලන ගමන්.

"මග එනවාලූ. සිකුරාදානේ. ට්‍රැෆික් කිව්වා. ඔයාලා යන්න. "

" කමක් නැද්ද?" නෙහාරා ඇහුවේ අසේලිගේ අතකින් අල්ලගන්න ගමන්.

"කමක් නෑ බං.පලයන්.මං එන්නම්" 

"හරි අපි යනවා එහෙනම්.බායි.පරිස්සමෙන් යන්න" 

නෙහාරායි ජීවකයි එතනින් පිටත් වුනාට පස්සේ අසේලි ආයෙත් දුරකථනය අතට ගත්තේ ආදිත්‍යට දුරකථනය ඇමතුමක් දෙන්න හිතාගෙන.

"නංගි මොකද මෙතන තනියම" ඒ ඇහුනු කටහඩට අසේලි හැරිලා බැලුවා.එතන හිටගෙන හිටියේ ගගන.

පහුගිය කාලෙම ගගනගෙන් අසේලිට ආපු දුරකථන ඇමතුම් කෙටි පණිවිඩ වලින් අඩුවක් තිබ්බේ නෑ.ඒ වගේම විශ්ව විද්‍යාලෙදිත් සැරින් සැරේටම කතා කරන්න එන එක අසේලිට කරදරයක් වෙලා තිබුනේ.

"ආ...මේ බෝයිෆ්‍රෙන්ඩ් එනවා කිව්වා අයියේ" පුලුවන් තරම් හොදින් කියපු අසේලි ආයෙත් ඈත බැලුවේ ආදිත්‍ය එනවද කියලා.

"  තාමත් හිතේ තියෙන්නේ ඒ ග්‍රැෆික් කාරයා ගැනද? උපාධියක් කරන එකේ ඒකට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනේ නංගි.ඕවා ඔයාට තේරෙන්නේ පස්සේ" ගගන කියද්දි අසේලි ගගන දිහා හැරිලා බැලුවා.

"එයා ග්‍රැෆික් ජොබ් එකට කරාට එයා ඕස්ට්‍රේලියාවේ කැම්පස් එකක ඉගෙන ගන්නේ.මේ නිවාඩුවට ආපු ගමන් ඉන්නේ.අනික මේ උපාධිකාරයෙක් කිව්වම එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ.උපාධිකාරයොත් ඉන්නවා ඉගෙන ගෙන නෑ වගේ හැසිරෙන" අසේලි එහෙම කියාගෙනම අහක බලාගත්තා.

"නංගි ඒ මටද කිව්වේ?" 

"තොප්පිය හරි නම් දාගත්තට කමක් නෑ අයියේ" අසේලි කිව්වේ ඒ පැත්ත බලන්නෙවත් නැතුව.ඒ නිසා ගගන ඇවිත් හරියටම අසේලිගේ ඉස්සරහින් හිටගත්තා.

"මේ නංගි මං මේ බොහොම හොදින් මෙච්චරවෙලා කතා කරේ.හිතන්න එපා අපි පොන්නයෝ කියලා කියන කියන ඒවා අහන් ඉන්න.හොදට බලාගන්නවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා.ඕක හරියන මගුලක් නෙවෙයි.මං අද කිව්වා කියලා හිතාගන්නවා" ගගන කිව්වේ කේන්තියෙන් දත්මිටි කන ගමන්.එච්චරවෙලාම අහක බලාගෙන හිටපු අසේලිගේ හිතට සහනයක් දැනුනේ එතන බස් නැවතුමේ නවත්තපු බස් එකෙන් බහින ආදිත්‍යව දැකලා.ගගන එතන හිටගෙන බලාගෙන ඉද්දිම අසේලි ආදිත්‍ය ලගට දුවලා ගියා.

"මේ මොකද?" කලබලේ තමන් ලගට ආපු අසේලිව දැකපු ආදිත්‍ය ඇහුවේ කුතුහලයෙන්.

"මෙච්චර වෙලා මොකද අනේ කරේ? මං කීයේ ඉදන්ද මෙතන බලන් ඉන්නේ" අසේලි කිව්වේ ඈත ඉන්න ගගන දිහාත් බලන ගමන්.ගගන තාමත් තමන් දිහා බලන් ඉන්න බව තේරුනු අසේලි ආයෙත් ආදිත්‍ය දිහා බැලුවේ බය වෙලා.අසේලි එක්කම බලපු ආදිත්‍ය ගගනව දැක්කා.

"අරූ මොනවා හරි කිව්වද?" ආදිත්‍ය ඇහුවේ තරහෙන් අත් මිට මොළවගන්න ගමන්.

"නෑ නෑ අපි යමු මෙතනින්" අසේලි එහෙම කියාගෙනම ආදිත්‍යගේ අතින් ඇද්දත් ආදිත්‍ය බලාගෙනම හිටියේ ගගන දිහා.

"අසේලි.." ආදිත්‍ය ඒ සැරේ අසේලි දිහා බැලුවේ අසේලිගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්.ඒකට අසේලි හොද හුස්මක් හෙලුවා.

"මං කියන්නම්.බස් එකේදි.යමුකෝ දැන්" අසේලි කියද්දි ආදිත්‍යත් ආපහු හැරුනා.

"කොටුවට ගිහින් යනවද? ශීට් නැති වේවි වාඩි වෙන්න" ආදිත්‍ය ඇහුවේ බස් නැවතුමේ බලන් ඉන්න අතරෙදි.

"කමක් නෑ.මෙහෙම යමු.කොටුවට ගියොත් පරක්කු වෙනවා.අයියා සැක කරාවි එතකොට" අසේලි කියද්දි ආදිත්‍යත් ඔලුව වැනුවා.

හිතුවා වගේම එයාලා නැගපු ගාල්ල කොළඹ බස් එකේ වාඩි වෙන්න ඉඩ තිබ්බේ නෑ.දෙන්නගෙම බෑග් උඩ රාක්කෙට දාපු ආදිත්‍ය අසේලි ලගින්ම හිටගත්තා.

"අද මං ටිකට් ගන්නේ" අසේලි කිව්වේ සල්ලි ගන්න ගමන්.

"මං ගන්නම්.දැන් මට අයිතියක් තියෙනවනේ ගන්න" ආදිත්‍ය කියද්දි අසේලි රැව්වා.

"ඒ අයිතිය තියෙන්නේ ඔයාට විතරයිද? මට බැරිද ඔයාටත් එක්ක ටිකට් ගන්න" 

"පුලුවන්...ඒ ඔයාගේ සල්ලි නම්.ඔයා තාම වියදම් කරන්නේ තාත්තාගේ සල්ලිනේ.මට මාමාණ්ඩිගේ සල්ලි වලින් බස් එකේ යන්න බෑ.ඔයා ජොබ් එකක් කරද්දි මටත් එක්ක ගන්න.දැන් මං ගන්නම්" ආදිත්‍ය කියද්දි නම් අසේලිට හිනා ගියා.

"කලුතර දෙකක්" ආදිත්‍ය දෙන්නටම බස් එකට ටිකට් ගත්තා.

"හරි දැන් කියන්න.මොකක්ද අර කොල්ලාගේ සිද්දිය?" 

"එයා මගෙන් යාලු වෙන්න අහනවා" අසේලි කිව්වේ ඇහෙන නෑහෙන හඩින්.

"ඌ දන්නවනේ ඔයාට කොල්ලෙක් ඉන්නවා කියලා"

"ඔව්...ඒත් අහනවා.කෝල් කරනවාත් එක්ක" 

"කවද්ද කතා කරේ?" 

"දැන් මාසෙක විතර ඉදන් කෝල් කරනවා.මැසේජ් එවනවා" 

" මාසෙක ඉදන්? නිකමටවත් මට කිව්වේවත් නෑ නේද?" 

"එතකොට ඉතින් ඕක කියන්න ඕනේ කියලා හිතුවේ නෑ" අසේලිගේ කතාවට ආදිත්‍ය හුස්මක් හෙලුවා.

"අසේලි මේ බලන්න." ආදිත්‍ය කියද්දි අසේලි එයා ලගම හිටගෙන ඉන්න ආදිත්‍ය දිහා ඔලුව උස්සලා බැලුවා.

"ආයේ එහෙම ඒ වගේ දේවල් මට කියන්නම ඕනේ හරිද? මට ඕනේ නෑ කොහේවත් යන පිස්සෙක් නිසා අපි දෙන්නා අතරේ ප්‍රශ්න ඇති කරගන්න.ඊලගට මට දෙන්න ඌගේ නම්බර් එක.මං කතා කරලා මේක බේරුමක් කරගන්නම්"

"අනේ...." 

"මොකද අනේ...?" 

"එයා සැර නපුරු එක්කෙනෙක්.ඔයා ඒ කොල්ලා එක්ක පැටලෙන්න එපා" 

"අනේ මේ උගේ නපුරුකම් මට අදාළ නෑ.ඔයා බය නැතුව ඉන්න.මේ ඌට ගිය රට නෙවෙයිනේ" ආදිත්‍ය කිව්වත් අසේලිගේ මූණේ තිබ්බේ නොසන්සුන් පෙනුමක්.ඒ නිසාම ආදිත්‍ය එක අතක් අසේලිගේ වටෙන් අත දාලා අසේලිට එහා තිබුනු ශීට් එක අල්ලගත්තා.ඒකෙන් වුනේ අසේලි තවත් ටිකක් ආදිත්‍ය ට ලං වුනු එක.

"මේ මොකද? අත ගන්න.මිනිස්සු දකිවී" අසේලි කිව්වේ වටපිට බලන ගමන්.

"යකෝ මේක මාර වැඩක්නේ..මිනිස්සුන්ට වෙන වැඩ නෑ කියලද ඔයා හිතන්නේ.අනික මේ මං ඔයාගේ අතකින්වත් අල්ලලද? ඔහොම හරි යන්නේ නෑ.මේවට පුරුදු වෙන්න වෙනවා" ආදිත්‍ය කියද්දි අසේලිගේ මූණ රතු වුනා.

"අනේ මේ..ඔයාට ඕවා පුරුදු වුනාට මට පුරුදු නෑ" 

"ඉතින් මටත් නෑ තමයි.මොකෝ මට කලින් කෙල්ලෝ හිටියා කියලාද හිතන්නේ.දැන් තමයි මාත් පුරුදු වෙන්නේ" 

"කවුද දන්නේ එහේදි හිටියද කියලා"  අසේලි කිව්වේ ආදිත්‍ය දිහා හොරෙන් බලන ගමන්.

" ආ....ඒක නම් ශුවර් නෑ තමයි.ටිකක් මතක් කරලා බලන්න ඕනේ.මටත් හරියට මතක නෑ අනේ හිටියද කියලා"  ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍යගේ අතක් හෙමීට කෙනිත්තුවා.

"ඌයි...මේ කොටි නියපොතු වගේ වවාගෙන" ආදිත්‍ය කිව්වේ අත අල්ලගන්න ගමන්..

"ඕනේ නැති විහිලු කරන්න ආවාම එහෙම තමයි" අසේලි කිව්වේ රවන ගමන්.

"මේ අන්න අතන එක්කෙනෙක් බහින්න හදන්නේ.වාඩි වෙන්න එතනින්" ආදිත්‍ය පෙන්නුවේ එතන ලග නැගිටින්න හදන ගෑනු ලමයෙක්ව.

"ඔයා හිටගෙනනේ..මං ඉන්නම්.කමක් නෑ" 

"මේ පිස්සු නැතුව වාඩි වෙනවා.මං ලග ඉන්නවනේ" ආදිත්‍ය බල කරලාම කියපු නිසා අසේලි එතනින් වාඩි වුනා.

ශීට් එකේ වාඩි වුනු අසේලිට නින්ද යන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

'මේ කෙල්ල බස් එකක ගියොත් නිදි' ආදිත්‍ය කල්පනා කරේ නිදාගෙන ඉන්න අසේලි දිහා බලන ගමන්.

කලුතර බහින්න කිට්ටු වෙලා තමයි ආදිත්‍ය අසේලිව ඇහැරෙව්වේ.

"අසේලි බහිමු..." ආදිත්‍ය කියද්දි ගැස්සිලා නැගිට්ට අසේලි කොණ්ඩේත් අතින් හදාගත්තා.බෑග් එකත් අරගෙන ශීට් එකෙන් නැගිට්ට අසේලි එක පාරටම කටට අතක් තියාගත්තා.

"අයියෝ..." අසේලි කිව්වේ කලබලෙන් දුරකථනය අතට ගන්න ගමන්.

"ඇයි?" 

"අයියට කිව්වේ නෑනේ දැන් ලගයි කියලා.දැන් බැහැලා ඉන්න වෙනවා" අසේලි කිව්වේ දුරකථනය කණේ තියාගෙනමයි.

"................."

"හෙලෝ අයියේ....."

"......................"

"ඔව් අයියේ....ලගයි...එන්න දැන්" 

".............."

දුරකථනය විසන්දි කරපු අසේලි දුරකථනය ආයෙත් සාක්කුවට දාගත්තා.

කලුතර බෝධිය ලගින් බැහැපු අසේලි වගේම ආදිත්‍ය ත් බලන් හිටියේ නිමන්ත එනකම්.රෑ 8  විතර වෙලා තිබුනත් ඒ වෙද්දිත් පාරේ සෙනග හිටියා බෝධියේ විදුලි ආලෝකයෙන් පේන අසේලිගේ මූණ දිහා ටිකක් බලන් හිටපු ආදිත්‍ය හෙමීට අසේලිගේ අතින් අල්ලගත්තා.

ආදිත්‍ය අල්ලගන්නවා දැනුනු අසේලි එක පාරටම බැලුවේ අත දිහා ඊට පස්සේ තමන් දිහා බලන් ඉන්න ආදිත්‍ය දිහා බලලා බිම බලාගත්තේ හිනාව තද කරගෙන.

"ආයේ එහෙම තනියෙන් බස් එකේ යද්දි නිදාගන්න එපා" එක පාරටම ආදිත්‍ය කියද්දි අසේලි බැලුවේ පුදුමෙන්.

"ඇයි?" 

"ඇයි කියන්නේ? මැරිලා වැටිලා වගේ නිදි.එහා පැත්තේ කොල්ලෙක් වාඩි වුනා නම් සැපට යාවි ඌ" ආදිත්‍ය කියද්දි අසේලි ආදිත්‍ය ගේ අත කෙනිත්තුවා.

"ඌයි....මේ ඔය කොටි නියපොතු කපාගන්න හරිද? නැත්තම් මගේ අත ඉතුරු වෙන්නේ නෑ" ආදිත්‍ය කිව්වේ අසේලි රවන දිහා බලාගෙන.

එතකොටම එතන ඉස්සරහ සුදු වෑන් එකක් නැවතුනා.මුකුත් හිතාගන්නවත් වෙලාවක් නොදී ඒකෙන් මිනිස්සු කට්ටියක් එලියට පනිද්දි ආදිත්‍යගේ ඔලුවට පිටිපස්සෙන්  ලොකු පහරක් වැදුනා.

"ආදිත්‍ය....." අසේලිගේ කෑගැහිල්ල ඈතින් ඇහෙද්දි ආදිත්‍ය ගේ ඇස් පියවුනා.

******************************************
දවස් හතරකින් මේ කතාව ගේන්නේ.සමාවෙන්න එහෙම වෙනවට.ඒත් හැමදේකටම වඩා මගේ රැකියාව වැදගත්.විශේශයෙන්ම ඒක ගුරු වෘත්තිය නිසා.ගුරුවරු ඉන්නවා නම් දන්නවා ඇතිනේ පලමු වාරයේ විශය නිර්දේශ සම්පූර්න කරන එකේ අමාරුව 🙈 

හෙට අනිවාර්‍යෙන් ම කොටසක් ගේනවා.ඒකේ බාගයක් ටයිප් කරලා තියෙන්නේ.ඒ නිසා සැක හිතන්න එපා.හෙට දානවා මයි.

ඒ වගේම මේ කතාව ඉක්මනින්ම අවසන් වේවි 😅💜️

ආදරෙන් ඉන්න ❤️ 

Tuesday, February 19, 2019

මන්දාරම් අහස යට - තිස් අට වන කොටස



අසේලි තමන්ගේ ලගින් ඇවිදගෙන යනවා ආදිත්‍ය ට පෙනුනා.ආයෙත් සැරයක් අසේලිව නැති කරගන්න ආදිත්‍ය ට ඕනේ වුනේ නෑ .ඒ නිසා අසේලිගේ අතකින් ඇදලා තමන් ලගට ගත්ත ආදිත්‍ය අසේලිව තුරුල් කරගත්තා.එත් අසේලි උත්සහ කරේ ආදිත්‍ය ගේ ග්‍රහණයෙන් ගැලවෙන්න.ඒ බව තේරුණු ආදිත්‍ය අසේලිව තවත් තදින් තුරුල් කරගත්තා.

"ඔන්න ඔහොම ඉන්න" තුරුල් කරගන්න ගමන්ම ආදිත්‍ය මිමිණුවා.

"ආදිත්‍ය..." අසේලිගේ කටහඩ ආදිත්‍ය ට ඇහුනේ කෙදිරිලි හඩක් වගේ.ඒ කටහඩ ආදිත්‍ය ගේ හිතේ ඇති කරේ අමුතුම සතුටක්.

"ආදිත්‍ය...අතාරින්නකෝ " අසේලිගේ කටහඩ ඒ සැරේ ඇහුනේ කලින්ට වඩා ටිකක් සද්දෙන් කියලා ආදිත්‍ය ට තේරුනා.ඒ කටහඩ ඇහෙද්දී ආදිත්‍ය ට ඉබේටම හිනාවක් ගියා.

'මේ කෙල්ලගේ සද්දෙ නම් තියෙනවා' ආදිත්‍ය හිතුවේ ඒ හිනාව අතරින්මයි.

"ආදිත්‍ය....නැගිටින්නකෝ අනේ මගේ මේ අත ත් රිදෙනවා" අසේලිගේ කටහඩ ත් එක්කම පපුව මැදින් දැනුනු වේදනාවක් නිසා ආදිත්‍ය ඇස්  ඇරියේ මේ මොකක්ද බලන්න.වටේට මහා කරුවලක් මැදින් වැටුණු කහ පාට එලිය දිහා ආදිත්‍ය බැලුවේ පුදුමෙන්.

"අයියෝ...නැගිටින්නකෝ ආදිත්‍ය...පුදුම නින්දකනේ මේක" කන ලගින්ම වගේ අසේලිගේ කටහඩ ඒ සැරේ ඇහුනේ ටිකක් තරහෙන් වගේ නිසා ආදිත්‍ය ඔලුව හරවලා බැලුවේ තමන්ට තුරුල් වෙලා එයා දිහාම බලන් ඉන්න අසේලි දිහා.

ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න අසේලිව ආදිත්‍යට පෙනුනේ ජනේලෙන් වැටිලා තිබුනු කහ පාට එළියෙන්.ඒ දිලිසෙන ඇස් දෙක දිහා ආදිත්‍ය බලාගෙනම හිටියා.එතකොටම ආපු හුලගත් එක්ක අසේලිගේ කොණ්ඩේ මූණ පුරා විසිරෙද්දි ආදිත්‍ය ඒ කොණ්ඩේ හෙමීට අතින් අල්ලගත්තා.ආදිත්‍යගේ අතැගිලි මූනේ ගෑවෙනවත් එක්කම අසේලි ඇස් පියාගත්තේ මුලු ඇගම සීතල වෙද්දි.අසේලිගේ මූණට වැටිලා තිබුනු කෙස්ගස් ටික ආදිත්‍ය පරිස්සමෙන් අසේලිගේ කණ පිටිපස්සෙන් රැදෙව්වේ ඇස් පියාගෙන ඉන්න අසේලි දිහා බලාගෙනමයි.කෙස් ටික රදවපු ආදිත්‍ය ඒ අතින්ම අසේලිගේ කම්මුල දිගේ අත යවද්දි අසේලිගේ පපුව ගැහෙන්න පටන් ගත්තා.ඒත් ඒ අත අසේලිගේ තොල් මතට එද්දි අසේලි ඉබේටම වගේ ආදිත්‍යගේ අත අල්ලගත්තේ එයා නොදැනීමයි.

"ආදිත්‍ය...." හෙමින් සැරේ ඇස් ඇරපු අසේලි කෙදිරිලි හඩින් මුමුණද්දි ආදිත්‍ය අසේලිගේ මුනෙන්  අත ගත්තා.

එත් එක්කම වගේ ආදිත්‍ය අසේලි ගේ ග්‍රහණය ලිහිල් කරා.අසේලි කලබලෙන් එතනින් නැගිට්ටා.මුකුත් හිතාගන්න බැරි වුනු ආදිත්‍ය මෙට්ටේ උඩින් වාඩි වුනා.ඇද උඩ වාඩි වුනු අසේලි කොණ්ඩේ අතින් හදාගන්න ගමන්ම වටපිට බැලුවේ ලජ්ජාවෙන්.

" ආ...මේ...සොරි" ආදිත්‍ය කියද්දී අසේලි හෙමිට ආදිත්‍ය දිහා බැලුවා.

"කමක් නෑ .මම යි වැටුනේ ඔයාගේ ඇගට" අසෙලි කිව්වේ ලජ්ජාවෙන්.

"ආ.....ම්ම්ම්...එහෙනම් නිදාගන්නවද?" ආදිත්‍ය අහද්දී අසේලි ඔලුව වැනුවා.

අසේලි ඇදෙන් ඇලවෙනවා ත් එක්කම ආදිත්යත් මෙට්ටෙන් ඇලවුනාට ආදිත්‍ය ට නම් නින්ද අහලකවත් තිබුනේ නෑ .ටිකකින් ආයෙමත් ඇගට වැටුණු සෙවනැල්ල නිසා ආදිත්‍ය ඔලුව උස්සලා බැලුවා.අසේලි ඇදෙන නැගිටිනවා ආදිත්‍ය දැක්කා.

"ඇයි අසේලි" ආදිත්‍ය ඇහුවේ මෙට්ටෙන් ආයෙමත් වාඩි වෙන ගමන්.

"මට වතුර තිබහයි"

"ඉන්න මං ගෙනත් දෙන්නම්"ආදිත්‍ය කිව්වේ මෙට්ටෙන් නැගිටින ගමන්.

"මේසේ උඩ මැණිකේ නැන්දා වතුර එකක් තිබ්බා කිව්වා." අසේලි කිව්වේ ආදිත්‍ය නැගිටලා යද්දී.

කරුවලේම ආදිත්‍ය වතුර වීදුරුව ගෙනත් අසේලිට දීලා ආයෙමත් මෙට්ටෙන් වාඩි වුනා.

"තැනක් යූ" අසේලි වතුර එක ගත්තේ එහෙම කියන ගමන්.වතුර එක බිලා ඉවර කරපු අසේලි වීදුරුව තියන්න නැගිටින්න හැදුවත් ආදිත්‍ය ඒ වීදුරුව අරන් එතන මේසෙකින් තිබ්බා.දෙන්නම ආයෙත් ඇලවුණේ නිදාගන්න හිතාගෙන වුනාට නින්දක් දෙන්නගෙම හිත කොනකවත් තිබුනේ නෑ .

"අසේලි..." ආදිත්‍ය කතා කරේ මෙට්ටේ ඇල වෙලා ඉන්න ගමන්මයි.

"ම්ම්ම්...." 

"ඇයි ඔයා දේදුණු ට අකමැති?" ආදිත්‍ය ඇහුවත් අසේලිගෙන් උත්තරයක් ලැබෙන්න ටිකක් වෙලා ගියා.

"එහෙම එකක් නෑ" 

"නැති වෙන්න බෑ.දැන් ඔයා ටිකක් කල්පනා කරෙත් මට ඒක කියනවද නැද්ද කියලනේ" 

ආදිත්‍ය කියද්දි අසේලිට දැනුනේ පුදුමයක්.

'මෙයා කොහොමද මේ තරම් හොදට මං හිතපු දේ කිව්වේ' අසේලි කල්පනා කරේ පුදුමයෙන්.

"නෑ ඒක මේ එහෙම අකමැත්තක් නෙවෙයි.එත් එයා කියන දේවල් මට තේරෙන්නේ නෑ"  අසේලි කිව්වේ හිත හිත

"මොනවද තේරෙන්නේ නැත්තේ? මොනවද එයා කිව්වේ?" 

"අපෝ ඒවා ඔයාට කියන්න බෑ.මං කේලම් කියන්නේ නෑ" 

"කේලමක් වෙන්නේ කොහොමද ඒවා.ඔයාලා මං ගැනනේ කතා වෙන්න ඇත්තේ කොහොම හරි.ඒවා දැනගන්න එක මගේ අයිතියක්" 

"අපෝ මෙයා ගැනම කතා කරන්න මෙයා හරි රාජ කුමාරයා" අසේලි සරදම් ස්වරයෙන් කියද්දිම ආදිත්‍ය ආයෙත් මෙට්ටේ උඩින් වාඩි වුනා.ඒ වෙද්දිත් අසේලි ඒ පැත්තට හැරිලයි හිටියේ.

"මේ ඔයා දැන් මට කියනවද නැද්ද?" ආදිත්‍ය ඇහුවේ අසේලි දිහාම බලාගෙන.

"බෑ බෑ බෑ මයි" 

"හරි එහෙනම් මාත් කියන්නේ නෑ" ආදිත්‍ය එහෙම කියාගෙනම ආපහු ඇල වුනා.

"මොකක්ද කියන්නේ නැත්තේ ඔයා?" ඒ සැරේ අසේලි ඇහුවේ කුතුහලයෙන්.

"මං ඔයාට කියන්න හිතාගෙන හිටපු දෙයක්.අර මහ වැස්සේ මං දුවගෙන ආවේ ඒක කියන්න.දැන් ඉතින් කියන්නේ නෑ" ආදිත්‍ය කියද්දි අසේලිගේ මූණ බෙරි වුනා.ඇදෙන් පහළට ඔලුව දාලා අසේලි බැලුවේ ඇස් පියාගෙන මෙට්ටේ දිගා වෙලා ඉන්න ආදිත්‍ය දිහා.

"අනේ....කියන්නකෝ" අසේලි කියද්දි ආදිත්‍ය ඇස් ඇරලා බැලුවා.

"ඔයාගෙන් අහපු එකට කිව්වට පස්සේ මං කියන්නම්" 

"බෑ බෑ මට බෑ.අනික ඒකෙයි මේකෙයි සම්බන්දයක් නෑනේ.මගෙන් කේලම් අහගන්න හදන්නේ ඔයා"අසේලි කියද්දි ආදිත්‍යට හිනා ගියා.

'මේ කෙල්ලගේ හුරතලේ' ආදිත්‍ය හිතුවේ අසේලි දිහා බලාගෙනමයි 

"කියන්නකෝ..." අසේලි ආයෙත් අහද්දි ආදිත්‍ය ටිකක් කල්පනා කරා.

"හරි එහෙනම් මෙහෙම කරමු.මං හිතාගන්නම් ඔයාට ඉරිසියා නිසයි ඔයා දේදුණු ට අකමැති කියලා.එහෙම හිතාගෙන මං මගේ කතාව කියන්නම්" ආදිත්‍ය එහෙම කියද්දි අසේලිගේ ඇස් ලොකු වුනා.

"ඇයි....ඇයි....එහෙම හිතන්නේ? මං එහෙම කිව්වේ නෑනේ"

"මට නම් පේන්නේ එහෙම තමයි.නැත්තම් ඔයාට වෙන දේදුණු එක්ක ප්‍රශ්නයක් තියෙන්න බෑනේ" 

"මං මොකටද එයාට ඉරිසියා කරන්නේ?"

"මං දෙනුවන් ට ඉරිසියා කරන හේතුවටම තමයි" ආදිත්‍ය අසේලි දිහා හොදට බලලා කිව්වා.

"ඇ..ඇයි ඒ ඔයා දෙනුවන්ට ඉරිසියා කරන්නේ?" 

" එයා ඔයා එක්ක කතා කරනවා වැඩියි.එකට යනවා එනවා වැඩියි.ඔයත් එයා එක්ක හිනා වෙනවා වැඩියි.හෝර්ටන් ප්ලේස් එකේදි අතිනුත් අල්ලගෙන නේද ගියේ?.ඉතින් මට ඉරිසියා හිතෙන එකේ අසාධාරණේ මොකක්ද?" ආදිත්‍ය කියවගෙන යද්දි අසේලි අහගෙන හිටියේ කටත් ඇරගෙන.

"ඉතින්....ඉතින්...ඔයත් එහෙමනේ.දේදුණු එක්කනේ හැමතැනම ගියේ.නිකමට වත් මං උන්නද මලාද බැලුවේ නෑ.දැන් මෙතන ඉරිසියා යිලු" අසේලි ඒක කිව්වේ තරහින්.

"ඒ මගේ නංගි කෙනෙක්.ඒක මං ඔයාට කිව්වා.ඒත් දෙනුවන් ඔයාට ට්‍රයි කියලා ඔයා මට නිකමට වත් කිව්වද?" ආදිත්‍ය අහද්දි අසේලි ආදිත්‍ය දිහා බැලුවේ පුදුමෙන්.

"ඔයා කොහොමද ඒක දන්නේ?" 

"ඔච්චර එකක් මට නොපෙනෙන්න මං බබෙක් කියලා හිතුවද?" ආදිත්‍ය ඇහුවේ තරහෙන්..

"හරි....ඉතින්...එයා ට්‍රයි වගේ වුනාට මගෙන් එහෙම අහලා නෑ මුකුත්" 

"අහනකම් ද ඉතින් බලන් ඉන්නේ?" 

" වෙන කවුරුවත් අහන්නෙත් නැති එකේ එයාවත් අහපුදෙන්" අසේලි එහෙම කියද්දි ආදිත්‍ය හොද හුස්මක් හෙලුවා.එහෙම්ම මෙට්ටෙන් වාඩි වුනු ආදිත්‍ය ඇදේ තාමත් ඇලවෙලා ඉන්න අසේලිගේ මූණට එබුනේ අසේලිවත් බය කරලා.

"කටින් අහන්න ඕනේ හිතින් කියාගන්න බැරි අය.ඔයා හිතින් මට උත්තරයක් දීලා ඉවරයි.ආයේ කටින් කාටවත් උත්තර දෙන්න ලෑස්ති වෙන්න එපා" 

ආදිත්‍ය එහෙම කියද්දි අසේලි බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.ආදිත්‍ය ආයෙත් ඇද පහල මෙට්ටෙන් ඇල වුනත් අසේලි තාමත් හිටපු විදියටම හිටියේ මුකුත් හිතාගන්න බැරුව.

'අනේ....දෙයියනේ....මේ...ඔහොම කියනවද ඕවා' අසේලි හිතුවේ පපුවත් අල්ලගෙන.

'පපුවත් ගැහෙනවා දෙයියනේ...අයියෝ....මේ මොකද වුනේ' අසේලි පොරවගෙන හිටපු බ්ලැන්කට් එකෙන් ඔලුවම වහගත්තා.

'ඒ මූණ....රතු වෙලා....ජම්බු ගෙඩියක් වගේ මං ඒක කියද්දි.....මට අල්ලලා ඉබින්න තිබ්බා නම්..නෑ නෑ ආදි...උඹ එහෙම නොකරපු එක හොදයි.නැත්තම් මොනවා වේවි ද දන්නේ නෑ' ඇද පහළ ඉදගෙන ආදිත්‍ය කල්පනා කරේ තනියෙන් හිනා වෙවී.

සෑහෙන වෙලාවක් ගියත් දෙන්නාගෙන් කවුරුවත් කතා කරේ නෑ.

"දේදුණු මං පොඩි කාලේ සෙල්ලම් කරපු නංගි කෙනෙක්.මට එයාව මතක තිබ්බත් අම්මලට එයාව මතක නෑ" ආදිත්‍ය කතා කරන්න පටන් ගත්තේ අසේලි අහගෙන ඇති කියන විශ්වාසෙන්.මොනවා වුනත් අසේලිට දේදුණු ගැන කියන එක හොදයි කියලා ආදිත්‍ය හිතුවා.

"ඇයි ඒ?" හිතුවා වගේම අසේලි ඇහුවා.

"දන්නේ නෑ.පොඩි කාලේ මං සෙල්ලම් කරාලු ලග ගෙවල් කීපයකම කට්ටියත් එක්ක.ඒත් ඒ කාටවත් දේදුණු කියලා දුවෙක් හිටියේ නෑලු" 

"ඔයාට නම අමතක වෙලා නෙවෙයිද?" 

"අපෝ නෑ...එයා මට දීපු පොතකුත් මං ලග තියෙනවා.ඒකේ නම තියෙන්නේ දේදුණු" 

"හ්ම්...ඉතින් එතකොට මේ දේදුණු?" 

"මේ දේදුණු මං හරි අමාරුවෙන් ලංකාවට ඇවිත් හොයාගත්තේ.එයාගේ අයියා තමා කියලා තියෙන්නේ මං සෙල්ලම් කරා කියලා දේදුණු එක්ක.දේදුණු ට මතක නෑ" 

" ඔයා රට යන්න කලින්ද? ගොඩක් පොඩියිද එතකොට ඔයා?" 

"ඔව් මට 7යි.දේදුණු ට 5යි" 

"ආ...පොඩියි තමයි නේද?" 

"ඒකනේ...ඒ මගේ නංගි කෙනෙක් වගේ එයා.වෙන දෙයක් නෑ" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"හරිද?" ආදිත්‍ය ආයෙත් ඇහුවේ අසේලි ගෙන් උත්තර යක් නැති නිසා

"හරි හරි මට නිදිමතයි නිදාගමු" අසේලි කිව්වේ බ්ලැන්කට් එක හොදට පෙරවගන්න ගමන්.

පහුවදා උදේම සුමනේ ත්‍රී වීල් එකෙන්ම මේ දෙන්නව ආපහු ගිහින් ඇරලුවා.ඒ වෙද්දිත් කට්ටිය බය වෙලා හිටියේ මේ දෙන්නට වෙච්ච දෙයක් දන්නේ නැතුව.

"අම්මෝ...ඇති යන්තම් ආවා.." අවිශ්ක කිව්වේ ආදිත්‍ය ව බදාගන්න ගමන්.

"ඔන්න අවිශ්කයා තමා මෙතන මැරෙන්න හැදුවේ" මිගාර කියද්දි අවිශ්ක රැව්වා.

"නැතුව ඉතින්.මූ නාවා නම් මට ඇත්තටම මැරෙන්න වෙනවා ගෙදරට උත්තර දීලා" 

"කෝ දේදුණු ?" ආදිත්‍ය ඇහුවේ වටපිට බලන ගමන්.

"දේදුණුගේ බෝයියා ආවානේ බං උදේම මෙතනට.ඒපාර කෙල්ල ගියා" ක්‍රිශාන් කියද්දි ආදිත්‍ය ට එක පාරටම බැලුවේ අසේලි දිහා.

"කොල්ලට තද වෙලා ද හිටියේ?" 

" තද වෙලාද බුරුල් වෙලාද මං දන්නේ නෑ.කොහොම හරි කෙල්ලට යන්න වුනා.උඹ කෝල් එකක් දීපන්.උඹ නෑ කියලා ඒකිත් අවුලෙන් හිටියේ" ක්‍රිශාන් කියද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"හරි හරි මං ගන්නම්...දැන් යන්න දීපන් මට වොශ් එකක් දාගන්න" ආදිත්‍ය හැදුවේ කට්ටියගෙන් බේරිලා ඇතුලට යන්න.

"හරි හරි මස්සිනා පලයන්කෝ ඇතුලට.කොහොමත් උඹට අපට කියන්න වෙනවා වෙච්ච දේවල්" මිගාර කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.ඒ කතාවට අසේලිගේ මූණ රතු වුනා.

"අනේ...බං පිස්සු නොකිය හිටපන්" ආදිත්‍ය ඇතුලට ගියේ මිගාරට පාරකුත් ගහන ගමන්.

ආදිත්‍ය ත් අසේලිත් ලෑස්ති වුනාට පස්සේ කට්ටියම ආපහු එන්න පිටත් වුනා.

මිගාරට වගේම අවිශ්කටත් පහුවදා පාන්දරම විභාගයක් තිබ්බ නිසා පුලුවන් ඉක්මනින්ම ආපහු එන්නයි හැමෝටම ඕනේ වුනේ.

හවස 6 විතර වෙද්දි කලුතර දුම්රිය ස්ථානයෙන් බැහැපු කට්ටිය තම තමන්ගේ ගෙවල් වලට ගියා.දුම්රිය ස්ථානයෙන් බැස්සත් ආදිත්‍ය ට අසේලි එක්ක කතා කරන්නවත් බැරි වුනේ අසේලිව එක්කගෙන යන්න එයාගේ අයියා නිමන්ත ඇවිත් හිටපු නිසා.

ගෙදර ගිහින් බෑග් එකත් ඇද උඩට වීසී කරපු අසෙලි ඒ ඇදුමෙන්ම ඇද උඩ ඇලවුනා.

"ඒයි මෙන්න එක්කෙනෙක් ඇවිල්ලා.කෝ මට මොනවද ගෙනාවේ" මාධවී කාමරේට ආවේම එහෙම අහගෙන.

"ස්ට්‍රෝබෙරි ඇති.පස්සේ දෙන්නම්.මට මහන්සියි.යනවා මෙතනින්" එහෙම කියපු අසේලි ඇස් දෙකත් පියාගත්තා.

"මේක මගෙත් කාමරේ" මාධවී එහෙම කියන ගමන් අසේලිගේ බෑග් එක අවුස්සන්න පටන් ගත්තා.

"තියන පෙරේතකම විතරක්...ගිහින් පාඩම් කරනවා.පස්සේ දෙන්නම්" අසේලි කිව්වේ මාධවීට රවන ගමන්.

"මේ මගේ රිලැක්සේශන් අවර් එක" 

"මොකක් කිව්වා" අසේලි ඇහුවේ පුදුමෙන්.

"ඉනටර්වල් එක ඉන්ටර්වල් එක.අපෝ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ" මාධවී කියද්දි අසේලි හිනා වුනා.

"මේ නංගි...." 

"ම්ම්ම්...." 

"ඔයාට මතකද මං දකින හීන වල පිරිමි ලමයෙක් ඉන්නවා" 

"එක්කෙනෙක් නෙවෙයිනේ.දෙන්නෙක් ඉන්නවා.මුල් කාලේ දෙන්නෙක් දැක්කනේ නේද?" මාධවී කිව්වේ මතක් කරන ගමන්.කොහොමත් අසේලිට වඩා මේ හීන ගැන උනන්දු මාධවී.

"ඔව් ඔව්...මං හිතන්නේ මං දන්නේ ඒ පිරිමි ලමයාව" අසේලි කියද්දි මාධවී බැලුවේ පුදුමෙන්.

"ඒ කවුද?" 

" ආදිත්‍ය " අසේලි එහෙම කියද්දි මාධවීගේ ඇස් දෙක ලොකු වුනා.

**********************************************

ඉක්මනින් හමුවෙමු.

ආදරෙන් ඉන්න ❤️

Saturday, February 16, 2019

මන්දාරම් අහස යට - තිස් හත් වන කොටස


"අ....අම්මා"

"ආ....ආච්චි" පොඩි පිරිමි ලමයෙක් කියවන හඩට අසේලි දොර රෙද්ද අස්සෙන් එබිලා බැලුවා.ලොකු වියන් ඇදක් උඩට වෙලා පොතට එබීගෙන ඉන්න පිරිමි ලමයා දැකපු අසේලිට ඉබේටම හිනා ගියා.

"මං ආවා..."අසේලි එහෙම කියාගෙනමයි එතනට ගියේ.

"උඩට නගින්න ඔයත්" ඒ පිරිමි ලමයා කියද්දි අසේලි අමාරුවෙන් කකුලක් උස්සලා ඇදෙන් තිබ්බා.

"කෝ ඔයාගේ අත දෙන්න" එහෙම කියන ගමන්ම ඒ පිරිමි ලමයා අසේලිගේ අතකින් අල්ලගත්තා.ටිකක් අමාරුවෙන් වුනත් දෙන්නම උඩට නැගගත්තා.

"මේ....පින්තුර ගොඩයි" ඒ පිරිමි ලමයා අසේලිට පෙන්නුවේ හරි ආසාවෙන්.

"මේ මොනවද" පොතේ තිබ්බ ලොකු අකුරු දිහාවට අසේලි ඇගිල්ලක් දික් කරා.

"ඒවා තමයි අකුරු.ලොකු අයගේ පොත් වල ඒවා තියෙනවා.ඔයාට තාම ඒවා බෑ" 

"ඔයාට පුලුවන්ද?" 

"ඔව්" ඒ පිරිමි ලමයා ආඩම්බරෙන් කියද්දි අසේලි ඒ දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

"මටත් කියලා දෙනවද?" අසේලි ඇහුවේ හරිම අහිංසක විදියට.

"හා...මං කියලා දෙන්නම්. මුලින් අර ලොකු පොත ඕනේ.ඒකෙන් තමයි මුලින් කියලා දෙන්නේ" ඒ  පිරිමි ලමයා කිව්වේ එහා මේසයක් උඩ තියෙන ලොකු පොතක් පෙන්නලා.

"මං ගෙන්නද?" අසේලි ඇහුවේ ඇදෙන් බහින්න ලෑස්ති වෙලා.

"අපෝ ඔයාට ගෙන්න බෑ.ඒක ලොකුයි" එහෙම කියන ගමන්ම ඒ පිරිමි ලමයා අමාරුවෙන් ඇදෙන් බැස්සා.

මේසේ ලගට ගියපු ඒ පිරිමි ලමයා අමාරුවෙන් මේසේ උඩ තිබ්බ පොත තමන් දිහාවට අදින්න ගත්තා.ඒත් එක්කම මේසේ උඩ තිබ්බ වීදුරුවක් ඒ පිරිමි ලමයා ලගින්ම බිමට වැටුනා.

අසේලි එක පාරටම ගැස්සිලා ඇහුරුනේ ලොකු ගෙරවිලි හඩකුත් පසුබිමින් ඇහෙද්දි.ඇදේ කෙලින් වෙලා වාඩි වුනු අසේලි වටපිට බැලුවා.නුපුරුදු වටපිටාවක ඉන්න බව තේරුනු අසේලි බැලුවේ එයාගේ ඇද ලග බිම නිදාගෙන ඉන්න ආදිත්‍ය දිහා.ඒත් එක්කම අසේලිට පහුවදා හවස වෙච්ච දේවල් මතක් වුනා.

ආදිත්‍යගේ කතාවෙන් හිත රිදුනු අසේලි පාර දිගේ ඇවිදගෙන ගියේ යන තැනක්වත් යන දුරක්වත් ගැන අදහසින් නෙවෙයි.කහ පාට විදුලි එලියෙන් ආලෝකමත් වෙච්ච පාර දිගටම ඇවිදගෙන ගියපු අසේලි ප්‍රධාන පාරට පිවිසුනත් ඒ ගැන අසේලිට කල්පනාවක් තිබුනේ නෑ.අසේලිගේ හිතේ තිබුනු එකම දේ ආදිත්‍ය කියපු දේවල් විතරයි.ඒ වචන අසේලිට සැරින් සැරේ ඇහෙනවා වගේ දැනුනා.

"කෙල්ලෙක් විදියට කතා කරන්න පුරුදු වෙන්න අසේලි..." ආදිත්‍යගේ ඒ වචන මතක් වෙද්දි අසේලිට දැනුනේ මහා අසරණකමක්.

"එයාට මාව ගෑනු ලමයෙක් වගේවත් පෙන්නේ නැද්ද දැන්.ඒ මදිවට එයා දේදුණු ඉන්න තැනමයි ඒක කිව්වෙත්." අසේලි තමන්ට කියාගත්තේ පාර දිගේ වේගයෙන් ඇවිදගෙන යන ගමන්.

'ඒත් ඒ කතාවෙන් වරදක් නෑ තමයි.එයා කොහොමත් ගෑනු ලමයෙක් වගේ.ගවුම් ඇදලා කොණ්ඩේ කඩලා දාලා.මේකප් දාලා.මොන කොල්ලද එයාට ආදරේ නොකරන්නේ' අසේලි හිතුවේ දුකෙන්.

"ඒකට මං.ඩෙනිමයි ටීශර්ට් එකයි ඇදගෙන බාටා දෙක දාගෙන යන්නේ.අම්මා කියන්නේ ඇත්ත.මං නිකන් හිපියෙක් වගේ.ආදිත්‍යගේ වරදක් නෑ.හිපියෙකුයි ගෑනු ලමයෙකුයි අතරින් ඕනේ කොල්ලෙක් තෝරගන්නේ ගෑනු ලමයාව" අසේලි තමන්ටම එහෙම කියාගත්තේ ඇඩුම් එද්දි.කම්මුල දිගේ කදුලක් බේරිලා යද්දි අසේලි කදුලු පිහිද ගත්තා.

ඒත් එක්කම අතට වැටුනු වතුර බිංදුවක් නිසා අසේලි අහස දිහා බැලුවා.එතකොටම අසේලිගේ නහය උඩට තවත් වතුර බිංදුවක් වැටුනා.සීතල සුලගක් එක පාරටම හමාගෙන යද්දි අත්දෙකෙන් ඇගම පොරවගත්ත අසේලි වටපිට බැලුවා.

'මේ කොහෙද මේ' අසේලි වටපිට බැලුවේ කලබලයෙන්.හිතේ ආවේගෙට එලියට ආවට මේ ඉන්න තැන ගැන අසේලිට වැටහීමක් තිබුනේ නෑ.අසේලි කලබලෙන් කලිසම් සාක්කුවට අත දැම්මේ දුරකථනය හොයාගන්න හිතාගෙන වුනත් අසේලි ඇදගෙන හිටියේ රෑ ඇදුමක් නිසා ඒකේ සාක්කුවේ දුරකථනය තිබ්බේ නෑ.

"අයියෝ....අපරාදේ..ඒක දාගන්න තිබ්බේ සාක්කුවට" තමන්ට එහෙම කියාගත්ත අසේලි ආයෙත් වටපිට බැලුවා.

හැරි හරි වටපිට බලපු නිසාම අසේලිට මේ වෙද්දි තමන් ආපු පැත්තත් හොයාගන්න බැරුවයි තිබුනේ.ටිකක් වෙලා වටපිට බලපු අසේලි ප්‍රධාන පාර දිගේම යන්න පටන් ගත්තා.සීතල හුලග සීත කබාය මැදින් ගිහින් රෑ ඇදුමත් පසාරු කරගෙන ඇගම සීතල කරද්දි අසේලි ගමනේ වේගය වැඩි කරේ ඉක්මනටම හෝටලය හොයාගන්න හිතාගෙන.සැරින් සැරේ ඇහෙන ගෙරවිලි හඩ අසේලිව තවත් බය කරා.

ඒ අතරේ අහසින් වතුර බිංදු වැටෙන්න පටන් ගත්තේ අසේලිව තවත් අසරණ කරලා.දොඹ ගෙඩි තරම් වතුර බිංදු එක දෙක ඇගට වැටෙද්දි අසේලි ගමන තවත් ඉක්මන් කරා.මහා හයියෙන් වැස්ස කඩාගෙන වැටෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නෑ.පයින් ගස් වලින් වට වුනු පාර දිගේ වැස්සත් හුලගත් මැදින් අසේලි ගියේ හරිම අමාරුවෙන්.

ඒ අතරේ පිටිපස්සෙන් ඇහුනු අඩි සද්දයක් අසේලිව තවත් බය කරා.හිතේ බයටම බිම වැටිලා තිබ්බ පයින් අත්තකුත් අතට ගත්ත අසේලි ඒකත් තදින් අල්ලගෙන පුලුවන් ඉක්මනින් පාර දිගට යන්න පටන් ගත්තා.පිටිපස්සෙන් ඇහෙන අඩි හඩ තවත් ලං වෙලා ඇහෙද්දි අසේලිගේ පපුවේ ගැස්ම වැඩි වුනා.ඉදිකටු තුඩු වගේ වැස්ස ඇගට වැටෙන අතරෙම පයින් අත්තත් අතින් අල්ලගෙන අසේලි දුවන්න පටන් ගත්තේ හිතේ බයටමයි.ඒ අඩි හඩත් එක්ක වැස්ස මැදින් ඇහෙන කෑගහන සද්දේ අසේලිව තවත් කලබල කරා.අඩිහඩ තව තවත් ලං වෙද්දි අසේලි පයින් අත්ත තදින් අල්ලගෙන පිටිපස්ස හැරිලා පහරක් එල්ල කරත් පයින් අත්ත මගදිම නැවතුනා.

පයින් අත්ත එක අතකින් අල්ලගෙන එතන හිටගෙන හිටපු කෙනා දිහා අසේලි බැලුවේ පුදුමෙන්.අල්ලගත්ත පයින් අත්ත පැත්තකට දාපු ආදිත්‍ය බැලුවේ බය වෙලා වගේ බලන් ඉන්න අසේලි දිහා.

"ගහන්න හැදුවේ මං මොකෙක් කියලා හිතාගෙනද?" ආදිත්‍ය ඇහුවේ මහ සද්දෙන්.වැස්සේයි හුලගෙයි සද්දේ එක්ක ආදිත්‍ය ගේ කටහඩ මැකිලා යන්න වැඩි වෙලා ගියේ නෑ.

"මං බය වුනා" අසේලි කිව්වේ වෙව්ලන ගමන්.

"ඉතින් මෙහේ කොහෙද යන්නේ.අරහේ හෝටලේ.එහෙට යමු"ආදිත්‍ය කිව්වේ අසේලිගේ අතින් අල්ලගන්න ගමන්.අසේලිගේ අතින් අල්ලගත්ත ආදිත්‍ය ගමන් කරේ මෙච්චර වෙලා අසේලි ගියපු පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට.

තමන්ගේ අතිනුත් ඇදගෙන යන ආදිත්‍ය දිහා අසේලි බැලුවේ පුදුමයෙන්.වැහි වතුර බේරෙමින් තිබ්බ මුණෙන් ආදිත්‍ය වතුර පිහිදලා දානවා අසේලි බලාගෙනයි.ඒත් එක්කම අසේලි බැලුවේ තමන්ගේ ඇදුම් දිහා.වැස්සට තෙමිලා ඇගටම ඇලිලා තිබ්බ ඇදුම් දැකපු අසේලිට දැනුනේ කලින් නොදැනුනු ලැජ්ජාවක්.

එතකොටම ඇහුනු වාහන් සද්දයක් නිසා ආදිත්‍ය වගේම අසේලිත් පිටිපස්ස හැරිලා බැලුවා.

"ත්‍රී වීල් එකක් වගේ" එහෙම කියන ගමන්ම ආදිත්‍ය වාහනේට අත දැම්මේ වාහනේ නවත්තාවි කියන බලාපොරොත්තු වෙන්.ආදිත්‍ය ලව පහු කරගෙන ගියපු ත්‍රී වීල් එක නවත්තනවා දැකපු ආදිත්‍ය ඉක්මන් ගමනින් එතනට යද්දි අසේලිත් පිටිපස්සෙන් එතනට ගියා.ත්‍රී වීල් එකේ රියදුරු ආසනයේ ඉදන් බලන් හිටපු අවුරුදු 50ක විතර මනුස්සයෙක් මේ දෙන්නා දිහා බැලුවේ පුදුමයෙන්.

"මහත්තයලා කොහෙද මේ" 

"අපි මේ ලග හෝටලේක නැවතිලා ඉන්නේ අන්කල්.රෑ පොඩ්ඩක් ඇවිදින්න ආවා.වහින්න ගත්තනේ එක පාරටම" ආදිත්‍ය කිව්වේ හිනා වෙන්න උත්සහ කරන ගමන්.

ආදිත්‍ය ලග හිටගෙන ඉන්න අසේලි දිහාත් බැල්මක් හෙලපු රියදුරා ආයෙත් ආදිත්‍ය දිහා බැලුවා.

"මොකක්ද මහත්තයා හෝටලේ" 

"හොටෙල් බ්ලු රිවර්.අපිව එතනට දාන්න පුලුවන්ද" 

"අම්මෝ....සෑහෙන දුරක්නේ මහත්තයලා ඇවිත් තියෙන්නේ.දැන් ඒ පාරට ගිහින් යන්න පැයකට වඩා යාවි" රියදුරා කියද්දි ආදිත්‍ය වගේම අසේලි බැලුවෙත් පුදුමයෙන්.එයාලට මෙතනට පයින් එන්නත් එච්චර වෙලා ගියේ නෑ කියලා එයාලට විශ්වාසයි.

"නෑ එච්චර දුර වෙන්න බෑ.අපි පයින් ඇවිල්ලත් එච්චර දුරක් ගියේ නෑනේ" 

"මහත්තයලා මේ කියන්නේ හෝටලේ ඉස්සරහා ලොකු සමණලයෙක් ඉන්න හෝටලේනේ.නේද?" 

"ඔව් ඔව් එහේ තමයි"

"මහත්තයලා මේ ඇවිත් තියෙන්නේ හෝටලේ පිටිපස්සේ පාරෙන්.ඒත් වාහනේකට ඒ පාරෙන් යන්න බෑ මහත්තයා.මග හිරවෙනවා වංගු ගන්න බැරුව"

"ඒකත් එහෙමද?" ආදිත්‍ය එහෙම කියන ගමන් බැලුවේ අසේලිගේ මූණ දිහා.ඒ මූණේ තිබුනේ මහා වෙහෙසකාරී බවක්.

"මේ අපට මේ ලග නවතින්න වෙන හෝටලයක් නැද්ද?" ආදිත්‍ය ආයෙත් රියදුරාගෙන් ඇහුවා.

"එහෙම නම් තැනක් නෑ මහත්තයා.ඔක්කොම තියෙන්නේ කන්දේ අනිත් පැත්තට වෙන්නනේ.හැබැයි මට මෙහෙම උදව්වක් නම් කරන්න පුලුවන්"

"ඒ මොකක්ද" 

"මහත්තයලා කැමති නම් අද රෑ මගේ ගෙදර නවතින්න පුලුවන්.මේ ලග තියෙන්නේ.මායි මගේ හාමිනෙයි විතරයි ගෙදර ඉන්නේ අද" රියදුරා කියද්දි ආදිත්‍ය ආයෙත් බැලුවේ අසේලි දිහා.

"බය වෙන්න දෙයක් නෑ මහත්තයා.මගේ ලොකු කොල්ලා වැඩ කරන්නෙත් මහත්තයලා ඉන්න හෝටලේ.මං උදේට ඇරලවන්නම්" ආදිත්‍ය උත්තර දෙන්න පරක්කු වෙද්දි රියදුරා ආයෙත් කිව්වේ අසේලි දිහාත් බලන ගමන්.

"යනවද?" ආදිත්‍ය හෙමීට අසේලිට ලං වෙලා අහද්දි අසේලි ඔලුව වැනුවා.

"එහෙනම් කරදරයක් නැත්තම් විතරක් අපි එන්නම්" ආදිත්‍ය කිව්වේ ආයෙත් රියදුරා දිහා බලන ගමන්.

"නගින්න මහත්තයා.ඕකේ මොන කරදරයක්ද" රියදුරා කිව්වේ වැස්ස නිසා ත්‍රීරෝද රථයට දාලා තිබුනු වැහි ආවරණ අයින් කරලා නගින්න ඉඩ හදන ගමන්.මුලින්ම අසේලිට නගින්න ඉඩ දීපු ආදිත්‍ය ඊට පිටිපස්සෙන් නැගලා අසේලි ලගින් වාඩි වුනා.

ත්‍රීරෝද රථයේ වාඩි වුනු අසේලි බයෙන් වගේ වටපිට බලද්දි ආදිත්‍ය අසේලිගේ අතකින් අල්ලගත්තා.

"බය වෙන්න එපා.මං ඉන්නවනේ" හෙමීට අසේලිගේ කණට කොදුරපු ආදිත්‍ය අසේලිගේ මූණට වැටිලා තිබ්බ තෙත කෙස් රොදක් අයින් කරේ අසේලිගේ ඇගම සීතල කරලා.

"මේ මහත්තයාගේ ගෑනු ලමයා වෙන්න ඇති" රියදුරා කිව්වේ ත්‍රීරෝද රථයේ වේගය වැඩි කරන ගමන්.

"ඔව්" ආදිත්‍ය කිව්වේ හිනා වෙන ගමන්.

"මහත්තයලා එතකොට කොළඹ වෙන්න ඇති මයේ හිතේ" රියදුරා ආයෙත් අහද්දි ආදිත්‍ය ඔලුව වැනුවා.

"ඔව්.අපි ට්‍රිප් එකක් ආවා" 

"මේ ට්‍රිප් යන කාලේනේ.සීසන් එකනේ මහත්තයා.අපටත් වාසියි ඉතින්"

"අන්කල් ත්‍රීවීල් හයර් ද කරන්නේ" 

"ඔව්..මේකත් කරනවා.අපේ මල් බිස්නස් එකකුත් තියෙනවා මහත්තයා.ඒකත් කරනවා" මේ විදියේ කතාවෙන් කතාවෙන් රියදුරාගේ ගෙදරට එන්න ලොකු වෙලාවක් ගියේ නෑ.

"මැණිකේ....පොඩ්ඩක් එලියට ආවා නම්" ගෙදර කඩුල්ල ලගම වාහනේ නවත්තපු රියදුරා කෑගැහුවා.එතකොටම දොර ලගින් මතු වුනේ දිග සායට හැට්ටයක් ඇදලා කොණ්ඩේ බැදලා ඉන්න රියදුරාගේ බිරිද කියලා හිතන්න පුලුවන් පෙනුමක් තියෙන ගෑනු කෙනෙක්.

"බහින්න මහත්තයා නෝනත් එක්ක.ගෙට යන්නකො.මං එන්නම් වාහනේ ඇතුලට දාලා" පිටිපස්ස හැරිලා ආදිත්‍ය ට එහෙම කියපු රියදුරා ඊලගට බැලුවේ දොර ලග ඉදන් විපරමෙන් බලන් ඉන්න මැණිකේ දිහා.

"මැණිකේ මේ මහත්තයායි නෝනයි බලාගනින්" රියදුරා එහෙම කියන අතරේ ආදිත්‍ය අසේලි එක්ක වාහනෙන් බැස්සේ වැස්සෙමයි.

"ඉක්මනට මෙහාට අඩිය තියන්න මහත්තයා" මැණිකේ කිව්වේ ගෙදර ඉස්තෝප්පු පඩිය පෙන්නන ගමන්.ඉස්තෝප්පු පඩියට ඉක්මනින්ම පැන ගත්ත නිසා ආයෙත් තෙමෙන්නේ නැතුව ගේ ඇතුලට එන්න පුලුවන් වුනා.

"මහත්තයලා වාඩි වෙන්න." මැණිකේ කිව්වේ හරිම ලෙංගතු විදියට.

"බොහොම ස්තූතියි" 

"කෝපි ටිකක් බොමු මහත්තයා" එහෙම කියපු මැණිකේ කඩිමුඩියේ ගේ ඇතුලට යද්දි ආදිත්‍ය යි අසේලියි ගෙදර තිබ්බ පොඩි පුටු දෙකකින් වාඩි වුනා.මහා ලොකු ගෙයක් නොවුනත් පිළිවලකට හදලා සුදු හුණු ගාපු ගෙයක් බව ගේ දිහා බලපු ආදිත්‍ය ට තේරුනා.

"මේ...කමක් නැද්ද මෙහෙම" අසේලි ආදිත්‍ය ට කිට්ටු වෙලා ඇහුවේ වටපිට බලන ගමන්.

"ඇයි ඔයාට මීට වඩා හොද ක්‍රමයක් හිතේ තියෙනවද?" ආදිත්‍ය අහද්දි අසේලි ඔලුව වැනුවා.

"ඒකනේ...බය වෙන්න දෙයක් නෑ.අහිංසක මිනිස්සු වගේ" ආදිත්‍ය එහෙම කියද්දිමයි රියදුරා හිනා වේගෙන ගෙට ආවේ.

"අපේ ගෙදර එහෙම මහ ලොකු පහසුකම් නම් නෑ නොනේ.තියෙන හැටියට ඉමු" 

"අනේ අපට මේ වැඩිත් එක්ක අන්කල්" ආදිත්‍ය කියද්දි අසේලි හිනා වුනා.

"අනේ ඔව් අන්කල්ටයි ඇන්ටියයි පින්" 

"අනේ පින් ඕනේ නෑ නෝනේ.කෝ මේ අපේ මැණිකේ" රියදුරා එහෙම කියන ගමන්ම බැලුවේ ගේ ඇතුල දිහා.

"කොල්ලා අද එන්නේ නෑ කිව්වද සුමනේ" එතකොටම කෝපි දෙකකුත් අරගෙන එලියට ආවේ එහෙම අහගෙනමයි.

"ඔව් ඇයි උදේ කියලා ගියේ අද නයිට් කියලා" 

"පුතා හෝටලේ මොකද කරන්නේ"අසේලි ඇහුවේ කෝපි එක හෙමීට බොන ගමන්.

"අපේ කොල්ලා සිකුරිටි ජොබ් එකක් නෝනේ කරන්නේ.නංගිට උගන්නන්න නැහුනා මිසක් ඌ ඉගෙන ගත්තේ නෑ" මැණිකේ කිව්වේ කණස්සල්ලෙන්.

"එහෙම වුනා කියලා කොල්ලට නරකක් වෙලා නෑ මහත්තයා.කොල්ලා යස අගේට ඉන්නවා.මෙන්න මෙයා තමා හුල්ලන්නේ"සුමනේ මැණිකේ දිහා බලාගෙනම කියද්දි මැණිකෙත් හිනාවුනා.ඒ දෙන්නා දිහා බලන් ඉද්දි අසේලිටත් ඉබේටම හිනාවක් ගියා.

"එතකොට දුව"ආදිත්‍ය ඇහුවේ කුතුහලෙන්.

"දුව පේරාදෙනිය කැම්පස් තේරුනානේ මහත්තයා.දැන් දෙවෙනි අවුරුද්ද.දොස්තර නෝනා කෙනෙක් වෙන්න ඉගෙන ගන්නේ" සුමනේ ඒක කිව්වේ නම් හරි ආඩම්බරෙන් කියලා ආදිත්‍ය ට හිතුනා.

"එහෙනම් ඉතින් දැන් සන්තෝසයිනේ.දුව දොස්තර වුනාම අම්මා අප්පච්චි ව බලාගනිවී" ආදිත්‍ය එහෙම කියද්දි සුමනේ වගේම මැනිකෙත් හිනා වුනා.

"හා....ච්චිං..." අසේලිට මහ සද්දෙන් කිඹුහුමක් පිට වුනේ ඒ වෙලාවෙමයි.

"හනේ...දෙයියනේ මේ නෝනලා තෙත ඇදුම් පිටින්නේ.ඉන්න මං නෝනට අපේ කෙල්ලගේ ඇදුමක් දෙන්නම්" මැනිකේ කිව්වේ කඩිමුඩියේ ඇතුලට යන ගමන්.

"මේ නෝනේ වත් එක්කගෙන පලයන් ඇතුලට.මහත්තයයි නෝනයි අද මෙහේ ඉන්නවා.කෙල්ලගේ කාමරේ ලෑස්ති කරහන්" සුමනේ කෑගහද්දි මැණිකේ ආයෙත් හැරුනා.

"අනේ එහෙමද? දන්නේ නෑනේ නෝනේ මං.දන්නවා නම් ඉන්දවගෙන කෝපි දිදි ඉන්නෙත් නෑ.එන්න නෝනා ඇතුලට යන්න" මැණිකේ කියද්දි අසේලි පුටුවෙන් නැගිට්ටේ ආදිත්‍ය දිහා බලාගෙනමයි.

"යන්න..." තොල් වලින් කියපු ආදිත්‍ය බලන් හිටියේ අසේලි යන දිහා.

"මහත්තයා හරි ආදරෙයි වගේ නෝනේට"  සුමනේ කියද්දි ආදිත්‍ය බිම බලාගෙන හිනා වුනා.

"අපිත් ඒ කාලේ එහෙම තමා මහත්තයා.එන්නකෝ.මහත්තයා ට අපේ කොලුවගේ ඇදුමක් දෙන්නම්"  සුමනේ කියද්දි ආදිත්‍ය ඒ පස්සෙන් ගියේ ඇදුමක් ඇදගන්න.

සුමනේ දීපු කලිසමත් ටීශර්ට් එකත් ඇදලා සීත කබායත් දාගත්ත ආදිත්‍ය අසේලි හිටපු කාමරේට ඇතුල් වුනා.මැණිකේ කාමරේ බිම මෙට්ටයක් දාලා තිබුනේ ආදිත්‍යට නිදාගන්න.

රතු මල් වැටුනු කහ ගවුමක් ඇදලා සීත කබායක් දාගත්ත අසේලි කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ පිහිදා පිහිද හිටියේ ආදිත්‍ය ට පිටුපාලා.

මුකුත් කතා නොකරම ආදිත්‍ය එයාට හදලා තිබුනු මෙට්ටේ උඩින් වාඩි වුනා.ආදිත්‍ය මෙට්ටේ උඩ වාඩි වෙන සද්දෙට අසේලි හැරිලා බැලුවා.

"ලයිට් ඕෆ් කරන්නද?" අසේලි ඇහුවේ ආදිත්‍ය ගේ ඇස් මග ඇරලා.

"මං ඔෆ් කරන්නම්.ඔයා ඇදට යන්න" ආදිත්‍ය එහෙම කියපු නිසා අසේලි ඇදෙන් ඇලවුනා.අසේලි ඇදෙන් ඇලවෙනවා බලන් හිටපු ආදිත්‍ය ත් විදුලි පහන නිවලා මෙට්ටෙන් ඇලවුනා.ටිකකින් අසේලිට ඇහුනේ ආදිත්‍ය උගුර පාදන හඩක්.ආදිත්‍ය මොනවා හරි කියන්න හදනවා කියලා අසේලිට තේරුනා.

"කියන දෙයක් පස්සේ කියන්න.මට දැන් ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ" ආදිත්‍ය කතා කරන්නත් කලින්ම අසේලි කිව්වා.

"ගුඩ් නයිට්" ටික වෙලාවකින් ආදිත්‍ය කිව්වා.

"ගුඩ් නයිට්" අසේලිත් සුබ පැතුවේ නිදාගන්න හිතාගෙන.

මේ ඔක්කොම මතක් කර කර අසේලි බලන් හිටියේ ජනේලෙන් එලියේ පේන පුරහද දිහා.

'අද පෝයද' අසේලි කල්පනා කරේ හද දිහා බලාගෙනමයි.

ඒත් එක්කම දැනුනු වතුර තිබහ නිසා අසේලි වටපිට බැලුවා.මැණිකේ රෑ වතුර ජෝගුවක් මේසෙන් තිබ්බ බව අසේලිට මතකයි.වතුර ගන්න යන්න බිමට අඩිය තියන්න කලින් අසේලි බැලුවේ නිදාගෙන ඉන්න ආදිත්‍ය දිහා.

'මේ මූණේ අහිංසක පාට' එහෙම හිතද්දිත් අසේලිට දැනුනේ හිතම හිරිවැටිලා යන ගතියක්.

අසේලි හෙමීට අඩියක් බිමට තියලා ඉස්සරහට යන්න හැදුවත් එක පාරටම කකුල පැටලුනු අසේලි ආදිත්‍ය ගේ ඇග උඩට වැටුනා.නිදිමතේම ආදිත්‍ය ඇස් ඇරලා බැලුවා.

"සොරි....සොරි..." අසේලි කිව්වේ කලබලෙන්.

"ඔහොම ඉන්න" නිදිමතෙන්ම එහෙම කියපු ආදිත්‍ය අසේලිව තුරුල් කරගන්න ගමන් ඇස් පියාගත්තා.

***********************************************

ඉක්මනින් කොටසක් ගේන්නම්.එතකම් හිතන්න මොනවා වේවිද කියලා.

ආදරෙන් ඉන්න ❤️

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...