Saturday, February 9, 2019

මන්දාරම් අහස යට - තිස් පස් වන කොටස



හෝර්ටන් තැන්න පුරාවටම තද මීදුම් ගතියක් පෙන්න තිබ්බේ වැසිබර කාළගුනයක් එන ලකුණු පෙන්වමින්.මීදුම මැදින් ලෝකාන්තයට යන ගමන වැඩියෙන්ම අමාරු වුනේ ගෑනු ලමයින්ට.කණ්ඩායමේ පිරිමි ලමයි ගෑනු ලමයින්ට උදව් කරන්න ඉදිරිපත් වුනු නිසා යන ගමන ටිකක් ලේසි වුනා.

"අම්මෝ....කකුල කකුල..." එක පාරටම නෙහාරාගේ කටහඩ මීදුම මැද්දෙන් ඇහුනා.

"කෝ කෝ මොකද වුනේ" නෙහාරා එක්ක ගියපු ජීවක ඇහුවේ කලබලෙන්.

"මොකක්ද වුනේ අහන්නේ? ගලක් තියෙනවා දැක්කේ නැද්ද මෝඩයෝ" නෙහාරා ඇහුවේ කකුලත් අල්ලගෙන.

"ඇයි ඕයි දැන් මමද ඒකත් බලන්න ඕනේ.ඇස් පෙන්නේ නැද්ද?" ජීවකත් අතාරින්න ලෑස්ති නෑ.

"මගේ ඇස් පේනවා.ඔයානේ මේ කොහේවත් යන කෙල්ලෙක් දිහා බලන් ගිහින් මගේ කකුලත් ගලේ වැද්දුවේ" නෙහාරා එහෙම කිව්වේ කකුලත් අල්ලගෙන පාර අයිනේ ගලක් ලග වාඩි වෙන ගමන්.

"මං බලන්න ගියපු ඇති කෙල්ලෙක් නෑ.කෝ දැන් මොකක්ද වුනේ කකුලට" ජීවකත් නෙහාරා ලගින්ම බිම ඇන ගහගෙන කකුල දිහා බැලුවා.

"මේ හීරීලා..." නෙහාරා පෙන්නුවේ කකුලේ වළලුකර ලග තියෙන පොඩී හීරීමක්.

"අපෝ...මේකත් තුවාලයක්ද?" ජීවක එහෙම කිව්වත් බෑග් එකෙන් වතුර බෝතලයක් අතට ගත්තා.වතුර බොතලේ අතට ගත්ත ජීවක ඒකෙන් වතුර ටිකක් තුවාලේ උඩට දැම්මා.

"රිදෙනවද?" ජීවක අහද්දි නෙහාරා ඔලුව වැනුවා.

"හරි එහෙනම් යමුද?" 

"යන්නේ කොහොමද? කකුල හීරීලානේ" නෙහාරා කිව්වේ ජීවක දිහා හොරෙන් බලන ගමන්.ජීවක එයාලා ලගින් හිනා වෙවී පහළ බහින අය දිහා බලලා ආයෙත් නෙහාරා දිහා බැලුවා.

"යමු...මං අල්ලගෙන එක්කගෙන යන්නම්.මෙතන මේ සීතලේ ඉන්න බෑනේ" ජීවක කිව්වේ නෙහාරා දිහාවට අත දික් කරලා.

"අපෝ මේ ඔයා එක්ක මෙතන මට කොහොමත් ඉන්න බෑ" නෙහාරා කිව්වේ ජීවකගේ අත අල්ලගෙන යන ගමන්.

"අනේ මං නම් හරි ආසාවෙන් හිටියේ එතන සීතලේ ඔයා එක්ක නවතින්න" ජීවක සරදම් ස්වරයෙන් කියද්දි නෙහාරා රැව්වා.

"ආව්...ආව්...එතන රිදෙනවා අප්පා" නෙහාරා ආයෙත් කියන්න ගත්තේ අඩියක් තියන්නත් කලින්.ඒපාර නෙහාරා හිටගෙන ඉද්දිම ජීවක ආයෙත් තුවාලේ බලන්න පහත් වුනා.

" මේ කලිසමේ වාටිය එතන වදිනවා.උඩට නවන්නද කලිසම" ජීවක කිව්වේ නෙහාරාගේ කලිසම් වාටිය අතින් අල්ලගන්න ගමන්.

"එපා...එපා...මං නවාගන්නම්" කලබලයෙන් කියපු නෙහාරා පහත් වෙන්න හැදුවේ කලිසමේ වාටිය නමන්න හිතාගෙන.ඒත් ඒ වෙද්දිත් ජීවක තුවාලේ නොවදින විදියට කලිසම් වාටිය පොඩ්ඩක් නවලායි තිබ්බේ.

"ඔන්න හරි...යමුද දැන්" ජීවක කිව්වේ නැගිටින ගමන්.

"යමු යමු...මෙතන මේ බොරු හේතු කියාගෙන නැවතිලා එක්කෙනෙක්" නෙහාරා එහෙම කියාගෙනම ඉස්සරහට යද්දි ජීවක බැලුවේ පුදුමෙන්.

"ඔව් ඔව් මං තමයි දැන් මෙතන බොරු හේතු කියාගෙන නැවතුනේ.ජීවක මේවා උඹට හොද පාඩම් මතක තියාගනින්" ජීවක නෙහාරා පිටිපස්සෙන් යන්න ගත්තේ නෙහාරාට ඇහෙන්නම එහෙම කියාගෙනමයි.ජීවක කියව කියව පිටිපස්සෙන් එද්දි නෙහාරා හිනා වුනා.

'මොනා වුනත් හොද කොල්ලා අප්පා' නෙහාරා හිතුවේ හිනාව අතරින්මයි.

"කවුද අර මීදුම මැද්දෙන් පේන කපල් එක" නෙහාරා ලගින් ඇවිදගෙන යන ගමන් ජීවක ඇහුවේ ඈතින් යන ජෝඩුවක් පෙන්නලා.

"අපේ කවුරුහරිද?" නෙහාරාත් ඇහුවේ ඒ දිහා උවමනාවෙන් බලන ගමන්

"වෙන්න ඕනේ.අර මගේ රතු ජැකට් එක ඇදගෙන ඉන්නේ" ජීවක උත්තර දුන්නා.

"කවුරු වෙන්න පුලුවන්ද? පෙනුමට නම් කපල් එකක්ම තමයි.කරට අතකුත් දාගෙනනේ ඉන්නේ" නෙහාරා කිව්වේ තවත් හොදට බලන ගමන්.

"ඒවා නම් හොදට පේනවා බිම තියෙන ගල් තමා පෙන්නේ නැත්තේ" ජීවක කියද්දි නෙහාරා එයාට රැව්වා.

මේ අතරේ ජීවකගේ රතු කබායත් ඇදගෙන අවිශ්ක ඇවිදගෙන ගියේ විහාරා එක්කමයි.එතන තිබ්බ අධික හුලග නිසා අවිශ්ක විහාරාගේ කරට අතක් දාගත්තේ විහාරාගේ විරුද්ධත්වය මැද්දෙමයි.

"මේ මොකද? අත ගන්න" විහාරා අවිශ්කගේ අත අයින් කරන්න උත්සහ කරත් ඒ මහ හුලගත් එක්ක විහාරාට හැරෙන්නවත් බැරි වුනා.

"කට වහගෙන යමු...කොච්චර කියනවද මං ඒ දවස් වල හොදට කන්න කියලා.මේ ඇගේ හැටි බලන්න.කොයි වෙලේ ගහගෙන යාවිද දන්නේ නෑ" අවිශ්ක කිව්වේ එයාට තුරුල් වෙලා යන විහාරා දිහා බලන ගමන්.

"අනේ මේ මං එහෙම ගහගෙන යන්නේ නෑ.අනික ඔයාට මොකද මං ගහගෙන ගියත්.අතාරින්නකෝ.මිනිස්සු මොනවා හිතාවිද? " විහාරා කිව්වේ එයාලා ලගින් ඇවිදගෙන යන අනිත් අය දිහාත් බලන ගමන්.

"මිනිස්සු මොනවා හිතන්නද? මං මේ උදව්වක් කරන්නේ ඔයාට.ඕනේ තරම් එහෙම මිනිස්සු හුලගට ගහගෙන ගිහින් තියෙනවා ඔයා නොදන්නවා වුනාට.මැරෙන්න ඔච්චර ආසා නම් මං අතාරින්නම්" අවිශ්ක හයියෙන් කෑගහලා කිව්වේ හුලගේ සද්දේ එක්ක කටහඩ ඇහෙන්නේ නැති නිසා.

"නෑ නෑ එහෙනම් කමක් නෑ" විහාරා එහෙම කියද්දි අවිශ්ක විහාරාව තවත් ටිකක් තමන්ට ලං කරගත්තා.

"මේ ඇත්තටම එහෙම මිනිස්සුන්ව හුලගට ගහගෙන ගිහින් තියෙනවද?" විහාරා ඇහුවේ ටිකක් වෙලා ගිහින්.

"හ්ම්ම්..." අවිශ්ක ඒක කිව්වේ හිනාව හංගගෙන.

'මේ කෙල්ල තාමත් මං කියන හැමදේම විශ්වාස කරනවා' අවිශ්ක හිතුවේ තනියෙන් හිනා වෙන ගමන්.

"අසේලිව දැක්කද බං" ඒ වෙලාවේ එතනින් යන්න ආපු ආදිත්‍ය අවිශ්කගෙන් අහද්දි අවිශ්ක බැලුවේ ආදිත්‍යගේ අතේ එල්ලිලා ඉන්න දේදුණු දිහා.මොකක්දෝ හේතුවකට කලින් දේදුණු ගැන  නොදැනුනු අප්‍රසන්නතාවයක් මේ ට්‍රිප් එක පටන් ගත්තට පස්සේ අවිශ්කට දැනෙන්න පටන් අරන් තිබ්බා.

"අන්න අර ඉස්සරහ යන්නේ.දෙනුවන් එක්ක" අවිශ්ක කිව්වේ ඈත යන දෙන්නෙක්ව පෙන්නලා.

"එයා දෙනුවන් එක්ක යන්නේ මොකටද?" ආදිත්‍ය ඒක කිව්වේ ටිකක් තරහෙන් කියලා අවිශ්කට හිතුනා.

"නැත්තම් කාත් එක්ක යන්න කියලද උඹ කියන්නේ? උඹ මෙතන දේදුණු එල්ලගෙන ඉන්නකොට ඒකි ඒවිද උඹත් එක්ක යන්න" අවිශ්ක ඒක කිව්වේ ආදිත්‍යගේ කණට කරලා.ඒ කතාවට ආදිත්‍ය හොද හුස්මක් හෙලුවා.

"මේ අපි යනවා.වරෙන්" අවිශ්ක එහෙම කියලා ඉස්සර වෙද්දි ආදිත්‍ය දේදුණු එක්ක ඊට පිටිපස්සෙන් යන්න පටන් ගත්තා.

"ඇයි අසේලි ඔයා එක්ක තරහා වෙලාද?" දේදුණු අහද්දි ආදිත්‍ය තමන්ගේ අතේ එල්ලිලා ඉන්න දේදුණු දිහා බැලුවා.

'එක අතකට මටත් තිබ්බේ අසේලි එක්ක යන්න...මං දේදුණු එක්කම ඉන්න නිසා අසේලිට තරහ යන්න ඇති.ඒත් එයත් තේරුම් ගන්න ඕනනේ.දේදුණු ට්‍රිප් එක ආවේ මං නිසා.මං කොහොමද එයාව අතෑරලා දාන්නේ.එයාට මෙතන බලන්න ඉන්නේ මං විතරයිනේ' ආදිත්‍ය හිතුවේ දේදුණු දිහා බලාගෙනමයි.

 "ආ...ආදී...අසේලි තරහා වෙලාද ඔයා එක්ක" දේදුණු ආයෙත් ඇහුවේ ආදිත්‍ය ගෙන් උත්තරයක් නැති නිසා.

"ඒ වගේ...ඇයි දන්නේ නෑ" 

"මං නිසා එයා තරහ වෙලා ඇත්තේ" දේදුණු එහෙම කියද්දි ආදිත්‍ය ඒ දිහා බැලුවේ පුදුමෙන්.

"ඇයි එහෙම කියන්නේ" 

"මං නිසානේ එයාට ඔයා එක්ක ඉන්න නැත්තේ.අපරාදේ මං මේ ගමන ආවේ" දේදුණු කිව්වේ පසුතැවිල්ලෙන්.

"නෑ නෑ පිස්සුද..අසේලි එහෙම හිතන්නේ නෑ.මේ වෙන මොකක් හරි එකක් වෙන්න ඇති" ආදිත්‍ය කිව්වේ හිනා වෙන්න උත්සහ කරන ගමන්.

"ඔයා කැමති නම් මං එයා එක්ක කතා කරලා බලන්නම්" දේදුණු කියද්දි ආදිත්‍ය දේදුණු එක්ක හිනා වුනා.

"ඕනේ නෑ දේදුණු .මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති ඕක.මං කතා කරගන්නම්" ආදිත්‍ය එහෙම කිව්වේ ඈත යන අසේලියි දෙනුවනුයි දිහා බලන ගමන්.

අසේලි වැටෙන්න යනවාත් දෙනුවන් අසේලිව අල්ලගන්නවත් දැකපු ආදිත්‍ය අතමිට මොළව ගත්තා.

'මේ කෙල්ලත් මං දන්නේ නෑ මොනවා කරගන්නවද කියලා.දෙනුවන් එක්ක යන්නේ මට රිද්දන්න හිතාගෙන වෙන්න ඇති.දෙනුවන් ව වුනත් මට වැඩිය අල්ලන්නේ නෑ.ඒ යකා මොකටද අසේලි පස්සේ යන්නේ.රටේ වෙන කෙල්ලෝ නැතුවද' ආදිත්‍ය කල්පනා කරේ දෙනුවනුයි අසේලියි යන දිහා බලාගෙන.

මීදුම මැදින් වුනත් ලෝකාන්තය ලගටම එන්න කට්ටියටම පුලුවන් වුනා.

"අඩේ...මේ බලහන්කෝ.ට්‍රිප් එක පටන් ගන්නකොට හිටපු නැති කපල් දැන් ඉන්නවා මෙතන" මිගාර කිව්වේ තාමත් මග එන  නෙහාරායි ජීවකයි දිහා බලාගෙන.

"අනේද කියන්නේ..බැලුවොත් ඇත්තම් රණ්ඩු වෙවී හිටපු දෙන්නට මේ මොකක්ද වෙලා තියෙන්නේ" මල්කි ත් කිව්වේ පුදුමයෙන්

"හන්තානේ ඇවිත් යාලු වෙන කපල් නේ බං සාමාන්යෙන් කැම්පස් වල ඉන්නේ.අපට ඉන්නේ හොර්ටන් ප්ලේස් ඇවිත් යාලු වෙන කපල් ද කොහෙද?" ජනීශ හිනා වෙවී කියද්දිමයි නෙහාරායි ජීවකයි එතනට ආවේ.

"මොකක්ද මොකක්ද උඹලා අපි දිහා බලාගෙන කියවන්නේ" ජීවක ඇහුවේ කුතුහලයෙන්.

"හිනා වෙන්නද දේවල් නැත්තේ....යමු යමු ලොකාන්තේ බලලා ඉක්මනට යමු.අද කාලගුනේ එච්චර හොද නැ ලු ." මිගාර කිව්වේ අහස දිහාත් බලාගේනමයි.

මේ අතරේ ආදිත්‍ය බලාගෙන හිටියේ දෙනුවන් එක්ක හිනා වේවි කතා කරන අසෙලි දිහා.එදා ලොකාන්තේ බලන්න ආපු සෙනග වැඩි වෙලා තිබුනේ ඒක  දීර්ග නිවාඩුවක් නිසා.ලෝකාන්තය ලගට ගිහින් ඉක්මනින්ම ජායාරුප කීපයක් ගත්ත කට්ටිය ආපහු එන්න හැරුනා.

ආදිත්‍ය අසේලි එක්ක කතා කරන්න ගොඩක් උත්සහ කරත් නෙහාරායි විහාරායි අනිත් අය යි එක්ක ජායාරුප ගන්න ගමන් හිටපු අසේලි ආදිත්‍ය එක්ක කතා කරන්න කිසිම උනන්දුවක් පෙන්නුවේ නෑ . කට්ටිය ආපහු එන්න හැරෙද්දී ආදිත්‍ය ආයෙමත් අසේලි ලගට ගියේ කතා කරන්න හිතාගෙන.

"අසේලි...මාත් එක්ක යමු" ආදිත්‍ය එහෙම කියද්දී අසේලි ආදිත්‍ය දිහා හොදට බැලුවා.

"මං  දෙනුවන් එක්ක එන්නම්.ඔයා යන්න " එහෙම කියපු අසේලි ආදිත්‍ය බලාගෙන ඉද්දීම දෙනුවන් ලගට යන්න ගියත් ආදිත්‍ය අසේලිගේ බාහුවෙන් අල්ලගත්තා,

"මාත් එක්ක යමු" ආදිත්‍ය මේ සැරේ කිව්වේ ටිකක් තදින්.

"මට බෑ " එහෙම කියන ගමන් තමන්ගේ අත මුදවා ගත්ත අසේලි තමන් එනකම් බලාගෙන ඉන්න දෙනුවන් ලගට ඉක්මන් ගමනින් ගියා.

ආදිත්‍ය ඒ දිහා බලන් හිටියේ කණගාටුවෙන් වගේම තරහෙන්.

"යමන් යමන්" අවිශ්ක ආදිත්‍ය ලගට ඇවිත් කරට අත  දාගත්තේ මේ වෙලාවේ.

"ඇයි බං අසේලි මෙහෙම " ඈත දෙනුවන් එක්ක යන අසේලි දිහා බලාගෙන ආදිත්‍ය මිමිණුවේ කලකිරීමෙන්.

"අසේලි මොකද මෙහෙම කියලා උබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.මං දන්නේ නෑ උබල දෙන්නගේ දැන් සම්බන්දෙ මොකක්ද කියලා නම්.එත් අසේලි මෙහෙම ඉන්නේ නම් දේදුණු නිසා.ඒක මට ෂුවර්."

"එත් දේදුණු ගෙයි මගෙයි එහෙම දෙයක් නෑ බං ."

"නැත්තම් හොදයි.එත් උබ ඕක අසේලිට තේරුම් කරපන්.අසේලිට වුනත් එක එක ඒවා හිතෙනවා ඇති.කෙල්ලොනේ මචන් " අවිශ්ක එහෙම කියද්දී ආදිත්‍ය ඔලුව වැනුවා.

"යමුද" ඒ වෙලාවේ එතනට ආපු දේදුණු අහද්දී අවිශ්ක ත් එතනින් ගියේ විහාරා එක්කම එලියට යන්න හිතාගෙන.

දේදුණු එක්ක ලොකාන්තෙන් එලියට එන පාරට එන අතරෙත් ආදිත්යගේ ඇස් තිබුනේ දෙනුවන් එක්ක යන අසේලි ලග.

'මං අද මේ ගැන අසේලි එක්ක කතා කරනවා මයි' ආදිත්‍ය හිතුවේ ඒ දිහා බලාගෙනම යි.

****************************************************************************
ඔයාලාගෙයි මගෙයි දෙගොල්ලන්ගේම වෙලාව හොද නෑ ළමයි. ඊයේ හොදටම නිදිමත වෙලා නිදාගත්තා.උදේට ටයිප් කරලා දානවා කියලා.උදේම කරන්ට් ගියා 😓දැන් ආවේ 

ඔන්න ඊයේ කොටස.හෙට ආයේ එකක් ගේන්නම්.හෙට වෙලාව හොද වුනොත් හොදයි. නැත්තම් මගේ මහන්සියත් අපරාදේ වගේ  😐

ආදරෙන් ඉන්න 💖



2 comments:

සුබ අලුත් අවුරුද්දක් වේවා

ඔන්න ඉතින් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලූ. මට නම් දැන් අවුරුද්ද කිව්වම විශේශයක් දැනෙන්නෙම නැති තරම්.කොහා කෑගහන්නේ නෑ.බක්මහ අක...