Sunday, March 11, 2018

පර්ස් හොරු සහ මහත්වරු




දිනය - 2018/03/10
වෙලාව-හවස 2.20 ට පමණ
ස්ථානය - බේරුවල ප්‍රදේශයේ ධාවනය වෙමින් පැවති අම්බලන්ගොඩ-කොලඹ පෞද්ගලික බස් රියක් තුළ 

"ඒයි මගේ පර්ස් එක කෝ? මං දන්නවා ඔහේ තමයි ගත්තේ කියලා.මගේ පර්ස් එක දෙනවා" 

කවුදෝ ගෑනු කෙනෙක් මගේ කන ලග ඉදන්ම බෙරිහන් දුන්නා.වරුන් ධාවනුයි ආලියා බාතුයි ඒක්ක හම්සෆර් සිංදුව කිය කිය හිටපු මං ඒකත් අමතක කරලා මේ සීන් එක මොකද්ද බැලුවේ ඕපදූපෙට ඉස්සර ඉදන්ම තියෙන ලැදියාව නිසාමයි.බැලින්නම් මේ බෙරිහන් දීලා තියෙන්නේ දැන් ටිකකට කලින් මගේ ලගින් වාඩි වුන අක්කා.එයා කෑගහන්නේ හිටගෙන හිටපු මනුස්සයෙක්ට.ඒ මිනිහා මේක ඇහෙන් නෑ වගේ යන්න ලැස්තිය.අක්කා වැඩේ අතෑරියේ නෑ.

නැගිට්ටා

අල්ලගත්තා ඒ මිනිහාගේ ටී ශර්ට් එක

ඇද්දා අක්කගේ පැත්තට

ෆිල්ම් වල වගේ ටී ශර්ට් එක ඉරුනා කියලද හිතුවේ? නෑ පින්වතුනි එහෙම වුනේ නෑ.ඒ වෙනුවට ටී ශර්ට් එක අස්සේ තිබිලා ගෑනු පර්ස් එකක් අක්කගේ අතට ආවා.ඔව් ඔව් ඒ එයාගේ පර්ස් එක තමයි.😐

"ගත්තේ නෑ කිව්වේ? මේ මොකද්ද එතකොට? අරගෙන මදිවට බොරුත් කියනවනේ" අක්කා හෙණ ගහන්න වගේ කියවනවා.😦

මේ අවස්ථාව වෙනකොට මුලු බස් එකේම මිනිස්සු මේ සිද්දිය බලාගෙන.ඉස්සරහ සීට් වල අය සීට් උඩ නැගගෙන මේ පැත්ත බලාගෙන.ඒ විතරක්ද නෙවෙයි පින්වතුනි කියන්න සන්තෝසයි  බස් එකේ කොන්දන් එතනම හිටගෙන මේක බලාගෙන.

"ඔයාලත් දැක්කා නේද මේ මිනිහා පර්ස් එක ගන්නවා" අක්කා අහනවා එතන ඒ මිනිහා ලග වාඩි වෙලා හිටපු හොද වැදගත් පෙනුමක් තියෙන මහත්තයෙක්ගෙන්.ඒ මහත්තයත් ඔලුව වනලා උත්තර දෙනවා දැක්කා කියලා.තව වාඩි වෙලා හිටපු වැදගත් පෙනුම කොල්ලෝ දෙන්නෙක්ම මේකට සම්මාදම් වෙලා කියනවා ඒ  මිනිහාගේ හොර බැල්මයි හැසිරීමයි එයාලත් දැක්කා කියලා.😕

ඔන්න ඔය අස්සේ අර මිනිහා අක්කාගෙන් බේරිලා යන බස් එකේ පිටිපස්සේ දොරෙන්  එලියට පැන ගත්තා කියන්නකෝ.

දැන් මෙන්න මේවා  තමයි ෆ්රෙන්ස් මේ සිද්දියේ දැනට වුන වැදගත්ම දේවල්.

1.මේ අක්කාගේ පර්ස් එක ගන්නවා දැකපු අය ඉදලත් ඒ ගැන වචනයක් මේ අක්කට කිව්වේ නෑ.(අක්කටම සැක හිතිලා බලලා තමයි දැන ගෙන තියෙන්නේ) 😔
2.අක්කම තමයි මේ හොරාගේ ටී ශර්ට් එකෙන් ඇදලා අරගෙන හොරාව අල්ලගත්තේ 😄
3.හොරාව අල්ලගත්තට පස්සෙවත් බස් එකේ හිටපු එක පිරිමි පරාණයක්වත් ඒ මිනිහාව පොලීසියට බාර දීමක් ගැන කතා කරේ නෑ(කොන්දත් ඇතුලුව.කොන්දා හැසිරුනේ එයාට මේවා ඇහෙන් නෑ පෙන්නේ නෑ ගානට)😩

හොරා පැනලා ගියපු එක ගැන අක්කටත් වැඩි ගානක් තිබ්බේ නෑ.එයාම පස්සේ මට කියපු හැටියට,

"තනි ගෑනියෙක් කොහොමද නංගී පිරිමියෙක්ට ගහලා පොලීසී ගෙනියන්නේ? අන්තිමට බැනුම් අහගන්න වෙනවා බස් එක පොලීසී අස්සේ රස්තියාදු කරා කියලා"😑

ඔන්න දැන් හොරා පැනලා ගිහින්.පර්ස් එකත් හම්බෙලා.සිද්දියේ ගින්න නිවිලා දුමක් දාගෙන එන්නේ.ඔන්න  ෆ්රෙන්ස් එතකොට තමයි  පසු කම්පන පටන් ගත්තේ . මේකට  "වීරයන්ගේ සම්ප්‍රාප්තිය" කියලා කියන්නත් පුලුවන්.😏 ඒ විතරක් නෙවෙයි  කටින් බතල හිටවනවා කියන්නෙත් මේකටම තමයි. 😀😂😂

* ඉස්සරහ වාඩි වෙලා සීන් එක ඉවර වෙනකම්ම බලන්  හිටපු  මහත්තයෙක්

"වෙච්ච දෙයක් කෑගහල කියන්න එපැයි නංගී"

*පිටිපස්සේ නැගිටගෙන හොරා පැනලා යනකම් බලන් හිටපු හැඩි හැඩි  මහත්තයෙක්

"ඔයාලා ඔහොම හොරුන්ව අතාරින නිසා තමයි රටේ හොරු වැඩි වෙලා තියෙන්නේ "

*කොන්දා

"දෙයක් වෙන්න කලින් ඕනේ කියන්න.වෙලා ඉවර වෙලා කෑගහලා හරි යනවද?"

*හොරකම් කරනවා දැකපු මහත්තයා

"ඔයත් එතනමනෙ හිටගෙන හිටියේ.පර්ස් එක ගන්නවා දැක්කේ නැද්ද? ඔයිට වඩා පරිස්සම් වෙන්න ඕනේ ගෑණු වුනාම "

අන්තිමටම අක්කා මට කියපු දේ..

"මෙයාලා කියන හැටියට මං හොරා අල්ලගත්ත එකත් වැරදියි.කෑගහපු ප්‍රමාණෙත් මදියි.ඒ මිනිහා ඉල්ලුවම උස්සගෙන ඉන්න අමාරු නිසා බෑග් එක දීපු එකත් වැරදියි.තව ටිකකින් කියාවි මං බස් එකේ ආපු එකත් වැරදි කියලා.මේ කියන හැටියට වැරදි හොරා නෙවෙයි හොරා අල්ලගත්ත මං.මේ වගේ පිරිමි නිසා තමයි පොදු තැනකදි කරදරයක් වුනත් ගෑනු කාටවත් කියන්නේ නැතුව ඉවසගෙන යන්නේ" 

මීට වඩා තව මොනවා කියන්නද පින්වතුනී.ඔන්න ඕකයි අද තත්වේ 😒

**චීත්ත පිරිමි සදහා පමණී.රිදුනොත් කරන්න දෙයක් නැත. 😂😂

**මා විසින්ම අත් දකින ලද  සත්‍ය සිදුවීමකි 




2 comments:

  1. උඹ නම් කියයි නොනේ. ගෑණු හින්දා කතා කරන්න ගහින් චාටර් වෙලත් තියෙනවා. දවසක් සාගරිකා ට්‍රේන් එකේ මිනිමෙක් අපේ අම්මගේ වයසේ ගැණු කෙනේකගේ කරේ යන් කොට එපා කිවිවහාම ඌ මාත් එක්ක වලියට ආවා. අනේ අර කාන්තා පාර්ශවය කියනවා මම මෙහෙම යන්නම් ඔයාලා රණ්ඩුවෙන්න එපා කියාලා. අනේ පවු නැද්ද මං.

    ReplyDelete
  2. ඒක නම් පව් වැඩේ තමා.ඔහොම ගෑනු ඉන්නවා.මං නෑ කියන්නේ නෑ.මං කියන්නේ උදව් නම් නොකරත් කමක් නෑ.ඒ වුනට අර අන්තිමට කියපු කතා කොහොමද? කෙලින්ම චිත්ත කතා නේ.අද කාලේ ගෑනු වත් ඔහොම කතා කරන්නේ නෑ.

    ReplyDelete