Wednesday, May 16, 2018

ආදරණිය නපුරා - දහවන කොටස


හෝටලයෙන් එලියට ආපු සජිනි පාර දිගේ ඇවිත් කෙලින්ම ආවේ ප්‍රධාන පාරට.එතනින් හැරිච්ච සජිනි පාර දිගේ ඇවිදගෙන ගියේ පාරේ ලස්සනත් බල බල.

එක පැත්තකින් පයින් ගස් තියෙන කන්දකිනුත් අනිත් පැත්තෙන් තේ යායක් පේන බෑවුමකුත් තිබ්බ ඒ පාර හරිම ලස්සනයි.සජිනි ඒ පාර දිගේ දිගටම ගියා.ඒ යන පාරේ ලස්සන ෆොටෝ ගන්නත් සජිනි අමතක කරේ නෑ. ඔහොම යනකොට තමයි සජිනි දැක්කේ පයින් ගස් තියෙන පැත්තට යන්න තිබ්බ පොඩි පාරක්.සජිනි ඒ පාරෙන් හැරිලා ගියේ ඒ පැත්තෙත් ෆොටෝ ටිකක් ගන්න හිතාගෙන.

පයින් ගස් යාය ඉවර වෙලා සජිනි ආවේ එලිමහනකට.එතන පාර අයිනේ තිබ්බ පොඩි ගලක් උඩ වාඩි වුන සජිනි ගත්ත ෆොටෝ එක එක බලන්න ගත්තා.ෆොටෝ සිහියෙන් හිටපු සජිනි ගැස්සිලා ගියේ එක පාරටම ඇහුනු මහා අකුණු හඩකින්.එත් එක්කම මහා හුලගකුත් එක්කම වැස්සක්  කඩා වැටෙන්න ගත්තා.කුඩේ ඉහලගත්ත සජිනි ඉක්මනටම ආපහු යන්න පිටත් වුනා.සජිනිට එන්න පුලුවන් වුනේ ප්‍රධාන පාර වෙනකම් විතරයි.ඒ වෙනකම්ම පයින් ගස් යායක් මැදින් ආපු නිසා සජිනිට හුලග එච්චරටම දැනුනේ නෑ.

එත් ප්‍රධාන පාරට ආපු ගමන්ම ඒ ආපු මහා හුලගට  සජිනිගේ කුඩේ ගහගෙන ගියා.ඒ වෙනකොට වටේම අන්දකාර වෙලා තිබ්බේ.සජිනි කරුවලේම වෙව්ල වෙව්ල පයින් ගහක් යටට දුවගෙන ගියා.සජිනි සාක්කුවෙන් ෆෝන් එක එලියට අරන් බැලුවත් ඒකෙ සිග්නල් තිබුනේ නෑ.ටික වෙලාවක් සජිනි එතනටම වෙලා බලාගෙන හිටියේ වැස්සේ කරුවලේ යන්න තැනක් කරන්න දෙයක් හිතාගන්න බැරුව. එක පාරටම  සජිනිට ඇහුනේ වාහන සද්දයක්.සජිනි වාහනේ එන පැත්තට දිව්වත් ඒ වාහනේ ඒ ආපු ඉක්මනින්ම වංගුවෙන් නොපෙනී ගියා.

ඒ වෙනකොට සජිනි හොදටම තෙමිලා හිටියේ.වැස්සත් ඒ වෙනකොට ටිකක් අඩු කරලා නිසා සජිනි තෙමීගෙනම වාහනේ ගිය පැත්තට යන්න ගත්තේ කරුවලේ යන්න පැත්තක්වත් හිතා ගන්න බැරි වුන නිසා.ටික දුරක් මෙහෙම ගියපු සජිනි දැක්කා පාර අයිනේ තිබුනු බස් හෝල්ට් එකක්.සජිනි එතනින් වාඩි වුනේ වැස්ස අඩු වුනාම පාර හොයාගන්න හිතාගෙන 

මේ අතරේ සහන් පාර දිගේ නුවර එලිය නගරයට  ආවේ සජිනි නගරයට එන්න ඇති කියලා හිතලා.මොනවා හරි ගන්න වුනත් පරිසරය බලන්න වුනත් ඕනෙ කෙනෙක් එන්නේ නුවර එලිය නගරයට නිසා.මේ වැස්ස නිසා පාරේ කවුරුවත්ම හිටියේ නෑ.කඩ වුනත් වහලා තිබ්බේ.නුවර එලිය නගරයම පාලුවට ගිහිල්ලයි තිබුනේ.මේ පලු නගරේ හැම පාරකම වගේ සහන් ගියේ සජිනි ඒ කොහේම හරි ඇති කියලා.

"මැඩම් මේ හරියට ඇවිත් නෑ වගේ සර්.අපි අනිත් පැත්තට ගිහින් බලමුද? "හෝටලේ ඉදන් සහන් එක්ක ආපු ගුණපාල කිව්වා

"අනිත් පැත්ත කියන්නේ?"

"හෝටලේ අනිත් පැත්ත සර්.සර්ලා කොලබ ඉදන් ආපු පැත්ත .ඒ පැත්ත හරි ලස්සනයි සර්.මැඩම් ඒ පැත්තට ගියාද දන්නේ නෑ"

"හරි එහෙනම් හරවගෙන යමු" සහන් කිව්වේ තොන්තුවාවෙන්.සජිනි කාමරයෙන් ගිය වෙලාවේ සොයා බැලුවා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා සහන්ගේ හිත සහන්ටම දොස් කියන්න අරන් තිබ්බේ.ඒත් තමන් කේන්තියෙන් හිටියේ කියලා නිදහසට කරුණු දෙන්නවත් සහන්ට පුලුවන් කමක් නෑ.

ආපහු හරවගෙන ආපු වාහනේ හෝටලේට හැරෙන පාරත් පහු කරගෙන ගියේ සහන්ලා නුවර එලියට ආපු පාර දිගේ.සහන් පාර දිහාම බලාගෙන ගියේ කොහෙන් හරි සජිනි මතු වෙයි කියලා.ඒත් සජිනිගේ සලකුණක්වත් තිබුනේ නෑ.

"අපි සර් දැන් හරවමු.මෙහෙම ගිහින් තේරුමක් නෑ.මැඩම් මෙච්චර දුර ආවා වෙන්න බෑ සර්"

"එහෙම කොහොමද? සජිනි නැතුව මං ආපහු යන්නේ නෑ"

"අපි පොලිසියට කියමුද සර්" 

"අහ් කියමු.මේවා අස්සේ මට ඒක අමතක වෙලා තිබ්බේ.යමු එහෙනම්" ඇත්තටම සජිනිව හොයාගන්න බැරුව සහන්ගේ ඔලුව අවුල් වෙලයි තිබ්බේ.මේ වෙනකොට සජිනි ගැන තරහක් සහන්ගේ හිතේ  තිබ්බේ නෑ.සහන් බය වෙලා හිටියේ සජිනිට කරදරයක් වෙලාද කියලා.

ආපහු හරවගෙන යනකොට සහන් දැක්කා බස් හෝල්ට් එකක දෙන්නෙක් අත දානවා වාහනේට.සජිනිව හොයාගන්න එක හදිස්සි වුනත් නවත්තන්නෙ නැතුව යන්න සහන්ට හිතුනේ නෑ.සහන් වාහනේ නවත්තලා වීදුරුව පහත් කරා.

"අනේ මහත්තයෝ මේ ගෑනු දැරිවියෙක් ඉන්නවා මෙතන.ටිකක් අසනීපෙන් ඉන්නේ.අපිව ගෙදරට දාන්න පුලුවන්ද?තව හෝල්ට් දෙකයි තියෙන්නේ" වීදුරුවෙන් ඔලුව දාපු වයසක පිරිමි කෙනෙක් කිව්වා.එතනම තව ගෑනු කෙනෙකුත් ඉදගෙන ඔලුව වැනුවා.

"කෝ ගෑනු ලමයා" සහන් ඇහුවේ ගෑනු ලමයෙක් පේන්න නැති නිසා"

"මේ මෙතන වාඩි වෙලා ඉන්නෙ මහත්තයෝ.කාගේ කවුද දන්නේ නෑ.අපි වැඩ ඉවර වෙලා යනකොට දැක්කේ.මෙතන දාලා යන්න බෑනේ මහත්තයෝ" 

ඒක ඇහුනු ගමන් සහන් වාහනෙන් බැස්සා නෙවෙයි පැන්නා.අඩියට දෙකට බස් හෝල්ට් එක ලගට ගිය සහන් දැක්කේ සජිනි එකේ මුල්ලක හේත්තු වෙලා ඉන්නවා.එයාව කාගෙ හරි රෙද්දකින් පොරවලා හිටියේ.සහන් සජිනි ලගට කිට්ටු වුනා. 

"සජිනි,සජිනි,ඇස් අරින්න.මං සහන්" සහන් කීප සැරයක්ම කිව්වත් සජිනි ඇස් ඇරියේ නෑ.

හැමෝම බලන් ඉන්දෙද්දි සහන් සජිව උස්සලා වාහනේ පිටිපස්සේ සීට් එකෙන් තිබ්බා.

"ඔයාලත් නගින්න.මං බස්සන්නම්"සහන් එහෙම කිව්වේ පුදුමෙන් බලන් හිටපු වයසක යුවලට 

එහෙම්ම වාහනේට නැග්ග සහන් වාහනේ අරන් ගියේ යන්න පුලුවන් උපරිම වේගෙන්.මේ වෙනකොට වැස්ස පායලා තිබ්බ එක සහන්ට ලේසි වුනා .ඒ අතරේ ගුනපාල වයසක ජෝඩුවට මේ විස්තරේ කිව්වා.එයාලවත් බස්සවපු සහන් කෙලින්ම ගියේ හෝටලේට.

කාර් එක පෝටිකෝවේ නවත්තපු සහන් සජිනිව අත් දෙකට උස්සලා ගත්තා.සජිනිව අත් දෙකට ගත්ත සහන් එහෙම්ම ගියේ කාමරේට.සජිනිව කාමරෙන් තියපු සහන් ආපහු පිළිගැනීමේ නිළදාරීය ඉන්න තැනට ගියා.

"දොස්තර කෙනෙක් ඉන්නවද මේ ලග"

"ඉන්නවා සර්.මං දැන් කතා කරා.එන්නම් කිව්වා" පිළිගැනීමේ නිළදාරිනිය වෛද්‍යවරයෙක්ට කතා කරේ සහන් සජිනිව අරගෙන එනකොටමයි.වැස්ස අඩු වෙලා නිසා ඒ වෛද්‍යවරයත් හරි ඉක්මනට ආවා.

සජිනිව බලපු ඩොක්ටර් සහන් දිහාට හැරුණා.

"තෙමිලා නිසයි මේ උණ අරන් තියෙන්නේ.උණටයි සිහිය නැත්තේ.මං ඉන්ජෙක්ශන් එකක් දුන්නා.උදේ වෙනකොට අඩු වේවි.උදේට රස්නෙට මොනවා හරි කන්න දෙන්න.එතකොට හරි යාවි.බය වෙන්න එපා"

"හරි ඩොක්ටර් තැන්ක් යූ ඩොක්ටර්"

සහන්ට සැනසිල්ලක් දැනුනේ ඩොක්ටර් එහෙම කිව්වට පස්සේ.සජිනිව හොදට පොරවපු සහන් බ්ලැන්කට් එකකුත් අරන් පුටුව උඩ වාඩි වුනා.

*********************************************************************************
ඔයාලා මොකද හිතන්නේ සහන් ඒ තරම්ම නරක නෑ නේද? සජිනි උදේ නැගිට්ටම මොනවා වේවිද? සහන් කියපුවට සජිනි මෙච්චර ඉක්මනට සමාව දේවිද?

බලමූ නේද? 

ඉක්මනටම ඊලග කොටස දාන්නම්.කතාව කියවන සහ කතාව කියවලා ඒ ගැන මට කියන ඔයාලා හැමෝටම ගොඩා...ක් ස්තූතියි 💟😘😘

7 comments:

  1. ඔන්න ඔන්න ඕකනේ කියන්නේ.. ලෙඩකට දුකකට හතුරෙක්ටවත් නොබලා ඉන්න එක මොන නරුමකමක්ද? එහෙම බැලුවාය කියල ඒක ආදරෙයි කියලා වරදවා ගන්නත් හොඳ නැහැනේ! තෙරුනානේ සජිනි?

    - සහන්

    ReplyDelete
  2. Nicely written.Waiting for the 11th episode

    ReplyDelete
    Replies
    1. Thanks :) There will be an episode update on every Wednesday and sunday.Will announce it after today's episode ;) <3

      Delete