Sunday, May 27, 2018

ආදරණීය නපුරා - දහතුන්වන කොටස


සහන් කාර් එක ගල්කිස්ස මුහුදු වෙරල ලග තිබ්බ ලස්සන පොඩි හෝටලයකට හැරෙව්වා.එතකොටත් සජිනි සිංදු කියන එක නවත්තලා තිබ්බේ නෑ.

"සුදු මුදු වැල්ලේ සුලග හමන්නේ ආදරේ...
හිරි පොද වැස්සේ පින්න සලන්නේ ආදරේ...
නිවි නිවි අහසේ දිලි දිලි රහසේ...
මුතු කැට තරු වැල් අපට කියන්නෙත් ආදරේ..."

ඇස් වහගෙන ජනේලෙට හේත්තු වෙලා හිටපු සජිනි මිමිණුවේ රේඩියෝ එකේ තාලෙට.
වැටකෙයියා පදුරක් ලගට කරලා කාර් එක නවත්තපු සහන් සජිනි දිහා බැලුවා.

"බහිමුද මැඩම්.අපි ඇවිත් ඉන්නේ"

"කොහෙද මේ?" සජිනි ඇහුවේ කොන්ඩේ හදන ගමන්.නාපු ගමන් ආපු නිසා සජිනි කොන්ඩේ නිකන් කඩා දාලයි ආවේ.

"ඔයා ප්‍රශ්න අහනවා හොදටම වැඩියි" එහෙම කියපු සහන් කාර් එකෙන් බැස්සා.

ඒ පොඩි අවන්හල එලියේ තැන් තැන් වල මේස තියලා ඒ අතරේ තැන් තැන් වල පහන් දල්වලා තිබුනේ පරිසරය එලිය වෙන්න.මුහුදෙන් ආපු සද්දෙත් එක්ක පරිසරයේ නම් තිබුනේ ඝෝශාකාරී හඩක්.

සජිනිත් කාර් එකෙන් බැස්සට පස්සේ දෙන්නම ගියේ වෙරල කිට්ටුවට වෙන්න තිබ්බ මේසයක් ලගට.මේසේ උඩ ලස්සන ලන්තෑරුමක් මල් වලින් සරසලා තියලා තිබුනා.

මේසේ ලග පුටුවකින් වාඩි වුන සජිනිගේ මූනම කෙස් වලින් වැහුනේ එක පාරට ආපු මුහුදු හුලගට.කෙස් ටික එහෙට මෙහෙට කර කර මූනෙන් එහාට ගන්න හදන සජිනි දිහා බලන් හිටපු සහන්ට හිනා ගියා.

"ඕක බැදන් එන්න එපැයි.මේ අපි බලන්නකෝ ඔය කරදර මුකුත් නෑ" සහන් කිව්වේ කොලර් එකත් උස්සලා.

කොන්ඩෙත් එක්ක සටන් කරන ගමන්ම සජිනි සහන් දිහා බැලුවේ පුදුම වෙලා වගේ.සහන් මේ සජිනි එක්ක විහිලුවක් කරාමයි.

"කොන්ඩේ තෙතයි.ඒකයි මෙහෙම ආවේ".සජිනි කිව්වේ අමාරුවෙන් කොන්ඩෙට කටුවක් ගහගන්න ගමන්

"මොනාද සර් ඕනේ" එතකොටම එතනට සුදු පාට නිල ඇදුමක් ඇද ගත්ත වේටර් සහන්ගෙන් ඇහුවා.

"මොනවා හරි බොමු නේද මුලින්" සහන් ඇහුවේ සජිනිගෙන්.සජිනිත් ඒකට ඔලුව වනලා එකග වුනා.

"ඔරෙන්ජ් ජූස් ගේන්න.හොදයි නේද?" සහන් ඇහුවේ සජිනි දිහා බලලා.සජිනි ඒකටත් කරේ ඔලුව වනපු එක.

වේටර් ගියාට පස්සේ ඒ දෙන්නා අතරේ තිබුනේ නිශ්ශබ්දතාවයක්.සහන්ට සජිනි එක්කවත් සජිනිට සහන් එක්කවත් කතා කරන්න දෙයක් තිබුනේ නෑ.

ටිකකින් වේටර් දොඩම් යුශ අරන් ආවා.

"සර් මෙහෙම්ම කෑම ඕර්ඩර් කරනවද?"

"ම්ම්ම්....එහෙනම් අපි චිකන් ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගන්නම්.මේ මෙනු එකට ගෙන්න" සහන් එහෙම කෑම ඕඩර් කරා.

ඒ අතරේ වේටර් ගෙනාපු දොඩම් යුශ එක බිබී හිටපු සජිනිට ෆෝන් එකට මැසේජ් එකක් එන සද්දේ ඇහුනා.ඒ මැසේජ් එක සජිනිගේ හොදම යාලුවා විශ්මිගෙන්.

"මොකෝ කරන්නේ? බර්ත්ඩේ ස්පෙශල් නැද්ද?" එහෙමයි මැසේජ් එකේ තිබ්බේ.

"ස්පෙශ්ල්ද මන්දා.අපි මේ රෑට කන්න එලියට ආවා"

"මොකක්? කාත් එක්කද? කවුද අපි කියන්නේ?" විශ්මිගෙන් ප්‍රශ්න ගොඩයි.සහන්ගේ හැටි විශ්මිත් හොදටම දැනගෙනයි හිටියේ.

"සහන් එක්ක.එයා එක්කගෙන ආවා"

"කොහෙටද?කෝකටත් මට ලොකේශන් එවහන්.උබව මරලා දාන්නවත් එක්කන් ආවද දන් නෑ"

"විකාර කියවන්නේ නැතුව හිටහන්.බර්ත්ඩේ නිසා එලියෙන් කමු කියලා ආවේ.."

"කොහෙද ඉන්නේ දැන්?" විශ්මිගෙන් ප්‍රශ්න පත්තරයයි.සහන් එක්ක ආවට සජිනි දැනන් හිටියේ නෑ මේ කොහෙද කියලවත්.

"සහන් අපි මේ කොහෙද ඉන්නේ"

"ගල්කිස්සේ මූන් බීච් රෙස්ටුරන්ට් එකේ" සහන් කිව්වේ සජිනිටත් රවාගෙනමයි.සජිනි දැන් ටික වෙලාවක ඉදන් ෆෝන් එකට එබීගෙන ඉන්න එක සහන්ට පෙනිලා තිබ්බේ.

'බර්ත්ඩේ කියලා එලියට එක්කගෙන ආවම ෆෝන් එක දිහා බලන් ඉන්නවා.එදා කිව්වෙ නම් ෆෝන් එකට කතා කරන්න කෙනෙක් නෑ කියලා.දැන් මේ කාත් එක්කද දන්නේ නෑ කතා කරන්නේ.ඉන්නකෝ මාත් හොද වැඩක් කරන්න.එයාට විතරක්ද කතා කරන්න අය ඉන්නේ' එහෙම හිතපු  සහන් විහගට මැසේජ් එකක් දැම්මා.

"මට කෝල් එකක් ගනින්" ඒ යවපු පරක්කුවට විහගගෙන් සහන්ට කෝල් එකක් ආවා.

"මොකද බං උබේ සල්ලි නැද්ද?"

"හා කොහෙද මචං ඉන්නේ" සහන් සජිනිට ඇහෙන්නම එහෙම  කියාගෙනම පුටුවෙන් නැගිටලා මුහුද පැත්තට ගියා.

සහන්ගේ කතාවට ඔලුව උස්සලා බලපු සජිනි ආයෙත් විශ්මිට මැසේජ් එකක් ටයිප් කරන්න ගත්තා.

"සහන් එක්කගෙන ආවේ.මං හිතුවෙත් නෑ" සජිනි එහෙමයි විශ්මිට යැව්වේ.

"එහෙනම් මිනිහා දැන් උබට ලව් ද දන් නෑ" විශ්මිගෙන් ඒ පයින්ම උත්තර ආවා.

"අනේ එයා මට කරන ලව්.බුම්මගෙනමයි ඉන්නේ.මහ බුම්මැට්ටෙක්"

"හා..හා..හා..ඒ වුනාට මිනිහා උබට බර්ත්ඩේ ට්‍රීට් දෙන්න එක්කගෙන ආවනේ"

"ඒක තමා මටත් හිතාගන්න බැරි.මේ මිනිහට මොන යකෙක් වැහිලද මන්දා"

"මොන යකා වුනත් යකා හොදයි නේද?"

"හ්ම්ම්"

"මොකද හ්ම්ම් ගාන්නේ..යකා ලස්සනයිත් වගේ පේනවද?"

"පිස්සුද උබට.සහන්ගේ මොන ලස්සනක්ද?" සජිනි එහෙම යැව්වේ ලැජ්ජාවෙන්.කාට බොරු කරත් විශ්මිට බොරු කරන්න සජිනිට ටිකක් අමාරුයි.සජිනි ගැන විශ්මිට හොදට තේරෙනවා.

"හරි හරි නංගි මට තේරෙනවා.කොච්චර වුනත් ස්කෝලේ කාලේ අපිත් එහෙන් මෙහෙන් බලපු කොල්ලෙක්නේ.ඒ කොල්ලා එක්ක එක ගෙදර 
මෙහෙම ඉන්න වුනාම අමාරුයි තමා.මට තේරෙනවා"

"අනේ නිකන් හිටපන්.මට එහෙම අනුන්ගේ ඒවට ආසාවක් නෑ.ඒ කාලේ ඒ උබනේ බල බල හිටියේ.මට නම් අනුන්ගේ ඒවා එදත් එපා අදත් එපා" සජිනි හිතට ආපු එක එහෙම්ම මැසේජ් එකේ ගහලා යැව්වේ මේ කතාව මෙතනින් නවත්තන්න හිතාගෙන.

"අනුන්ගේ එවා? එදා නම් අනුන්ගේ කියමු.අද අනුන්ගේ නෙවෙයිනේ.ඇත්ත කතා කරපන් බං.උබ සහන් එපා කියද්දිත් බැන්දේ සහන් ගැන හැගීමක් තිබ්බ නිසානේ.නැත්තම් උබට බෑ කියන්න තිබ්බනේ.හා බොරුද? "
විශ්මිගේ පණිවිඩේට සජිනිට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා.

'ඇයි සහන් එපා කියද්දිත් මං කැමති වුනේ.අම්මලා කිව්වා තමයි.ඒත් මං අම්මලට කිව්වා නම් සහන්ට මං කැමති නෑ කියලා අම්මලා මේක කරන්නේ නෑ.එක්කො මට පිස්සු.නැත්තම් විශ්මි ඇත්ත කියන්නේ ' සජිනි ඈත මුහුද දිහා බලාගෙනම හිතුවා.

එතකොටම එතනට වේටර් ආවේ සහන් ඕඩර් කරපු කෑමත් අරගෙන.වේටර් කෑම ගේනවා දැකපු සහන් කෝල් එකත් කට් කරලා මේසේට ආවා"

"තව මොනවා හරි ඕනේ නම් කියන්න සර්" වේටර් එහෙම කියලා එතනින් ගියා.

සහන්නුයි සජිනියි හෙමීට කන්න ගත්තා.

"ආ......." කකා හිටපු සජිනි එක පාරට පුටුවත් පෙරලගෙනම නැගිට්ටා.
"මොකද වුනේ" සහනුත් කලබල වුනා.

"මේ මොකෙක්ද කකුලේ වැදුනා." සජිනි එහෙම කියන ගමන් මේසේ යටට එබුනා.සජිනිටත් කලින් මේසේ යටට එබුනු සහන් දැක්කේ වේලුනු වැටකෙයියා කොලයක්.සහන් හිනා වෙවීම ඒක උඩට ඉස්සුවා.

"මෙන්න ඔයාගේ කකුලේ වැදුනු සතා" සහන් හිනා වෙවී කියනකොට සජිනිට දැනුනේ හරි ලැජ්ජාවක්.සජිනි සද්ද නැතුව ආයෙත් පුටුවේ වාඩි වුනේ කන්න කියලා.

"කතාව නම් ගමකට ගහන්න.ඒ වුනාට වේලුනු වැටකෙයියා කොලේටත් බයයි"

"ඔයාටත් තේරෙවී එහෙම වැදුනා නම්.මෙතන කරුවලත් එක්ක.මං කොහොමද දන්නේ."
"වෙලාවට කවුරුවත් නැත්තේ මෙතන.නැත්තම් මටත් එක්ක ලැජ්ජයි." සහන් දිගටම විහිලු කරන්න ගත්තා.

"ඔයා මොකටද ලැජ්ජ වෙන්නේ? ඔයාට කවුද කිව්වේ මෙච්චර කරුවර තැනක් තෝරගන්න කියලා"සජිනිත් අතාරින්න ලෑස්ති නෑ

"ඔයාගේ ඇස් පේන්නේ නෑ කියලා මං දන්නේ නෑනේ" සහන් හිනා වෙවීම කිව්වා.

"සහන්...." එතකොටම සහන්ගේ පිටිපස්සෙන් සහන්ට කතා කරන හඩක් ඇහුනා. ඒ සද්දෙට සහන් හැරිලා බලනකොට ඒ කතා කරපු කෙනා සහන් ලගට ආවේ සහන්ට එයාව හොදට පේන විදියට.

"නදිනි...." සහන් මිමිණුවා.

*************************************************************************
ඔන්න ලමයි.කතාව ගෙනාවා.මගේ පරිඝනක රාජයා කැඩිලා.ඉතින් අද තාත්තගේ එකේන් තමයි මේ කතාව දාන්නේ.බදාදට කතාව දාන්න පුලුවන් තරම් උත්සහ කරනවා.බැරිම වුනොත් බ්‍රහස්පතින්දා අනිවාර්යෙන්ම දානවා හොදේ.

4 comments:

  1. Nadini oya ����
    Ane Dushta part ekak Wath da.

    ReplyDelete
    Replies
    1. samawenna comment walata uththara nodunnata :) dan yantham lap eka hariii

      Delete
  2. Kuthuhalaya wadima thanakin nathara karala badadata daanna wenne na kiyanna epa ane :)

    ReplyDelete