Saturday, February 10, 2018

අපේ පොදු ලැජ්ජාවකට අපි නොදන්න විසදුම්


ලැජ්ජාව කියන එක අපි හැමෝටම තියෙන දෙයක්නේ ෆ්රෙන්ස්.හැබැයි ඉතින් බොරුවට ලැජ්ජ වෙන අය වගේම කිසිම ලැජ්ජවක් නැති අයත් අපි නම් ඕනේ තරම් දැකල තියෙනවා. ඉතින් මන් මේ කියන්න හදන්නේ අපි බොරුවට ලැජ්ජවක් කරගෙන දගලන දෙයක් ගැන වගේම ගොඩක් අය නොදන්න අලුත් විසදුම් වගයක් ගැන.
ඒ තමයි ඕසප් වීම, menstruation එහෙමත් නැත්තම් period කියලත් කියනවා.මේක සමාජයේ සලකන්නේ ලැජ්ජාවට කාරණයක් විදියට.ඇහෙන්න කියන්නේවත් නෑ.

"ඒ මේ පැඩ් එකක් ගන්න තියේද?"
"ඇයි පීරියඩ්ස් හැදිලද?
"කෑගහන්න එපා අනේ.හෙමින් හෙමින්"

"මට ඊවා පැකට් එකක් ගන්නත් ඕනේ අනේ"
"අර කඩෙන් ගමුද?"
"බෑ බෑ ඒකේ ඉන්න කොල්ලා අමුතු විදියට බලනවා"

"ඒයි මේ නැගිට්ටම ඇදුම පොඩ්ඩක් බලන්න හොදේ"

ඕන්න ඔය වගේ ඒවා ඔයාලටත් ඇහිලා ඇති.නැත්තම් ඔයාලම කියලත් ඇතී.පීරීයඩ්ස් කියන වචනෙත් එක්කම ඇහෙන දෙයක් තමයි සනීපාරක්ශක තුවා නැත්තම් sanitary pads කියලත් කියනවා.මේකෙන් කෙරෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ලංකාවේ නම් පීරියඩ්ස් වලදි පාවිච්චි වෙන්නේ sanitary pads තමයි.එක එක වර්ග වලින් ලංකාවේ මේවා ගන්න තියෙනවා.හැබැයි අද ලෝකේ sanitary pads වලට ආදේශක විදියට තවත් දේවල් පාවිච්චී වෙනවා.අන්න ඒවා ගැන තමයි මේ කියන්නේ.

මේවා වර්ග කරන්න පුලුවන් නැවත බාවිතා කල හැකි සහ නැවත බාවිතා කල නොහැකි විදියට.

නැවත බාවිතා කල නොහැකි නැත්තම් disposable ඒවා තමයි,
1.Pantyliner
2.Sanitary Napkin
3.Tampon

pantyliner කියන්නෙත්  sanitary napkin වගේම එකක්.ඒක හැබැයි sanitary napkin වලට වඩා තූනියි.ඒ නිසා heavy flow එකක් දරාගන්න බෑ. 


sanitary napkin ගැන හැමෝම දන්න නිසා ඒ ගැන කියලා වැඩක් නෑනේ.

Tampon

මේ ගැන දන්න අයත් ඇති.ඒත් මන් හිතන්නෙ ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.ඇත්තටම නම් මේක අලුත් දෙයක් නෙවෙයි.ගොඩක් පරන දෙයක්.කොච්චර පරණද කියනවා නම් මුලින්ම මේ ගැන සදහන් වෙන්නෙ 15 වන ශත වර්ශයේ ඊජිප්තූවේදි.ඊජිප්තූ කාන්තාවන් මෘදු පැපිරස් කොල බාවිතා කරල තියෙනවා.ඒ වගේම රෝම කාන්තාවන් වූල් වලින් නිපදවපු tampon,ජපන් කාන්තාවන් කොල වලින් හදපුවා,හවායි දූපත් වල කාන්තාවන් තණකොල පාසී වගේ දේවල් වලින් හදපුවත් බාවිතා කරා කියලා සාක්ශී තියෙනවලූ.ඒ විතරක් නෙවෙයි අදටත් සමහර ආසියානූ රටවල කාන්තාවන් ගස් වල කොල වලින් tampon හදාගෙන පාවිච්චී කරනවලු.හිතන්නත් බෑ නේද?



මේ තියෙන්නෙ Tampon එකක් සහ ඒකේ තියෙන දේවල්.දැන් ඔයාලට තේරෙනවද මේකෙන් කෙරෙන දේ?
ඔව් ඔයාලට තේරුනු විදිය හරියටම හරි.මේක යෝනී මාර්ගය තුලින් ඇතුල් කරලා රුදිරය උරා ගැනීමක් තමයි වෙන්නේ. මේකේ වැඩි විස්තර දැනගන්න පොඩ්ඩක් internet එකෙන් බලන්නකෝ.ඕනේ තරම් you tube වීඩීයෝස් තියෙනවා.



දැන් මෙච්චර වෙලා කිව්වේ පාවිච්චි කරලා අයින් කරන එවනේ.තව තියෙනවා නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් එවා.ඇහුවම නම් අපිට ඊයා කියලනේ හිතෙන්නේ.ඒත් එහෙම එවත් තියෙනවා.

1. Menstrual Cup 




මේකත් ටිකක් විතර tampon වගේ.මේකෙදිත් අපි මේ කප් එක යෝනී මාර්ගයට ඇතුල් කරන්න ඕනේ.හැබැයි tampon වගේ මෙකේදි උරා ගැනීමක් වෙන්නේ නෑ.මෙකේදි වෙන්නේ දරා ගැනීමක්.කියන විදියට නම් පැය 12ක් මේ කප් එකක් තියාගෙන ඉන්න පුලුවන්.ඒකේ පහසුව නම් කියන්න දන්නේ නෑ.හැබැයි පැය 12කට වැඩේ ශේප්.අනිත් වාසිය තමයි මේක නැවත බාවිතා කරන්න පුලුවන් වීම.පැය 12කින් මේක අපි එලියට අරන් ඒකේ තියෙන රුදිරය අයින් කරලා අපිට පුලුවන් මේක හොදට හෝදල උනු වතුර බාජනේක දාලා විශබීජ නාශනේ කරල ගන්න.කියන විදියට නම් මේ කප් එකක් අවුරුදු 5ක් විතර බාවිතා කරන්න පුලුවන්.ඒක නිසා මේක අනිත් ක්‍රම එක්ක බැලුවම සැහෙන්න ලාබ ක්‍රමයක්.

ඒ වගේම මේකත් ටිකක් විතර පරණ ක්‍රමයක්.1932දී තමයි මුලින්ම නිශපාදනය කරලා තියෙන්නෙ.ඒත් තාමත් මේ ගැන මිනිස්සු දන්නවා හරිම අඩුයි.

2. Cloth Menstrual Pad 

මෙන්න මේක ගැන නම් අපේ අම්මලා ආච්චිලා එහෙමත් දන්නවා.sanitary napkin කියලා එකක් එන්න කලින් ලංකාවේ ගෑනූ අය පාවිච්චි කරේ මේක තමයි.ටිකක් ලොකූ රෙදී කැල්ලක් අරගෙන තමයි මේක හදාගන්නේ.මේක අදටත් පාවිච්චි කරන අයත් ලංන්කාවේ ඉන්නවා.සනීපාරක්ශක තුවා ගන්න තරම් ආර්ථික තතවයක් නැති අය වගේම දුර ගම් වල ඉන්න අයත් මේක පාවිච්චි කරනවා.



මේ ක්‍රමයේ වාසි කීපයක්ම තියෙනවා.එකක් තමයි මේක ඉතාමත් ලාබදයි ක්‍රමයක් වීම.ලංකාවේ තාමත් ඉන්නවා හැම මාසේම සනීපාරක්ශක තුවා ගන්න බැරි අය.ඒ අයට මේක ඉතාම හොද ක්‍රමයක්.තව එකක් තමයි මේක බාවිතයෙන් පස්සේ හොදින් හොදලා වේලලා බාවිතා කරන්න පුලුවන් වීම.මේකේදි අපි ගොඩාඅක් හිතන්න ඕනේ මේ රෙදි ඉතාමත් හොදින් පිරිසිදු කරන්න වගේම ඒවා හොදින් ඉර එලියේ වෙලගන්නත්.මේ විදියට කරන නිසා පරිසරයට වෙන හානිය ඉතාමත් අඩුයි.ඒ වගේම මේකට හොද කපු වගේ රෙද්දක් ගන්නව නම් සැප පහසුවත් ලබා ගන්න පුලුවන්.

3.Period Panties 



මෙන්න මේක නම් නියම එකක්.මේක හදුනවල දිලා තියෙන්නෙ 2003දි වගේ කියලා තමයි දැනගන්න හම්බුනේ.නම කියපු ගමන්ම තෙරෙන්න ඇතිනේ මොකද්ද මේකේ සිද්ද වෙන්නෙ කියලා.මේ  Period panties එක එක අවශෝශන ලෙවල් වලින් ගන්න තියෙනවා.හැබැයි මේවගේ දරාගැනීමේ හැකියාව නම් ටිකක් අඩුයි.හැබැයි ඒකට විසදුමක් විදියට මේවා නිපදවල තියෙන්නෙ sanitary pad එකක් එක්ක හරි  tampon එකක් එක්ක හරි පාවිච්චි කරන්න පුලුවන් විදියට.එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයිනේ.ඒ වගේම කියන්න ඕනේ මේකේ leak proof protection එකක් තියෙනවා.ඒ කියන්නේ ලීක් එකක් ගැන බය වෙන්න දෙයක් නෑ.හැබැයි මේවගේ මිල නම් ටිකක් වැඩියි,මිල එහෙම වුනත් මේකත් නැවත නැවතත් බාවිතා කරන්න පුලුවන් එකක් නිසා එකත් එච්චර ලොකු අව්ලක් වෙන්නේ නෑ.


මේවාගෙන් දැනට ලංකාවේ තියෙන එවා මොනවද කියන්න නම් මන් දන්නේ නෑ.ඒ ගැන ඔයලා දැනගත්තොත් මටත් කියන්නකෝ.

මේ ගැන මට මෙහෙම ලියන්න හිතුනේ මේ ලගදි බලපු ෆිල්ම් එකක ට්‍රේලර් එකක් නිසා.ෆිල්ම් එක තමයි "PadMan".හැමෝම බලන්න ඕනේ ෆිල්ම් එකක් මේක.සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ ෆිල්ම් ඒකේ ට්‍රේලර් එක 



තොරතුරු ලබා ගත්තේ අන්තර්ජාලය ආශ්‍රයෙනි :) 

No comments:

Post a Comment