Wednesday, February 14, 2018

ආදරණීය නපුරා - හයවන කොටස

6.කසාද ජිවිතේ 

"මොකක්" එහෙම කියාගෙනම සහන් පුටුවෙන් නැගිට්ටා.

"ඇයි උබ කෑම එක දාලා අවා නේද? සජිනි ගෙනත් දුන්නා ඒක" ගයාන් කිව්වා.

"උබට?" විහග ඇහුවේ පුදුම වෙලා.

"මට නෙවෙයි බන්.ඔෆිස් එකට.මන් එනකොට කෙල්ල ගේට් එක ලග.මන් ඇතුලට එන්නත් කිව්වා.කොහෙද ගමනක් යන්න තියෙනවා කියලා මේක උබට දෙන්න කියලා ගියා" ගයාන් පැහැදිලි කරා.

"උබ කොහොමද සජිනි අදුරන්නේ?"සහන් ඇහුවා.

"ඇයි බන් අපි දැක්කනේ වෙඩින්ග් එකේදී.අනික උබ දන්නවනෙ මට මිනිස්සුන්ගේ මූනූ හොදට මතක හිටිනවා කියලා"

"කෝ දීපන් බලන්න" සුදේශ් බත් එක අතට ගත්තා.

"ඒ පට්ට සුවදයි බන්.උබ නම් මාර ලකී.ඉරිසියත් හිතෙනෝ"සුදේශ් බත් එකේ සුවද බලන ගමන් කිව්වා.

"ඒ ඔව් බන්.මටත් මග දිගටම හිතුනා මූට නොදි කැන්ටින් ගිහින් කන්න."ගයාන් කිව්වේ සුදේශ්ගේ අතේ තිබ්බ කෑම එකට ඉව අල්ලන ගමන්.

" ඉතින් උබ කන්න එපැයි.මොන මගුලකටද මෙහෙ උස්සන් ආවේ?" සහන් කිව්වේ කෙන්තියෙන්.

"උස්සන් ආවේ මේක උබේ ගෑනි ගෙනාපු නිසා.යකෝ උදව් කරම බැනුම් අහන්න වෙන රටක්නේ මේක" ගයාන්ටත් තද වුනා.

"ශෝක් උදව්ව.බලහන් උදේ ඉදන් කරපුවගේ කිසිම වැඩක් නැති වුනානේ." සහන් වාඩි වෙලා ඔලුවේ අත් දෙක තියාගත්තා.

"මොනවද බන් මේ මූ කියවන්නේ?" ගයාන් ඇහුවේ විහගයි සුදේශුයි දිහා බලන්.

"යමන්කෝ යමන්කෝ.උබට පස්සේ විස්තරේ කියන්නම්.දැන් ලොක්ක ආවොත් බැනුම් අහන්න වෙන්නේ"විහග ගයාන්ව ඇදන් කාමරෙන් ගියා.

"ඕන්න ඕක අතෑරලා දාලා වැඩක් කරගනින්.ලන්ච් එකෙදි සෙට් වෙමු" සුදේශ් පුටුවෙන් නැගිටින ගමන් කිව්වා.

"මෙන්න මේක අරන් ගිහින් උබලම කාපන්" සහන් බත් එක පෙන්නලා කිව්වා.

"කාපන් බන් ඕක.සජිනිට දිවැස් නෑ උබ කෑවද නැද්ද දැනගන්න"

"මං එහෙනම් වීසී කරනවා"

"පිස්සුද යකෝ.කෝ දීපන්"සුදේශ් කෑම එක ගත්තා.

"හරි එහෙනම් අපි කැපෙනෝ.පස්සෙ සෙට් වෙමුකෝ"එහෙම කියාගෙන සුදේශ් යන්න ගියා.

සහන්ට මේ වෙච්ච දේ හිතාගන්නත් බෑ.කෑම එක එපා කියලා ආවම සජිනි ඒක අරන් ඇවිත්.දැන් මේක හෙටත් එපා කියලා එන්නත් බෑ.මොකද එහෙම ආවත් සජිනි ආපහු මේ වැඩේම කරන්න ඉඩ තියෙන නිසා.මේකට මොනවම හරි කරන්න ඕනේ කියලා සහන් හිතාගත්තා.

සහන්ට කෑම එක දිලා සජිනි ගියේ ගුණසේන එකට.ගෙදර තනියෙන් ඉන්න එකේ පොත් ටිකක් කියවන්න ඕනේ කියලා හිතලා සජිනි පොත් සෙට් එකක්ම ගත්තා.එ ගමන් හොද ඩීවීඩී ටිකකුත් ගත්තා ගෙදර ගිහින් බලන්න කියලා.ගෙදර ඇවිත් කාලා ටීවී එක ටිකක් බලපු සජිනි ඩීවීඩී එකක් දාගත්තා බලන්න කියලා.



හවස සහන් වැඩ ඇරිල එනකොට 6ට විතර ඇති. සහන් දැක්කා සජිනි ටීවී එකේ මොකක්ද බලනවා.සහන් ආපු සද්දෙට සජිනි හැරිලා බැලුවා.ඊට පස්සේ ටීවී එකත් ඔෆ් කරලා කුස්සියට ගියා.සහන් ගිහින් නාලා එනකොට දැක්කා තේ එකක් මේසේ උඩ තියෙනවා.බොන්නේ නැතුව ඉන්න හදලත් සහන් ඒක බොන්න ගත්තා.සජිනිත් එක්ක මේ දේවල් වලට රණ්ඩු වෙන එකේ තේරුමක් නෑ කියලා සහන් තීරනේ කරේ ඔෆිස් එකේදිමයි.ඉතින් එදා රෑ කෑම කන්න කතා කරාම සහන් කිසිම කතාවක් නැතුව ගිහින් කෑවා.පහුවදා උදේ සජිනි වෙනදටත් කලින් නැගිටල කෑම හැදුවා සහන් යාවි කියලා.එත් එහෙම වුනේ නෑ.සහන් පරක්කු වෙලා නැගිට්ටෙත්.හෙමීට ලැස්ති වෙලා සජිනි උදේට හදල තිබුනු සැන්ඩ්විචස් එහෙමත් කාලා බත් එකත් අරන් තමයි ගියේ.සජිනිට පුදුමයි මේ වෙනස ගැන.ඒත් සජිනිට එත් එක්කම තේරුනා තවත් වෙනසක්.කලින් මොනවම හරි දෙයක් කතා කරත් ඊයේ හවස ඉදන් සහන් සජිනි අහපූ දේකට වත් උත්තර දුන්නේ නෑ.

සහන් සජිනි එක්ක කතා නොකරේ හිතලමයි.සජිනි එක්ක කතා කරලා හිත අවුල් කරගන්නවට වඩා කතා නොකරම ඉන්න එක හොදයි කියලයි සහන් හිතුවේ.හවස වැඩ ඇරිලා ආවත් සහන් කතා කරන්න ගියේ නෑ.ගොඩක් වෙලවට සහන් හවසට ගෙදර ඇවිල්ලත් හිටියේ ලැප්ටොප් එක දාගෙන කාමරේ.සජිනිත් පාඩුවේ කුස්සියට වෙල සින්දුවකුත් දාගෙන ඉව්වා.පස්සේ දෙන්නත් එක්ක කාලා නිදගන්න කාමර දෙකට යනවා.ඔන්න ඔහොම තමයි දෙන්නගෙ දවස ගත වුනේ.ඔය විදියට සති 2ක් විතරම ගෙවුනා.මේ සති දෙකට මේ දෙන්නා වචන 10කට වඩා කතා කරලා නෑ.මේක සහන්ට නම් එච්චර ගානක් වුනේ නෑ.එයාගේ කැමැත්තක් තිබුනෙත් නෑනේ සජිනි එක්ක කතා කරන්න.ඒත් මේක සජිනිට නම් සැහෙන්න දැනුනා.දවසට පාරක් අම්මලට කතා කරනවා ඇරෙන්න සජිනිට කතා කරන්න කෙනෙක් හිටියේ නෑ.ඒ විතරක් නෙවෙයි සහන් වීක් එන්ඩ් එකෙත් වැඩ කියලා ඔෆිස් ගියා.ඒ වගේම අනිත් අපාර්ට්මන්ට් වල ඉන්න කවුරුවත් සජිනි දැකල තිබුනෙත් නෑ.දවසම ටීවී එක බලලයි පොත් කියවලයි සජිනිට එපා වෙලා තිබ්බේ.යන්න කියලා තැනක් සජිනි දැනන් හිටියෙත් නෑ.

ඔහොම ඉන්න අතරේ දවසක් සජිනි බඩු ගේන්න ගිය අතරේ දැක්කා අවුරුදු 5ක විතර පොඩි බබෙක් ඉන්නවා අපාර්ට්මන්ට් එක ඉස්සරහ.සජිනි කලින් මෙහේ පොඩි බබාලා ඉන්නවා දැකලා තිබුනේ නෑ.එයාව දැකලා ඒ බබා හිනා වුනා.සජිනි බඩු ටිකත් පැත්තක තියලා බබා ලගින් වාඩි වුනා.

"බබා මෙතන තනියම ඇයි? කෝ අම්මා?" සජිනි ඇහුවේ වටපිට බලන ගමන්.ඇත්තටම බබා හිටියේ තනියම.

"අම්මා උයනවා" බබා හුරතල් විදියට කිව්වා.

"අම්මා කොහෙද උයන්නේ?"

"අම්මා උයන්නේ කුස්සියෙනෙ අනේ.ඔයා එකවත් දන්නේ නැද්ද?" බබා කටත් උල් කරන් කියනකොට සජිනිට හිනා ගියා.

"ඇන්ටිට අමතක වුනා පැටියෝ.ඉතින් අම්මගේ කුස්සිය තියෙන්නෙ කොහෙද?" 

"උඩ තියෙන්නෙ" බබා කිව්වේ පඩිපෙල පෙන්නලා.මේ බබා පඩිපෙලා බැහැගෙන ඇවිත් කියලා සජිනිට තේරුනා.

"බබාගේ නම මොකද්ද?" සජිනි ඇහුවේ බබාගේ කම්මුලකින් අල්ලගෙන.

"සංජු" 

"ශා හරි ලස්සන නමක්නේ.සංජූ පැටියෝ දැන් අම්මා බය වෙලා ඔයාව හොයනවත් ඇති.ඇන්ටි එක්ක යමු අම්මා බලන්න"එහෙම කියලා සජිනි බබාගේ අතින් අල්ලගත්තා.දෙන්නත් එක්ක පඩි නැගල උඩට යනකොට සජිනි දැක්කා එයලාගේ අපාර්ට්මන්ට් එක ලගම අපාර්ට්මන්ට් එකක දොර ඇරල තියෙනවා.ඒ අපාර්ට්මන්ට් එකේ දොර ඇරල තියෙනවා සජිනි කවදාවත් දැකලා තිබ්බේ නෑ.එතකොටම ඒ දොරෙන් සජිනිට වඩා අවුරුදු 5ක් 6ක් විතර වයස ගෑනූ කෙනෙක් එලියට ආවා.සංජූ එයාව දැකලා දුවගෙන ගියා.ඒ ගෑනූ කෙනත් සංජුව වඩාගත්ත විදියට සජිනිට හිතුනේ මේ ඒ බබාගේ අම්මා කියලා.සංජූ එයාව පෙන්නලා මොනවද කියනවා දැකපූ සජිනි හිනා වේගෙනම ඒ ලගට ගියා.

"අනේ නංගී ගොඩාක් තැන්ක්ස් ඔයාට.මෙයා ඉන්නෙම නෑනේ එක තැනක"

"පොඩි අය එහෙම තමයිනේ.මං අක්කව කලින් දැකල නෑනේ"

"මාත් මේ ඕකමයි කියන්න ගියේ.ලගදිද ආවේ? අපි ටික දවසකට ගමේ ගිහින් හිටියේ.අද තමයි ආවේ"

"ඔව් අක්කේ මං ඉන්නේ අර 24 අපාර්ට්මන්ට් එකේ" 

"අහ් ඒකේ හිටියේ පිරිමි ලමයි 3දෙනෙක් නේද?.මාත් එක්ක නම් කතා කරලා නෑ.මගේ හස්බන්ඩ් එක්ක නම් කතා කරනවා මන් හිතන්නේ" 

"ඔව් අක්කේ එහෙ හිටපු සහන්ව තමයි මං මැරි කරේ.ඒ අනිත් අය දැන් වෙන බෝඩිමක.අපි තමයි මෙහේ ඉන්නේ දැන්." සජිනි පැහැදිලි කරා.

"අනේ ශොක්නේ.මාත් හරි පාලුවෙන් හිටියේ කතා කරන්නවත් කෙනෙක් නැතුව.මේ එක නෙවෙයි එන්නකෝ ඇතුලට"

"වෙන වෙලාවක එන්නම් අක්කේ.මන් මේ කඩේ ගිහින් එන ගමන්"

"අනේ මට නංගිගේ නමවත් අහන්න බැරි වුනා.මං තිලිනි" 

"මං සජිනි" 

"ආනේ අපේ බබාගේ නමත් සජිනි.එයාට ගෙදරට කියන්නේ සංජූ" තිලිනි බබාගේ ඔලුව අතගාන ගමන් කිව්වා.

"මටත් ගෙදරට කියන්නේ සංජු කියලා තමයි" සජිනි ලැජ්ජාවෙන් කිව්වා.

"ආනේ එහෙනම් මාත් එහෙම කියන්නද?කමක් නැද්ද?" 

"අනේ කමක් නෑ.එහෙම කියන්න.එහෙනම් මං දැන් යන්නම් අක්කේ.වැඩ වගයක් තියෙනවා " සජිනි කිව්වා

"දූ මේ ඇන්ටිට බායි කියන්න.ඕනේ වෙලාවක එන්න නංගි.මාත් එන්නම්කො වෙලාවක" 

"බායි ඇන්ටී" සංජූ හුරතලේට කිව්වා.සජිනි කිට්ටු වෙලා සංජුගේ කම්මුලට කිස් එකකුත් දුන්නා.

මේ විදියට පටන් ගත්ත සජිනිගෙයි තිලිනිගෙයි යාලුකම කාලෙත් එක්ක ගොඩක් වැඩි වුනා.දෙන්නත් එක්ක එකට කෑම හැදුවා,ෆිල්ම් බැලුවා ශොපින්ග් ගියා.මේ නිසා දැන් ඇත්තටම සජිනි සතුටින් හිටියේ.ඒත් තාමත් සහන් කතා කරන්නේ නැති එක නම් සජිනිට කලින් වගේම දැනුනා.

සහන්ටත් සජිනිගේ වෙනස තේරිලා තිබ්බේ.සජිනිගේ මූන වෙනදට වඩා ගොඩක් එලිය වෙලා කියලා සහන්ට තේරුනා.ඒ විතරක් නෙවෙයි වෙනදට සහන් එනකොට ටීවී බලන සජිනි දැන් සහන්ට  එක කේක් ජාති එහෙම හදල දෙනවා තේ එක්ක කන්න.අනික වැදගත්ම දේ තමයි වෙනදා සහන් කතා නොකරත් මොනවම හරි කියවන සජිනි දැන් සහන් එක්ක කතා කරන්න උත්සහයක්වත් ගත්තේ නැති එක.ඒ වෙනස සහන්ට ගොඩක්ම දැනිලා තිබ්බේ.

සජිනිව මග අරින්න පහුගිය ටිකේම වීක් එන්ඩ් එකේ ඔෆිස් ගියපු සහන් ඒ සතියේ සිකුරාදා වෙනකොට හිටියේ හොදටම මහන්සි වෙලා.ඒ නිසා උදේ වැඩට ගියපු සහන් දවල් 2ට විතර ආපහු ආවා.ගෙට එනකොටම සහන්ට තේරුනා ගෙදර වෙනසක් තියෙනවා කියලා.අමුතුම නිශ්ශබ්දතාවයක් තිබ්බේ.කතා නොකරත් සජිනිගේ මොකක්ම හරි සද්දයක් ඇහෙනවනෙ වෙනදට කියලා සහන් කල්පනා කරා.මොකද ඇත්තටම සජිනි ඉන්නවා නම් එක්කො ටීවී එක දාලා නැත්තම් ලැප්ටොප් එකේ සින්දූ දාලා.එහෙමත් නැත්තම් තනියෙන් හරි සජිනි සින්දු කියනව.

කාමරේට ගිහින් වොශ් එකක් දාගෙන සහන් ඇදේ ඇලවුනා.ඇගේ අමාරුවටත් එක්ක සහන්ට නින්ද ගියා.සහන්ට ඇහැරෙනකොට 4ට විතර ඇති.සහන් කාමරෙන් එලියට ආවේ සජිනි ඇති කියලා.ඒත් තාමත් සජිනිගේ සලකුනක් නෑ.හැමතැනම බලපු සහන් සජිනිගේ කාමරේ ලගට ගියා.කාමරේ දොර ඇරලා තිබ්බේ.කවුරුවත් කාමරේ හිටියේ නෑ.එකට අල්ලලා තිබ්බ බාත් රූම් එකෙත් සජිනි නෑ කියලා දැනගත්තට පස්සේ තමයි සහන්ගේ ඔලුව රත් වුනේ.

සජිනි කඩේ ගියත් යන්නේ උදේ කියලා සහන් දැනගෙන හිටියේ දවසක් සජිනි ෆෝන් එකෙන් අම්මට කියනව ඇහිලා.ඒ කොහොම වුනත් සහන් ලැස්ති වෙලා එලියට බැස්සේ සජිනි ගිය තැනක් බලන්න.එලියට බැහලා සහන් ගියේ සිකුරිටි ලගට.

"අයියේ මගේ වයිෆ් එලියට යනවා දැක්කද?"

"නැනේ සර්.ඇයි නෝනගේ ෆෝන් එක වැඩ කරන්නෙ නැද්ද?" සිකුරිටිගේ කතාවට තමයි සහන්ට මතක් වුනේ එයා ලග සජිනිගේ නම්බර් එකක්වත් නෑ කියලා.

"නෑ නෑ අයියේ මන් බලන්නම්කො" එහෙම කියලා සහන් බයික් එකට නැගලා පිටත් වුනා.පිටත් වුනාට කොහේ යන්නද කියලා සහන්ට තේරුමක් තිබ්බේ නෑ.සහන් කෝකටත් කියලා ෆුඩ් සිටි එකටත් ගිහින් බැලුවා.

දැන් මොකද කරන්නේ කියලා සහන්ට හිතගන්න්වත් බෑ.එයා ලග සජිනිගේ නම්බර් එකක්වත් නෑ.පෙන්නලා දැක්කද අහන්න ෆොටෝ එකක්වත් නෑ.සහන් වැටුනේ හරි අමාරුවකට.ඊටත් වඩා සජිනිට මොනවා හරි වෙලාද කියලත් සහන්ට බයයි.සජිනි කොලබ පුරුදු කෙල්ලෙක් නෙවෙයි කියලා සජිනිගේ අම්මා කිව්වා සහන්ට මතකයි.පහුගිය ටිකේ සජිනිගේ හැසිරීමත් වෙනස් කියලා සහන්ට මතක් වුනා.මේ ඔක්කොමත් එක්ක සහන් හිටියේ හොදටම බය වෙලා.ඕනේ දෙයක් කියලා සහන් ගෙදරට කතා කරල සජිනිගේ නම්බර් එක ඉල්ලගත්තා.ඒක ඉල්ලන්න හෙතුව නොකිව්වත් සහන්ට අම්මගෙන් හොදට අහගන්න වුනේ වයිෆ්ගේ නම්බර් එකවත් ලග නෑ කියලා.

සහන් දිගින් දිගටම සජිනිට කෝල් කරත් සජිනි ආන්සර් කරේ නෑ.පොලීසියට යන්න කලින් ආයෙත් ගෙදර බලන එක හොදයි කියලා සහන් ගෙදර ආවා.එනගමනුත් සහන්ගේ ඔලුවේ තිබ්බේ සජිනි කොහෙද මේ ගියේ? මොකද වුනේ කියලා . සහන්ගේ එකම බලපොරොත්තුව වුනේ එයා ගෙදර යනකොට සජිනි වෙනදා වගේ ටීවී එක දාගෙන ඉදීවී කියලා.ඒත් සහන් ගෙදර යනකොටත් සජිනි හිටියේ නෑ.සහන් එහෙම්ම පුටුවක් උඩ වාඩි වෙලා ඔලුවේ අත් දෙක ගහගත්තා.මොනවාකරන්නද කියලා සහන්ට හිතාගන්නත් බෑ.

එතකොටම ඇහුනු දොර අරින සද්දයක් නිසා සහන් ඔලුව උස්සලා බැලුවා...


To be continued.....















No comments:

Post a Comment

ආදරණීය නපුරා - දොළොස්වන කොටස

සහන් දොර අරින්න ගියේ මේ නිවාඩු දවසේ කවුද ආවේ කියලා හිත හිත.දොර ඇරියම දොරෙන් එලියේ හිටියේ සජිනිගේ අම්මයි තාත්තයි. "අහ් පුතා&quo...