Thursday, June 28, 2018

ආදරණීය නපුරා - තිස් පස් වන කොටස


දොරේ සද්දෙට සහන් ගිහින් දොර ඇරියේ මේ රෑ කවුද කියලා හිත හිත.දොර ලග හිටියේ අවුරුදු 15ක් විතර වෙච්ච පිරිමි ලමයෙක්.

"මහත්තයා අපේ අම්මා මේ භාජන ටික සජිනි නෝනට දෙන්න කිව්වා" ඒ පිරිමි ලමයා කිව්වේ හොදට හෝදලා පිරිසිදු කරපු භාජන ටිකකුත් පෙන්නලා.සහන් හිනා වෙලා භාජන ගත්තේ මුකුත්ම අහන්නේ නැතුව.සජිනි මොනවා හරි දෙන්න ඇති කියලා සහන්ට හිතුනා

"මහත්තයා තව අම්මා කියන්න කිව්වා මේ වෙලාවේ කෑම දිපු එකට නෝනට ගොඩක් පින් කියලා" ඒ කතාවට නම් සහන් ටිකක් ගැස්සුනා.

"මේ වෙලාවේ මොනවද දීපූ කෑම" සහන් ඇහුවේ ඒ කුතුහලේ නිසාමයි 

"නෝනා අපට බුරියානි දුන්නනේ මහත්තයා" ඒ කතාවට සහන්ට දැනුනේ කවුරු හරි ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ හැගීමක් 

"බුරියානි දුන්නා?? කොයි වෙලාවේද?"

"මේ දැන් ටිකකට කලින් මහත්තයා.අම්මා වැඩ ඉවර වෙලා එනකොට අරන් ආවේ"

"බුරියානි විතරයිද?" සහන් ඇහුවේ විස්තර දැනගන්න හිතාගෙන 

"නෑ මහත්තයා.පැණි රස ජෙලි වගේ ජාතියකුත් තිබුනා.බිත්තරත් තිබ්බා.එක එක එවා ගොඩක් තිබ්බා මහත්තයා."

"අහ්...ඒකත් එහෙමද?"සහන් ඇහුවේ කල්පනා කර කර 

'එහෙනම් සජිනි රෑට බුරියානි හදලද?  කන්නෙත් නැතුවද මේ ඒපාර නිදාගන්න ගිහින් තියෙන්නේ?' සහන්ට ප්‍රශ්න ගොඩයි 

"මහත්තයා මං යන්නද? " ඒ කල්පනාව බිද වැටුනේ ඒ කොල්ලගේ කටහඩට 

"හා හරි හරි මං නෝනට කියන්නම්කෝ" සහන් එහෙම කියන පරක්කුවට කොල්ල කරුවලේම දුවලා ගියා.

භාජන ටික අරන් කුස්සියට ගියපු සහන් වතුර එකක් රත් වෙන්න තිබ්බා.ඒ තියලා සහන් ගියේ එයාලගේ කාමරේට.ඇදේ සජිනි නිදාගෙන ඉන්න තැනින් වාඩි වුන සහන් සජිනිගේ ඔලුව උඩින් අතක් තිබ්බා.සජිනිගේ කම්මුල් වල කදුලු පාරවල් එහෙම්ම වැදිලා තිබ්බා 

'පව්' සහන්ට හිතුනා 

"සජිනි " සහන් සජිනිට කතා කරාට සජිනිගේ කිසි ප්‍රතිචාරයක් තිබ්බේ නෑ 

"සජිනි..." සහන් ඒ පාර කතා කරේ සජිනිගේ උරහිසත් හොල්ලලා.ඒත් උත්තරයක් තිබ්බේ නෑ

"මං දන්නවා ඔයා නිදි නෑ කියලා.බොරු කරන්නේ නැතුව නැගිටින්න සජිනි" සහන් කිව්වේ ටිකක් සැරෙන් 

ඒ පාර නම් සජිනි හෙමීට ඇස් ඇරියා.ඒත් සහන් දිහා බැලුවේ නම් නෑ 

"කෝ නැගිටින්න" සහන් කිව්වේ හරි සන්සුන් විදියට 

"ඇයි" සජිනි ඇහුවේ ඇහෙන නෑහෙන ගානට 

"කිව්වම නැගිටින්න"

'පුප්පන්න නම් හොදට පුලුවන්.කොයි වෙලේ බැලුවත් පුප්පගත්ත ගමන්.අර අම්මට මෙහෙම පුතෙක් කොහොම හම්බුනාද මන්දා' සහන්ට හිතින් බැන බැනම සජිනි නැගිටලා ඇදේම වාඩි වුනා 

"ඇයි?" 

"රෑට කෑවද?" සහන්ගේ ඒ ප්‍රශ්නෙට සජිනි අහක බලාගත්තා 

'එලියෙන් කාලා ඉවර වෙලා ඇවිත් මෙතන මං කෑවද අහනවා'

"කෑවද?" සජිනිගේ උත්තර පරක්කු වුනාම සහන්ට තරහයි 

"ඔව්" සජිනි කිව්වේ ඕනවට එපාවට 

"මොනවද කෑවේ"

"මොනවා හරි" සජිනි උත්තර දෙන්නේ අහක බලාගෙනමයි 

"මෙහෙ බලන්න" සහන් සජිනිගේ නිකටෙන් අල්ලලා එයාගේ පැත්තට හරව ගත්තා.

"දැන් කියන්න බලන්න මොනවද කෑවේ කියලා"ඒකට සජිනි මුකුත් උත්තරයක් දුන්නේ නෑ.

"සුමනට බුරියානි දුන්නද?" සහන්ගේ කතාවට සජිනි ඇස් ලොකු කරලා සහන් දිහා බැලුවේ පුදුම වෙලා 

"ඔහොම බලන්න දෙයක් නෑ.සුමනගේ පුතා අන්න භාජන ටික ගෙනත් දුන්නා" සහන් කිව්වම සජිනි බිම බලාගත්තා.

"රෑට කෑවේ නෑ නේද?" සහන් අහපු විදියට සජිනිගේ ඇස් වල කදුලු පිරුනා.කදුලු පිටට පනින එක නවත්තගන්න හැදුවත් කදුලු කම්මුල් දිගේ බේරිලා ගියා.සහන්ට ඒක පෙනේවි කියලා සජිනි බිම බලාගෙනමයි හිටියේ.බිම කිව්වට සජිනිට බලන්න තිබ්බේ එයාගෙම අත් දෙක දිහා.වෙව්ලන අත් දෙකෙ නියපොතු එකට ගැටෙද්දි සජිනි ඒ දිහාම බලන් හිටියා.

ටික වෙලාවක් සජිනි දිහා බලන් හිටපු සහන් නැගිටලා ගියේ කුස්සියට.කුස්සියට ගිහින් කිරි එකක් හදාගත්ත සහන් ආයෙමත් සජිනි ලගට ආවා.ඒ එද්දිත් සජිනි හිටියේ ඒ විදියටමයි.කිරි එක ඇද ලගින් තියපු සහන් ආයෙත් සජිනි ලගින් වාඩි වුනා.

"කිරි එක බොමු..."ඒකටත් සජිනිගෙන් සද්දයක් තිබ්බේ නෑ 

"ඇයි කතා කරන්නේ නැත්තේ? අහ්?" එහෙම කියපු සහන්, සජිනිගේ නිකටෙන් අල්ලලා උඩට ඉස්සුවා.එතකොට තමයි සහන් සජිනිගේ රතු වෙලා කදුලු පිරිලා තියෙන ඇස් දැක්කේ.සජිනිගේ මූන දැකපු සහන් ලොකු හුස්මක් හෙලුවා 

"දැන් මේ මං කෑවේ නෑ කියලද මෙච්චර අඩන්නේ" සහන් අහද්දී සජිනි ඔලුව වැනුවා 

"එහෙනම්" 

"ඔයා කන්න එනවා කිව්වනේ..." සජිනි ඒ සැරේ හෙමීට කිව්වා 

"මං දන්නේ නෑනේ ඉතින් ඔයා මෙහෙම දෙයක් කරාවි කියලා" සහන් කිව්වේ ඇත්තටම පසුතැවිල්ලෙන්.ඒකට සජිනිගෙන් උත්තරයක් නැති තැන සහන් ආයෙත් කතා කරා 

"මොනවද හැදුවේ බුරියානි විතරයිද?"

"බුරියානියි,බිත්තරයි,එලවලු චොපිසියයි,කට්ලටුයි.චිකන් හොදිත් හැදුවා" සජිනි කිව්වේ නහයත්  ඉහලට ඇද ඇද.අඩලා නිසා සජිනිට හෙම්බිරිස්සාවත් හැදිලා

"වෙන?" 

"කැරමල් පුඩින් හැදුවා" 

"මේ හොටුත් එනවා අඩලා අඩලාම" සහන් එතන මේසෙන් ටිශූ වගයක් අරන් දුන්නා.සජිනි නහය පිහදද්දී සහන් ආයෙත් කතා කරා.

"ඉතින් ඕවා තියන්න තිබ්බනේ ෆ්රිජ් එකේ දාලා.මං හෙට කනවනේ එහෙනම්"

"එහෙම තියලා රස නෑ" සජිනි ආයෙත් නහය උඩට ඇද්ද 

'හෙම්බිරිස්සාවත් හදාගෙන අඩලා අඩලා.ඔය මුකුත් නෑනේ මට කතා කරලා කිව්වා නම්"

"එතකොට ඒක සප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ" සජිනි කිව්වේ හෙමීට වුනත් සහන්ට ඒක ඇහුනා.සහන් ඒත් ඒකට මුකුත් කියන්න ගියේ නෑ.

"ආ මේක බොන්න..බඩගින්නේ නිදාගන්න හොද නෑ" සජිනිට තේ එක දීපු සහන් එතනින් නැගිටලා ඇදේ අනිත් පැත්තට ගිහින් ඇලවුනා.

හෙමීට කිරි එක බීපු සජිනි කුස්සියට ගිහින් වීදුරුව තියලා ආවා.ඇවිත් ලයිට් එකත් නිමලා ඇදේ ඇලවෙලා සජිනි ටිකක් වෙලා කරුවල දිහාම බලන් හිටියා 

"නදිනි ගොඩක් ඇදුම් ගත්තද?" සජිනි අහපු කතාවට සහන් හිනා වුනා 

"ගොඩක් ගත්තා නම් ඒකත් එකක්.ඇදුම් තෝර තෝර වටේම ඇවිද්දා.අන්තිමට බලපු ඇදුම් වලින් දහයෙන් එකක්වත් ගත්තේ නැද්ද කොහෙද?" සහන්ගේ කතාවට සජිනිගේ හිත කීරී ගැහිලා ගියා 

'මං කතා කරොත් ඔයා මාත් එක්කත් යන්න ඒවිද සහන්?' සජිනි එහෙම හිතුවත් එහෙම දෙයක් සහන්ගෙන් අහන්න තරම් හයියක් සජිනිට තිබ්බේ නෑ.

සජිනි එහෙම හිතන අතරේ සහන්ගේ හිතේ තිබ්බේ වෙච්ච දේ ගැන පසුතැවිල්ලක්

'මාත් ගොනා වගේ කිව්වා කෑවා කියලා.කොහොම හරි ටිකක් කෑවා නම් මෙහෙම වෙන්නේ නෑනේ.එයත් දැනගන්න ඕනේ මට කියන්න.මං කොහොමද දෙයියනේ ඕවා දන්නේ? කලින් ගෑනු මට උයලා දීලා තියෙන එකක්යැ' සහන් හිතුවේ කරුවලේම තමන්ට පිටුපාලා ඉන්න සජිනි දිහා බලාගෙන.

'ඒ පාර අද ලගටවත් එන්නේ නෑ...පහුගිය ටිකෙ නම් මෙතන මැරෙන්න හැදුවා මං ඈතට වුනා කියලා.සහන් මට කැමතියිද නැද්ද? මට මේවා හිතාගන්න බෑ..හැබැයි එයා තාමත් නදිනිට ආදරේ ඇති.ඒකයි එයා ඈත් වෙන්නේ ' සජිනි කල්පනා කරේ ඇස් වලින් කදුලු බේරෙද්දී

'ලගට යන්නවත් බෑ මේක නිසා.තරහ වෙලානේ ඇත්තේ.ආයේ රණ්ඩුවක්වත් වුනොත්.මගෙත් කට හොද නෑනේ.මෙහෙම නිදාගන්නවා.මේ මුකුත් නෑනේ නදිනි එක්ක ඇදුම් ගන්න යන්න එයත් ආවා නම්.මොනවා හරි අරන් දෙන්නත් තිබ්බා.මං මුකුත් අරන් දීලත් නෑනේ' සහන් කල්පනා කරේ පසුතැවිල්ලෙන්.

සජිනි ඇදේ පැත්තක හෙමීට අඩද්දී සහන් අනිත් පැත්තේ වෙච්ච දේ ගැන පසුතැවීලෙන් නින්දක්  නැතුව කල්පනා කරන්න ගත්තා.ඒත් ඒ දෙන්නටම අදහසක් තිබුනේ නෑ ඉස්සරහට මොනවා කරන්නද කියලා 

ඊලග දවස් දෙකම ගෙවුනේ නදිනිගේ රස්සාව ගැන කතා කරන්නමයි.සහන් එයාලගේ ආයතනයට කතා කරලා තිබ්බත් ආයතනයේ ඉඩ නැති නිසා නදිනිව ගන්න කැමැත්තක් දක්කවලා තිබුනේ නෑ.ඒ නිසා නදිනිගේ ඉල්ලීමට සහන් වෙන තැන් වල නදිනිට රැකියාවන් හෙව්වා.

"නදිනි...මේ මං දන්න තැන් දෙකක්.මං කියලා තියෙන්නේ.ඔයා CV දෙකක් දානවද හෙට?"  දවසක් උදේ වැඩට යන්න ලෑස්ති වුන  සහන්  නදිනිට e mail address දෙකක් ලියපු කොලයක් දුන්නේ එහෙම කියලා.

"සහන් මට ඔයාගේ ලැප් එක දෙනවද? මගේ එක ගෙනාවේ නෑනේ" නදිනි ඇහුවේ e mail address තියෙන කොලේ ගන්න ගමන් 

"අන්න මගේ කාමරේ තියෙනවා.සජිනි ගෙනත් දෙනවද?" සහන් කිව්වම සජිනි ගිහින් ලැප් එක නදිනිට ගෙනත් දුන්නා 

"බැට්‍රි ඇති මං හිතන්නේ.මං කාලෙකින් දාලා නෑ" සහන් කියද්දි නදිනි හිනා වුනා 

"ඔයාගේ මතකේ ඉතින් කොහොමත් සවුත්තුයිනේ" නදිනිගේ ඒ කතාවට සවුත්තු වුනේ සජිනිගේ හිත.

සැරින් සැරේට මතු වෙන නදිනිගෙයි සහන්ගෙයි යාලුකම ගැන කියවෙන මේ  වගේ කතා වලින් සජිනිගේ හිත පෑරිලා තිබ්බේ.කොච්චර හිනා වෙලා ඉන්න හැදුවත් හිනා වෙන්න බැරි තරමටම සජිනි දුකෙන් හිටියේ.සජිනි දුකෙන් කියලා සහන්ට තේරුනත් ඒකට මොනවා කරන්නද කියලා එයාට තේරුමක් තිබ්බේ නෑ.

"එහෙනම් ඕක එවලා තියන්න.මං යනවා" එහෙම කියපු සහන් එළියට යන්න හදනකොටම නදිනි ආයෙත් කතා කරා.

"සහන් මේකේ පාස්වර්ඩ් එක මොකක්ද?" සහන්ටත් එක පාරට මතක් වුනේ නෑ.

"ඉන්න මගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ" සහන් ෆෝන් එක ගත්තේ පාස්වර්ඩ් එක බලන්න හිතාගෙන.කාලෙකින් දාපු නැති නිසා සහන්ට පාස්වර්ඩ් මතක තිබුනේ නෑ.කොහොමත් ඔය වගේ පාස්වර්ඩ් සහන්ට වැඩිය මතක හිටින්නේ නෑ.

ෆෝන් එක අරන් බලපු සහන් ටිකක් වෙලා එහෙම්ම හිටියා.

"මොකක්ද පාස්වර්ඩ් එක? ඕකේ නැද්ද?" නදිනි ආයෙත් ඇහුවේ සහන්ගේ සද්දයක් නැති නිසා 

"අහ් මේ..පාස්වර්ඩ් එක මේ..." සහන් කියාගන්න බැරුව ගොත ගැහුවා.

"නදිනි කියලා දාලා බලන්න.සිම්පල් ලෙටර්ස්" මෙච්චර වෙලා මේක බලන් හිටපු සජිනි කිව්වේ ඇහෙන නෑහෙන හඩකින්.

නදිනියි සහනුයි දෙන්නම බය වෙලා බලන් ඉන්න අතරේ සජිනි හැරිලා කාමරේට ගියා.

සහන් සජිනිගේ පස්සෙන් යන්න හදලත් ආයේ එළියට ගියේ නදිනි දිහාවත් නොබලා.

"ෂිකේ,මට ඒ පාස්වර්ඩ් එක වෙනස් කරන්න මතක් වුනේ නෑනේ...සජිනි මොනවා හිතනවද දන්නේ නෑ" සහන් තමන්ට කියාගත්තේ පසුතැවිල්ලෙන් 

*********************************************************************************

හරි ලමයි අද පොඩි දේවල් වගයක් කියන්න තියෙනවා.

මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ අවසානයට තමයි අපි කිට්ටු වෙන්නේ.ඉතින් කන්දක් නගින්නම ඕනනේ පල්ලමක් හම්බෙන්න.ඒ නිසා මේ ටිකේ ටිකක් දුක හිතුනත් ඉවසන් ඉමු නේද? 😅 විශේෂ දැනුම් දීම මට ඉන්බොක්ස් හරහා මරණ තර්ජනේ කරන අයට.එයාලට බය වෙලාමයි මේක දැම්මේ.

ඊලගට මට මේ සතිඅන්තය ගොඩාක් කාර්‍යබහුල සතිඅන්තයක්.දේශන විභාග එක්ක මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.ඉතින් හෙට කතාව ගෙනාවට පස්සේ ආයෙත් ඔයාලව හම්බ වෙන්නේ සදුදා 😇

මේ පණිවිඩය මගේ බ්ලොග් එක බලන අයට.මගේ බ්ලොග් එකට අමතරව මගේ කතාව මුහුණු පොතේ සිහින පොත් ගුල ගෘප් එකෙත් තියෙනවා.ඒකෙන් බලන්නත් පුලුවන්.

හරි එහෙනම් හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න 💖

7 comments:

  1. හරි හරි..හෙට දාන්න කෝ

    ReplyDelete
    Replies
    1. ඉවසන් ඉමූ නේ ටිකක් ;)

      Delete
  2. ටෙලිනාට්‍ය වගේ , නියම තැනින් නවත්තලා , good

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඔයාලා හෙට කියෙව්වේ නැති වුනොත් එහෙම ;)

      Delete
  3. ගැණු ඔහොම්මයි, අච්චර පස්සෙන් ආපු එකා එපා කියල සත පහකට ගනන් ගන්නෙ නැති එකෙක්ට තව බුරියනි ගිල්ලන්නත් ගියා, පව් වැඩේ

    ReplyDelete
    Replies
    1. පිරිමි ඔහොම්මයි..මේ දාලා ගිය ගෑනියෙක්ට මැරෙන්න හදනවා මෙච්චර ආදරේ කෙල්ල ගැන හිතන් නැතුව ;) කෝමද ඒක :P

      Delete
    2. ඒකත් ඇත්ත. එහෙම එකක් විඳින්නත් පිනක් තියෙන්න එපැයි

      Delete