Wednesday, September 12, 2018

එන්න...අපි මන්දාරම් අහස යට ආදරේ විදිමු


මගේම ආදර දේදුණුට,

සුලගක් ව ආදරෙන් මගේ ලග ගැවසෙන්න...
මලක් ව සුවද දී මා හද සනසන්න...
සදක් ව සද මඩල මා වටා පතුරන්න...
අනේ නුඹ ඇවිදින් සිතක් සනසා යන්න...

ආදරෙන්..
ආදිත්‍ය 💗

*********************************************************

සදාදරණීය ආදිත්‍ය ,

සද නැති රැයක තනිකමට ගුලි වෙන්න...
මා හද පුරාවට මල් වැසි වස්සන්න...
සිත ඇදි පැතුමන් සැබෑවක් කරන්න...
ආදරෙන් හැමදාම මා ලගට වී ඉන්න...

ඔයාගෙම,
අසේලි 💗

*********************************************************

ආදරණීය ආදි,

ආදර බැල්මකින් මා හද කළඹන්න...
සොදුරු කතාවෙන් මා සිත පුබුදන්න...
හාදු වැස්සකින් මා ගත තෙමන්න...
ලගම ඉදන් මට ආදරේ කියන්න...

ඔයාගේ ආදරණීය,
දේදුණු 💗

**********************************************************


මන්දාරම් අහස යට
ලගදීම....


8 comments:

  1. Replies
    1. බලමුකෝ බලමුකෝ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

      Delete
  2. බලන් ඉන්නම්
    දැක ගන්න මම
    එ සොඳුරු වු ආදරේ
    පතන්නම් මම
    සුභ පැතුම් අද
    දම්මියෝ
    මන්දාරමේ

    සමපාද දැයි නොදන්නා මුත් මෙකි ත්‍රිකෝණාකාර ආදරය මාව පිස්සෙක් කරනා බවට මා අනාවැකි කියන්නට කැමැත්තෙමි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක මාවත් දැනටම පිස්සෙක් කරලා තියෙන්නේ

      Delete
    2. අසේලි,

      සද සිසිල කලඹ වන්න
      පිපි මල් තලාලන්න
      එපා ඔබ මෙහෙ එන්න
      ඒ ආදරේ මට විතරක් තියන්න...

      දේදුනු

      Delete
  3. දේදුනු,

    ඔහුගේ ප්‍රේමය ඔබ වෙන්න
    සද සිසිලෙන් සනසවන්න
    දහසක් මල් පුබුදුවන්න
    මොහොතක් දෙන්න මට ආදරේ කරන්න

    අසේලි

    ReplyDelete
  4. අසේලි,

    ඇයයි මගේ ප්‍රථම ප්‍රේමය
    මගේ හද මඩල සනසන
    ඔබයි මගේ දෛවයෝගය
    ජීවන කතරේ හමුවුන

    ආදී

    ReplyDelete
  5. ඔබගෙන් දෝ
    ඇයගෙන් දෝ
    මා අද දින සමුගන්නේ

    ReplyDelete