Sunday, February 25, 2018

කොච්චි පාර දෙපැත්තේ එලවළු පොළ


කෝච්චි පාරක් දෙපැත්තේ තියෙන එලවළු වෙලද පොළක් දැකලා තියෙනවද? ඔබ ඉන්නේ ලංකාවේ නම් එහෙම එලවළු පොළක් දැකලා තියෙන්න විදියක් නෑ.මොකද ලෝකේ කොච්චි පාරක් දෙපැත්තේ තියෙන එකම එලවළු වෙලද පොළ තියෙන්නේ තායිලන්තයේ නිසා.තායිලන්තයේ බැංකොක් නගරයේ  පිහිටි මේ මැක්ලෝන්ග් වෙලද පොල ( Maeklong Railway Market) අපි සාමාන්‍යයෙන් දන්න වෙලදපොළවල් වලට වඩා ටිකක් වෙනස් විශේෂ වෙලද පොළක්.ඒකට හේතුව තමයි මේ පොළ මැදින්  දවසට 8 වතාවක් දුම්රියක් ගමන් කරන දුම්රිය මාර්ගයක් පිහිටල තිබීම. බැංකොක් නගරයේ බටහිර දෙසට වෙන්න පිහිටල තියෙන මේ වෙලදපොළ දැන් දැන් සංචාරක ආකර්ශනය  දිනා ගත්ත තැනක් වෙලා  තියෙන්නෙත් මේ තියෙන විශේෂත්වය නිසාමයි.


දශක ගානක අතීතයක් තියෙන මේ වෙලද පොළෙන් සාමාන්‍ය පොළකින් වගේම නැවුම් එලවළු,පළතුරු,මස්,මාළු වගේම ඇදුම්,මල් වගේ දේවලුත් ගන්න හැකියාවක් තියෙනවා.


දුම්රිය පැමිණෙන්න විනාඩි කීපයකට කලින් දුම්රියේ  ඇහෙන දුම්රියේ සයිරන් නාදයත් එක්ක මේ වෙලද පොලේ අය තමන්ගේ බඩු,කුඩ වගේ දේවල් පාරෙන් ඉවත් කරගනු ලබනවා.දුම්රිය මාර්ගයේ සිටින පාරිබෝගිකයක් ලගම තියෙන වෙලද සැලට ගොඩ වෙනවා.දුම්රිය පිටත් වීමෙන් පස්සේ ඒ බඩු තිබුනු ලෙසම තබා ගන්නා ඔවුන් නැවතත් වෙලදාම ආරම්භ කරනවා. මේ දුම්රිය 15 mph  වගේ සෙමින් ගමන් කරන දුම්රියක් වුනත් මේ දුම්රිය මාර්ගය තුළ සුලු සුලු අනතුරු වාර්තා වෙලා තියෙනවා.මේ නිසා ගොඩක් අය මේ වෙළෙන්දන්ට  මේ දුම්රිය මාර්ගය අතහැරලා යන ලෙස උපදෙස් දුන්නත් ඒ හැමදේකටම ඔවුන් කියන්නේ එක දෙය යි.ඒ තමයි "අපි තමයි මෙතනට මුලින් ආවේ".



             

5 comments: