Friday, June 22, 2018

ආදරණීය නපුරා - විසි අටවන කොටස


රෑ මැද සහන්ට එක පාරට ඇහැරුනේ සජිනිගේ සෙලවීමක් දැනිලා.සහන්ට ටිකක් එහාට වෙන්න නිදාගෙන හිටපු සජිනි හීනෙන්ම මොනවදෝ මුමුණමින් හිටියා.සහන් සජිනි ලගට කිට්ටු වුනේ සජිනි මොනවද කියන්නේ බලන්න.

"එපා...එපා...මාව අල්ලන්න එපා...." සජිනි එක පාරටම ටිකක් හයියෙන් කිව්වා.සහන් සජිනිට ලං වුනා.

"සජිනි..." සහන් හෙමීට සජිනිට කතා කරා.ඒත් සජිනිගෙන් උත්තරයක් තිබුනේ නෑ 

"අනේ එපා...." සජිනි ආයෙත් කියවන්න ගත්තා.නින්දෙන්ම සජිනිගේ කම්මුල දිගේ කදුලු බේරෙන්න ගත්තා .සහන් සජිනිගේ උරහිසට අත තිබ්බේ සජිනිව ඇහැරවන්න හිතාගෙන.ඒත් සහන්ගේ අත ඇගේ වදිනවත් එක්කම,සජිනි හයියෙන් කෑගහගෙන නැගිටලා ඇදේ වාඩි වුනා 

"සහන්....." එහෙම කෑගහපු සජිනි හරි වේගෙන් ඇදෙන් බැස්සා.කරුවලේම මුකුත් නොපෙනුනත් සජිනිට ඕනේ වුනේ මෙතනින් යන්න 

"සජිනි...ඇයි? ඇයි?" සහන් ඇදෙන් බැහැලා සජිනි ලගට ආවේ කලබලෙන් 

"එන්න එපා..එන්න එපා...මං ලගට..." සජිනි කිව්වේ සහන්ගෙන් ඈත් වෙන ගමන් 

"සජිනි..." සහන් සජිනි ලගටම ගියා

"එපා මාව අල්ලන්න..." සජිනි තවත් සහන්ගෙන් ඈත් වුනා  

"සජිනි මේ මම...මම සහන්" එහෙම කියන ගමන් සහන් කාමරේ ලයිට් එක දැම්මා 

ලයිට් එලියට සහන් දැක්කේ සහන්ගේ අල්මාරිය ලග මූනත් අතින් වහගෙන හිටගෙන ඉන්න සජිනිව 

"සජිනි..මේ මම සහන්..." සහන් කිව්වේ සජිනි දිහාවට හෙමීට යන ගමන්.සහන්ගේ කටහඩට අත් දෙක මූණෙන් ගත්ත  සජිනි සහන් දිහා බැලුවේ බය වෙලා වගේ 

"අනේ සහන්...." සජිනි එතනම ඉදන් අඩන්න ගත්තා.සහන් සජිනි ලගට ඇවිත් එයාගේ වටේ අත් දෙක යවලා තුරුල් කරගත්තා  

"ශ්ශ්....මේ මම ඉන්නවනේ...අඩන්න එපා දැන්" සහන් කිව්වේ සජිනිගේ පිට අතගාන ගමන්.දෙන්නා සෑහෙන වෙලාවක් එහෙම්ම හිටියා.ටිකෙන් ටික සජිනිගේ ඇඩිල්ල අඩු වෙනවත් එක්කම සජිනි සහන්ගේ පපුවෙන් මූණ අරන් සහන් දිහා බැලුවා 

"සහන්...." 

"ම්ම්ම්..." සහන් කිව්වේ සජිනිව අතරින්නේ නැතුවමයි 

"මං ඔයා ලග නිදාගත්තට කමක් නැද්ද?" සජිනි ඇහුවේ සහන්ගේ ඇස් මග ඇරලා.සජිනිගේ ඒ කතාවට සහන්ගේ පපුව හිර වෙලා ගියා.මෙහෙම වෙලාවකත් තමන්ගේ මහත්තයා ලග නිදාගන්න අවසර ගන්න වෙන තරම් සජිනිව අසරණ තත්වෙට පත් කරේ තමන් නේද කියලා හිතෙනකොට සහන්ට තමන් එක්කම දැනුනේ ලොකු තරහක්.

"අදට විතරක්...අනේ...මං බිම නිදාගන්නම්" සහන්ගෙන් උත්තරයක් නැති තැන සජිනි කිව්වේ කම්මුල දිගේ කදුලු බේරෙද්දී.

සජිනිගේ ඉණ වටේ ගිහින් තිබ්බ තමන්ගෙ එක අතක් නිදහස් කරගත්ත සහන් ඒ අතින් සජිනිගේ කදුලු පිහිදුවා 

"බිම ඉන්න ඕනේ නෑ..මං එච්චර නපුරුයි වගේද පේන්නේ?" සහන්ගේ කතාවට සජිනි බිම බලාගත්තා.ටිකක් වෙලා සජිනි දිහා බලන් හිටපු සහන් පහත් වෙලා සජිනිව අත් දෙකට උස්සගන්නකොට සජිනි එයාගේ අත් දෙක සහන්ගේ කර වටේ දාගත්තේ වැඩිය හිතන්නේ නැතුවමයි.

සජිනිව අරන් ආපු සහන් සජිනිව ඇදෙන් තිබ්බා.

"තාම පාන්දර 3යි.ටිකක් නිදාගන්න.." සහන් කිව්වේ සජිනිගේ නළලට අතක් තියලා.සජිනි ඒ අත අල්ලගත්තා.

"ඔයත් මෙතනින් නිදාගන්නවද? මට බයයි" 

"මං මෙතන තමයි ඉන්නේ" එහෙම කියලා සහන් සජිනි ලගින් වාඩි වුනා.සජිනි ඇදේ එහාට වුනේ සහන්ට ඉඩ දෙන්න හිතාගෙන.

"මං ලයිට් එක නිමලා එන්නම්..."සහන් ආයෙත් නැගිට්ටා 

"අනේ..." 

"ඇයි?"

"ලයිට් එක..මේ..." සජිනි කියන්න ගත්තම සහන්ට තේරුනා සජිනි කරුවලට බය ඇති කියලා.

"හරි අපි නයිට් ලෑම්ප් එක දාමු.එතකොට හරිනේ නේද?" සහන් අහපු එකට සජිනි ඔලුව වැනුවේ සතුටින්.සහන් මේ වෙලාවේ එයා ලග ඉන්න එක ගැන සජිනිට තිබුනේ ලොකු සැනසිල්ලක් වගේම සතුටක්.

ලයිට් එක නිමලා නයිට් ලෑම්ප් එක දාපු සහන් ඇවිත් ඇදේ සජිනි ලගින්ම ඇල වුනා.ටිකක් වෙලා ගියත් දෙන්නටම නින්ද ගියේ නෑ.බිත්තිය පැත්තට මූණ දාලා ඇල වෙලා හිටපු සජිනි සහන්ගේ පැත්තට හැරෙනකොට සහන් හිටියේත් ඒ පැත්තට හැරිලා.

නයිට් ලෑම්ප් එකේ ලා කහ පාට එලියෙන් දෙන්නට දෙන්නගේ මූණ හොදට පෙනුනා.

"නින්ද යන්නේ නැද්ද?" සහන් ඇහුවේ සජිනිගෙන් 

"නෑ.." සජිනි හෙමීට උත්තර දුන්නා.

ටික වෙලාවක් දෙන්නම එහෙම්ම හිටියා 

"සජිනි..." සහන් කතා කරා 

"ම්ම්ම්..."

"ඔයාට මට කියන්න ඕනේ නැද්ද මොකද වුනේ කියලා..." සහන් ඇහුවේ හරි පරිස්සමෙන්.සජිනි මේවා කාටහරි කිව්වා නම් හිත නිදහස් වේවි කියලා හිතලයි සහන් එහෙම ඇහුවේ

"සජිනි..." සහන් ආයෙත් ඇහුවේ සජිනිගෙන් උත්තරයක් නැති තැන.

"එයා..එයා ඇවිත් කිව්වා උදව්වක් ඕනේ කියලා" සජිනි පටන් ගත්තා 

"ඉතින්..."

"ඉතින් මං කිව්වා ඔයා ඉන්න වෙලාවක එන්න කියලා...සහන්,සහන් මං එයාව ගෙට ගත්තේ නෑ සහන්,ඇත්තමයි.මං ගත්තේ නෑ.එයා බලෙන්මයි ආවේ" සජිනි කියවගෙන යද්දි සහන් සජිනිගේ අතින් අල්ලගත්තා 

"ඇත්..තමයි" කතා කරන අතරේ සජිනිගේ හඩ බිදිලා ගියා 

"මං ඒක දන්නවා බබා..මං කවදාවත්ම ඔයා ගැන එහෙම හිතන්නේ නෑ" සහන් කිව්වේ සජිනිගේ කම්මුල දිගේ බේරුන කදුලකුත් පිහදලා.මේක කොච්චර අමාරු වුනත් සජිනිගෙන් මේක අහගන්න ඕනෙමයි කියලා සහන් හිතාගත්තේ සජිනිගේ හිතින් මේ බර නැති වෙන්න ඕනේ නිසා 

"ඉතින් කියන්නකෝ..."

"පස්සේ එයා ඇවිත් දොර වැහුවා.මං කෑගැහුවා.එතකොට මාව තල්ලු කරා බිත්තියට..."සජිනි ඒ විදියට කතාව කියන්න ගත්තා.

කතාව අහගෙන ඉන්නකොට තමයි සහන්ට හිතුනේ මේක අහගෙන ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා.

"ඊට පස්සේ...එයා මගේ ඇග උඩින් වාඩි වෙලා...වෙලා..මගේ බ්ලවුස් .එක.." සජිනි අමාරුවෙන් කතා කරගෙන ගිය එක සහන් නැවැත්තුවා 

"ඇති සජිනි..ඒ හොදටම .ඇති..." එහෙම කියපු සහන් සජිනිව එයා ලගට ඇදලා අරන් තුරුල් කරගත්තා.

"ඔය හොදටම ඇති.ඔයා දැන් මං ලග ඉන්නේ.බය වෙන්න එපා.මං ඔයාව බලාගන්නවා" සහන් එහෙම කියද්දි සජිනිත් සහන්ට තුරුල් වුනා.

පහුවදා උදේ සහන්ට ඇහැරෙනකොට සජිනි ඇදේ හිටියේ නෑ.සහන් කලබලෙන් කාමරෙන් ගියේ සජිනි කොහෙද බලන්න.කුස්සියෙන් ඇහුන සද්ද වගේකට කුස්සියට ඔලුව දාපු සහන් දැක්කේ කුස්සියට වෙලා තේ හදන සජිනිව.සජිනි දිහාම් බලාගෙන සහන් කුස්සියේ උලුවස්සට හේත්තු වුනා 

"අහ් ගුඩ් මෝර්නින්ග්"කුස්සියේ උලුවස්සට හේත්තු වුන  සජිනි කිව්වේ වෙනදා වගේම හිනා වෙලා 

"ගුඩ් මොර්නින්ග්" සහන් කිව්වේ සජිනි දිහාම බලාගෙනයි 

"මං තේ එකක් හදන්නද?" සජිනි ඇහුවේ සහන් එක දිගටම බලන් ඉන්න නිසා ඇති වුන අපහසුතාවේ වහගන්නත් එක්කමයි 

"හ්ම්ම්.."

"ඔයා යන්න..මං හදලා ගෙන්නම්" සජිනිගේ කතාවට සහන් සාලෙට ගිහින් ටීවී එක දාගත්තා.ටිකකින් සජිනි තේ එකක් ගෙනත් මේසෙන් තිබ්බා 

"ඇයි මේ උදේම නැගිටලා.තාම තැලුම් පාරවල් හොදත් නෑ" සහන් අහද්දි සජිනි හිනා වුනා 

"එහෙම කියලා ඇදට වෙලා ඉන්න මං ලෙඩෙක් නෙවෙයිනේ..." හිනා වෙවීම එහෙම කියපු සජිනි කුස්සියට ගියා

'මේ කෙල්ල නම් හරි පුදුම කෙල්ලෙක් තමයි.වෙන කෙල්ලො නම් දැන් ඇදේ නිදි' එහෙම හිතද්දි සහන්ට හරි පුදුමයි සජිනි ගැන 

'හිත නිදහස් වෙන්න එක්ක හවස කොහේ හරි ගියා නම් හරි' එහෙම හිතපු සහන් තේ බීපු කෝප්පෙත් අරන් කුස්සියට ගියා.කුස්සියේ සජිනි බරටම වැඩ 

"මොනවද හදන්නේ"

"ඉදි ආප්ප හදන්න කියලා.එපාද?'

"නෑ නෑ ඒක හොදයි" එහෙම කියපු සහන් කුස්සියේ බැම්මට හේත්තු වෙලා ටිකක් එහෙම්ම බලන් හිටියා

"සජිනි මේ..." සහන් ආයෙත් කතා කරා 

"ම්ම්ම්..." සජිනි කතා කරන්නේ ඉදි ආප්ප පිටි එක අනන ගමන්මයි 

"කිරි හොදිද හදන්නේ?" ඒ කතාවට සජිනි සහන් දිහා බැලුවා 

"කිරි හොදිද ඕනේ"

"කිරි හොදි රසයි" සහන්ගේ කතාවට සජිනිට හිනා ගියා.සහන් මේ එයාම හිතලා සජිනිගේ කෑමක් හොදයි කිව්වමයි 

"මං හදන්නම්කෝ" 

"සජිනි මේ..." සහන් ආයෙත් කතා කරා 

"ඒ පාර ඇයි? පොල් සම්බෝලත් ඕනේද?" සජිනි ඇහුවේ සහන් දිහා බලන්නෙත් නැතුව 

"නෑ.."

"එහෙනම්.."

"හවසට එළියට යමුද? " සහන්ගේ කතාවට සජිනි කර කර හිටපු වැඩෙත් නවත්තලා සහන් දිහා බැලුවා 

"අහ්.."

"නෑ මං කිව්වේ, අද නිවාඩුයිත්නේ.හවස ගෝල් ෆේස් ගිහින් කොහෙන් හරි කාලා එමු" සහන් කියනකොට සජිනි හිනා වෙලා ඔලුව වැනුවා 

"පොල් ටිකක් ගාන්නද?" සහන් ටිකක් වෙලා බලාගෙන ඉදලා ඇහුවා 

"මොකක්ද?" සජිනි ඇහුවේ පුදුම වෙලා 

"පොල් ටිකක් ගාන්නද කියලා ඇහුවේ.කිරි හොද්දට" සහන් ඇහුවේ මේසේ උඩ තිබ්බ පොල් බෑය අතට ගන්න ගමන් 

"සහන් මං කරගන්නම්..ඔයා යන්නකෝ" කවදාවත් නැතුව සහන් මෙහෙම උදව් කරන්න එන එක සජිනිට පුදුමයක් වුනා 

"ඇයි ඉතින් ගාලා දෙන්නම්කෝ" සහන් කිව්වේ පොඩි එකෙක් වගේ 

"හරි හරි එහෙනම් ගාන්නකෝ" සජිනි සහන්ට පොල් ගාන්න කියලා පිගානක් දුන්නා.

සජිනි දිහා හිනා වෙලා බලපු සහන් පොල් ගාන්න ගත්තා.

'මෙයා මේ මාත් එක්ක මෙච්චර ලස්සනට හිනා වුනාමද මන්දා' සජිනි හිතුවේ සහන්ට හොරෙන් හිනා වෙන ගමන්.

*********************************************************************************

හැමදාම කොච්චර කලින් කතාව දාන්න හිතුවත් පරක්කු වෙනවනේ.තරහ වෙන්න එපා ලමයි.

හෙට ඔයාලට බෝනස් කොටසකුත් හම්බෙනවා.දවල්ට එකයි.රෑට එකයි.

ආදරෙන් ඉන්න 💖💖

10 comments:

  1. පොල් ටිකක් ගාන්නද...
    හහ් හහ් එපා කියයිද....අපි

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඒයි.මං නම් අහනකම් ඉන්නේ නෑ. බලෙන්ම පොල් ටික ගාව ගන්නවා

      Delete
  2. සහන්ගෙ නපුරුකම් දැන් නම් ලස්සනට දියවෙලා හැලෙනවා..

    හරිම ලස්සනයි..

    ReplyDelete
  3. අදත් නදිනි හමුවේවිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නකෝ...තව ටික වෙලාවකින් දැනගන්න පුලුවන්

      Delete
  4. ස්..ස්.. මේ..දොලහයි..දවල් වෙලා..කෝ මැනිකේ අර දවල්ට දානවා කිවුව බෝනස් පාර්ට් එක?

    ReplyDelete
    Replies
    1. Liayana gaman inne ane.chuttak parakku wuna.thawa paya bagekin wage danawaa.

      Delete
    2. කෝ දැන් පැය භාගෙ ඉවරයි නෙ අනේ...
      කම්මැලී.... ඉක්මනට දාන්නකො දම්මියො ඉතිරි කොටස.....

      Delete