Saturday, March 30, 2019

මන්දාරම් අහස යට - හතලිස් හය වන කොටස


නඩුවට වෙලාව තිබුනේ උදේ 11ට වුනත් අසේලි අම්මයි තාත්තායි එක්ක කලින්ම උසාවියට ගියා.එයාලා උසාවියෙන් එලියේ බලාගෙන ඉන්න වෙලාවේ තමයි අසේලිව පැහැරගත්ත කට්ටියව පොලිස් ජීප් එකකින් උසාවියට අරගෙන ආවේ.


පොලිස් ජීප් එකෙන් මුලින්ම බැස්සේ ගගන.ගගනට පිටිපස්සෙන් ජීප් එකෙන් බැහැපු දෙන්නා දැකපු අසේලිගේ ඇස් ලොකු වුනා.

"ඇයි දූ" ජයවර්ධන ඇහුවේ අසේලිගේ මූණ වෙනස් වෙනවා දැකලා.

"අර...අර දෙන්නා" අසේලි කිව්වේ පොලිස් ජීප් එක දිහාටත් අත දික් කරන ගමන්.

"ආ...ඔව්...මට ඒක කියන්න අමතක වුනානේ.අසේලිව කලින් සැරේ පැහැරගත්ත අයම තමයි මේ සැරෙත් අරන් ගිහින් තියෙන්නේ" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු නීතිඥ මහත්තයා කිව්වේ අසේලි පෙන්නපු අය දිහා බලාගෙනමයි

"ඉතින් ඇයි මේ එයාලා අපේ සුදූ දූ පස්සෙම පන්නන්නේ" ජනිතා අහද්දි ජයවර්ධන ත් ඔලුව වැනුවා.

"එයාලා කියන විදියට පලවෙනි දවසේ අසේලි රෑක තනියෙන් ඉන්නවා දැකලාලු අරන් යන්න හිතිලා තියෙන්නේ" නීතිඥ මහත්තයා එහෙම කියද්දි අසේලිට මතක් වුනේ එදා ආදිත්‍ය එක්ක බස් එක කැඩිලා ගියපු ගමන.එදත් එයා එක්ක ආදිත්‍ය හිටියා කියලා මතක් වෙද්දි අසේලිගේ ඇස් වලට කදුලු පිරුනා.

"ඒ කවද්ද" ජනිතා ඇහුවේ පුදුමයෙන්.

"බස් එක කැඩිච්ච දවසක්.අර නිමන්ත ගිහින් එක්කගෙන ආවේ" ජයවර්ධන ඒක කිව්වේ ඕනවට එපාවට වගේ.

"ඉතින් ඊට පස්සේ දවසක අසේලි පාරේ ඉන්නවා දැකලා ඒ ලොක්කාගේ ගෝලයෙක් තමා අසේලිව උස්සලා තියෙන්නේ.හිතාගන්න පුලුවන්නේ මොකටද කියලා" නීතිඥ මහත්තයා කිව්වා.

"ඉතින් එතකොට මේ ආයේ ආයෙත් මොකද? මොන තරහක්ද පිරිමහන්නේ මගේ දරුවාගෙන්.රටේ ලොකේ ගෑනු නැතුවද?" ජනිතා කිව්වේ තරහෙන්.

"මේකනේ මිසිස් ජයවර්ධන.එදා සිද්දියේදි හදිස්සියේ ම පොලීසියෙන් ඒ හෝටලේට ආවානේ.එකෙන් මෙයාලාගේ ගණිකා ව්‍යාපාර විතරක් නෙවෙයි කුඩු බිස්නස් එකකුත් මාට්ටු වෙලා.පාඩුව කෝටි ගානක්ලූ.ඒ විතරක් නෙවෙයි.මුන්ගේ ලොක්කාත් මාස ගානක් හිරේ ඉදලා.අමාරුවෙන් ඇප පිට එලියට අරන් තියෙන්නේ.ඒ තරහට තමයි මේ සැරේ උස්සලා තියෙන්නේ.පාඩමක් උගන්නන්න" නීතිඥ මහත්තයා පැහැදිලි කරා.

"දැන් එහෙනම් මේ ආයෙත් ඕක වේවිද?" අසේලි ඇහුවේ බයෙන්.

"නෑ නෑ පිස්සුද දූ.මේ සැරේ අතට අල්ලගත්තානේ සෙට් එකම.ආයේ ලේසි වෙන්නේ නෑ" ජයවර්ධන කියද්දි නීතිඥ මහත්තයත් ඔලුව වැනුවා.

"ඔව් මේ සැරේ හොර සල්ලි තොගේකුත් අල්ලගත්තා.මෙයාලාට ලේසි වෙන්නේ නෑ.උන් එක්ක ඉදලා පස්සේ අයින් කරලා දාපු දෙන්නෙකුත් ඉන්නවා සාක්ශි දෙන්න.ඒ නිසා මේ සැරේ නම් කෙලින්ම හිරේ තමයි" නීතිඥ මහත්තයා කිව්වේ හොද විශ්වාසයකින්.

කිව්වා වගේම ඒ උදව් කරපු අයට වසර 10ක සිරදඬුවම් වගේම ගගනට,කපිලට වගේම මේකේ ලොක්කට ජීවිතාන්තය දක්වාමත් සිර දඩුවම් නියම වුනා.උසාවියෙන් එලියට ආපු අසේලි දැක්කේ නිශාන්ත සූරියබණ්ඩාර එයාගේ වාහනේට නගිනවා.ඒත් එක්කම අසේලිට මතක් වුනා අද ආදිත්‍ය ඕස්ට්‍රේලියා වට පිටත් වෙන බව.

"අනේ....ආදිත්‍යට ඉක්මනට හොද වෙලා ලංකාවට එන්න.මාව අමතක කරත් කමක් නෑ.ඔයා සනීප වෙන්න" අසේලි තමන්ටම කියාගත්තේ කම්මුල් දිගේ බේරිලා යන කදුලු පිහිදගන්න ගමන්.

තවත් සතියක් විතරම ගෙදරට වෙලා හිටපු අසේලි ආයෙමත් කැම්පස් යන්න පටන් ගත්තා.සෑහෙන දවසක් වැඩ පාඩු වුනු නිසායි විභාගය ලග නිසායි අසේලිට සෑහෙන පාඩම් කරන්න දේවල් තිබුනා.ඒ නිසාම වෙච්ච දේවල් හිතන්න අසේලිට කාලයක් තිබුනේ නෑ.

"අම්මෝ...යන්තම් ඒ පේපර් එකත් ඉවරයි" නෙහාරා කිව්වේ අසේලිගේ අතේ එල්ලෙන ගමන්.

"හ්ම්ම්..."

"මොකද බං වෙලා තියෙන්නේ.බැලුවොත් ඇත්තම් හ්ම්ම් ගානවා" නෙහාරා කියද්දි අසේලිට හිනා ගියා.

"නැත්තම් වෙන මොකක් කියන්නද"

"වෙනදා වගේ ඉන්නවකෝ ජොලියේ විහිලුවක් කරගෙන" නෙහාරා කිව්වේ අසේලිගේ මූණට එබෙන ගමන්.

"එයා කොහේ හිනා වෙලා ඉන්නද.හෘද සාක්ශිය වද දෙනවා ඇති" පිටිපස්සෙන් ඒ ඇහුනු සද්දෙට නෙහාරා හැරිලා බැලුවා.එතන හිටගෙන හිටියේ ගගනගේ කණ්ඩායමේ ගෑනු ලමයි කීපදෙනෙක්.

"ඔව් එක කොල්ලෙක් හිරේ යවලා තව කොල්ලෙක් ලෙඩෙක් කරලා මෙයා මෙතන විභාග ලියනවා" තව ගෑනු ලමයෙක් කිව්වේ අසේලිට රවන ගමන්.

"අනේ මේ අක්කේ නොදන්න ඒවා කතා කරන්න එපා" නෙහාරා එතන ඉදන්ම ටිකක් සද්දෙන් කියද්දි අසේලි නෙහාරාගේ අතින් අල්ලගත්තා.

"මොකක්ද නොදන්න ඒවා.ඇයි අපි බොරුද කිව්වේ?" එතන හිටපු ගෑනු ලමයෙකුත් සැරෙන්ම කියද්දි අසේලි නෙහාරාගේ අතින් ඇද්දා

"අනේ යමුකෝ නෙහාරා.."

"ඒ මොකටද එක එකාට බයේ යන්නේ.අතාරිනවා මං දෙකක් කියලා එන්න.නැත්තම් මං මෙතන ඉදන්ම කියනවා" නෙහාරා කිව්වේ තරහෙන් වෙව්ලන ගමන්.

"බයේ නෙවෙයි දෙයියනේ...අනේ යමුකෝ" ඒ සැරේ එහෙම කියද්දි අසේලිගේ ඇස් වලින් කදුලක් වැටුනේ අසේලි නොදැනුවත්වමයි.ඒ කදුල දැකපු නෙහාරා හොද හුස්මක් හෙලුවා.

"හරි එනවා යන්න" එහෙම කියන ගමන්ම නෙහාරා හැරුනේ අසේලිගේ අතිනුත් ඇදගෙනමයි.නෙහාරා අසේලි එක්ක එතනින් යද්දිම පිටිපස්සෙන් තවත් ක්ටහඩවල් ඇහෙන්න ගත්තා.

"මෝකෝ නංගි යන්නේ? ඇත්ත දරාගන්න බැරුවද?"

"ඊයා බං ඇති ලස්සනකුත් නෑ.හිතන් ඉන්නේ එංගන්තෙන් බැහැලා කියලා"

"කියලා වැඩක් නෑ.අපටත් ලැජ්ජයි මුන්ගේ වැඩ නිසා"

පිටිපස්සෙන් ඒ කියන කතා ඇහෙන නොඇහෙන ගානට අසේලිත් නෙහාරත් ඉක්මන් ගමනින් විශ්ව විද්‍යාල ගේට්ටුව ලගට ගියා.

"තරහද?" අසේලි ඇහුවේ ගේට්ටුව ලග අහක බලාගෙන ඉන්න නෙහාරාගෙන්.

"ඔව්..උඹ ඇයි මාව නැවැත්තුවේ.උඹට බැරි නම් මං හරි හොද දෙකක් කියනවනේ.උන් කියන කියන ඒවා අහගෙන ඉන්නේ මොකටද අපි.අනික මේ උඹටත් මොනා වෙලාද.උන් එච්චර දේවල් කියද්දි අහගෙන ඉන්නේ උඹට පිස්සුද?" නෙහාරා කියවගෙන යද්දි අසේලි සුසුමක් හෙලුවා.

"ඕවට කෑගහලා මොකටද නෙහාරා.මං ගැන දන්න කෙනා දන්නවා.නොදන්න කෙනාට කොච්චර කිව්වත් ඔච්චර තමයි.මට දැන් ඕවා වැඩක් නෑ" අසේලි කියද්දි  නෙහාරා අසේලිගේ අතින් අල්ලගත්තා.

"ඔයාට වැඩක් නැති වුනාට මට වැඩක් තියෙනවා.අද මං නැවතුනා.හෙටත් උඹ ලග ඉන්නවා නම් මං නවතින්නම්.හැබැයි මං දවසක හොද දෙකක් කියන එක කියනවාමයි ඕවා කියන අයට"

"කාටද මොනවද කියන්නේ?" පිටිපස්සෙන් ඇහුනු ජීවකගේ කටහඩ නිසා දෙන්නම පිටිපස්ස හැරිලා බැලුවා.

"ආ...ඔන්න ආවා වීරයා.මොකද කියන්නේ කියන්නද මෙයාට.මෙයා නම් ආයේ මං වගේ නිකන් ඉන්න එකක් නෑ" නෙහාරා ඇහුවේ අසේලිට ඇහැක් ගහන ගමන්.

"එපා...."අසේලි කලබලෙන් කිව්වේ නෙහාරා ජීවකට නොකියන දෙයක් නැතිබව දන්න නිසා.

"මොකක්ද ඒ මට කියන්න එපා එක"ජීවක ඒ සැරේ ඇහුවේ කුතුහලයෙන්.

"මුකුත් නෑ මුකුත් නෑ.මේ ඔයාලා දෙන්නා ගිහින් පාඩම් කරන්න.මං බෝඩිමට යනවා" අසේලි කියද්දි නෙහාරා රැව්වා.

"ඇයි අනේ...යමුකෝ...ගිහින් පාඩම් කරමු"

"ඒකනේ අසේලි යමු.මෙයා එක්ක තනියෙන් මට පාඩම් කරන්න බෑ" ජීවක කිව්වේ නෙහාරා දිහා හොරෙන් බලන ගමන්.

"ඉතින් මේ ඔයා හිතුවද මං මේ ඔයා එක්ක පාඩම් කරන්න මග බලාගෙන ඉන්නවා කියලා.මටත් බෑ ඔයා එක්ක පාඩම් කරන්න."

"අනේ මේ මේ විකාර නැතුව දෙන්නා ගිහින් පාඩම් කරන්න.මගේ ඔලුව කැක්කුමයි.දැන් ටිකක් නිදාගෙන රෑට පාඩම් කරනවා"

"මොකෝ ඔලුව කැක්කුම.පැනඩෝල් ගෙනත් දෙන්නද? දවල්ට කෑවද?"  ජීවක ඇහුවේ කලබලයෙන්

"හා...හා...එයා දවල්ට කාලා ඉන්නේ.පැනඩෝල් බෝඩිමේ ඇති.ඔයා කරදර වෙන්න එපා එයා ගැන.මං බලාගන්නම්" නෙහාරා කියද්දි අසේලිට හිනා ගියා.

"මෙන්න මේ ලෙඩා හිනා වෙනවා" ජීවක කිව්වේ හිනා වෙන අසේලි දිහා බලාගෙන.

"හිනා යනවනේ ඔයාලා දෙන්නාගේ විකාර වලට.ගිහින් පාඩම් කරන්න.ශෝර්ට් නෝට් එක හදලා මටත් දෙන්න.මං යනවා" අසේලි කිව්වේ යන්න පිටත් වෙන ගමන්.

"හරි පරිස්සමෙන් යන්න.මට කෝල් කරන්න හොදේ" නෙහාරා කියද්දි ජීවක හිනා වුනා.

"ඔයාට කෝල් කරොත් වෙන්නේ ඔලුව කැක්කුම වැඩි වෙන එක.දැන් වුනත් එයා යන්නේ ඔයා එක්ක ඉදලා එපා වෙලා"

"අනේ මේ...එයා යන්නේ ඔයා ආපු නිසා.මෙච්චර වෙලා ශෝක් එකට හිටියා" නෙහාරාත් පරදින්න ලෑස්ති වුනේ නෑ.

ජීවකගෙයි නෙහාරාගෙයි රණ්ඩුව අහගෙනම අසේලි විශ්ව විද්‍යාලයෙන් පිටත් වුනේ බෝඩිමට යන්න.

'ආදිත්‍ය හිටියා නම් එයාත් මාත් එක්ක ඉදිවි.කතා කරාවි හොයලා බලාවි.අනේ ආදිත්‍ය දැන් මාස දෙකකුත් වුනා. ඔයාට කොහොමද දැන්' අසේලි හිතුවේ ඇස් වල කදුලු පිරෙද්දි.

එත් එක්කම ආපු අදහසක් නිසා අසේලි බෑග් එකෙන් ජංගම දුරකථනය එලියට ගත්තා.ඒකෙන් අවිශ්කගේ අංකය හොයාගත්ත අසේලි දුරකථන ඇමතුමක් ගත්තා.කීප වතාවක් නාද වුනාට පස්සේ ඇමතුම සම්බන්ද වුනා.

"හෙලෝ..."

"හෙලෝ...අවිශ්ක.මං අසේලි"

"මං දන්නවා.මං ලග නම්බර් එක තියෙනවා.අම්මෝ මොකද මේ කාලෙකින් මතක් වෙලා"

"අනේ කාලෙකින් නෙවෙයි අවිශ්ක.මතක් වෙනවා"

"ඔව් ඔව් මට විහාරා කියනවා ඔයා ගැන.මාත් කතා කරන්න හිටියේ ආරංචියක් කියන්න"

"ඒ මොකක්ද?" අසේලි ඇහුවේ නොඉවසිල්ලෙන්.

"ආදිත්‍යව හොස්පිට්ල් එකෙන් රිලීස් කරලා ගිය සතියේ.දැන් ගෙදර ඉන්නේ"

"අනේ....කොච්චර දෙයක්ද?"

"ඔව්...දැන් හොදයි මිනිහට.හොදට කතා කරන්න පුලුවන්.ඒත්..."

"ඇයි ඒත්"

"ඕකනේ ඉතින් කියලා ඉවර කරන්න දෙන්නේ නෑනේ.ඒත් තාම හොදටම කකුල් ෆිට් නෑලු.ගේ ඇතුලේ ඇවිදිනවලු.ට්‍රේන් කරනවලු ගෙදරටම ඇවිත්.තව සති දෙකක් විතර යාවිලු හොදටම හොද වෙන්න"

"අනේ....ලොකු දෙයක් අවිශ්ක.මං හරි බයේ හිටියේ" අසේලි කිව්වේ සැනසීමෙන්.

"දැන් බය වෙන්න දෙයක් නෑනේ"

"මේ තව දෙයක්.ආදිත්‍ය මාව...මතක් කරේ නැද්ද?" අසේලි අහද්දි අවිශ්ක නිහඩ වුනා.

"අන්න ඒක නම් මටත් ප්‍රශ්නයක් අසේලි.මං කීප සැරයක්ම ආදිත්‍ය ට ඔයා ගැන කියන්න හැදුවත් මිනිහට ඔයා ගැන දැනගන්න උවමනාවක් තිබුනේ නෑ.පස්සේ මට ලොකු අම්මා කිව්වා ආදිත්‍ය ඔයා ගැන කියනවට කැමති නෑ කියලා.ඉතින් ඒ නිසා මං කිව්වෙත් නෑ." අවිශ්ක කියද්දි අසේලි මුකුත්ම කිව්වේ නෑ.

"හෙලෝ....අසේලි...." අවිශ්ක ආයෙමත් කිව්වේ අසේලිගෙන් සද්දයක් නැති නිසා.

"හෙලෝ...ආ...මේ....අවිශ්ක මං එහෙනම් තියන්නම්.මං මේ බෝඩිමට යන ගමන්"

"හා හරි බායි" අවිශ්ක කිව්වත් ඒ වෙද්දිත් දුරකථනය විසන්ධි වෙලා ඉවරයි.

******************************************
ඊලග කොටසින් හම්බෙමු
ආදරෙන් ඉන්න ❤️

No comments:

Post a Comment