Sunday, June 3, 2018

ආදරණීය නපුරා- පහළොස්වන කොටස


ගෙදරට ආපු ගමන්ම සහන් ගියේ එයාගේ කාමරේට.සහන් යනවා බලන් හිටපු සජිනිත් එයාගේ කාමරේට ගියා.ඇදුම් ගලවන්නෙවත් නැතුව සහන් ඇදට වැටුනා.

නදිනිව මුල්ම වතාවට දැකපු දවස සහන්ගේ මතකයට ආවා.

එතකොට සහන්ලා second shy එකට පංති යන කාලේ.

"ඉක්මනට යමන්කෝ බං.අපෝ උබලා නිකන් ගෑනු ලමයි වගේනේ." නදීශාන් කෑගැහුවේ හෙමීට හෙමීට ඇවිදගෙන එන සහන්ටයි ජනිත් ටයි.

"මොකක්ද බං මූට හැදිලා තියෙන කඩි කුලප්පුව.පංති පටන් ගන්න තව පැය බාගයක්ම තියෙනවා.මෙච්චර කලින් ගිහින් අහවල් එකක් කරන්නද" සහන් ඇහුවේ ජනිත් ගෙන්.

"අද අලුත් සෙට් එකක් එනවනේ.ඒකයි ඔය" ජනිත් හිනා වෙවී කිව්වා.

"අලුත් සෙට් එකක් කියන්නේ"

"ඇයි බං පොඩි එවුන්ටත් අද revision පටන් ගන්නවනේ"

"අඩේ ඒකද මේ" සහන් නදීශාන්ගෙන් ඇහුවේ කරටත් අත දාගෙන.

"අවවාදයට වඩා ආදර්ශය උතුම් නේ මචං.ඉතින් අපි කලින් ගිහින් පොඩි උන්ට ආදර්ශයක් වෙන්න එපැයි" නදීශාන් කියන්නේ කොන්ඩෙත් හද හද

'අප්පද බොල මුගේ කතාව.a/l  revision යන්න ගන්නකොට නම් මුගේ කතාව අනිත් උන්ගෙන් අපට වැඩක් නෑ.අපි ගොඩ දාගන්න ඕනේ අපේ අනාගතේ.ආපහු නම් පොතෙන් තොර දෙයක් ගැන හිතන් නෑ.එහෙම කියපු එකාගේ දැන් කතාව බලහන්කෝ' සහන් කට කොනකින් හිනා වෙන ගමන් හිතුවා.

"හරි හරි යමුකෝ එහෙනම්" එහෙම කියපු ජනිත් ඉස්සර වුනා.තුන්දෙනාම පංතියට ගිහින් වාඩි වුනේ එහා පංතිය දිහාත් බලාගෙනමයි.එතකොට තමයි සහන් මුලින්ම නදිනිව දැක්කේ.නදිනි හිටියේ සහන්ලගේ පේලියට කෙලින්ම තිබුනු ගෑනු ලමයින්ගේ පේලියට ඉස්සරහ පේලියේ.එතන තව ඕනේ තරම්  ලස්සන  ගෑනු ලමයි ඉදලත් සහන්ට කෙලින්ම පෙනුනේ නදිනිව.ඒකටත් හේතුවක් තිබුනා.නදිනි හරි සරලව අදින කෙනෙක්.නිකන්ම සුදු ටී ශර්ට් එකකට කලු සායක් ඇදලා කොන්ඩේ පෝනීටේල් එකක් දාපු නදිනි අනිත් අයගෙන් කැපිලා පෙනුනේ ඒ චාම් පාට නිසාමයි.

දවස් ගානක්ම මේ විදියට සහන් නදිනි දිහා බලන්න ගන්නකොට ඒක මුලින්ම මීටර් වුනේ නදීශාන්ට.

"ලස්සනයි නේ" නදීශාන් ඇහුවේ සහන් බලන් ඉන්න දිහා සෑහෙන වෙලා බලන් ඉදලා

"හ්ම්ම්.." සහනුත් උත්තර දුන්නේ නදිනි දිහා බලාගෙනමයි

"කතා කරලා බලමුද?" නදීශාන් ආයෙත් ඇහුවා

"මොකක්ද? කාත් එක්කද? " සහන්ට එතකොට තමයි හරි සිහියක් ආවේ

"ඒ කෙල්ලත් එක්ක"

"මොන කෙල්ලද" සහන් මුකුත් දන්නේ නෑ වගේ ඇහුවා

"ඇයි බොල උරුලෑවෝ තෝ දැන් දවස් ගානක් තිස්සේ බලන් ඉන්න කෙල්ල ගැන කියන්නේ" නදීශාන් කිව්වේ ටිකක් සද්දෙට.ඒ සද්දෙට වටේ කොල්ලො ටිකක් එක්ක කයියක් දාන් හිටපු ජනිතුත් බැලුවා.

"අඩෝ කෑගහන්න එපා බං" සහන් එකපාරටම පැනලා නදීශාන්ගේ කට වහන්න හැදුවත් ඒ වෙද්දිත් සිද්දිය ජනිත්ට ඇහිලා ඉවරයි.

"මොකක්ද මොකක්ද? මොන කෙල්ලද? " ජනිත් ඇහුවේ දෙන්නම දිහා බලාගෙන

"ඔන්න දීපන් උත්තර" දෙන්නා මැද හිටපු නදීශාන් අත් දෙකත් බැදන් කිව්වා

"මුකුත් නෑ බං.මේ මූට පිස්සු" සහන් කිව්වේ බොහොම ශේප් එකේ

"හා නැද්ද මල්ලි.එතකොට මොකක්ද කියපන් මේ හැමදාම පාන්දරම ඇවිත් වෙනදට මං වාඩි වෙන අයිනේ ශීට් එකේ වාඩි වෙලා අර කෙල්ලොන්ගේ පැත්ත බලන් ඉන්න හේතුව" නදීශානුත් වැඩේ අත අරින්න ලෑස්ති නෑ.

"කෑගහන්න එපා බං.අපෝ උබලගේ කටවල්" සහන් ඒ සැරේ නම් කිව්වේ තරහෙන්

"එහෙනම් කියපන් සිද්දිය බලන්න"

"කියන්න තරම්ම සිද්දියක් නෑ බං.ඒ කෙල්ල ලස්සනයි ඉතින් නිකමට වගේ බැලුවා" සහන් කියන්නේ වට පිට බල බල.මේවා කොල්ලෝ සෙට් එකට ගියා කියන්නේ ආය නිදහසේ මේ පංතියේ වසන්න වෙන්නේ නෑ කියලා සහන් දන්නවා.ඔක්කොටම හපන් මේක නදිනිගේ කනට ගියොත්.

"නිකමට වගේ බැලුවා නම් අපි නිකමට වගේ කතා කරලත් බලමු.මොකෝ කියන්නේ" ජනිත් ඇහුවා.

"කතා කරාවිද බං එහෙම" සහන් ඇහුවේ නදිනි දිහා බලලා.නදිනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක ගෑනු ලමයෙක්.පිරිමි ලමයි එක්ක කතා කරනවා සහන් දැකලා තිබ්බෙම නෑ.

"මොකද කතා නොකරන්නේ? උබත් මේ ඉන්නේ හැන්ඩියට මන් තරම්ම නැති වුනාට" නදීශාන් කියන්නේ කොන්ඩෙත් හද හද

"ඒ ඔක්කොටම කලින් මට කියපන් ඒ කෙල්ලගේ නම මොකක්ද?" ජනිත් එහෙම අහනකොට නදීශානුත් බලන් හිටියා

"දන්නේ නෑ"

"කොහෙද" නිත් ආයෙත් ඇහුවා.

"න්නේ නෑ"

"කොහෙද ඉස්කෝලේ"

"න්නේ නෑ බං මං" න් කිව්වා

"මූ ම්.." නදීශාන් කියාගෙන එකොජනිත් ඒනැවැත්තුවා

"රි උ මොවද න්නේ කින් න්න"

"එහෙදෙක් න්නේ නෑ බං හැබැයි එයා නිරාගේ යාලුවෙක්" න් කිව්වේ නදීශාන් දිහා ලාගෙ  නිරාශා කියන්නේ නදීශාන්ගේ නංගී.

"බුදු අම්මෝ...මේ ම් කින්න එපා විස් හොන්කිලා.ට ඔලුව අතේ අන් යි පංති එන්වෙන්නේ"නදීශාන් ලුවත් දෙපැත්කිව්වා

"මුගේ තාම් නංගි ලා න්න.ඒ වුනාපොඩි දෙක් අන්බෑ"ලොක්කුගේ හිනා වෙවී නිත් කිව්වා

"එහෙනෙවෙයි බං.නංගී කීත් හින් නෑ ඕ න්ගේ වැක් කිලා.ඕවා ගේ අවුන්ට් එමයි සෙට් වෙන්නේ.ත් බං ඕකි ඕක ඒ කෙල්නොකියා ඉන්නේ නෑ.මං න්නේ අපේ එකීගේ හැටි.කේම් ල්ල" නදීශාන් පැහැදිලි රා.

"කෙත් ඇත්ක් තියෙවා.එහෙම් අපි මේතාලේ විදිට උත්ලා මු" නිත් කිව්වේ කොකින් හිනා වෙන්.

"තාලෙකිව්වේ"

"ඒ කින්නේ පංති ඇරිලා න් ස්සෙන්.යන්නේ කොහෙටද බලමු.ඊස්සේ මු ඊස්ටෙප් එක" නිත් පැහැදිලි රා.

මේ විදිස් ගාක් ස්සෙන් ගිහින් න්ම් හොයාගත්තා මේ කෙල්ගේ දිනි කිලා.ඒ ගේමේ කෙල්න්ගේ එහා ඉස්කොලේ කිලා ගේ න්නෙත් න් ස් කේයි කිලා.
තින් එදා ඉන් න් හෙව්වේ දිනි එක්තා න්ස්තාක්.එත් සාමාන්‍යයෙන් ඒ සේ ඉන්න ඕනේකෙල්ලෙක් ගේ දිනිත් දාත්නියෙන් ම් කොහේත්ගියේ නෑ.දිනි ඉන්න ඕනේතැක එයාගේ යාලුවෝ ස් දෙනෙකුත් ඉන්න එන්ගේ වැඩේ රි නොන්මූලිහේතුවුනා.

"සහන්.." සජිනිගේ සද්දෙට සහන් ඇස් ඇරලා බැලුවා.

"සහන්..." සජිනි ආයෙත් කතා කරනවා

"ඇයි මොකද" සහන් සාලෙට යන ගමන් ඇහුවා.සාලෙට එනකොට තමයි සහන් දැක්කේ මැදි වියේ වගේ පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි සාලේ වාඩි වෙලා ඉන්නවා.

"සහන් මේ අර එහා පැත්තේ වහලා තිබ්බ ගෙදරට අලුතෙන් ආපු අය.හෙට එයාලගේ ගෙට ගෙවදිනවලු"

"මේ සහන්,මගේ මහත්තයා" සජිනි හදුන්නවලා දෙනකොට සහන් සජිනි දිහා හොදට බැලුවා.සජිනිගේ මූනේ මොකක්දෝ අමුතු වෙනසක් තිබ්බා.මෙයා අඩලද සහන්ට එහෙම හිතුනත් අහන්න ගියේ නෑ.

"මං නිශාන්ති,මේ මගේ මහත්තයා වික්‍රම.වික්‍රම වරායේ වැඩ කරන්නේ" නිශාන්ති කිව්වා.

"අහ් හෙටද එතකොට ගෙට ගෙවදින්නේ" සහන් එහෙම කියාගෙනම පුටුවෙන් වාඩි වුනා.

"ඔව් අපි මේ දැන් තමයි ගෙදරට බඩු දාලා ඉවර වුනේ.යන ගමන් කියලා යන්න කියලා බැලුවේ" නිශාන්ති කිව්වා.

"බොන්න මොනවා හරි හදන්න සජිනි"

"වතුර එකක් විතරක් ඇති" උත්තර දෙන්නේ කතා කරන්නේ නිශාන්ති විතරයි.සජිනි කුස්සියට ගියේ වතුර ගේන්න.

"කීයටද තියෙන්නේ නැකත" සහන් ඇහුවේ වික්‍රම දිහා හොදට බලන ගමන්

"උදේ 8.20ට." නිශාන්ති කිව්වා.ඒත් සහන්ගේ ඇස් තිබ්බේ වික්‍රම ලගමයි.එහෙට මෙහෙට ඇබරි ඇබරි සහන්ගේ උරහිසට උඩින් එබෙන එක සහන්ට එච්ච්ර ඇල්ලුවේ නෑ.

"හා අපි එන්නම්කෝ නේද සහන්" සජිනි සහන් දිහා බලලා එහෙම කියාගෙනම වතුර එක ඇල්ලුවා.
සහන් ඒත් හිටියේ වික්‍රම  දිහා බලාගෙන.

"හා ඔව් අපි එන්නම්කෝ" සහන් කිව්වා.

ටිකක් වෙලා කතා කරපු නිශාන්තියි වික්‍රමයි පිටත් වෙලා ගියා.

සහනුත් නිදාගන්න කියලා කාමරේට යනකොට ඇහුනේ කුස්සියේ සද්ද වගයක්.හෙටත් නිවාඩු එකේ සජිනි මොනවද කරන්නේ බලන්න සහන් කුස්සියට එබුනා.සජිනි බිම වාඩි වෙලා කබඩ් ඇතුලේ මොනවද හොයනවා සහන් දැක්කා.

"මොනවද කරන්නේ"

"අම්මෝ මං බය වුනා" සජිනි කිව්වේ පපුවත් අල්ලගෙන නැගිටින ගමන්

"බය වෙන්න මං යකෙක්ද? නිදාගන්නේ නැතුව මොකද කරන්නේ? හෙට නිවාඩුනේ"

"නෑ අර ගෙදරට ගෙනියන්න කිරිබත් ටිකක් හදන්න සුදු හාල් තියෙනවද බැලුවේ.වෙන දෙයක් ගන්න මේ වෙලාවේ බෑනේ.අන්තිම මොහොතෙනෙ කිව්වේත්.හිස් අතින් යන්න බෑනේ" සජිනි කියාගෙන ගියා.

"මොන ගෙදරටද?"

"අර ගෙට ගෙවදින්නේ.හෙට එන්න කිව්වේ.අපි යනවා නේද?" සජිනි ඇහුවේ සැකෙන් වගේ.

සහන් ටිකක් වෙලා බලන් හිටියා.

"නෑ අපි එකට යන්නේ නෑ.අපි කියන්නේ අපි දෙන්නම යන්නේ නෑ."සහන් එහෙම කියලා කාමරේට ගියා.

****************************************
ඊලග බදාදා හම්බෙමු
ඔයාලගේ අදහස් කියන්න අමතක කරන්න එපා.පොඩි ඉගියක් දෙන්නම් මේ මන් හදුන්වලා දෙන හැම චරිතයක්ම මේ කතාවට ගොඩක් වැදගත් චරිත.හිතන්න ඉතින් මේ අය කොහොමද කතාවට අදාල වෙන්නේ කියලා.
ආදරෙන් ඉන්න ❤️

5 comments:

  1. විකී ඔයා ඇයි පන ඉස්සි ඉස්සි බලන්නේ

    ReplyDelete
  2. sahange hithata irisiyawa athi karawannada Wikrama awe??

    ReplyDelete
    Replies
    1. Wikrama nakiy ane.naki minissu gana erisiya hithen nane kollonta 😉 api balamuko.coming soon

      Delete
  3. වික්‍රම කුකුල් බඩෙක්ද දන්නෙත් නෑ.����නැත්තං කතාව වෙන අතකට හැරෙයිද දන්නෙත් නෑ ....����

    ReplyDelete