Thursday, June 21, 2018

ආදරණීය නපුරා - විසි හත් වන කොටස



" මෙතන මොකද වුනේ?" සහන් ඇහුවේ වැටිලා ඉන්න සජිනි දිහාට එන ගමන්.සහන් දැකපු සජිනිගේ ඇස් වලින් කදුළු කඩා වැටෙන්න ගත්තා 

"මොකක්ද වුනේ?" සහන් ඇහුවේ සජිනි ලගින් බිම වාඩි වෙන ගමන්.ඒත් ඒකට කිසිම උත්තරයක් හම්බුනේ නෑ.වුනේ මොකක්ද කියන්න තිළිණිත් නොදන්න නිසා එයත් බලන් හිටියේ සජිනි උත්තරයක් දෙනකම් 

"මං ඇහුවේ මොකද වුනේ කියලා"ඒ පාර  සහන් අහපු විදියට සජිනි ලග හිටපු තිළිනිත් බය වුනා.එකෙන් වුනේ සජිනි තවත් අඩන්න ගත්ත එක.තිළිණිගේ ඇගට වාරු වුන සජිනි හොදටම ඉකි ගහ ගහ අඩන්න ගත්තා.සහන් එතනින් වාඩි වෙලා සජිනිගේ ඔලුව අත ගෑවා.ඔලුව අල්ලනවත් එක්කම සජිනිගෙන් කෙදිරිල්ලක් පිට වුනේ ඔලුව වැදුනු පාරවල් රිදෙන නිසා.

තවත් මේක සජිනිගෙන් අහලා වැඩක් නෑ කියලා තේරුන සහන් ඊලගට බැලුවේ තිළිණි දිහා

" මං...මං දන්නේ නෑ මල්ලි.මං බබාව පන්තියට දාලා මෙහෙට ආවා.මං කීප සැරයක්ම බෙල් කරා.ඇතුළෙන් සද්ද වගේකුත් ඇහුනා.ටිකකින් දොර ඇරුනා.එතකොට සජිනි මෙතන හිටියේ"තිළිණි උත්තර දුන්නෙත් මතක් කර කර 

"දොර ඇරුනේ එතකොට?" සහන් ඇහුවා 

"අහ් ඔව් දොර, දොර ඇරියා කවුරුහරි.අර වික්‍රම, වික්‍රම  ඇරියේ " තිළිණි කියනකොට සජිනිත් ඔලුව වැනුවා.වෙච්ච දේ හරියට පැහැදිලි නැතත් සජිනිගේ විදියට වෙච්ච දේ හිතාගන්න සහන්ට පුලුවන් වුනා 

සහන් එතනින් නැගිටින්න හැදුවේ වික්‍රම හොයන් යන්න.ඒත් සජිනි සහන්ගේ අතින් අල්ලගත්තා 

"ඉන්නකෝ..." සජිනිගේ කටහඩ පිට වුනේ කෙදිරිල්ලක් වගේ.සහන් සජිනිගේ  අත අල්ලගෙන අනික් අතින් සජිනිගේ ඔලුවට හෙමීට අත තිබ්බා 

"මං ඉක්මනට එන්නම්" ඒත් සජිනි සහන්ගේ අත අත ඇරියේ නෑ.ඒ වෙනුවට තවත් තදින් සහන්ගේ අත අල්ලගත්ත සජිනි ආයෙත් අඩන්න ගත්තා 

"අනේ යන්න එපා..."සජිනි දිහා ටිකක් බලන් හිටපු සහන් සජිනි ලගට කිට්ටු වෙලා සජිනිව හෙමීට උස්සලා අරන් සහන්ගේ කාමරේට අරන් ගියා.

සහන් සජිනිව හෙමීට ඇදෙන් තියලා එතනින්ම වාඩි වුනා

"මොකද වුනේ සජිනි?  මට කියන්නකෝ" සහන් ඇහුවේ සජිනිගේ අතකිනුත් අල්ලගෙන.සජිනි ආයෙත් අඩන්න ගත්තා  

"එයා ඔයාව මරාවි"සජිනි කිව්වේ ඇඩුම් හඩ මැද්දෙමයි 

"කව්ද?" 

"එයා"

"වික්‍රමද?"

"හ්ම්ම්.."

"ඇයි මේක ඌට ගිය රටද?"සහන් ඇදෙන් නැගිටලා කෙන්තියෙන් එහෙට මෙහෙට ඇවිදින දිහා සජිනි බලන් හිටියා.ටිකකින් සහන් ආයෙත් ඇදෙන් වාඩි වුනා 

"සජිනි...,එහෙම මුකුත් වෙන්නේ නෑ.ඔයා බය වෙන්න එපා.මං ඉක්මනට එන්නම්.තිළිණි අක්කා ඔයා ලග ඉදිවි" සහන් එහෙම කියලා නැගිට්ටේ යන්න කියලා.ඒත් සජිනි සහන්ගේ අත අතැරලා තිබ්බේ නෑ 

"ඒත් සහන්, මේ..." සජිනි ආයෙත් මොකක්ද කියන්න හදනවා කියලා තේරුන සහන් සජිනි ලගින් වාඩි වුනා.වික්‍රමව හොයන් යන්න තියෙන උවමනාව කොච්චර වැඩි වුනත් සජිනිගේ තත්වේ ඊට වඩා සහන්ට වැදගත් වුනා 

"මොකක්ද"

"නිශාන්ති අක්කා පව්,එයාලට බබාලා තුන්දෙනෙකුත් ඉන්නවා" සජිනි හෙමීට කියනකොට සහන් සජිනි දිහා බලන් හිටියේ මේක විශ්වාස කරගන්න බැරුව.මේ ලෝකේ මොන ගැනිද තමන්ව විනාශ කරන්න හදපු මිනිහට අනුකම්පා කරන්නේ.

"සජිනි මේ,ඔයා දේවදූතියක් වෙන්න ඇති ඒ මිනිහට සමාව දෙන්න,අනේ මං නම් එහෙම නෑ.ඔයා ඉන්නකෝ බය නොවි" කියන්න පුලුවන් හොදම සහ සන්සුන්ම විදියට ඒක කියපු සහන් නැගිටලා සාලෙට ගියා.සාලේ හිටපු තිළිණිට සජිනිව බලාගන්න කියලා සහන් කෙලින්ම ගියේ වික්‍රමගේ ගෙදරට.

 කීප පාරක්ම දොරේ බෙල් එක ගහනකොට ඇවිත් දොර ඇරපු නිශාන්ති බය වුනේ සහන්ගේ මූණේ තිබ්බ රකුසු පෙනුමට.මුකුත්ම කියන්නේ නැතුව නිශාන්තිවත් පහු කරගෙන ඇතුළට ගියපු සහන් නැවතුනේ ගෙදර සාලේ.කීප සැරයක් වටපිට බලපු සහන් නිශාන්ති දිහා බැලුවා 

"කෝ වික්‍රම"

"වැඩට ගිහින් තාම ආවේ නෑ" නිශාන්තිට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා.සහන් නිශාන්ති ලගට ආවා 

"මං සරල සිංහලෙන් කියන්නම්,තමුන්ගේ මහත්තයා ජීවත් වෙනවා බලන්න ආස නම් මෙහේ තව එක විනාඩියක්වත් ඉන්න බෑ.දැන්ම මෙහෙන් තොලොංචි වෙනවා"සහන් අන්තිම ටික කිව්වේ කෑගහන්න වගේ 

"ඇයි මල්ලි,වික්‍රම මොකක් හරි..." නිශාන්ති කතාවට ඉවර කරන්නත් කලින් ගෙදර දොරෙන් ඇතුල් වෙන්න ආවේ වික්‍රම.

සහන්ව දැකපු වික්‍රම එතනින් දුවන්න හැදුවත් සහන් ඊට වඩා ඉක්මන් වුනා.ඒ නිසා සහන්ට පුලුවන් වුනා දොර ලගදිම වික්‍රමගේ කොලර් එකෙන් අල්ලගන්න.වික්‍රමගේ කොලර් එකෙන් අල්ලගත්ත සහන්,වික්‍රමව බිත්තිය ලගට තල්ලු කරා.එක අතකින් වික්‍රමගේ අත් දෙකත්  එක අතකින් වික්‍රමගේ බෙල්ලත් අල්ලගත්ත සහන් වික්‍රමට ලං වුනා.

"මං කලින් එක සැරයක් කිව්වා ඒ මගේ නෝනා කියලා.මගේ කියන්නේ මගේ.පොදු වස්තුවක් නෙවෙයි එක එකාට ලගින්න" එහෙම කියපු සහන් හොද හුස්මක් ගත්තා.

"මට තමුන්ව මරන්නත් පුලුවන්,ඔන්නම් හිරේ දාන්නත් පුලුවන්.ඒත් මං එහෙම කරන්නේ නෑ.මොකද තමුසේ අරම කරන්න හදපු මගේ නෝනා දේවතාවියක් නිසා.එයා කැමති නෑ තමුසෙගෙ දරුවන්ට තාත්තා කෙනෙක් නැති වෙනවට" සහන් එක දිගට කියාගෙන ගියා 

"මං හෙට වෙනකම් කල් දෙන්නම්.මෙහෙන් යන්න ඕනේ.නොගියොත් වෙන දේ තමුසෙට හිතා ගන්නවත් බැරි වෙයි" 

"අපි යන්නම්..අපි යන්නම්...අනේ මෙයාට මුකුත් කරන්න එපා මල්ලි.මගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරන්න එපා.." ඇඩූ කදුලෙන් මෙච්චර වෙලා මේක බලන් හිටපු නිශාන්ති සහන්ගේ කකුල ලග අඩාගෙන වැටුනා.

"මේ තමුන්ගේ නෝනා නිසා අතාරින්නේ" එහෙම කියපු සහන් වික්‍රමගේ බෙල්ල අතාරිනවත් එක්කම වික්‍රම කහින්න පටන් ගත්තේ සහන්ගේ හිර කිරිල්ල ඇත්තටම අමාරු වුන නිසා.යන්න හැරුන සහන් ටික දුරක් ගිහින් ආයෙත් හැරිලා ආවේ නිශාන්තියි වික්‍රමයි බය වෙලා බලන් ඉද්දි.

"ඒ වුනාට මං හිතන්නේ මං මේකත් කරන්නම ඕනේ" එහෙම කියපු සහන් වික්‍රමගේ මූණ හරහා පාරක් ගැහුවේ වික්‍රමට හිතාගන්නවත් වෙලාවක් නොදී.ඒ ගමන්ම සහන් ආයේ අනිත් පැත්තටත් ගැහුවේ නිශාන්ති කෑ මොර දෙද්දී.සහන්ගේ පාරවල් වලට වික්‍රමගේ කටින් ලේ බේරෙද්දි  සහන් ආපහු හැරිලා ගෙදරට යන්න ගියා.

මේ අතරේ තිළිණි එලියේ බැල්කනියේ වේලෙන්න දාපු සජිනිගේ බ්ලවුස් එකක් සජින්ට ඇන්දුවේ එයාගේ බ්ලවුස් එක ඉරුනු නිසා.බැල්කනියෙන් ඇදුමක් ගෙන්න කියලා සජිනි තිළිණිට කිව්වේ එහෙම නැති වුනොත් කාමර දෙකක ඉන්න බව තිළිණි දැනගන්න නිසා.

ටිකකින් සහන් ආපු නිසා තිළිණි ගෙදර ගියේ ඕනෙ වුනොත් කතා කරන්න කියලා.

කාමරේට ආපු සහන් ආයෙත් සජිනි ලගින් වාඩි වුනා.

"මොකද වුනේ?" සජිනි ඇහුවේ නොඉවසිල්ලෙන්.සහන් සජිනිගේ අතින් අල්ලගත්තා 

"මුකුත් නෑ.එයාලා හෙට යාවි.බය වෙන්න දෙයක් නෑ"

"ඔයා එයාට ගැහුවද?" සජිනි ඇහුවේ රතු වෙලා තියෙන සහන්ගේ අත දිහා බලලා 

"ඇයි මට ගහන්න බෑ කියලද හිතුවේ" සහන්ගේ කතාවට සජිනි අත දිහා බලන් හෙමීට හිනා වුනා මිසක් මුකුත් කිව්වේ නෑ.ඇත්තටම සහන් තමන් වෙනුවෙන් ගිහින් වික්‍රමට ගහපු එක ගැන සජිනිගේ හිතේ තිබ්බේ පොඩි සතුටක්.

සජිනි බලාගෙන ඉද්දි සහන් උණු වතුර ගෙනත් සජිනිගේ මූණෙයි අත පය වලයි තිබ්බ තැලුම් තවන්න ගත්තා.

"ආයි අනේ රිදෙනවා..." සජිනි කියන්නේ සහන්ගේ අතින් අල්ලගෙන තවන එක නවත්තන ගමන් 

"රිදෙන්නේ තවන නිසා නෙවෙයි තැලිලා නිසා.ඔහොම ඉන්න ටිකක්" එහෙම කිය කිය සහන් තැලිලා නිල් වෙලා තිබ්බ හැම තැනක්ම තැව්වේ වික්‍රමට හිතෙන් ශාප කර කර.ඒ තරමටම සජිනිගේ අත පය වගේම මූනේ තැලුම් පාරවල් තිබුනා 

"සුප් එකක් හදන්නද බොනවද?" සහන් ඇහුවේ තවලා ඉවර වෙලා නැගිටින ගමන් 

"එපා..අනේ සහන්.." සජිනි මොනවදෝ කියන්න ගිහින් ගිල ගත්තා.සහන් ආයෙත් සජිනි ලගින් වාඩි වුනා 

"මොකක්ද ඒ පාර"

"මං..මං.. මේ.."සජිනි ගොත ගහන්න ගත්තා.

"කියන්න දරුවෝ.."

"මං අද මේ කාමරේ ඉන්නද? ඔයා එක්ක?" සජිනි හරි බයෙන් වගෙ ඇහුවේ සහන්ගේ මූනත් මග ඇරලා.

"ඕකද මේ..." සහන් හොද හුස්මක් ගත්තා 

"ඉන්න සජිනි..කොහොමත් මං ඔයාව තනියෙන් තියන්නේ නෑ" එහෙම කියපු සහන් නැගිටලා ගියේ සුප් හදන්න හිතාගෙන.

ඒත් සහන් සුප් හදන් එනකොටත් සජිනිට නින්ද ගිහිල්ලයි තිබ්බේ.සුප් එක පැත්තකින් තියපු සහන් සජිනි ලගින්ම ඇලවුනා.

*********************************************************************************

අද මං හිතුවා කට්ටියකට ස්තූති කරන්න ඕනේ කියලා.මං දවස ගානේ තමයි මේ කතාව ලියන්නේ.ඉතින් සමහර දවසට කතාව ලියාගන්න බැරි තරම් මහන්සියි.සමහර දවසට චුට්ටක් කම්මැලියි,පස්සේ ලියනවා,ටිකක් ලියනවා වගේ දේවල් හිතෙනවා.ඉතින් ඒ ඔක්කොම නැති වෙන්නත් එක්ක මට මැසේජ් එවන සෙට් එකක් ඉන්නවා.

"කෝ කතාව"

"අද නැද්ද?"

"දාන්නකෝ"

"අද කොටස් දෙකක් ඕනේ"

මෙහෙම කියන අය ගොඩයි.මේ අය සමහරක් මං ඇත්තට දන්න මගේ යාලුවෝ.ඒත් ගොඩක් අය මං දන්නෙම නැති මේ ආදරණීය නපුරට ආදරේ කරන අය.දවසින් දවස මේ අය වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.

මෙහෙම මැසේජ් එනකොට ටිකක් කරදරේ වගේ වුනත් ඇත්තටම මං ආසයි මේ පණිවිඩ වලට.මොකද මේවගෙන් මාව සැහෙන්න ධෛර්‍යමත් කරනවා.ඒවා දැක්කම මං මටම කියාගන්නවා,

"ඔයාට මේක නොලිය ඉන්න බෑ ,ගොඩක් අය බලාගෙන ඉන්නේ කියලා" 

ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තූතියි මෙහෙම පණිවිඩ වලට.ඒ අයට වගේම මේක කියවන හැමෝටමත්.ඔයාලා නිසයි මේක ලියන්නේ.

ප.ලි.දැන් ඉතින් උදේ ඉදන් මැසේජ් එවන්න එපා මෝටිවේට් කරන්න කියලා 😆😆


හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න....💖

14 comments:

  1. විකී...ඔයා නම් දෙයියෙක් නෙමි..දේවාලයක්...
    අම්මෝ සහන්...ආදරේ හිතෙනවා
    ....

    ReplyDelete
  2. සහනා ප්ලෑන් කරලා දීපු ගෙමක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුලුවන්

      Delete
  3. ඔහොම යමුකෝ........................

    ReplyDelete
  4. Onna mageth comment ekak.. harima lassana kathaawa.. ilnga kotasa enakan balagena innawa..

    ReplyDelete
    Replies
    1. thank you so much.me hama comment ekakma mata godak watinanwa

      Delete
  5. හරිම ලස්සනයි කතාව. ඔන්න මේ කතාව මුල් ඉදන්ම කියෙව්වා.
    ඉක්මනට ඉතුරු ටික..... :D

    ReplyDelete
    Replies
    1. හැමදාම කොටසක් දානවා <3 ගොඩාක් ස්තූතියි

      Delete