සජිනිට උදේ ඇහැරෙද්දි එක පාරටම දැනුනේ හරිම සනීපයක්.එයාට ඒ සනීපෙට ඇස් අරින්නත් ලෝබ හිතුනා.අඩ නින්දේ නිසා ඉන්නේ කොහෙද කියලා ගානක් නැති සජිනි තවත් හොදට නිදාගන්න හිතාගෙන අනිත් පැත්තට හැරුනා.ඒ හැරෙනවත් එක්කම සජිනිව කාට හරි තුරුල් වුනා.සජිනි එක පාරටම ඇස් ඇරියේ බය වෙලා.
ඒත් එයා තුරුල් වුන කෙනා දැකලා එක පාරටම කෑගහන්න හදලත් සජිනි කට වහගත්තේ සහන් තාමත් නිදි බව දැකපු නිසා.සජිනි එයාගේ ඇග වටේ අත දාගෙන තුරුල් කරන් ඉන්න සහන් දිහා හොදට බැලුවා. සජිනි හෙමීට සහන්ගේ අත් දෙකෙන් ගැලවෙන්න හැදුවත් ඒකෙන් වුනේ සහන් තවත් සජිනිව ලගට ඇදගත්තඑක.
සහන්ගේ ලගටම වුන සජිනි සහන් දිහා ටිකක් වෙලා බලන් හිටියා.
'මේ ඇස් බැමි වල මහත' එහෙම හිතපු සජිනි හෙමීට එයාගේ ඇගිල්ලකින් සහන්ගේ ඇහි බැමි දිගේ ඇගිල්ල අරන් ගියා.එක පාරට ආයෙත් ඇගිල්ල ගත්ත සජිනි ඒපාර බැලුවේ සහන්ගේ ඇස් පිහාටු දිහා
'හරී දිගයි මේවා' සජිනි හිතුවා.කීප සැරයක්ම අල්ලන්න හදලා පස්සේ සජිනි එහෙම්ම ඇගිල්ල ගත්තේ සහන්ගේ සෙලවීමක් වගේ දැනුන නිසා.ඇත්තටම සහන්ට ඇහැරුනේ ඒ වෙලාවේ.
සහන් ඇස් අරිනවත් එක්කම දැක්කේ ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බය වෙලා බලන් ඉන්න සජිනිව.ජනේලෙන් ආපු ඉර එලියත් එක්ක සජිනිගේ මූන හරි ලස්සනට එලිය වෙලා තිබ්බා.
ඒත් සජිනිට නම් ඕනේ වුනේ මෙතනින් ගැලවෙන්න.එයා සහන්ගේ අත් දෙක එහෙට මෙහෙට කරලා ගැලවෙන්න හදනකොට සහන් එක පාරටම සජිනිව අත ඇරලා ඇදෙන් බැහැලා ජනේලේ ලගට ගියා.
"මේ..." සජිනි කතා කරේ සහන්ට
"ඇයි .." සහන් ඇහුවේ ජනේලෙන් එලිය බලාගෙන
" මං කොහොමද මෙතනට ආවේ"සජිනිගේ ඒ කතාවට සහන් සජිනි දිහාවට හැරුනා
"මං කොහොමද ඒක දන්නේ?"
"මං ඇරුනම කාමරේ හිටියේ ඔයානේ.ඉතින් ඔයා දන්නේ නැති වෙන්නේ කොහොමද?"
"මේක හරි කතාවක්නේ.බිම හිටපු ඔයා ඇද උඩට ආවේ කොහොමද කියලා මං දන්නේ කොහොමද?"
"මං එහෙම නින්දෙන් ඇවිදින් නෑ"
"ඇවිදින්නේ නෑ .ඇද උඩට නැගලා නිදාගන්නවා මිසක්" සහන් කට කොණකින් හිනා වෙවි කිව්වා
"මං නැග්ගේ නෑ..දැන් එක සැරයක් කිව්වනේ"සජිනිට දැන් තරහත් එක්ක
"එහෙනම් මං ඇදෙන් තිබ්බා කියලද කියන්නේ" සහන්ගේ කතාවට සජිනිගේ කටත් ඇරුනා
"මං එහෙම එකක් කිව්වේ නෑනේ" ඇදෙන් බැහැපු සජිනි තමන්ටම මුමුණ ගත්තා
"මොකක්ද කිව්වේ?"
"නෑ මං මේ කිව්වේ වෙන මිනිහෙක් එක්ක හිටියා නම් එහෙම එකක්වත් හිතන්න තිබ්බා කියලා"
එහෙම කියපු සජිනි කාමරෙන් ගියේ එයා දිහා පුදුම වෙලා බලපු සහන්ව ගනන් ගන්නෙවත් නැතුව
'වෙන මිනිහෙක්??' සහන් අත් දෙකත් ඉණේ තියන් කාමරේ වටේ කැරකෙන්න ගත්තා
'එයා කොහොමද එහෙම එකක් හිතන්නෙවත්.අනේ අම්මපා මේ කෙල්ලගේ කට නම්'
'ඉන්නවකො හොද වැඩක් කරන්න මං' තරහටත් එක්ක සහන්ගේ මූණ රතු වෙලා.
සජිනි එක්ක තරහටම සහන් උදේ වරුවෙම හිටියේ තාත්තා එක්ක.සජිනිත් වෙච්ච දේ නොදන්නවා වුනත් උදේ සහන් ලග හිටපු හැටි මතක් වෙනකොට එන ලැජ්ජාව නිසාම සහන්ව මග ඇරලා තමයි හිටියේ.ඊටත් වඩා සජිනිට ප්‍රශ්නයක් වුනේ ඒ විදියට ඇද උඩට ගියේ කොහොමද කියන එක.
දවල්ට කාලා සජිනිගේ අම්මලටත් සමු දීලා දෙන්නා පිටත් වුනේ සහන්ගේ මහ ගෙදර යන්න.පැයකින් විතර එයාලට එහෙටත් යන්න පුලුවන් වුනා.ඒ මුලු ගමනෙම මේ දෙන්නා වචනයක්වත් කතා කරේ නෑ.
"පුතා අන්න ජනිත් ඇවිත් රට ඉදන්" සහන්ගේ තාත්තා ඒ කිව්වේ සහන්ගේ ඉස්කෝලේ යාලුවෙක් ගැන
"අම්මටසිරි එහෙමද? එහෙනම් මං ටිකක් එහේ ගිහින් එන්නම් තාත්තේ" සහන් නැගිට්ටේ එහෙම කියාගෙන
"නෑ නෑ යන්න ඕනේ නෑ.මං කිව්වා අද ඔයාලා මෙහේ එනවා කියලා" සහන්ගේ අම්මත් කතාවට එකතු වුනා.
කිව්ව විදියටම හවස 5 විතර වෙද්දි සහන්ගේ ඉස්කෝලේ කාලේ යාලුවො දෙන්නා වුන නදීශානුයි ජනිතුයි සහන්ලගේ ගෙදරට ආවා.තුන්දෙනා වාඩි වුනේ එලියේ අඹ ගහක් යට හදලා තිබ්බ බංකුවක.
"අඩේ බං උඹ සුදු වෙලානේ" සහන් කිව්වේ ජනිත්ව බදාගෙන
"අපි කොහොමත් සුදුයි හරිය"
"අනේ ඉතින් අපි නොදන්නවයැ ඒක"නදීශානුත් එහෙම කියාගෙන වාඩි වුනා
"කෝ උඹේ ප්‍රියම්භිකාව" ජනිත් සහන්ට කිට්ටු වෙලා හොරෙන් ඇහුවා
"අපෝ මතක් කරන්න එපා" සහන් කිව්වේ මූණත් ඇඹුල් කරගෙන
"ඒ මොකද ඒ?" නදීශාන් එහෙම අහනකොටම තේ අරගෙන එතනට ආවේ සජිනි.සජිනි හැමෝමත් එක්ක හිනා වෙලා සහන් දිහා බැලුවේ එයා අදුන්වලා දේවි කියලා හිතාගෙන.ජනිතුයි නදීශානුයිත් බැලුවේ සහන් දිහා.සහන් ඒ මුකුත් පේන්නේ නෑ වගේ වටපිට බල බල හිටියා.සජිනි ඒ දෙන්නටම තේ අල්ලලා සහන්ටත් තේ එක ඇල්ලුවා
"මට එපා.." සහන් කිව්වේ අහක බලාගෙන.සජිනිත් ඉතින් මුකුත්ම කියන්නේ නැතුව ආපහු හැරෙනකොටම ආයෙත් සහන් කතා කරා
"මට කෝපි එකක් ගෙන්න"සජිනි ටිකක් වෙලා බලන් හිටියේ සහන් කොපි බොන්නේ නැති නිසා
"ඇයි?" සහන් ඇහුවේ සජිනි බලන් ඉන්න නිසා
"නෑ නෑ මුකුත් නෑ" එහෙම කියලා සජිනි යන්න හදනකොට සහන් ආයෙත් කතා කරා
"සජිනි,මේ ජනිත්,සිංගප්පුරුවේ වැඩ කරනවා.නදීශාන් නම් දන්නවනේ" සහන් අදුන්වලා දුන්නා
"මං ජනිත් අයියවත් දන්නවා" සජිනි හොදට හිනා වෙලා කිව්වා
"ඔව් අපේ ගෙදරත් ඇවිත් මාව දන්නේ නැති වෙන්න බෑනේ" ජනිත් එහෙම කියද්දි සහන් බැලුවේ පුදුම වෙලා
"මං එන්නම් අයියේ" එහෙම කියපු සජිනි ගියේ සහන්ට කෝපි එක හදන්න
"උඹ කොහොමද එයාව දන්නේ" සහන් සජිනි ගිය ගමන් ජනිත්ගේ ඇගට කඩන් පැන්නා
"මං දන්නවා බං.අපේ ගෙවල් ලග පංතියකට ආවා"
"පංතිය තිබ්බේ උඹේ ගෙදර නෙවෙයිනේ.එහෙනම් ඇයි එහේ ආවේ? සහන්ගේ මේ කතාවට ජනිත්ට වගේම නදීශාන්ටත් හිනා ගියා
"අනේ ගොනෝ ඒ කෙල්ල මාත් එක්ක මගුල් නටන්න ආවේ නෑ,අපේ නංගිත් ඒ පංතියට ගියා.ඉතින් පංතිය කලින් ඉවර වුනාම අපේ ගෙදර ඇවිත් හිටියා" ජනිත් පැහැදිලි කරා
"ඒක මිසක්" සහන් කිව්වේ සැනසීමෙන්
"ඇයි මොකෝ උඹ බය වුනාද?"
"මං මොකටද බය වෙන්නේ?" සහන් හිනා වුනා
"හාකෝ ඉතින් එහෙම කියමුකෝ" නදීශාන් හිනා වුනේ ජනිත්ටත් ඇහැක් ගහලා.එතකොටම සජිනි එතනට ආවේ සහන්ට හදපු කෝපි එකත් අරගෙන.සහන්ට කෝපි එක දීලා සජිනි බැලුවේ නදීශාන් දිහා
"නිරාශා දැන් මොකද අයියේ කරන්නේ? කතා කරන්නවත් වුනේ නෑ" සජිනි ඒ ඇහුවේ එයාලා එක්ක එකට ඉගෙන ගත්ත නදීශාන්ගේ නංගි ගැන
"එයාගේ කැම්පස් අන්තිම අවුරුද්දනේ නංගි,අර රිපෝර්ට් මේ රිපෝර්ට් කියනවා,ගෙදර එන්නේත් නෑ වැඩිය" නදීශාන් එහෙම කියනවත් එක්කම සද්දයක් ආවේ සහන්ගෙන්
"මේ මොකක්ද මේ?" සහන් ඇහුවේ සජිනිගෙන්
"කෝපි" සජිනි උත්තර දුන්නේ කිසි ගානක් නැතුව
"මෙහෙමද කෝපි හදන්නේ"
"ඇයි මොකක්ද ප්‍රශ්නේ?"
"මේක කෝපි රහ නෑ"
"ඒක මාර කතාවක්නේ,කෝ දෙන්න බලන්න" එහෙම කියලා සජිනි සහන්ගෙන් කෝපි එක ඉල්ලගෙන බීලා බැලුවා
"මේ තියෙන්නේ හොදට.මෙහෙම තමයි කෝපි"
"මේක රස්නේ වැඩියි" සහන් කියපු ඒ කතාවට සජිනිට වගේම නදීශාන්ටයි ජනිත්ටයිත් හිනා ගියා
"කෝපි රස්නෙයි තමයි බං කොහොමත්"ජනිත් කිව්වේ හිනා වෙවි
"මට ඕනේ අයිස් කෝපි" සහන් කෝපි එක සජිනිගේ අතට බලෙන්ම දුන්නා
"පිස්සුද මන්දා" සජිනි තමන්ටම මුමුණ ගත්තා
"මොකක්ද?"
"මං ගෙන්නම්" සහන්ට ඔරවලා කියපු සජිනි යන්න ගිහින් ආයෙත් හැරුනා
"අයියේ මට නිරාශගේ නම්බර් එක දෙනවද යන්න කලින්"
"හරි නංගි දෙන්නම්" නදීශාන් කිව්වා
"මොකක්ද බං උඹට වෙලා තියෙන්නේ?"ජනිත් ඇහුවේ සහන්ගෙන්
"ඇයි මොකක්ද?" සහන් ඇහුවා
"උඹ මේ කෝපි එකක් අල්ලන් නටන්නේ? සජිනි එක්ක මොකෝ අවුලක්ද?"
"අවුලක්ද කියන්නේ බං අවුල් සාගරයක්" සහන් ඔලුවත් අල්ලගත්තා
"පැහැදිලිව කියපන් බලන්න"
"වෙලාවකට හෙන අහිංසකයි බං.වෙලාවකට කටු අත්තක් වගේ.වෙලාවකට පට්ට ලස්සනයි.ඒ වෙලාවට මට ඔක්කොම අමතක වෙනවා බං .ඒ විතරක් නෙවෙයි මචං වෙලාවකට අපේ අම්මා වගේ.ගෙදර හැමදේම හොයලා බලලා කරනවා.ඒ වගේම තමයි සැර.උඹලට කියන්න එයාගේ කෑම නොකැවොත් කවනවා කියලත් තර්ජනේ කරා මට"
"අම්මටහුඩු...අන්න කෙල්ලෝ" නදීශාන් කිව්වේ පුදුම වෙලා
"දැන් ඒ කියන්නේ කොල්ලා ගොඩ.අන්න එහෙමනේ මචං ඉන්න ඕනේ" ජනිත් කිව්වා
"ඔව් බං.අපි ඒත් හිතුවා උඹ අර නදිනිව තාමත් ඔලුවේ තියන් ඉන්නවද කියලා" නදීශාන් කිව්වේ සහන් ගැන ඇත්තටම සතුටෙන්
"උඹලට පිස්සුද බං ,මට නදිනි අමතක වෙලා නෑ , අමතක වෙන්නෙත් නෑ.මං මැරෙනකම්ම ආදරේ නදිනිට විතරයි.එයා මිනිස්සු කීයක් එක්ක ගියත් මට ඒක අදාළ නෑ.අවුරුදු 4ක් ආදරේ කරේ මං එහෙම අමතක කරන්න නෙවෙයි." එක දිගටම කියවගෙන ගියපු සහන් එතනින් නැගිටලා ගේ ඇතුළට ගියේ ජනිතුයි නදීශානුයි පුදුමෙන් බලන් ඉද්දි
"උඹට මොකද හිතෙන්නේ?"ටිකක් වෙලා ඒ දිහා බලන් හිටපු නදීශාන් ඇහුවේ ජනිත්ගෙන්
"අනේ මන්දා බං මූ මොනා කියනවද කියලා,.ආපු වෙලාවේ ඉදන් අපි එක්ක සජිනි ගැන කියවපු එකා දැන් කියනවා ආදරේ නදිනිටලු"
"සහනයා ඉස්සර ඉදන්ම තීරණ වෙනස් කරපු එකෙක් නෙවෙයිනේ.ඌ වැරදියි කියලා පිළිගන්න එකෙකුත් නෙවෙයි " නදීශාන් කිව්වේ ජනිත් දිහා බලන්
"නදිනි ගැන මං දන්නේ නෑ බං.හැබැයි දැන් මුගේ හිතේ සජිනි නම් ඉන්නවා" ජනිත් කිව්වා
"ඕක ඌට තේරුම් කරවන්න නම් ලේසි වෙන්නේ නෑ.ඌම තේරුම් ගත්තොත් මිසක්"
"මූ ඒක තේරුම් ගන්නකම් සජිනි මූ එක්ක හිටියොත් ලොකු දෙයක්" ජනිත් කිව්වේ පුටුවෙන් නැගිටින ගමන්
*********************************************************************************
හැමෝම මට සමාවෙන්න කතාව පරක්කු වුනාට.මැසේජ් ගොඩක් තිබුනා.යාලුවන්ගෙන් මරණ තර්ජන පවා තිබ්බා කතාව නෑ කියලා.හැමෝම මට සමාවෙන්න.😌
හෙට නම් රෑ වෙන්නේ නෑ.හෙට දවල් වෙද්දි ඔයාලට ඊලග කොටස කියවන්න පුලුවන්...😄
වැඩ ගොඩක් එක්ක කතාව ලියලා දාන්නේ .ඔයාලා තේරුම් ගනිවි කියලා හිතනවා 😅
හෙට හම්බෙමු
ආදරෙන් ඉන්න 💖
අඩේ කෝපි කෝප්පයක් බොන්න ඕන..
ReplyDeleteඑච්චරටම ශෝක්
ඔයාගේ කොමෙන්ටුව නැතුව මට නින්ද යන් නැතුව හිටියේ
Deleteමට කොපි බොන්නත් එපා උනා. පව් සජිනි.
ReplyDeleteSahanta meka therenne nathi ekane wade
ReplyDeleteඔයා ඕවා ගණන් ගන්න එපා සජිනි ;)
ReplyDeleteසජිනි පව් අනේ
Delete