Friday, June 29, 2018

ආදරණීය නපුරා - තිස් හය වන කොටස


සහන් එදා ඔෆිස් එකේ වැඩ කරේ වෙනදා තරම් උවමනාවකින් නෙවෙයි.සජිනි පාස්වර්ඩ් දැනගත්තේ කොහොමද කියන එකටත් වඩා සජිනි මොනවා හිතුවද කියන එක ගැන ගැනයි සහන් කල්පනා කරේ.

ඒත් තත්වේ බරපතළ වුනේ සහන් හදපු රිපෝර්ට් එකකුත් වැරදිලා ආයෙත් හදන්න වුනාට පස්සේ.

"මොකෝ කේස් එක?" විහග ඒ වෙලාවේ කාමරේට ආවේ ලොක්කා සහන්ට පලු යන්න බනිනවා ඇහුන නිසා 

"කේස් එක උබට පේන්න ඇතිනේ.දැන් පලයන්.උබ එක්ක සතුටු සාමිචි දාන මූඩ් එකක් නෑ මට"

"කියපන් බං.උබ ඕවා තනියෙන් හිතේ තියන් නහින හින්දා තමා මේ ඔක්කොම" විහග සහන්ගේ මේසේ ඉස්සරහ පුටුවෙන් වාඩි වුනේ එහෙම කියාගෙන 

"පලයන්කෝ කිව්වම, උබ මෙතන ඉන්නවා දැක්කොත් තව ලෙඩක් වැටෙන්නේ මට" සහන් ඒ සැරේ නම් කිව්වේ තරහෙන් 

"හරි හරි එහෙනම් අපි කැපෙන්නම්කෝ.වරෙන්කෝ ආය අරක මේක අහගෙන" එහෙම කියපු විහග පුටුවෙන් නැගිට්ටේ යන්න හිතාගෙන 

"වාඩි වෙයන්" සහන් කිව්වේ හොද  හුස්මකුත් පහල දාලා 

"හරි කියපන් බලන්න" විහග ආයෙත් වාඩි වුනා 

"මගේ ගෙදර තියෙන ලැප් එකේ පාස්වර්ඩ් එක මාරු කරන්න අමතක වුනා බං.සජිනි ඒක දැනගෙන"

"මොකක්ද පාස්වර්ඩ් එක?"

"නදිනි"

"හෙනම ගහපන්....ඔහොම පාස්වර්ඩ් එකක් දාන් ඉන්න උබට පිස්සුද ගොන් අලියෝ"

"අමතක වුනා බං මාරු කරන්න" සහන් කිව්වේ පසුතැවිල්ලෙන්

"හරි දැන් සජිනි මොකද කිව්වේ"

"මුකුත් නෑ"

"ඒ කියන්නේ?උබ කොහොමද දැනගත්තේ එයා දන්නවා කියලා"

"උදේ නදිනිට ලැප් එක දුන්නා මේල් එකක් දාන්න කියලා.එයා පාස්වර්ඩ් අහද්දි සජිනි කිව්වේ පාස්වර්ඩ් එක"

"හරිනේ ඉතින් හරිනේ..උබට ඕකනේ කරගන්න ඕනේ වුනේ.මං තොට කිව්වා ඔය නදිනි ගෑනිව ගෙදර නවත්තගන්න කොටම ඕක ප්‍රශ්නයක් වෙනවා කියලා.කෝ ඇහුවද? හොද වැඩේ උබට.සාදු සාදු" විහග කිව්වේ ඇත්තටම සහන් එක්ක තරහෙන්.ඒකට සහන් මුකුත් නොකිව්වේ වැරැද්දක් කියලා තේරෙන නිසා 

"හරි දැන් ලැප් එකේ මොනවද තිබ්බේ"

"අපේ ෆොටෝස් එහෙම පිරිලා බං.වීඩියෝ රෙකොර්ඩින් එහෙමත් තිබ්බා.ඒවත් දැකලද කියලයි මං හිතන්නේ"

"මොකක් කිව්වා? ඈ  බං වහු පැටියෝ ඔව්වා උබ තියන් හිටියේ කටුගෙට යවන්නද? "

"ඒ ලැප් එක කාලෙකින් දැම්මේ නෑ බං.ඒවා අයින් කරන්නවත් මට මතකයක් වුනේ නෑ" සහන් කිව්වේ බිම බලාගෙන 

"උබලා ඉතින් අපි කියන දෙයක් අහන් නෑනේ.අපට රැව්ල නෑනේ" විහග ඒපාර කිව්වේ ටිකක් සන්සුන් වෙලා 

"දැන් මට මොකක් කරන්නද උබ කියන්නේ?"

"දැන්වත් නදිනිව යවපන් ගෙදරින්.තාම පරක්කු නෑ උබ"

"කොහොමද බං එහෙම කරන්නේ? එයා ප්‍රෙග්නන්ට් නේ"

"ඉතින් ප්‍රෙග්නන්ට් ගෑනු නවත්තන් බලාගන්න උබලගේ ගෙදර මාතෘ සායනයක්ද?"

"එහෙම නෙවෙයි බං.මට කරන්න දෙයක් කියපන්කෝ උබත් මටම කෑගහන්නේ" සහන් කිව්වේ අත් දෙකත් ඔලුවේ ගහගෙන.

"කෑගහන්න නෙවෙයි වටින්නේ උබට" විහග ටිකක් එහෙම්ම බලන් හිටියා.සහන්ගෙන් උත්තරයක් නැති තැන විහග ආයෙත් කතා කරා 

"පුලුවන් නම් ගිහින් ඕක සජිනිට තේරුම් කරලා දීපන්.එච්චරයි දැන් කරන්න පුලුවන්"

"අනේ මන්දා බං.හෙට උදේ අක්කලත් එනවා අපේ ගෙදර" 

"අක්කා කිව්වේ අර රට හිටපු අක්කද?"

"ඔව් කාලෙකින් මේ එන්නේ.මං එක්කගෙන එන්න යන්න ඕනේ" 

"එතකොට නදිනි? දැන් උබ කියන්න එපා මෙතන අක්කා එනකොටත් නදිනි ගෙදර ඉන්නවා කියලා නම්"

"නෑ නෑ අක්කලා යනකම් එයා ලග ගෙදරකට යනවා කිව්වා.අපෝ බං අපේ අක්කා එක්ක ලේසි නෑ.අම්මා හොදයි තව.සජිනිට මොනවා කියාවිද කියලා මං මේ බයේ ඉන්නේ" සහන් කිව්වේ ඇත්තටම බය වෙලා වගේ 

"අනේ හොදයි උබ එහෙම බය වෙලාවත් හැදෙනවා නම්" විහග එහෙම කියද්දිම විහගගේ දුරකථනය නාද වුනා.ඒකට උත්තර දීපු විහග ආයෙත් සහන් දිහා බැලුවා.

"මං දැන් යන්න ඕනේ කොල්ලෝ.උබ අදම ඕක සජිනි එක්ක කතා කරලා විසද ගනින්.ගෑනු හිත් කියවන්න බෑ පුතේ..මේ ටිකටත් මොනවා හිතලද දන්නේ නෑ" විහග ගියේ එහෙම කියාගෙන 

විහග ගියාට පස්සේ සහන් ආයෙත් වැඩ පටන් ගත්තේ හිටියට වඩා හිත සැහැල්ලුවෙන්.ඒත් ගෙදර ගියත් සජිනිට මොනවා කියන්නද කියලා සහන් සෑහෙන කල්පනා කරා. 

කොච්චර කලින් ගෙදර යන්න හිතන් හිටියත් එදත් සහන් ගෙදර යනකොට පරක්කු වුනේ පහුවදාත් නිවාඩු නිසා.අක්කලා කටුනායකට එනවා කියලා තිබ්බෙම උදේ 8ට නිසා සහන් එදා දවසම නිවාඩුවක් ගත්තා.

සහන් ගෙදර යද්දි සජිනි ටීවී එක දාගෙන වෙනදා වගේම සාලෙට වෙලා හිටියා.සජිනිව දැකපු සහන් හිනා වෙන්න උත්සහ කරත් සජිනි හිනා වුනේ නෑ.සහන්ව දැකපු සජිනි නැගිටලා ඇතුලට ගියේ කෑම ලෑස්ති කරන්න.මෙච්චර පරක්කු වුන දවස් වලට සහන් ආපු ගමන් කනවා කියලා සජිනි අත්දැකීමෙන්ම දැනගෙන හිටියා.

නදිනි මේසෙන් වාඩි වෙලා පොතක් කියව කියව හිටියේ.සහන්ව දැකපු නදිනි හිනා වුනා.සහන්ට සැනසීමක් දැනුනේ අඩු ගානේ නදිනිවත් ඉන්නවනේ කියලා හිතලා.සහන් නදිනි ලගට ගියේ මේල් එක දැම්මද කියලා දැනගන්න 

"දැම්මද මේල් එක?"

"ඔව්..ඔයා කිව්වද?"

"කිව්වා..ලබන සතියේ ඉන්ටර්වීව් එකට දවසක් දාන්නම් කිව්වා"

"ශා ශෝක්නේ" නදිනි එහෙම කියද්දිම තමයි සජිනි බත් බෙදපු ලොකු දීසියකුත් අරගෙන එතනට ආවේ 

"මං ගෙන්නද සජිනි" නදිනි අහද්දි සජිනි එයා දිහා බලලා හිනා වුනා 

'සහන්ගේ ඒවට නදිනි මොනවා කරන්නද? අඩු ගානේ එයා එයාගේ මහත්තයට ආදරෙයි' සජිනි එහෙමයි හිතුවේ 

"හා නදිනි..කුස්සියේ බෙදලා ඇත්තේ" සජිනි කතා කරන දිහා ටිකක් බලන් හිටපු සහන් ඇතුලට ගියා.සජිනි තමන්ව නොසලකලා අරිනවා කියලා මේ දැනෙන හැගීමට සහන් කැමති වුනේ නෑ.අද කොහොම හරි මේක කතා කරනවමයි කියලා සහන් හිතාගත්තා.

රෑ කෑම කාලා සහන් කාමරේට ආවේ  සජිනි කුස්සිය අස් කරලා නාලා එහෙම එනකම්.කාමරේ වටේ දෙපාරක් විතර ඇවිදපු සහන් නැවතුනේ කණ්නාඩිය ඉස්සරහ.

"බය වෙන්න දෙයක් නෑ..සජිනි තේරුම් ගනිවි.එයා උබව සැක කරන එකක් නෑ"සහන් කිව්වේ කණ්නාඩියෙන් පේන එයාගෙම ප්‍රතිබිම්බෙට.සහන් ආයෙත් ටිකක් වෙලා බලන් හිටියා 

"කොහොම කියන්නද දෙයියනේ මේක" සහන් ආයෙත් කාමරේ වටේ ඇවිදින්න ගත්තේ හිතේ නොසන්සුන්කම නැති කරගන්න.එක පාරටම සහන් නැවතුනා . 

'මේ නිකන් කෙල්ලෙක්ට ආදරෙයි කියන්න වගේනේ මං බය වෙන්නෙ.බය වෙන්න දෙයක් නෑ.නිකන් කියන්නයි තියෙන්නේ මට පාස්වර්ඩ් වෙනස් කරන්න අමතක වුනා කියලා.මේ සහන් එහෙම බය වෙන්නේ මොකටද?' එහෙම හිතනකොට සහන්ට ලාවට හිනාවකුත් ගියා.

එතකොටම ඇහුනු සද්දයක් නිසා හැරිලා බලපු සහන් දැක්කේ කාමරේට ඇතුල් වෙන සජිනිව.සජිනි එහෙම්ම ගියේ නාන කාමරේට.

'බය වෙන්න එපා පුතේ..බය වෙන්න එපා..නිකන් කියන්නයි තියෙන්නේ.." සහන් ආයෙමත් තමන්ටම කියාගත්තා 

'ඒ වුනාට එයා හිතුවොත් මං තාමත් නදිනිට ආදරෙයි කියලා.ඒකයි නදිනිව එක්කගෙන ආවෙත් කියලා' ඒ සිතුවිල්ලට සහන් එතනම ගල් වුනා 

'නෑ..මං දැන් එහෙම හිතන් නෑනේ නදිනි ගැන.එහෙනම් මොකද මේ..ඇයි මං මෙච්චර සජිනි ගැන කරදර වෙන්නේ?'  සහන් හිටියේ තමන්ට තමන්වම තේරුම් ගන්න බැරි තත්වෙක 

මේ අතරේ සජිනි නානකාමරේ ඉදන් කල්පනා කරේ සහන් ගැන.

'එයාට නම් ගානක්වත් නැද්ද කොහෙද? දැනුත් හිටියේ කාමරේ මැද්දේ හිටගෙන තනියෙන් හිනා වෙවි'

'එයාට ගානක් වෙන්න දේකුත් නෑනේ..එයා ආදරේ නදිනිටනේ.මමනේ මේ පිස්සු හිතාගෙන හිටියේ.ටිකක් ලං වෙනකොට මාත් එක එක විකාර හිතුවා.එයාට ඒවා ගැන ගානක්වත් නැතුව ඇති' එහෙම හිතනකොට සජිනිගේ ඇස් වලට කදුලු පිරුනේ එයා නොදැනුවත්වමයි 

නිදාගන්න ලෑස්ති වෙලා සජිනි කාමරේට එනකොටත් සහන් හිටියේ කාමරේ පුටුවක වාඩි වෙලා.සජිනි සහන් දිහා බලන්නෙවත් නැතුව නිදාගන්න හිතාගෙන ඇදේ ඇල වුනා.සහන් ඇවිත් ඇදේ අනිත් පැත්තෙන් වාඩි වුනේ සජිනි එක්ක මේක කතා කරන්න හිතාගෙන 

"සජිනි..." සහන් කතා කරත් සජිනිගෙන් උත්තරක් තිබ්බේ නෑ.ඒ නිසා සහන් ආයෙත් කතා කරා 

"සජිනි මේ...ඒ ලැප් එක ඇත්තටම මං ගොඩක් කාලෙකින් දාලා නෑ .මට ඇත්තටම අමතකත් වෙලා තිබ්බේ" සහන් අමාරුවෙන් කියාගත්තා.ඒත් සජිනිගෙන් සද්දයක් තිබ්බේ නෑ 

'නින්ද ගිහින්වත්ද?' සහන්ට හිතුනා 

"සජිනි....නිදිද?"

"නෑ..."සජිනි උත්තර දුන්නේ ඇහෙන නෑහෙන හඩින් 

"මං මේ කිව්වේ සජිනි..." සහන් ආයෙත් කතාව පටන් ගන්න හැදුවත් කතාව නැවතුනේ සජිනි කතා කරපු නිසා

"මට ඇහුනා..ලයිට් එක නිමනවද? නිදිමතයි " කිසිම හැගීමක් නැතුව සජිනි ඒ කියපු කතාවට සහන්ට දැනුනේ පුදුමයක්.

ඒත් මුකුත් නොකියම සහන් ගිහින් ලයිට් එක නිමලා ඇවිත් ඇදෙන් ඇලවුනා 

'මේක මේ පාස්වර්ඩ් ගැන කතාවක් නෙවෙයි සහන්.ප්‍රශ්නේ ඔයාගේ හිතේ ඉන්න කවුද කියන එක.ඔයා මට ආදරේ නැත්තම් ඈත් වෙලා ඉන්න මගෙන්.මට බලාපොරොත්තු දෙන්න එපා.හිත රිදෙනවා සහන්.පුදුම විදියට රිදෙනවා.මේ පපුව ගැලවෙන්න තරම් රිදෙන්න ගන්නවා.මට හිතෙන්නේ වෙලාවකට මං මැරේවි කියලා' සජිනි හිතුවේ ඇස් වලින් නොනවත්වා ගලන කදුලු නවත්තගන්න උත්සහ කරන ගමන්.

********************************************************************************
දවස් දෙකක්ම නැති නිසා ඔන්න මුකුත් බය හිතෙන තැනකින් ඉවර කරේ නෑ..

සදුදා හම්බෙමු...

ආදරෙන් ඉන්න 💖

9 comments:

  1. අනේ සදුදා ඉක්මනින් එනවා නම්

    ReplyDelete
    Replies
    1. සදුදා ඇවිල්ලයි තියෙන්නේ..ඉක්මනින් දාන්නම්

      Delete
  2. තනියෙන් හිත හිත අඬලා හරියන්නෙ නෑ කෙල්ලෙ,, බූරු පුතාට ඒ බාශාවෙන් දෙන්න ඕන තේරෙන්න නම්

    ReplyDelete
  3. කතාව නම් තාත්වික නැහැ. මූ වගේ කොල්ලොත් මේකි වගේ කෙල්ලොත් මේ ලෝකේ නම් නැහැ. නැත්නම් දෙන්නගෙම මොළේ හොඳනැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව නම් තාත්වික නොවෙන්න පුලුවන්.මං ඒක පිළිගන්නවා.මොකද මේක මං හදපු කතාවක්.තාත්වික වෙන්නේ සත්‍ය කතානේ.එහෙමත් නැත්තම් හදපු කතාවක් වුනත් තාත්වික විදියට ඉදිරිපත් කරන්න තරම් ලේඛකයා දක්ශ වෙන්න ඕනේ.මේ මගේ පලවෙනි කතාව.ඉතින් කතාව ඉදිරිපත් කිරීමේ ගැටලු තියෙනවා.මං ඒක හදාගන්න උත්සහ කරනවා.හැබැයි මේ චරිත සැබෑ ලෝකයේ නෑ කියන කතාවට මං එකග නෑ.මොකද මේ සහන් සජිනි වගේම නදිනි ඇත්ත ජිවිතේ චරිත.මං දන්න චරිත.මං කරේ ඔවුන්ගේ ජිවිත කතාව වෙනස් කරලා ලියපු එක විතරයි.මිනිස්සු විවිදාකාරයි.අපට කියන්න බෑ කිසිම චරිතයක් මේ ලෝකේ නෑ කියලා.ඔන්න හැරී පෝටර් වගේ නම් මේ ලෝකේ නෑ තමයි.බොහොම ස්තූතියි අදහස් වලට.මගේ දුර්වලතා මං හදාගන්න උත්සහ කරන්නම්

      Delete
    2. අක්කේ / අයියේ

      අනේ ඔයා ලියන තාත්වික කතාවක් මට කියවන්න ආසයි mention කරන්න ප්ලීස්... අපිත් කැමැත්තෙන් ඉන්නේ..

      Delete
    3. ඔයාගේ comment එකට ගොඩක් ස්තුතිය්. මට හිතුනු දේ මම කීවේ. සත්‍ය කතාවක් කියලා දැනගත්තම පුදුම හිතුන. හිත නරක්කරගන්න එපා. දිගටම ලියන්න. අපි කියවනවා.

      Delete
    4. අහ් නෑ මේක සත්‍ය එකක් නෙවෙයි.මේ චරිත ඇත්ත ඒවා.සහන්ට සජිනි ආදරේ කරපු එක සහන් නදිනි එක්ක යාලු වුන එක වගේම සජිනියි නදිනියි එක ඉස්කෝලේ කියන එකත් ඇත්ත.හැබැයි මේ කතාව මං හදපු එකක්.එයාලා විවාහ වෙලා නෑ.නම් ගම් ඇත්ත ඒවත් නෙවෙයි.ස්තූතියි අදහස් දැක්වීමට.මං මගේ වැරදි හදාගන්න උත්සහ කරනවා

      Delete