Wednesday, June 20, 2018

ආදරණීය නපුරා - විසි හය වන කොටස



නදීශාන්ලා එක්ක වෙච්ච කතා බහෙන් සහන්ගේ හිත හෙල්ලිලා තිබ්බේ.සජිනිට කිට්ටු වුනා වැඩියි කියල සහන්ගේ හිත සහන්ට දොස් කිව්වා.මේ නිසා තමන්ගෙන් නදිනිට වැරැද්දක් වුනා කියලා සහන්ට දැනුනේ පසුතැවීමක්.

මේ දැනෙන වැරදිකාර හැගීම් නිසාම සහන් ගෙදර ඉන්න මුලු වෙලාවෙම සජිනිව මග ඇරලා හිටියා.ඒක සජින්ටත් ලොකු ගානක් නොවුනේ සහන්ගේ මේ සැරින් සැරේ වෙන වෙස් පෙරළි වලට එයත් දැන් පුරුදු වෙලා නිසා.

සහන්ගේ මහ ගෙදර ගත කරපු රෑ ත් සජිනි කලින් දවසේ වගේම බෙඩ් ශීට් එකක් දාගෙන බිමට යන්න ගියේ ආයෙත් ඕක ගැන සහන් එක්ක කතා කරලා තේරුමක් නැති නිසා.සජිනි බෙඩ් ශීට් එක ඇදට දානකොටමයි සහන් කාමරේට ආවේ.

"මං බිම නිදාගන්නම්.ඔයා ඇදේ නිදාගන්න" සහන් හරි සන්සුන් විදියට කිව්වා.සහන්ගේ මේ කතාවට සජිනි බැලුවේ පුදුම වෙලා 

"කමක් නෑ,මං බිම ඉන්නම්"

"කිව්වම අහලා ඇදට යන්න සජිනි" එහෙම කියන ගමන් සහන් සජිනිගේ අතේ තිබ්බ බෙඩ් ශීට් එක උදුරගත්තා.සහන් දිහා එහෙම්ම ටිකක් වෙලා බලන් හිටපු සජිනි ඇදට ගියා.රෙද්ද බිමට දාගත්ත සහන් ලයිට් එකත් නිමලා බිම වැතුරුනේ නිදාගන්න කියලා.ඒත් නින්ද සහන්ගේ ලගකටවත් ආවේ නෑ.

සහන්ට මතක් වුනේ නදිනි එක්ක නුවර එළියේ ගත කරපු ඒ රෑ,

"බබා,ඔයා ඇදේ නිදාගන්න" සහන් කිව්වේ නාගෙන එලියට ඇවිත් වෙව්ල වෙව්ල වෙන්න ඉන්න නදිනිට 

"එතකොට ඔයා?" නදිනි ඇහුවේ පුදුම වෙලා 

"මං මේ සෝෆා එකේ නිදාගන්නම්"

"අනේ ඇයි ඒ?

"අහල නැද්ද මැනික ගින්දරයි පුළුනුයි එක ලග තියන්න එපා කියලා" සහන් කිව්වේ නදිනිගේ  ඉණ වටේ අතක් දාලා ලගට ගන්න ගමන් "

"දැන් කව්ද ගින්දර කව්ද පුළුන්" නදිනිත් සහන් එක්ක හුරතල් වුනා

"අහන්නත් දෙයක්ද? ඔයානේ  ගින්දර.මේ මාව පිච්චෙනවා වගේ" සහන් කිව්වේ නදිනිට ඇහැකුත් ගහලා 

"ඉතින් එහෙනම් තව හොදයිනේ සුදූ,මේ සීතලේ රස්නෙට ඉන්න පුලුවන්" නදිනි කිව්වේ සහන්ට තුරුල් වෙන ගමන් 

එදා රෑ වෙච්ච හැමදේම සහන්ට තාමත් අද වගේ මතකයි.එදා රෑ තමන් ඉල්ලුවා නම් ඕනේ වුනා නම් නදිනි හැමදේම සහන්ටදෙන බව සහන්  දැනගෙන හිටියා.ඒත් මොකක්දෝ හේතුවකට ඒක එහෙම වුනේ නෑ.නදිනිව පරිස්සම් කරන්න ඕනේ කියලා හැගීමක් සහන්ගේ හිතේ තිබුනා.නුවර එළියේ සීතල රෑක තමන්ගේ පෙම්වතිය එක්ක තනි වෙලත්  සිප වැලද ගැනීමක එහා දෙයක් එදා රෑ නොවුනේ මොකද කියලා සහන්ට අදටත් පුදුමයි.සමහරවිට එදා එහෙම වුනා නම් නදිනි තමන්ව දාලා නොයන්නත් තිබුනා කියලා සහන්ට අද හිතෙනවා .

ඒත් අද ඒ හිතම සජිනි ලග නොසන්සුන් වෙලා.සජිනිට සහන් ඇදට යන්න කිව්වෙත් ඒකයි.ඊයේ වගේ සජිනි බිම නිදාගත්තොත් ඊයේ වගේම තමන් එයාව ඇදට අරන් ඒවි කියලා සහන්ට බය හිතුනා.සැරින් සැරේ මේක මෙහෙම වෙන එකට සහන් කැමති වුනේ නෑ.

'මේ කෙල්ල ලගදි මොනවා වෙනවද මන්දා,මගේ ඔලුවත් අවුල් වෙනවා' සහන් කල්පනා කරා.

මේ ගැන හිත හිත ඉදලම සහන්ට නින්ද ගියේ ගොඩක් රෑ වෙලා.පහුවදා දවල් කෑම කාලා දෙන්නා ආපහු පිටත් වුනේ කොලඹ යන්න කියලා.

කොළඹ ආවට පස්සේ ජිවිතේ ආයෙත් පුරුදු තත්වෙටම පත් වුනා.සජිනි උදේම නැගිටලා සහන්ට කෑම හදලා දීලා ගෙදර බලන් ඉන්න අතරේ සහන් වැඩට ගිහින් ආවා.රෑට දෙන්නත් එක්ක කාලා නිදාගත්තා.ඒ වගේම පුළුවන් හැම වෙලාවෙම සජිනිව මග ඇරලා ඉන්නත් සහන් වග බලාගත්තා.

සජිනිට ඒක තේරුනා වගේම ඒ ඈත් වීම ගැන සජිනිට තිබ්බේ දුකක් 

'රණ්ඩු වෙන්නවත් කතා කරනවනම්,අඩු ගානේ පෙන්නවත් ඉන්නවා නම්,එක ගෙදර ඉදලත් දකින්න නෑනේ' සජිනී නිතරම එහෙම හිතුවා.

සහන් කෑම එකත් අරන් උදේම පිටත් වෙනකොට සජිනිත් සහන් යනකම් බලන් ඉදලා අපාර්ට්මන්ට් එකේ ඉස්සරහ බැල්කනියට යන්න පටන් ගත්තේ තව ටිකක් සහන්ගේ මූන වත් දකින්න හිතාගෙන.හවසට මොන වැඩේ තිබ්බත් සජිනි සහන් එන වෙලාවට සාලෙට වෙලා හිටියේ සහන් එනකොට ටිකක් දකින්න කියලා.

සතියක්ම මේ විදියට ගෙවුනා.ඒ සෙනසුරාදා උදේම සහන් වැඩට ගියේ සජිනිව මග අරිනවටත් වඩා අලුතෙන් හම්බුන ව්‍යාපෘතියක වැඩ තිබ්බ නිසා.

මේ බවක් නොදන්න සජිනි දුක් වුනේ ආයෙත් බැදපු මුල් කාලේ වගේම සහන් එයාව මග අරින්න අරන් කියලා හිතලා.

සහනුත් නැති එකේ සජිනි කාලා ඉවර වෙලා කාමරේට ගියේ ලැප් එකෙන් ෆිල්ම් එකක්වත් බලන්න කියලා.මේ සැරේ ගෙදරින් එනකොට සජිනි ලැප් එක අරන් ආවා.ලැප් එක දාලා ෆිල්ම් එකක් තෝරන අතරේ තමයි සජිනිට කවුරු හරි දොරට ගහන සද්දයක් ඇහුනේ.සජිනි දොර ලගට ගියේ ඒ ආවේ තිළිණි වෙන්න ඇති කියලා හිතලා.වරුණත් අද වැඩ කියලා බබාව පංති දාලා තිළිනි එන්නම් කිව්වා සජිනිලගේ ගෙදර.

ඒත් සජිනිගේ පුදුමෙටත් එක්ක දොර ලග හිටියේ වික්‍රම.

"අහ් ඇයි අයියේ?" සජිනි ඇහුවේ පුදුමෙන් වගේ

"මට පොඩ්ඩකට ඇතුළට එන්න පුලුවන්ද?" වික්‍රම ඇහුවේ ගේ ඇතුල හොදට බලන ගමන් 

"සහන් ගෙදර නෑ අයියේ ,එනකොට හවස් වේවි.අයියා හවස එනවද?"සජිනි එහෙම කිව්වේ තනියෙන් ඉන්න ගෙදරට පිරිමියෙක් ගන්න එක හොද නැති නිසා 

"මං ආවේ සහන් හම්බවෙන්න නෙවෙයි.ඔයාව හම්බවෙන්න" එහෙම කියාගෙනම වික්‍රම ගෙට ඇතුල් වුනේ බලෙන්ම වගේ 

"මාව? ඒ මොකටද?" සජිනි එහෙම අහද්දි වික්‍රම අමුතු විදියකට හිනා වෙලා සජිනිගේ ගෙදර දොර වැහුවා.ඒ ගෙවල් වල විශේශ අගුලු ක්‍රමයක් තිබ්බ නිසා එලියෙන් රහස් අංකය ගහලා හරි ඇතුලෙන් ඇරියොත් හරි මිසක් දොර අරින්න විදියක් තිබ්බේ නෑ.

"ඇයි ඇයි ඒ දොර වහන්නේ?" සජිනි එහෙම කියාගෙනම දොර ලගට යන්න හැදුවත් වික්‍රම සජිනිව හරස් කරා.

"මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ" වික්‍රම කිව්වේ හරි අහිංසක විදියට.ඒ අතරේ සජිනි මේසේ උඩ තිබ්බ යකඩ වාස් එක අතට ගත්තේ කෝකටත් කියලා

"ඔන්න ඔන්න ඉතින් උදව්වක් ඉල්ලන්න ආවම ඔහොම බෑ" වික්‍රම එහෙම කියාගෙනම සජිනි ලගට ආවා 

"මේ කරුණාකරලා යනවද? කියන දෙයක් සහන් ඉන්න වෙලාවක ඇවිත් කියන්න" සජිනි කිව්වේ අතේ තිබ්බ වාස් එකෙන් ගහන්න බලාගෙන 

"බෑනේ බබා,එයා කැමති වෙන එකක් නෑ ඒකට.ඉන්නකෝ මුලින් ඔයාට විස්තරේ කියන්න" එහෙම කියලා වික්‍රම ලගට එනවත් එක්කම සජිනි ඒකෙන් වික්‍රමට ගහන්න හැදුවා.ඒත් සජිනි හිතුවට වඩා වික්‍රම හරි වේගවත් වගේම ශක්තිමත්.වික්‍රම සජිනිගේ අතින් ඒ වාස් එක අරන් පැත්තකට තල්ලු කරා.ඊට පස්සේ සජිනි ලගට එන්න පටන් ගත්තේ සජිනි පස්සට යන්න ගන්නවත් එක්කමයි.

"ලගට එන්න එපා..මං කෑගහනවා"

"කෑගහන්නවකෝ බලන්න" වික්‍රම කිව්වේ අමුතු විදියකට හිනා වෙවි 

"මාව බේරගන්න...." එහෙම කෑගහන් ගමන් සජිනි දොර දිහාට යන්න හැදුවා 

"වහපිය කට...." වික්‍රම එක පාරටම සජිනිගේ කොන්ඩෙන් ඇදලා වීසී කරා.ඒ පාරට සජිනි නැවතුනේ සාලේ කෙලවරේ බිත්තියේ වැදිලා.වැදිච්ච පාරත් එක්කම සජිනිට සිහිය නැති වුනා.

සජිනිට සිහිය ආවේ මූණට වැටුනු වතුර පාරකට.අමාරුවෙන් ඇස් ඇරපු සජිනි දැක්කේ එයා දිහා හිනා වෙවි බලන් ඉන්න වික්‍රමව 

"එහෙම නිදාගන්න බෑ මැනික ඔයාට.ඔයා නැගිටලා ඉන්න ඕනේ.නැත්තම් මේ වැඩේ කිසි ජොලියක් නෑනේ" වික්‍රම සජිනි ලගට පහත් වුනා.සජිනි එතනින් බිම දිගේ බඩගාන්න ගත්තේ දොර දිහාවට.ඒත් වික්‍රම ඊට වඩා ඉක්මන් වුනා.

"කොහෙද යන්නේ?" එහෙම අහපු වික්‍රම ආයෙත් සජිනිගේ කොන්ඩෙන් ඇදලා දැම්මේ බිත්තිය ලගට 

"අනේ මට යන්න දෙන්න,මෙහෙම කරන්න එපා..." බිම හිටපු සජිනි ලගට පහත් වුන   වික්‍රම සජිනිගේ කටින් අල්ලගත්තා 

"මේකෙන් ඔයාටත් සතුටක් ලැබේවි පැටියෝ,මං දන්නවා ඔයයි සහනුයි අතරේ ප්‍රශ්න කියලා.එයාගෙන් එච්චර වැඩක් නෑනේ නේද? නිශාන්තිත් එච්චරයි" එහෙම කියපු වික්‍රම සජිනිගේ කට අත ඇරියා.

"මාව බේරගන්න......" වික්‍රම අතැරපු ගමන් සජිනි ආයෙත්  කැගහන්න ගත්තේ වික්‍රමටත් ගහන ගමන්.

"කට වහපන් බැල්ලි..." සජිනිගේ කෑගැහිල්ලට තරහ ගියපු වික්‍රම සජිනිගේ කම්මුලට පාරක්ගැහුවා.ඒ පාරට සජිනිගේ තොලක් පුපුරලාලේ ගලන්න ගත්තා.ඒ විතරක් නෙවෙයි.

"මේ මූන,මේ ඇග දැකපු වෙලාවේ ඉදන් මට ඉවසිල්ලක් නැතුව හිටියේ" වික්‍රම මේ ඔක්කොම කිව්වේ සජිනිගේ ඇග උඩ නැගගෙන.ව්ක්‍රම සජිනිගේ අත් දෙකත් උඩට කරලා අල්ලගෙන හිටපු නිසා වගේම වික්‍රමගේ ශක්තිය නිසා සජිනිට බේරෙන්න විදියක් තිබ්බේ නෑ.

"අනේ මාව බේරගන්න...." සජිනි ආයෙත් කෑගහන්න ගත්තේ වික්‍රමගෙන් බේරෙන්නම බැරුව 

"කවුරු එන්නද බේරගන්න...කෑගැහිල්ල නවත්තලා මට පොඩි සපෝර්ට් එකක් දුන්නා නම් අපට එකතු වෙලා එන්ජෝයි කරන්න තිබ්බා" වික්‍රම කිව්වේ සජිනිගේ කණ ලගට කිට්ටු වෙලා.

වික්‍රම උත්සහ කරේ සජිනිගේ බ්ලවුස් එකේ බොත්තම් ටික ගලවන්න,ඒත් ඒ වැඩේ ලේසි නොවුනේ සජිනිගේ විරෝදය නිසා.නොනවත්වා කෑගහන සජිනිගේ කටවහන එකත් එක්ක වික්‍රමගේ ඉවසිල්ල නැති වෙලා තිබ්බේ.

"මේ ජාතියේ ඇදුම් ගෑනු මොකට අදිනවද මන්දා" තරහෙන් කියපු වික්‍රම සජිනිගේ බ්ලවුස් එක මැද්දෙන් ඉරුවේ සජිනිගේ මුලු පපුවම නිරාවරන කරමින්.ඒත් එක්කම සජිනි ආයෙත් මහ හයියෙන් කෑගැහුවේ වේදනාව දරාගන්න බැරුව.ඒත් එක්කම සජිනිට තවත් පාරක් වැදුනා කම්මුලට 

ඒ වෙලාවෙම තමයි කවුරු හරි දොරේ බෙල් එක ගහන සද්දේ ඇහුනේ.ගුටි කාලා කාලාම පණ නැතුව හිටපු සජිනිට පණක් ආවේ බෙල් එකේ සද්දෙට

"අනේ මාව බේරගන්න...කවුද ඉන්නේ?"සජිනි ආයෙත් කෑගහන්න ගත්තේ වේදනාව අමතක කරලා.මේ බෙල් එකේ සද්දෙ නිසා වික්‍රමත් කලබල වුනා 

"නංගි.... සජිනි...." එලියෙන් ලාවට  ඇහුනේ තිළිනිගේ කටහඩ.හරියට පැහැදිලි නැතැත් ඇතුලේ මොකක්දෝ සද්ද වගයක් ඇහෙන නිසා තිළිනිත් කලබල වුනා 

"අදට බේරුනා කියලා හිතාගනින්.මේ ගැන කාට හරි කිව්වොත් තමුන්ගේ මහත්තයට වෙන දේ හිතාගන්නත් බැරි වෙයි.මට මිනියක් මරන එක එච්චර දෙයක් නෙවෙයි" සජිනිට කිට්ටු වෙලා එහෙම කියපු වික්‍රම සජිනිගේ ඇග උඩින් නැගිටලා දොර ලගට ගියා.දොර ඇරපු වික්‍රම තිළිනි දිහා බලන්නෙවත් නැතුව හරි වේගෙන්  යන්න ගියා.

වික්‍රම එළියට එනවා දැක්කා වුනත් තිළිනි ඊට වඩා කලබල වුනේ බිම වැටිලා ඉන්න සජිනිව දැකලා 

"සජිනි...." තිළිනි දුවලා ගියා සජිනි ලගට.සජිනිව ඇගට වත්තම් කරගත්ත තිළිනි සජිනිගේ එරිච්ච බ්ලවුස් එකෙන් පපුව වැහුවා 

"නංගි...නංගි...මොකද වුනේ" තිළිණි අහද්දි සජිනිගේ කම්මුල දිගේ කදුලු ගලාගෙන ගියා.අඩන්න තරම්වත් සජිනිට පණක් තිබ්බේ නෑ.

එතකොටම තමයි දොර ලගින් සහන්ගේ කටහඩ ඇහුනේ 

"මෙතන මොකද වුනේ?"

*********************************************************************************

ඔන්න පොරොන්දු වුන විදියටම දවල් ගෙනාවා කතාව.

අද හවසත් කොටසක් දාන්න කියලා ඉල්ලීම් ගොඩයි.මං ඒකට උත්සහ කරනවා.එහෙම බැරි වුනොත් දුක් වෙන්න එපා.මේ සෙනසුරාදා ඔයාලට කොටස් දෙකක් දෙනවා කියලා මං පොරොන්දු වෙනවා..

ඒ වගේම මේ දේවල් මගේ සිතුවිලි විතරයි.මං දන්නේ නෑ මේක ලියද්දි මගේ හිතේ ඇදුන  රූප රාමු ඒ විදියටම ඔයාලගෙත් හිතේත් ඇදෙනවද කියලා නම්.ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න.මං කැමතියි හදාගන්න.මේ මගේ පළවෙනි කතාව.අඩුපාඩු ඕනේ තරම් ඇති.ඔයාලට හිතෙන දේ මට කියන්න.

ආදරෙන් ඉන්න 💖

12 comments:

  1. මෝඩ සහනෝ plz ඒ කෙල්ල ගැන බලනෝ..
    Thank u දම්මි ...සජිනිව 99.9 3/4 න් බේරුවට

    ReplyDelete
    Replies
    1. Thank you darling ❤️ man wikrama wath atha arinne na

      Delete
  2. අඩෝ වික්‍රමයා , බලාගන්නම් උඹ ගැන

    ReplyDelete
  3. මූව මරන්න එපැයි ජරා සතා #වික්‍රමයා

    ReplyDelete
  4. Math me kathawata dan abbahi wela inne. Wickramaya kotiyama kapiya

    ReplyDelete
    Replies
    1. thank you so much dr ❤️ wikramawa ehema atharinne na

      Delete
  5. අනේ පව් අහින්සකී.

    ReplyDelete