Monday, June 25, 2018

ආදරණීය නපුරා - තිස් දෙවන කොටස



 සෙනසුරාදා වුනත් සහන් වැඩට යන්න ලෑස්ති වුනේ වැඩ ගොඩක් හිර වෙලා තිබ්බ නිසා.සහන් ලෑස්ති වෙලා සාලෙට එද්දිමයි නදිනිත් සාලෙට ආවේ.

"ගුඩ් මෝර්නින්ග්" නදිනි හිනා වෙලා කිව්වත් නදිනිගේ මූණේ තිබ්බේ හරි වෙහෙසකර පාටක්.

"ගුඩ් මෝර්නින්ග්.මොකෝ සනීප නැද්ද?" සහන් ඇහුවේ ඒ වෙනස නිසාමයි 

"නෑ එහෙම එකක් නෑ.ඔයා කොහෙද මේ නිවාඩු දවසේ යන්න හදන්නේ?"

"අදත් වැඩ නදිනි.ඉවර කරගන්න බැරි වුනා ඊයේ"

"ඔයා ඒ ගමන් මගේ වැඩෙත් බලනවද?" නදිනි ඒ ඇහුවේ එයාට ජොබ් එකක් හොයන්න කියලා සහන්ට කියපු නිසා 

"අද ඒ කට්ටිය නෑ.සදුදා ඉන්නේ.මං සදුදට කියන්නම්"සහන් කිව්වේ ගේ ඇතුළ බල බල.එතකොටම සජිනි ආවේ සහන්ගේ කෑම එකත් අරගෙනමයි.සජිනිටත් බලපු ගමන් නදිනිගේ මූණේ වෙනසක් පෙනුනා 

"හා ඔයා බලලා කියන්නකෝ"

"හරි  එහෙනම් මං යනවා" නදිනිට එහෙම කියපු සහන් සජිනි දිහා බලනකොට සජිනිත් හිතලම අහක බලන් හිටියා.

'උදේට යනකොට කියලා යන්න බෑ,රෑට එනව මෙතන තරහද අහන්න' ඊයේ දුකෙන් හිටියට දැන් සජිනිට සහන් එක්ක තරහයි.

සහන් ගියාට පස්සේ සජිනි හැරුනේ නදිනිගේ පැත්තට 

"ඔයාට සනීප නැද්ද නදිනි?" සජිනි ඇහුවේ නදිනිගෙන් 

"එහෙම එකක් නෑ  අනේ.මේ සහනුත් ඇහුවා .රෑ නින්ද ගියේ නෑ හරියට.ඒ නිසා වෙන්න ඇති.ඔයාලා මේ නිකන් කරදර වෙනවා"

"නිකන් කරදර වෙනවා නෙවෙයි.අමාරු නම් කියන්න බෙහෙත් ටිකක් ගන්න යමු" 

"ඕනේ නෑ අනේ..ටිකක් නිදාගත්තා නම් හරි"

"හරි එහෙනම් ඔයා කාලා ටිකක් නිදාගන්න.මාත් මේ රෙදි ටිකක් හෝදන්න හැදුවේ" සජිනි කියනකොට නදිනි හිනා වුනා 

"දැන් අපි ලොකු වෙලා නේද? ඉස්සර රෙදි කෑල්ලක් හෝදපු මිනිස්සුද?" නදිනිගේ කතාවට සජිනිත් හිනා වුනා 

"කියලා වැඩක් නෑ..දැන් තමා තේරෙන්නේ අම්මලට අපෙන් කොච්චර කරදරයක් තියෙන්න ඇද්ද කියලා"

"අනේද කියන්නේ" 

"ඔයා කන්න..කෑම මේසෙන් තියලා තියෙන්නේ"

"ඔයාට කරදරේ මං ඇවිත්"

"පිස්සුද? කොහොමත් මේවා කරනවනේ.කාලා ටිකක් නිදාගන්න"

"ඔයා කන්නේ නැද්ද දැන්ම" නදිනි ඇහුවේ මේසෙන් වාඩි වෙන ගමන් 

"උදේම රෙදි හේදුවම ලේසියි.හෝදලා කන්නම් " එහෙම කියපු  සජිනි රෙදි හෝදන්න යන් දිහා නදිනි බලන් හිටියේ දුකෙන්.

'මේ දෙන්නගේ ප්‍රශ්නේ මොකක්ද දන්නේ නෑ.ඒ අස්සට මාත් ඇවිත් සජිනි මොනවා හිතනවද දන්නේ නෑ.ජොබ් එක හරි ගියොත් හොටෙල් එකකවත් නවතින්න ඕනේ ජීවක එනකම්'

මේ අතරේ සහන් ඔෆිස් එකේ වැඩ ගොඩක හිර වෙලයි හිටියේ.

"මේ අර රිපෝර්ට් එක හරිද?" විහග කාමරේට ආවෙම එහෙම අහගෙන 

"නෑ බං තාම...අර කෝඩ් එක තාම ඉවර නෑනේ" සහන් කිව්වේ පරිඝනකය දිහා බලාගෙනමයි.

"මොන" විහග සහන් ලගට ඇවිත් ලැප් එකට එබුනා 

"මේ මේක ඕනේ නෑ බං"

"ඕනේ නෑ කියන්නේ? " සහන් ඒ සැරේ නම් විහග දිහා හොදට බැලුවා 

"ඕක සෙකන්ඩ් ස්ටෙප් දාලා.උබ ඊයේ හවස හිටියේ නෑනේ.මුල් ටික විතරක් දාලා හදන්න කිව්වා.ඕකේ චේන්ජස් තියෙනවලු කරන්න" විහග කිව්වේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙන ගමන් 

"මොන බම්බුවක්ද බං.මං මෙතන නැහීගෙන හදනවා.උබලවත් මට ඕක කියන්න එපා"

"ඉතින් උබ මොකටද කලින් ගියේ රැස්වීමට ඉන්නේ නැතුව.හරි හරි දැන් මුල් ටික විතරක් දාලා රිපෝර්ට් එක හදලා එවපන් මට 3ට කලින් "

"හරි හරි ඒක නම් බැරියැ..මේ ඒක නෙවෙයි මචන්" සහන් විහග දිහාට හැරුනා

"ම්ම්ම්..." විහග උත්තර දුන්නේ කටේ පෑනක් ගහගෙන පුටුවේ කැරකෙන ගමන්

"ඔන්න ඕක පැත්තක තියලා මේ අහපන්කෝ"

"කියපන් ඉතින් අහන් ඉන්නේ"

"උත්පලා තරහ වුනාම උබ මොකද කරන්නේ" සහන්ගේ කතාවට විහගට උඩ බිම බැලුනා.පුටුව කෙලින් තියාගත්ත විහග සහන් දිහාවට එබුනා 

"ඒකේ වගක් උබට මොකටද?"

"කියපන්කෝ බං..."

"හේතුව කියපන් මුලින්"

"එහෙම කියන්න හේතුවක් නෑ බං.නිකන් ඇහුවේ"

"සජිනි තරහ වෙලාද?"

"දන්නේ නෑ බං"

"දන්නේ නෑ කියන්නේ?  දැන් මොකෝ නදිනිගෙයි සජිනිගෙයි තත්වේ"

"ඒ දෙන්නා නම් මාර ෆිට්.ඉස්කෝලේ යාලුවෝනේ"

"වාසනාවට එහෙම වුනේ" විහග ආයෙත් පුටුවේ කැරකෙන්න ගත්තා 

"ඇයි?"

"ඇයි අහන්නේ? මොන ගෑනිද යකෝ කැමති මිනිහගේ කලින් කෙල්ල ගෙදර එනවට"

"මාත් හිතන්නේ ඒක තමා හේතුව" සහන් කිව්වේ කල්පනා කරන ගමන් 

"ඒ කියන්නේ දැන් සජිනි කතා කරන්නේ නැද්ද?" 

"නෑ වගේ තමා"

"ඉතින් යාලු කරගන්න බැලුවේ නැද්ද?" 

"ඒක තමයි මේ උබෙන් ඇහුවේ" 

"මගෙන් අහන්න දෙයක්ද බං.නදිනි එක්ක යාලු වෙලා හිටියේ උබ.හරියට මේ පලවෙනි සැරේට කෙල්ලෙක් තරහ වුනා වගේ දගලන්නේ.නදිනිව යාලු කරගන්න දාපු ටෙක්නික් එකක් දාපන්" විහගගේ කතාවට සහන් හිනා වුනා 

"නදිනි කවදාවත්ම තරහ වෙලා නෑ බං"

"මොකක් කිව්වා??" විහග අහපු සද්දෙට එලියේ වැඩ කරන අයත් සහන්ගේ කාමරේ දිහා බැලුවා 

"කෑගහන්න එපා බං.මිනිස්සුත් බලනවා" සහන් කිව්වේ තරහෙන් 

"හරි හරි මොකක්ද ඒ උබ කිව්වේ? නදිනි තරහ වෙලා නෑ කියලා"

"ඔව් බං.පොඩි පොඩි දේවල් වලට මට බැනලා තියෙනවා.ඒත් ඒක එතනින් ඉවරයි.අපි රණ්ඩු වුනා නම් රණ්ඩු වුනේ එයා බදින්න කියලා මාව අතැරපු වෙලාවේ.ඒකත් ඉතින් එයා මං කියපුවා අහන් හිටියා මිසක් වචනයක්වත් කිව්වේ නෑ" 

සහන් මේ ටික කියන වෙලාවේ විහග බලන් හිටියේ සහන්ගේ මූණ දිහා.වෙනදට සහන් නදිනි ගැන කියන විදියට වඩා මේ සැරේ සහන් නදිනි ගැන කියන විදිය වෙනස් කියලා විහගට කලින් ඉදන්ම තේරිලයි තිබුනේ.ඒත් මේ තරම් ලේසියෙන් මේ දේවල් කියන්න තරම් සහන් වෙනස් වුනේ කොහොමද කියලා විහග කල්පනා කරා..

සජිනි ගැන නම් සහන් මෙච්චර හිතන්න ගත්තේ වික්‍රම එක්ක වෙච්ච සිද්දිය නිසා කියලා විහගට මතකයි.ඒ සිද්දිය වුන දවස් වල ඉදන් සහන් ගෙදර යන්නම දැගලුවේ සජිනි ගෙදර තනියෙන් කියලා.

"කියපන්කෝ...." සහන් ආයෙත් ඇහුවේ විහගගෙන් සද්දයක් නැති නිසා 

"හ්ම්ම් හරි එහෙනම් උබ සජිනිව කොහෙ හරි එක්කන් පලයන්.ආස දෙයක් අරන් දීපන්.එයාට විශේශයක් කරනවා කියලා හිතුනම ඕක හරි යාවි" විහග කිව්වේ හොදට හිතලා 

"ඒකත් හරි තමයි.එහෙනම් කොල්ලෝ මං අද කලින් යන්නද?" සහන් අහද්දි විහග හිනා වුනා 

"යන තැනක පලයන් මට රිපෝර්ට් එක එවලා"

"හරි හරි දැන් උබ පලයන් එහෙනම් මට මේක හදන්න දීලා..." සහන් කිව්වේ ආයෙත් ලැප් එක දාගන්න ගමන්.දැන් සහන්ගේ ඔලුවේ තියෙන්නේ ඉක්මනටම ගෙදර යන එක 

"යකෝ....මූ බලහන්කෝ...හරි හරි අපි යන්නම් මල්ලි.හැබැයි රිපෝර්ට් නැතුව උබ ගියොත්නේ" විහග කිව්වේ පුටුවෙන් නැගිටින ගමන් 

"පලයන්කෝ මල කරදරේ " සහන් එහෙම කියන ගමන් ෆෝන් එක ගත්තේ සජිනිට කතා කරන්න.

දෙපාරක් රින්ග් වෙනකොටම සජිනි දුරකථනය ගත්තා 

"හෙලෝ..."

'සජිනි...මං"

"කියන්න..."

"මේ රෑට අපි කෑමට එලියට යමුද?" සහන් ඇහුවේ හරි පරිස්සමෙන් 

"හා..."

"මං 5ට විතර එනවා.6ට විතර යමුද?"

"හා.."

"එහෙනම් තියන්නම්" එහෙම කියපු සහන් බලන් හිටියේ සජිනි ආයෙත් මොනවා හරි කියනකම් 

"බුදුසරණයි" 

"බුදුසරණයි" සහන් එහෙම කියලා තිබ්බේ හිතේ සතුටෙන්.

කොහොම හරි සහන් වැඩ ඉවර කරලා ගෙදර එනකොට 5ත් පහු වුනා.එතකොට සජිනි සාලේ වාඩි වෙලා ටීවී බලනවා.පරක්කු වුන නිසා සහන් කෙලින්ම ගියේ ලෑස්ති වෙන්න.

සහන් ලෑස්ති වෙලා එනකොට මේසේ උඩ තිබුනේ ෆලූඩා එකක් 

'කොච්චර තරහ වුනත් ඒවා අමතක කරන්නේ නෑ' හිනා වෙවි හිතපු සහන් එළියට එනකොටත් සජිනි හිටියේ සාලේ වාඩි වෙලා 

"යමුද?" 

"ඉන්න ටිකක්.නදිනි ලෑස්ති නෑ තාම"

සජිනිගේ සහන් බැලුවේ පුදුම වෙලා 

'නදිනි? එයා එන්නේ මොකටද? මං හිතුවේ අපි දෙන්නා විතරක් යන්නනේ' සහන් හිතුවේ පසුතැවිල්ලෙන් 

*********************************************************************************

සමහර වෙලාවට මට ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න වෙන්නේ නෑ ලමයි.හැබැයි මං ඒ ඔක්කොම කියවනවා හොදේ.ඒ නිසා මට කතාව ගැන කියන්න අමතක කරන්න එපා.ඔයාලාගේ අදහසුත් එක්කම තමයි ඉස්සරහ කතාව ලියවෙන්නේ 

හෙට හම්බෙමු.....

ආදරෙන් ඉන්න....💖💖

7 comments:

  1. Lassana kathawa. Digatama liyanna.
    Aunty K

    ReplyDelete
  2. දැන් දෙන්නගෙන් කව්ද අන්තිමට ගෙදර නවතින්නේ? ස්ජිනිද නදිනිද?

    ReplyDelete
    Replies
    1. තව ටික දවසක් ඉවසන්න

      Delete
  3. අන්තිමට සජිනි ගෙදර නදිනි ගොඩ ඔන්න ඕකයි වෙන්නේ ෆ්‍රෙන්ස්

    ReplyDelete
    Replies
    1. මට ඕනේ දෙන්නම ගොඩ දාන්න

      Delete