Saturday, June 23, 2018

ආදරණීය නපුරා - තිස් වන කොටස


සජිනිව දැකලා සහන් ලග හිටගෙන හිටපු නදිනි සජිනි එක්ක අමාරුවෙන් හිනා වුනා.ඒත් එක්කම සජිනිගේ ඇස් ගියේ නදිනි ලග බිම තිබුනු ලොකු ඇදුම් බෑග් දෙකට.

"නදිනි ඔයා වාඩි වෙන්නකෝ..සජිනි නදිනිට බොන්න මොනවා හරි හදනවද?" එහෙම කියපු සහන් එතන පුටුවකින් වාඩි වුනා.


සජිනි ඇතුලට ගියාට පස්සේ නදිනි සහන් දිහා බැලුවේ පසුතැවීමෙන් වගේ.

"සහන්,මං ආපු එකට සජිනි කැමති නෑ වගේ..මං යන්නම්.ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නෑනේ"

"මෙන්න මේ වාඩි වෙනවා..ඉස්සර ඉදන්ම හිතුවක්කාරකම නම් තිබ්බා.දැන් වත් මං කියන දේ අහනවා" සහන් කිව්වේ තරහෙන්.

නදිනි වාඩි වෙනවත් එක්කම සජිනි ආවේ එයා සහන්ට දෙන්න හදපු පළතුරු යුශ වීදුරු දෙකකුත් අරගෙන.සජිනි අමාරුවෙන් වුනත් නදිනි එක්ක හොදට හිනා වුනා.මුකුත් අහන්න නොගියේ මේ ගැන මුකුත්ම නොදන්න නිසා

"ඔයා ඕක බොන්නකෝ නදිනි..සජිනි පොඩ්ඩක් එන්නකෝ" එහෙම කියලා සහන් ඇතුළට ගියාම සජිනිත් සහන් පස්සෙන් ඇතුලට ගියේ මොකක්ද මේ වුනේ කියලා දැනගන්න.සහන් කෙලින්ම ගියේ එයාගේ කාමරේට.

"සජිනි මෙහෙන් වාඩි වෙන්නකෝ" සහන් එහෙම කිව්වේ ඇදෙන් වාඩි වෙලා.ඒත් සජිනි වාඩි නොවි සහන් දිහාම බලන් ඉන්නකොට සහන් නැගිටලා සජිනිව ඇදෙන් වාඩි කරවලා එයත් එතනින් වාඩි වුනා.සජිනි සහන් දිහාම බලන් හිටියේ සහන් මොනවා හරි කියනකම් 

"නදිනිව එයාගේ මහත්තයගේ ගෙදරින් එළියට දාලා සජිනි" සහන් එහෙම කියද්දි සජිනිගේ ඇස් ලොකු වුනා 

"ඇයි ඒ?'

"දෑවැදි ප්‍රශ්නයක්ලු"

"එයාගේ මහත්තයා?"

"මහත්තයා රට ගිහින් ,ඒ අතරේ තමයි මේ ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ.නදිනිගේ තාත්තා හාර්ට් පේශන්ට් කෙනෙක්.ඒ නිසා නදිනිට මේ වෙලාවේ ගෙදර යන්නත් විදියක් නෑ."

"ඉතින් දැන් මොකද කරන්නේ?"

"එයා මහත්තයා එනකම් මෙහේ ඉදිවි.ප්‍රශ්නයක් නෑ නේද?" සහන් කියද්දි සජිනි සහන් දිහා බැලුවේ අසරණ විදියට.මොනවා කියන්නද කියලා සජිනිට හිතුනා.මේ නදිනි සහන්ගේ ආදරේ නොවුනා නම් මේ නදිනි නැතුව වෙන කෙනෙක් වුනා නම් මේක හිතන්න ප්‍රශ්නයක් නෙවෙයි කියලා සජිනිට හිතුනා.ඒත් නදිනිව මේ වෙලාවේ අතාරින්න බෑ.සහන් බලන් ඉද්දිම සජිනි ඇදෙන් නැගිට්ටා.

"මං එයාට කාමරේ ලෑස්ති කරන්නම්" එහෙම කියපු සජිනි කාමරෙන් යන්න හදනකොටම සහන් ආයෙත් කතා කරා.

"ඔයාගේ  ඇදුම් ටිකත් අරන් මේ කාමරේට එන්න"

"අහ්... හා" එහෙම කියපු සජිනි ගියේ නදිනිට කාමරයක් ලෑස්ති කරන්න.කොහොමත් නදිනිට පේන්න වෙනම කාමර වල ඉන්න එක හරි නෑ කියලා සජිනිට හිතුනා.

කාමරේ ලෑස්ති කරපු සජිනි නදිනිව එක්කගෙන ගියා කාමරේට 

"ඇදුම් මාරු කරලා වොශ් එකක් දාගන්න නදිනි,වැඩිය හිතන්න එපා.මහත්තයා ආවම හැමදේම හරි යාවි" සජිනි කිව්වේ නදිනි ගැන ඇත්තටම අනුකම්පාවෙන්.

නදිනි නැගිටලා සජිනිගේ අත් දෙක අල්ලගත්තා.

"ඔයාට පින් සජිනි මේ වෙලාවේ ඉන්න දුන්නට.මං දන්නවා වෙන කෙනෙක් නම් මෙහෙම කරන්නේ නෑ" නදිනිගේ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා 

"අනේ නදිනි අඩන්න එපා..අපි ඉස්කෝලේ යාලුවෝනේ..කෝ ඉතින් අඩන්න එපා" සජිනි නදිනිගේ කම්මුල් දිගේ බේරුන කදුලු පිහදුවා.

"වොශ් එකක් දාගෙන එන්න.මං රෑ කෑම හදන්නම්" එහෙම කියලා සජිනි නදිනිට ඇදුම් මාරු කරගන්න දීලා ගියා.

සහන් නාලා කාමරේට එනකොට සජිනි එයාගේ ඇදුම් සහන්ගේ අල්මාරියට දානවා"

"මෙච්චරද තියෙන්නේ" සහන් අහද්දි සජිනි ගැස්සුනා 

"තව ටිකක් තියෙනවා.ඒවා එහේ තිබුනාවේ.සති දෙකයිනේ" සජිනි කියද්දි සහන්ට හීල්ලුනා.නදිනි ආපු නිසා ඒ පිටින් දාලා හරි සජිනි කාමරේට එන එකට සහන් සතුටෙන් හිටියේ 

රෑ කෑම වෙලාවේ තමයි සජිනි හරියටම සිද්දිය දැන ගත්තේ.සහන් යාලුවෙක් එක්ක වැඩකට කොටුව ස්ටේශන් එකට ගියපු වෙලාවේ තමයි නදිනි බෑග් දෙකත් තියන් ඉන්නවා දැකලා තියෙන්නේ.සජිනි වගේම නදිනිත් ගෙදරම හැදුනු ගෑනු ලමයෙක්.ඉතින් යන්න තැනක් හිතාගන්න බැරුව ඉන්නකොටයි සහන් හම්බ වෙලා තියෙන්නේ.

"මහත්තයට මේක කිව්වද?" සහන් ඇහුවේ කෑම කන නදිනිගෙන් 

"නෑ...එයා ලොකු වැඩකට ගියේ.ඒක මග දාලා ආවොත් එයාගේ ජොබ් එකත් නැති වෙන්න පුලුවන් "

"හ්ම්ම්..." සහන් ඒ කතාවට මුකුත් නොකිව්වේ ඒක ඇත්ත නිසා.

"මහත්තයා කවද්ද එනවා කියලා තියෙන්නේ" සහන් ආයෙත් ඇහුවා 

"සති දෙකකින්"

"එතකම් ඔයාට මෙහේ ඉන්න පුලුවන් නදිනි" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සජිනි කියද්දි නදිනි වගේම සහනුත් බැලුවේ සජිනි දිහා.සජිනි සහන් දිහා බලලා හිනා වුනා 

රෑ කෑමෙන් පස්සේ නදිනි සහන්ටයි සජිනිටයි සුබ රාත්‍රියක් කියලා නිදාගන්න ගියා.සහන් කාමරේට ගියත් සජිනි පුලුවන් තරම් වෙලාවක් කුස්සිය අස් කර කර කුස්සියට වෙලා හිටියේ සහන් නිදාගන්නකම්.කලින් එක කාමරේ ඉදලා තිබ්බත් අද කාමරේට යන්න බැරිකමක් සජිනිට දැනුනා.

ඒ අතරේ සහන් කාමරේ බලන් හිටියේ සජිනි කාමරේට එනකම් 

'මේ කෙල්ල මෙච්චර වෙලා මොනවා කරනවද මං දන්නේ නෑ.කුස්සියක් කඩලා හදන්න යන වෙලාවනේ මේ' සහන් කාමරේ වටේ ඇවිදින්න ගත්තේ සජිනි නැති නිසාමයි 

ටිකකින් සජිනි කාමරේට ආවා.සහන් දිහා බැලුවෙ වත් නැතුව අල්මාරියෙන් ඇදුමක් ගත්ත සජිනි නාන කාමරේට ගියා.

සජිනි ආයෙත් එනකම් සහන් ඇදේ වාඩි වෙලා බලන් හිටියා.ආයෙත් ආවත් සජිනි සහන් එක්ක  කතා කරන්න ගියේ නෑ.කණ්ණාඩි මේසේ ලගට ගිහින් කොන්ඩේ පීරලා තමයි සහන් දිහා බැලුවේ.

"මං ඇදේ නිදාගන්නද?"

"ඒක අහන්නත් දෙයක්ද?" සහන් කිව්වේ පසුතැවිල්ලෙන් 

'ඒ අතින් නම් අනිත් කෙල්ලො වගේමයි.පරණ ඒවා මතක තියාගෙන නහින්න හදනවා.ඕක හෙටත් ඇහුවොත්නේ' සහන්ට සජිනි දිහා බලාගෙන හිතුවා 

සජිනිට නම් ඕවා ගානක් වුනේ නෑ.නදිනි ආපු එකෙන්ම හිත අවුල් ගිහින් හිටපු සජිනි ඇදේ ඇලවෙලා සහන්ට පිටුපාලා නිදාගන්න ලෑස්ති වුනා 

"ඔයා නිදාගන්නවද?" සහන් ඇහුවේ නිදාගන්න හදන සජිනිගෙන් 

"ඔව්" 

"ලයිට් එක නිමන්නද?"

"හා" සජිනිගේ කෙටි උත්තර වලින්ම ප්‍රශ්නයක් තියෙන බව තේරෙන්න සහන්ට වැඩි වෙලා ගියේ නෑ.සහන් හිතුවේ ඒ නදිනිව එක්කන් එන බව සජිනිට කිව්වේ නැති නිසා කියලා 

ලයිට් නිවපු සහන් ඇවිත් ඇදේ ඇලවුනා.තමන්ට පිටු පාලා ඉන්න සජිනි දිහා බලාගෙනම සහන් කතා කරා.

"නිදිද?"

"හ්ම්ම්..."

"තරහද?"

"මොකටද?"

"නදිනිව කියන්නේ නැතුව එක්කගෙන ආවට"

"නෑ"

"බිත්තියක් බලන් උත්තර දෙන්නේ ඇයි බිත්තියද කතා කරන්නේ?" සහන් ඒ සැරේ කිව්වේ සැරෙන්.එත් හිත රිදිලා හිටපු සජිනි කතා කරේ නෑ.

"සජිනි...." සහන් ආයෙත් කතා කරා.

"ඒ සැරේ සජිනි සහන්ගේ පැත්තට හැරුනා.අත් නැති ලොකු ටීශර්ට් එකක් ඇදන් හිටපු සජිනිගේ මූන දිහා සහන් ටිකක් වෙලා බලන් හිටියා.සජිනිගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් අයින් කරපු සහන් සජිනිගේ අතින් අල්ලගත්තා.

"තරහද?" සහන් ආයෙත් ඇහුවා 

"නෑ අනේ.." ඒ සැරේ සජිනි කිව්වේ තරහෙන්.

'එකම ප්‍රශ්නේ අහනවනේ මේ මොඩයා..මීට හොදයි බිම නිදාගත්තා නම්' සජිනි එහෙම හිතද්දි සහන් සජිනිගේ අතින් ඇදලා එයා ලගට අරන් තුරුල් කරගත්තා 

"ඇයි මේ?" සජිනි ඇහුවේ බය වෙලා 

"ඇයි මොකක්ද?" සහන් සජිනිගේ ඔලුව උඩින් නිකට තියාගත්තා 

"මේ මෙහෙම..." සජිනිට කියන්න වචන එන්නෙත් නෑ 

"ඇයි මොකක්ද ප්‍රශ්නේ? මිනිහට බැරිද ගෑනිව තුරුල් කරගන්න.ඔයා අර ටීවී එකේ කතා බලනවා වැඩියි"සහන් හිනා වුනා 

"ඒ වුනාට ඔයා කලින් කිව්වේ..."

"කලින් කියපුවා වැඩක් නෑ...මෙන්න මේ නිදාගන්න පණ්ඩිත නොවි"  සහන් කිව්වේ ඇස් පියාගන්න ගමන්.

සහන් ලගට වුන සජිනිත් නිදහසේ ඇස් පියාගත්තා.

*********************************************************************************

හෙට හම්බෙමු...

ආදරෙන් ඉන්න 💖💖


5 comments:

  1. මං කියන්නෙ සහන් ඔයා ශෝක්

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට ගිය සතියෙ වගේ ඔයා සහන්ට බැන්නා ;)

      Delete
  2. යකෝ මේ පිරිමි කියන එවුන් පැවතගෙන එන්නේ වානරයන්ගෙන් නෙවෙයි කටුස්සන්ගෙන්ද කොහෙද?

    ReplyDelete
    Replies
    1. ඔව් ගැහැණු නම් මෙහෙම පාට වෙනස් කරන්නේ නැහැ.

      Delete
    2. පිරිමින්ගේ තියෙන ආඩම්බරකමට හිතේ තියෙන දෙයක් කියන්නෙත් නෑනේ

      Delete