Friday, April 17, 2020

වසන්තය සිහිනයක් - 04



කච්චේරියේ ලිපිගොනු  වැඩ අවසන් කර හවස් යාමයේ  මා නැවත සංචාරක නිවහනට පැමිණෙන විට වැසි අදුරක් අවට වසා ගනිමින් තිබුනා.මද හිසේ කැක්කුමකින් පිඩා විදිමින් සිටි මට අවශ්‍ය වුනේ ඉක්මනින් කාමරයට යන්නයි.උදේ මෙත්සරාගෙන් පැමිණි දුරකථන ඇමතුම හිතේ විඩාවත් වැඩි කර තිබුනා.

නමුත් සංචාරක නිවහනෙන් එලියට පැමිණෙමින් සිටි රුවක් මාව මොහොතකට එතනම නැවැත්තුවා.

"හලෝ...කොහොමද?" එසේ කියාගෙනම මා දෙසට පැමිණි ලෝචන ඔහුගේ සුරත මා දෙසට දිගු කරා.

"හලෝ...කාලෙකින් නේද?" මා විමසුවේ ඔහු සුරත අල්ලා ගන්න ගමන්මයි 

"ඔව් නේ...අවුරුදු 9කට 10කට විතර පස්සේ.මොකෝ ඉතින් දැන් කරන්නේ?" ඔහුගේ සුහදත්වය මගේ හිතට නොසන්සුන්කමක් ඇති කරා.

"ලගදි ආවේ මම ලංකාවට.ආපහු යුනිවර්සිටී යන්න ඉන්නේ.මගේ ලෙක්චරින් පොස්ට් එක වේකන්ට් තියෙනවා "

"ඒක හොදයි බං.අපිත් මේ පිටරට වලට වෙලා හිටියට නිතරම ගෙවල් මතක් වෙනවා" 

"උබ එතකොට එහෙ සෙට්ල් ද?" 

"තාම නම් නෑ බන් මං මේ ආවෙත් තරු මොකද කියන්නේ බලන්න.ආසයි ගගා ඉන්නවා  යන්න.එයා යනවා නම් සෙට්ල් වෙනවද කියලා බැලුවේ" ඔහුගේ වදන් මගේ හදවතට ඉදිකටු අනින්නාක් මෙන් වේදනාවක් දුන්නත් මා එය සගවමින් ඔහු සමග හිනා වුනා.

"ආ...ඒක හොදයි"

"ඉතින් උබ මොකද මෙහේ? ඔහු අසද්දී මම හිනා වුනේ ඔහුගේ ඇස් මග අරින ගමන්මයි 

"මෙහෙ අපේ ඉඩම් වගයක් සේල් කරන්න බන් හදන්නේ.මුලින් ඒවගේ ඔප්පු හරියට ෆික්ස් කරගන්න ඕනනේ.ඒකයි ටිකක් බලන්න ආවේ"

"ආ..හරි මචන් එහෙනම් මං යනවා...උබට කෝල් එකක් දෙන්නම්කො වෙඩින් එක කියන්නත් එක්කම " ඔහුගේ සතුටු වදන් මට වේදනාවක් වද්දී මා අපහසුවෙන් සිනා සි ඔහුට සමු දුන්නා.

ආලින්දය පුරාම තරුල්‍යා ගේ සලකුනක්වත් දකින්නට නොමැති තැන මම කාමරය වෙතට ගියා.හිසේ කැක්කුමටත්  එක්කම වේදනා නාශක පෙත්තක් ලබාගත් මම ඇදෙ හාන්සි වුනා.හවස් යාමයේ ලෝචනගේ අනපේක්ෂිත හමුව මගේ සිත පිඩාවට පත් කර තිබුනා.

'ඔහු මෙහෙ කුමක් කරනවද? ඔහු විවාහ වෙන්නේ තරුල්‍යා සමගද? එසේ වුවත් එහි ඇති වරද කුමක්ද? නෑකමින් ඇවැස්ස නෑනා මස්සිනා වූ ඔවුන් විවාහ වීමේ අරුමය කුමක්ද? මා ද විවාහ අපේක්ෂිතව සිටිනා කල ඇය මා වෙනුවෙන් බලා  සිටින්නේ කුමකටද? මා එසේ සිතීමම කොපමණ වැරදිද? කුමන අතකින් සිතුවත් ලෝචන මට වඩා කොපමණ හොද පුද්ගලයෙකුද' 

විවිධ සිතුවිලි හිත පුරා දිව යද්දී වසර ගණනකට පෙර තරුල්‍යා මගේ වීමටත් පෙර දිනක ලෝචන ගැන මිතුරන් සමග ඇති වූ කතිකාවකට මගේ සිත දිව ගියා.

එකල සම වයස් පන්ති වල අධ්‍යාපන ලැබූ ලෝචන මධුශාන් විජේසිංහ අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය.ඊටත් වඩා ඔහු පාසලේ පරමාදර්ශී ශිෂ්‍යයා විය.සියලුම ගුරුවරුන් සමග ඉතා සුහද කටයුතු කරත් කිසි දිනක සම වයස් මිතුරන් පාවා නොදී  ගුරුවරුන්ට කේලම් නොකියා අප සමග එකට දඩුවම් විදි බැවින් ඔහු අප අතරද ඉතා ජනප්‍රිය චරිතයක් විය.එමෙන්ම ඉගෙනිමටද උපන් හපනෙකු වූ ඔහු ගැහැණු ළමුන් අතරද  ජනප්‍රිය වුයේ අප වැනි කැහැටු කළු කොල්ලන් අතරේ ඔහුගේ නළුවෙක් මෙන් වුන් පෙනුම නිසාමය.

 මම  පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන හා ක්‍රිකට් නායක ලෙස සහභාගී වන අවසන් වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 2009 වර්ෂයේදී පැවැත්වූ අතර එය ජයග්‍රහණය කිරීම පාසලට මෙන්ම මටත් ගෙනත් දුන්නේ ලොකු සතුටක් වගේම ආඩම්බරයක්. ජයග්‍රහණය අවසන්ව නිවසට පැමිණෙන විටත් මගේ මිතුරන් එක්ව සුබ පැතීමේ සාදයක් සුදානම් කර තිබීම මගේ සතුට දෙගුණ තෙගුණ කරා.  

සාදය අතරමග තැනකදී සියල්ලෝ ඕපාදුප කතා කරන අවස්තාවක ධනුෂ්ක මා වෙත හැරුනා.

"කැලුමා...උබ දැක්කද අද තරුල්‍යා ඇවිත් හිටියා" ධනුෂ්කගේ කතාව අනිත් අයගෙත් අවධානය දිනා ගත් නිසාදෝ සියල්ලෝම නිශ්ශබ්ද වුනා.

"ආ... ඇවිත් හිටියද? දැක්කේ නෑ බන්.එතන ටෙන්ෂන් එකත් එක්ක මං උබලා ඉන්නවද කියලාවත් දැක්කේ නෑ" මම විහිළුවෙන් කිව්වත් කොල්ලෝ ටිකගේ මුණු වල ඒ තරම් හොද පෙනුමක් තිබුනේ නෑ.

"තරුල්‍යා ඇවිත් තිබුනේ ලෝචන එක්ක බන්" මුදිත කියද්දී මට දැනුනේ ලොකු කුතුහලයක් 

"ලෝචන.....ඒ කොහොමද?" මම අහද්දී විසල් අතක් ඉස්සුවා 

"මම කියන්නම්...ලෝචන තරුල්‍යා ගේ මාමාගේ පුතා.සරලව කියනවා නම් උන් දෙන්නා  ඇවැස්ස නෑනා යි  මස්සිනයි "

"උබ කොහොමද එක දන්නේ ?"

"අපේ ගෙදර ලගින් උඩට යන පාරේ තරුල්‍යා ඉන්නේ.ඒකි පොඩි කාලේ ඉදන් මගේ හොද බොක්කක් " 

"ම්ම්ම්...එකත් එහෙමද?" මම කිව්වේ හිත නොසන්සුන් වෙද්දී 

"ඒක නෙවේ මචන් නියම සීන් එක. උබ දන්නවනේ මාලකයා, ලෝචනගේ දකුණු අත" ධනුෂ්ක කතාව පටන් ගනිද්දී මං ඒ දිහා උනන්දුවෙන් බැලුවා.

"උන් සෙට් එක අපි ලග හිටියේ.ලෝචන, තරුල්‍යා කෙල්ලෝ සෙට් එක ලගට දාන්න ගිහින් තමා අපි ඉන්න තැනට සෙට් වුනේ.ඒ වෙලාවේ උන් දෙන්නා කතා කරපුවාගෙන් තේරුනේ නම් ලෝචනගේ හිතේ තරුල්‍යා ගැන අදහසක් තියෙන බව තමා " ධනුෂ්ක කියද්දී අනිත් කොල්ලෝ ටිකත් ඔලුව වනලා ඒ කතාවට එකග වුනා.

"ඒ වුනාට මචන් ලෝචන ලගකදී නම් තරුල්‍යා ගෙන් අහන්නේ නෑ "චමෝද් කියද්දී මං දිහා බැලුවේ පුදුමෙන්

"උබ කොහොමද එහෙම කියන්නේ"

"අපි උබට කියනවා වගේම මාලකයාත් ඒ වෙලාවේ ලෝචන ට කිව්වා තරුල්‍යා ගෙන් අහන්න කියලා.ඌ කිව්වා ඌ ට බයයි කියලා ඉස්කෝලේ කාලේ යාලු වෙලා නෑකම් නැති වෙයි කියලා"

"ඇත්ත වෙන්න පුළුවන් බන්.තරුල්‍යා ගේ තාත්තාත් ටිකක් සැරයි.පවුලේ එකම ළමයා නිසා සැහෙන පරිස්සම් කරනවා" විසල් ඒ කතාව අනුමත කරා.

"හරි...දැන් උබලා මොකක්ද කියන්නේ?" මම අහද්දී ආයෙමත් නිශ්ශබදතාවයක් පැතිරිලා ගියා.

"අහපන් තරුල්‍යා ගෙන්" මුදිත කිව්වේ නිහඩතාවය බිදලා

"බෑ කිව්වොත් "

"ඒක නම් ප්‍රශ්නයක් තමයි.ඒත් රිස්ක් එකක් ගන්න එක හොද නැද්ද " මුදිත මට දිගටම පැහැදිලි කරන්න උත්සහ කරා

"පොඩි වැඩක් තියෙනවා.විසල්ට කරන්න පුළුවන් නම් "ධනුෂ්ක කිව්වේ විසල් දිහා බලන ගමන්

"අම්මෝ..මේ මට නම් කපුකම් කරන්න බෑ.ඕකි මට ගහලා ගහලා මරලා දාවි.උබට පේනවට වඩා ඒකි සැරයි"

"නෑ බන්.එහෙම මේ උබට අහන්න නෙවේ කිව්වේ.උබට බැරි වෙයිද හොයලා බලන්න තරුල්‍යා කැමති කොල්ලෙක් ඉන්නවද? ලෝචන ගැන අදහසක් තියෙනවද? එහෙම කියලා " ධනුෂ්ක කියද්දී විසල් ටිකක් කල්පනා කරා .

"ඔව් එහෙම දෙයක් නම් පුළුවන්..." අන්තිමට විසල් කියද්දී හිතට සැනසිල්ලක් දැනුනේ විසල් බැරි වැඩ බාර නොගන්න බව දන්න නිසාමයි.

එදා ඒ විසල් බාර ගත්ත විදියට මට තොරතුරු හොයලා නොදුන්නා නම් සමහරවිට තරුල්‍යා මට හිමි නොවෙන්නමත් තිබුනා කියලා මට දැන් හිතෙනවා.එහෙම වුනා නම් මෙහෙම වෙන් වෙලා හිතින් විදවන්න වෙන එකකුත් නෑ කියලා හිතෙද්දී මට ඉබේටම සුසුමක් හෙලුනා.

ඒත් එක්කම ඇහුනු දොරට තට්ටු කරන හඩක් නිසා මම ඇදෙන් නැගිට්ටේ ඒ කාමර සේවය කියලා හිතාගෙනයි.

ඒත් දොර විවර කරද්දී ඉදිරිපස හිටගෙන හිටපු කෙනා මාව මොහොතකට ගොළු කරා.

"හායි කැලුම් අයියා...ඔන්න ඔයාට එහෙ එන්න පරක්කු වෙයි කියපු නිසා මම ම ආවා ඔයා බලන්න"

මෙත්සරා දහනායක...මගේ නීතිමය බිරිද මා ඉදිරියේ සිනාසෙමින් සිටගෙන සිටියා.

*********************************************************************************************

"දවසක මම ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ?" ඇයව කෝප ගන්නවන මම අහපු ප්‍රශ්නයක්...

එයට ඇය දීපු උත්තරේ මාව මොහොතකට ගොළු කළා..

"කවදාහරි ඔයා ආපහු එනකම් මං බලාගෙන ඉන්නවා "
ඔව්...ඒ තරම් ආදරයක් විශ්වාසයක් ඇය මා ගැන තියලා තිබුනා 💖

No comments:

Post a Comment