උදෑසන හිරු රැස් මගේ මුහුණට වැටෙද්දී මම ඇස් හැර බැලුවා.කැලුම් මට පිටුපා පුටුවක වාඩි වී කල්පනාවක වැටි සිටියා.මම එකවර මෙසේ පැමිණීම ගැන කැලුම් ගේ සිතේ සතුටක් නැති බව ඊයේ දොර ලගදීම මට පෙනී ගියේ මගේ සිත කම්පා කරමින්.වසර දෙකක් එකම නිවසක ජීවිතය බෙදා ගැනීමෙන් පසුවත් ඔහු තවමත් මා හට දක්වන්නේ අනුකම්පාවක් වීම මා තවත් ඔහු වෙතට ලං කරා.
කැලුම්ගේ මව මට ඔහු ගැන විවාහ යෝජනාව ගෙනෙද්දී ඔහුට පෙම්වතියක් සිටින බවක් නොදැන සිටි මම ඔහුගේ දර්ශනයෙන්ම ඔහුට බැදුනා.එවකට විශ්ව විද්‍යාලයේ සිටි මම වෙනත් ඕනෑම තරුණියක මෙන් විවාහාපේක්ෂිත තරුණයා ගැන දහසක් සිහින මැව්වා.ඒ සිහිනයෙන් මැව් පිරිමි රුව කැලුම් ගෙන් දිස් වද්දී මුළු හිතින්ම ඔහුට පෙම් කරන්නට පටන් ගත්තා.
කැලුම් විවාහය ප්‍රතික්ෂේප කරන බවත් ඔහුට පෙම්වතියක් සිටින බවත් කනින් කොනින් ආරංචි වූ පසු ඔහුගේ පෙම්වතිය කවුදැයි සොයාගැනීමට මා නොකළ දෙයක් නෑ.නමුත් එක් දිනක් ඔහුම මා හමුවී ඔහුට පෙම්වතියක් සිටින බවත් විවාහය ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලා සිටීම මගේ හදවත බිද දැමුවා.
එහෙත් ඔහුගේ ඉල්ලීම පරිදි මම විවාහය ප්‍රතික්ෂේප කරත් කිසිදු හේතුවක් නොමැතිව මම කරන ප්‍රතික්ෂේප කිරීම මගේ මව පිළිගත්තේ නෑ.කැලුම් ට පෙම්වතියක් සිටීම හෝ මට ප්‍රේම නොකරන කෙනෙකු හා විවාහ වීමට මට නොහැකි යැයි පැවසු සෑම වදනක්ම ගගට කැපු ඉනි මෙන් නොසලකා හැරුනා.එසේ තිබියදී හදිසියේ කැලුම් විවාහයට කැමැත්ත පල කිරීම මට අදහාගත නොහැකි හේතුවක් වුනා.ඔහුගේ සිත වෙනස් වී දැයි කුතුහලයෙන් සිටි මම විවාහයට පෙර දිනක ඔහුගේ දෑසින් තවමත් ඈ කෙරෙහි ප්‍රේමය පිරී තිබෙනු දැක්කා.
ඒ ඇය වෙනුවෙන් ප්‍රේමය පිරි තිබු දෑස් නිසාම මම ඔහු හා ප්‍රේමයෙන් බැදුනා.
එදින ඔහු මට ඔහුගේ පෙම්වතිය ගැන ඔහුගේ සිතේ ඇති ආදරය පැවසුවා.ඒ මොහොතෙත් තමන්ව ප්‍රතික්ෂේප කරනා යුවතියක වෙනුවෙන් කිසිදු අමනාපයක් නොමැති නිකැළැල් ප්‍රේමයක් මම ඒ දෑස් තුල දුටුවා.
" මම කවදාවත් ඔයාට ආදරේ කරන එකක් නෑ මෙත්සරා.මම හැමදාමත් ආදරේ තරුල්‍යා ට.එත් මේ වෙලාවේ එයා මාව එපා කියනවා.හේතුවක් හිතා ගන්න බැරි වුනත් මම දන්නවා එයත් මට එදා වගේම ආදරෙයි කියලා"ඔහුගේ ඒ වචන මාව රිද්දුවා.
"ආදරේ නම් ඇයි එයා ඔයාව එපා කියන්නේ?.එහෙම අතාරින්නෙ නෑ ආදරේ නම්" මගේ ස්ථිර වචන හමුවේ ඔහු මොහොතකට ගොළු වුනත් ඔහුගේ දෙනෙත් නොසැලී තිබුනා.
"එයාට හේතුවක් තියෙනවා.මම එක හොයාගන්නවා"
"මාව බැන්දට පස්සේ එක හම්බුනොත්" මගේ ප්‍රශ්නෙට දෙන්න පිළිතුරක් ඔහු ලග තිබුනේ නෑ.
"ඔයාට ඕනේ නම් දැන්ම එයා ලගට යන්න.පස්සේ යන්න හදන්න එපා.මම එහෙම යන්න දෙන්නේ නෑ" මම කියපු දේ ඔහුගේ මුහුණේ හැගීම් වෙනස් කරා.මා දෙස මොහොතක් බලා සිටි ඔහු කතා කරා.
"මට දැන් යන්න තිබ්බා නම් මම යනවා.එත් එයා මාව බාරගන්නේ නෑ.මම හේතුව හොයාගෙනයි එයා ලගට යන්නේ.එයාට බෑ කියන්න බැරි වෙන්න" ඔහුගේ මේ පෙම්වතිය ගැන කතාව මගේ සිත රිදවමින් තිබුනා
"එහෙනම් ඔයා මොකක්ද මේ මාව බැදලා කරන්න හදල දේ.මේ තරම්ම එයාට ආදරේ නම්" හිතේ නොසන්සුන්තාවය මගේ මුවගින් පිට වද්දී ඔහු මදක් මා දෙස බලාසිටියා.
"මට මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ.මගේ රස්සාව , මගේ පවුල ,අම්මා ඒ හැමදේම එක්ක මට මේ තීරණය ගන්න වෙනවා" ඔහු මදක් සෙමින් කිව්වා.
"හරි...ඔයාගේ කැමැත්තක්.ඒත් පොතේ අත්සන් කරාම එතන බැදීමක් තියෙනවා කියලා අමතක කරන්න එපා.ඒක ඔයාට ඕනේ වුනු ගමන් ලිහන්න බෑ"
"මම ඒක දන්නවා.මගෙන් ඔයාට වංචාවක් වෙන්නේ නෑ.මම ඒකමයි මේ ඔයාට මේක කලින්ම කිව්වෙත්.ඒත් නීතියේ බැදීමයි හදවතේ බැදීමයි වෙනස් .මම දන්නේ නෑ ඔයාට මේක තේරෙනවද කියලා " ඔහු කියද්දී මගේ හදවත හිරි වැටි ගියා..
' ඔව් මම ආදරේ කරලා නෑ.ඇත්ත.ඒත් ඒත් ඔයා වෙනුවෙන් මේ හිතේ හැගීමක් තියෙනවා කැලුම්.ඔය තරමටම හදවතේ බැදීම් නොතේරෙන රූකඩයක් නෙවේ මම ' මට කෑගහලා කියන්න ඕනේ වුනත් නිශ්ශබ්දවම මම එතනින් නැගිට්ටා.
"මට තේරෙනවා " එපමණක් කියා මම එතනින් නික්මුනා.
එයින් පසු අපේ විවාහයත් වසර දෙකක කාලයක් පිටරටක අපට අප මතම යැපෙන්නට වූ කාලයකුත් ගෙවුනා.ඒත් තවමත් එදා මෙන්ම ඔහුගේ ඇස් වල මටඅදත් තරුල්‍යා ගේ ප්‍රේමය පිරි තිබෙනවා.
නමුත් එදා කැලුම් ගැන මගේ හිතේ ඇති වූ ආකර්ෂණය අද වන විට ප්‍රේමයක් බවත් පත් වී ඇති බව ඔහු දැන සිටියේ නෑ.ඔහු මෙහි එන්නට පිටත් වූ බව සැලවූ මොහොතේම සියලු වැඩ පසෙක ලා මෙහි දුව ආවේ ඒ ප්‍රේමය නිසාවෙන් ඇති වූ හිතේ නොසන්සුන්කම නිසාමයි.
එක් වරම ඇසුනු ඇම්බියුලන්ස් හඩක් මාව පියවි ලෝකයට ගෙනාවා.කැලුම් පුටුවෙන් නැගිට ජනේලය අසලට යනවා දුටු මම ඔහු පසුපසින් ජනේලය අසලට ගියා.තරුල්‍යා ඇම්බියුලන්ස් එකට නගිනවා දුටු මට ඇති වුනේ ලෝක කුතුහලයක්.
"ඒ තරුල්‍යා අක්කා නේද?" මම අහද්දී කැලුම් මා දෙස හැරී බැලුවා.
"ඔව්.." එක් වදනකින් පමණක් එසේ පැවසු ඔහු වහා පසුම්බියත් රැගෙන කාමරයෙන් පිට වන්නට යද්දී මම ඔහුගේ අතින් අල්ලා ගත්තා.
"ඉන්න මාත් එන්නම්" පුදුමයකට මෙන් ඔහු හිස වැනුවා.
"මම කාර් එක ගන්නම්.පහලට එන්න" එසේ පැවසු ඔහු පහලට යද්දී මමත් හැකි ඉක්මනින් සුදානම්ව පහලට ගියා.
වාහනයේ ගමන අතරතුර වදනක්වත් නොකියූ ඔහුගේ හදවතේ නොසන්සුන්කම මට දැනෙමින් තිබුනා.වාහනයේ ගියරය මත තිබු ඔහුගේ වමත මත මගේ සුරත තබද්දීත් ඔහු මා දෙස බැලුවේ නෑ.
"බය වෙන්න එපා.කරදරයක් නැතුව ඇති " මම එසේ කියද්දී ඔහු යාන්තමට මම දිහා බැලුවා.ඔහුගේ සීතලව තිබු අත මම මුළු ගමන පුරාවටම පිරිමැද්දා.
ප්‍රදේශයේ පෞද්ගලික රෝහලය ගෙනවිත් තිබුණු තරුල්‍යා ගේ මව අප යනවිටත් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබුනා.
තරුල්‍යා දැඩි සත්කාර ඒකකයෙන් පිටත හඩමින් සිටි අතර පුරුදු පිරිමි රුවක් ඇයගේ උරහිස වටා අත දමා ඇය ව සනසමින් සිටියා.තරුල්‍යා දෙසම බලාගත් කැලුම් මා ලග බලාසිටියදී මම ඒ පිරිමි රුව කවුදැයි මතක් කිරීමට උත්සහ කරා.එවිටම දැඩි සත්කාර ඒකකයෙන් එලියට පැමිණි දොස්තර මහතා තරුල්‍යා ට කතා කරා.
"හාර්ට් ඇටෑක් එකක්.එයාගේ තත්ත්වෙත් එක්ක පොඩ්ඩක් අවධානම්.අපි බලමුකෝ"
"මට අම්මව බලන්න පුලුවන්ද?" තරුල්‍යා වෙව්ලන හඩකින් අසද්දී දොස්තර මහතා හිස වනා අවසර දුන්නා.තරුල්‍යා පමණක් දැඩි සත්කාර ඒකකයට යද්දී හුරුපුරුදු පිරිමි රුව කැලුම් හා මා වෙතට ආවා.
"මොකද ලෝචන එක පාරට වුනේ?" කැලුම් අසද්දී මම ඔහු දෙස පුදුමයෙන් බැලුවා
'ලෝචන...ඔව් මේ ඔහු තමයි...දැන් මට මතකයි.ජායාරුපයෙන් පමණක් දැක තිබුණු මේ ඔහුම තමයි' ඔහු කවුදැයි මතකයට ආ මගේ මුවගේ හිනාවක් ඇදුනා.
"නැන්දා අසනිපෙන්නේ හිටියේ.ඒ නිසා වෙන්න ඇති"
"ඇවිදින්න අමාරු එකනේ තිබ්බේ"
"ඒකත් එක්ක නැන්දා සැහෙන මානසිකව වැටිලා හිටියේ මාමා නැති වුනත් එක්කම.හරිහැටි මතකයක් නැතුවයි හිටියේ." ලෝචනගේ වදන් මගේ හිතට ගෙනාවේ ලොකු දුකක්.නමුත් එය මටත් වඩා කැලුම් ට කම්පනයක් වී තිබුනා.
"ඒත් මම හිතුවා හොදින් කියලා...තරුල්‍යා ට මම කතා කරෙවත් නෑ" ඔහු පසුතැවිලි හඩකින් කියද්දී ලෝචන ඔහුගේ උරහිසින් අල්ලාගත්තා.
"එකේ අවුලක් නෑ බන්.තරුල්‍යා හරි ෆිට් කෙල්ලෙක්.ඔක්කොම තනියෙන් කරගත්තා.අනික අපිත් හිටියනේ උදව්වට." ලෝචන කැලුම් ගේ හිත සනසන අටියෙන් කිව්වත් කැලුම් හිටියේ දැඩි සත්කාර ඒකකය දෙස බලාගේනමයි.
"මෙත්සරා...ඔයාගේ අන්කල් හාර්ට් එක්කෙනෙක් නේද? " ඔහු එක්වරම මා දෙස බලා අසද්දී මම ඔලුව වැනුවා.
"ගන්න එයාට කෝල් එකක්"
"ෆෝන් එක රුම් එකෙනෙ.ගෙනාවේ නෑ" මම කියද්දී ඔහු නොරිස්සුමෙන් මා දෙස බැලුවා.
"මචන් අපි එන්නම් ඉක්මනට.." ලොචනට එසේ කියූ ඔහු ආපසු හැරෙද්දී මමත් ඔහු සමග ආපහු යන්න පිටත් වුනේ දුරකථනය නොගෙනීම ගැන මටම හිතින් බැන වදිමින්.ආපසු යන අතරේ මම කැලුම් දෙස බැලුවේ හිතේ ඇති වූ ප්‍රශ්නෙකට පිළිතුරු ලබාගන්න හිතාගෙනයි.
"කැලුම්..."
"ම්ම්ම්..." ඔහු රිය පදවන අතරේම පිළිතුරු දුන්නා
"අර ඇවිත් කතා කරපු ලෝචන කවුද තරුල්‍යා අක්කගේ ?" මගේ ප්‍රශ්නයට ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වන අයුරු බලා සිටි මම නොසන්සුන් වුනා.
'කවුද ඒ කැලුම් මේ තරමට අවුල් වෙන්න තරම් ' මගේ හිතේ ප්‍රශ්න ඇති වද්දී කැලුම් කතා කරා.
"ඒ තරුල්‍යා ගේ මස්සිනා.ඒ දෙන්නා ලගදි බදින්න ඉන්නේ" එවර ඔහුගේ පිළිතුර මා පුදුමයට පත් කරා.
'ලෝචන...තරුල්‍යා ව බදිනවා...ඒත්...ඒත්...ලෝචන එතකොට..මොකක්ද මේ වෙන්නේ?' මගේ සිත ප්‍රශ්න රාශියක් පිරි ගියා.
************************************************************************************************************

වදනකින්වත් ආදරේ නොකියූ...
හදවතින් නුබවම පැතු....
නුබ ලගම දැවටෙමින් ආදරේ සෙවූ...
නුබ වෙනුවෙන්ම ජිවත් වූ...
මගේ එකම ප්‍රේමය නුබයි 💖
No comments:
Post a Comment