ඔහු මා ලගින්ම සිට ගෙන සිටියදී, මම උදෑසන හිරු කිරණ වැටි ඇති කහ පැහැයෙන් දිලිසෙන ඔහුගේ මුහුණ දෙස බලා සිටියා. උදෑසන අප හමු වූ මොහොතේ සිට තවමත් කිසිවක් නොකී ඔහු ඈත කදු පෙළක් දෙස බලා සිටියේ භාවනාවක ස්වරූපයෙන්.
"මම එච්චරම ලස්සනයිද?" ඔහු මා දෙස නොබලාම අසද්දී මම සිනා සුනා.මා කිසිවක් නොකියද්දී ඔහු මා දෙසට හැරුනා.
"ඔයා කියන්නේ නැද්ද?" ඔහු අසද්දී මම ඔහුගේ දෑස් දෙසම බලා සිටියා.
"මොකද්ද?"
"ඔයා මේ මොනවා හරි කියන්නනේ එන්න කිව්වේ නේද?" ඔහු එවර විමසිල්ලෙන් මා දෙස බලද්දී මම ඔහුගෙන් දෑස් වසන් කරා.
ඔව්...ඔහු පෙර මෙන්ම මගේ දෑස් කියවාවි යැයි මා බිය වුනා.මේ හමුවීමේ ඇත්ත මගේ දෑස් ඔහුට කියාවි යැයි මා බිය වුනා.
"ඒක පස්සේ කියන්නම්කො..ඒත් ඊට කලින් අපි මොනවා හරි කමුකෝ.මට හරි බඩගිනියි " මා බැගෑපත් දෑස් වලින් කියද්දී ඔහු ඔලුව වැනුවා.
"නගින්නකො එහෙනම්" ඔහු එසේ කියද්දී මම ඔහුගේ කාරයෙන් වාඩි වුනා.
"කොහෙටද යන්නේ" ඔහු වාහනේ ක්‍රියාත්මක කරන ගමන් ඇහුවා.
"ඉස්සර උදේට රොටි කන කඩේට යමු"
"ඒක තාම තියෙනවද?" ඔහු අසද්දී මා සිනා සුනා.
කුඩා පොල් අතු හෙවිලි කල කඩයක් වූ එය එකල අප වැනි ටියුෂන් ළමුන්ගේ ප්‍රියතම කෑම කඩය විය.තාමත් එය ඒ ආකාරයෙන්ම තිබෙනු බොහෝ විට දැක තිබු නමුත් තනිවම එයට යාම කැලුම් ගේ මතකයන් අවුස්සා ගැනීමක් වූ නිසාවෙන් අවුරුදු ගණනකින් මා එහි ගියේ නැත.
"මේ පලවෙනි පාර..." ඔහු එකවර කියද්දී මම ඔහු දෙස බැලුවේ කුතුහලයෙන්
"අපි දෙන්නා මෙහෙම කාර් එකක යන පලවෙනි වතාව මේ .අපි ගියේම බස් වලයි ත්‍රි විල් වලයිනේ" ඔහු කියද්දී මට අතීතය සිහිපත් වුනා.
විශ්ව විද්‍යාලයට යාමට පෙර ඔහු බැංකුවක රැකියාවකට ගිය අතර මා ජාත්‍යන්තර පාසලක ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරියක ලෙස සේවයට එක් වුනා.ඒ කාලයේ අපි දෙදෙනාගේ හමුවන් සිදු වුයේ දිනපතා ගමන් කල බස් රථයන් තුලදීය.සෑමදාම මා එනතුරු ඔහු බස් නැවතුමට වී බලා සිටි අයුරු අදද මගේ මතකයේ එදා මෙන්ම රැදී තිබේ.සවසට මා බොහෝ විට තනිවම නිවසට ගමන් කල මුත්.හදිසි රැස්වීම් හා උත්සව තිබෙද්දී ඔහු මා වෙනුවෙන් හවස් යාමයන්හි රැදී සිටින්නට විය.
එසේ යද්දී එද්දී එක් හවස් යාමයක මගේ පියා අප ගමන් කල බස් රථයට ගොඩ වූ අයුරුද ඔහු නැගිට පියාට ඉඩ දුන් අයුරු අදද මගේ මුවගට සිනාවක් ගෙන එයි.කෙසේ මුත් එදිනම අප දෙදෙනා ගැන සැක පහල කල මගේ පියා මා ගැන විමසිල්ලෙන් පසු වීම වැඩි කළා.පසුව ඔහු අප ගැන කෙසේ හෝ දැන ගත් බවක් පෙන්නුම් කල අතර පසු කලක මා විසින්ම ඔහුට කැලුම් ගැන පවසන තෙක්ම ඔහු ගැන මගෙන් විමසුවේ නැත.
පසු කලක වෙනස් විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබද්දී පවා ඔහු මා හමුවට පැමිණි අතර අප එක්ව බසයෙන් නිවස කරා ගමන් කිරීම පුරුද්දක් විය.ඇත්තෙන්ම එය අපේ ආදර කතාවේ ප්‍රේමනියම සමයක් විය.ලෝකයේ ඇති නැති සියල්ලම කියවමින් ඔහු හා අත්වැල් පටලා ගිය ඒ බස් චාරිකා අවසානයේ අපගේ ආදරනියම මතකයන් විය.
"අපි බහිමුද?" කැලුම්ගේ හඩ මා නැවත පියවි ලෝකයට ගෙනවිත් තිබු අතර ඒ රොටි කඩය එදා මෙන්ම ආදරනියව අප ඉදිරියේ විය.
එදා පුරුදු මෙන් කොටයක් උඩ වාඩි වී ආහාර ගත් අප නැවත වාහනයට ගොඩ වුනා.
"හරි දැන් මොකක්ද?" කැලුම් ඒ වන විට පෙරට වඩා සැහැල්ලුවෙන් මා සමග කතා කරන්නට වූ අතර එය මගේ සිතට සතුටක් එක් කර තිබුනා.
"වැව පාරට යමු" මගේ වදන් ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් කරද්දී මම සුසුමක් හෙලුවා
"ඔයාට යන්න ඕනේ නැත්තම් කමක් නෑ" මම කිව්වේ ඔහුගේ වෙනස තේරුණු නිසාමයි
"නෑ යමු..." එසේ කියූ ඔහු වාහනය ක්‍රියාත්මක කරා.නිවාඩු
සොදුරු පරිසරයක හුරු පුරුදු මග සලකුණු අප පසුකර ඇදෙද්දී හිතේ මතු වූ දුක කම්මුලක් දිගේ බේරී ගියා.කැලුම් ට නොපෙනෙන සේ එය පිස ගත් මම ඇතින් පෙනෙන වැව් තිරය දෙස බලා සිටියා.එක්ව ගමන් බිමන් යාමට ලැබුණු ඉතා අඩු ඉඩ ප්‍රස්තාවන්හිදී අප මෙම වැව් තිරයට පැමිණීමට පුරුදුව සිටි අයුරු මට සිහිපත් වුනා.
එදා වාගේම වැව් බැම්ම අසලින් කාරයෙන් බැස ගත් අපි වැව පාර දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා.එදා මෙන්ම වැව නිසලව ඇදී යමින් තිබුනා.එදා මෙන්ම වැව හරහා හමා යන සුළග මගේ හිස කෙස් අවුල් කරමින් තිබුනා.එක් දෙයක් හැර අනිකුත් සියලු දේ එදා මෙන්ම තිබුනා.එදා එකිනෙක පැටලී තිබු අත් අද වෙන් වෙනම ඇදි යමින් තිබුනා.එදා මිමිණු ප්‍රේමනීය වදන් අද නැති වී තිබුනා.එහෙත් ඒ මා දෙස බැලු ඒ දෙනෙත් වල තාමත් ආදරණිය බැල්මක් දිලිසෙමින් තිබුනා.
මා අසලින් ගමන් කරමින් සිටි මම ඔහුගේ මුහුණ දෙස බැලුවා.එක්වරම හිතට ආ හැගීමකින් මම ඔහුගේ අතැගිලි මගේ අතැගිලි හා පටලා ගත්තා.එය අතැගිලි එදා මෙන්ම උණුසුම් ව එහෙත් නුහුරු ලෙස මගේ අතැගිලි හා වේලුනා.
එක්වර දැනුනු ඒ වෙනසින් කැලුම් පුදුමයෙන් මා දෙසත් අපේ බැදුණු අතැගිලි දෙසත් බලද්දී මම ඔහු හා සිනා සුනා.
" දැන් මේ අත මගේ නෙවේද?" මම මද සිනාවකින් අසද්දී ඔහු හිස වනා නැවත වැව දිහා බලගනිද්දී මම ඔහුගේ උරහිසට බර වුනා.
එසේ ඔහුට බර වී එක්ව තබන පියවර මට ඔහු ගැන නැවතත් ලෝබකමක් ඇති කරන්නට පටන් ගෙන තිබනා.ඒ ආදරනිය උණුසුම මට නැවතත් දැනෙමින් තිබුනා.ඔහුගේ හද ගැස්ම එදා මෙන්ම වේගවත්ව තිබුනා.එය මගේ මුවගට සිනාවක් ගෙනාවා.
නමුත් හදිසියේ එක් තැනකදී ඔහු නැවතුනා.මෙය බලාපොරොත්තුවෙන් සිටි මම ඔහු දෙස බැලුවා.
"මොකක්ද තරුල්‍යා...මේ වෙන්නේ?" ඔහු ඇසුවේ නොඉවසිල්ලෙන්
"ඇයි?" මා මදකට කිසිවක් නොදන්නා සේ සිටීමට තීරණය කරා
"ඔයාට මොනවද කියන්න තියෙන්නේ?" ඔහු අසද්දී මා සුසුමක් හෙලුවා
" කැලුම්...ඔයා මට තාමත් ආදරෙයිද?" මගේ පැනයෙන් ඔහුගේ මුහුණේ හැගීම් මෘදු වුනා.
"ඔව්...මම ඒක එදත් කිව්වා.අදත් කියනවා.ඔයාට විතරයි මම ආදරේ" ඔහු එය නොපැකිල කියද්දී මගේ සිත ගැස්සුනා.
"අපට එකතු වෙන්න පුලුවන්ද කැලුම්" එසේ කියූ මම ඔහුගේ දෙනෙත් දෙස බැලුවා.ඒ ඇස් වල ප්‍රේමය සමග මුහු වී මා නොදන්නා හැගීමක් දිලිසෙමින් තිබුනා.
"ඔව්..." ඔහුගේ වදන් නොසන්සුන්ව තිබුනා.
ඔහුගේ දෙඅත් වලින් අල්ලා ගත් මම ඔහුට ලං වුනා.ඔහුගේ දෑස් දිලිසෙමින් තිබුනා.දෙතොල් සැලෙමින් තිබුනා. මා ලං වද්දී එදා මෙන්ම අදද ඔහුගේ හද ගැස්ම වැඩි වී ඇසුනා.එහෙත් හදවතේ රිද්මය වෙනස්ව තිබුනා.
මදක් එසවී ඔහුගේ සවන් ලගට මම මගේ මුව ලං කරා.
" මට තවත් ආදරේ කරන්න එපා කැලුම්.ඔයා ඔයාගේ හිත පිළිගන්න.ඒ මම නෙවෙයි"
ඒ වදන් මට කීමට අපහසු වූ තරමටත් වඩා ඔහුට ඒ වදන් විශ්වාස කල නොහැකි බව පෙනෙද්දී මම ආපසු හැරුනා.
*****************************************************************************************************
හදවත ගැහෙද්දි,
වදන් සසල වද්දී,
දෑස් බොද වද්දී,
සදහටම ඔබෙන් ඈත් වුනෙමි,..... 💖
No comments:
Post a Comment