Sunday, December 2, 2018

මන්දාරම් අහස යට - පස්වන කොටස


කතාව පටන් ගන්න කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ කතාව පරක්කු වුනාට.හදිසියේ වෙච්ච කරදර වගයක් නිසා කතාව සති දෙක තුනක් විතර පරක්කු වුනා.ඒ අතරේ මගෙන් කතාව ගැන අහපු ගොඩක් අයගේ අදහස වුනේ කතාව හැමදාම ඕනේ කියලා.ඉතින් මං හිතුවා තවත් ටිකක් ඉදලා මට කතාව හැමදාම දාන්න පුලුවන් විදියට වෙලාව හදාගෙනම දානවා කියලා.ඔන්න ඕකයි පරක්කු වෙච්ච එකට හේතුව.

ඉතින් මේ කිව්වා වගේම අද ඉදන් හැමදාම කතාව කියවන්න පුලුවන්.එදා වගේම අදත් ඔයාලගේ අදහස් මට ගොඩාක් වටිනවා.

කතාව අමතක අය කතාව මුලින් කියවලා එන්නකෝ 





*****************************************************************************

දේදුණු විමංසා සෙනෙවිරත්න, සෙනෙවිරත්න පවුලේ එකම කෙල්ල.ඒ නිසාම දේදුණු පවුලේ හැදුනේ හරි හුරතලේට.උසස් පෙළින් පස්සේ ඉගෙන ගන්න කොළඹ එන්න ඕනේ කිව්වමත් ගෙදරින් විරුද්ද නොවුනේ ඒ නිසාමයි.කොළඹ ආපු දේදුණු නතර වුනේ එයාගේ නැන්දගේ ගෙදර.ඒ නිසා දේදුණුගේ ආරක්ශාව ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.ඒ කොහොම වුනත් හැම සෙනසුරාදම දේදුණු බලන්න ගෙදරින් කවුරුම හරි ආවා.

මේ සෙනසුරාදත් අප්පච්චි එනවා කියපු නිසා දේදුණු උදේ ඉදන්ම හිටියේ පාර බලාගෙනයි.

"කෝ සුදූ තාම අප්පච්චි නෑ නේද?" නැන්දා ඇහුවේ බැල්කනියට වෙලා බලන් ඉන්න දේදුණුගෙන්.

"ඒකනේ නැන්දා..වෙනදා නම් මේ වෙලාවට ඇවිත්නේ" දේදුණු කිව්වේ පාර දිහා බලාගෙනමයි.

"අයියා ඒවිනේ.ඔයා ඇවිත් කන්නකෝ.තාම උදේ කිරි එකවත් බීලා නෑනේ" නැන්දා කියද්දි දේදුණු නැන්දා දිහා හිනා වෙලා බැලුවා.

"මං විතරක් යැ..නැන්දත් මේ නැන්දගේ අයියා එනකම් බඩගින්නෙනේ ඉන්නේ.නැන්දා ගිහින් කන්න.මං අප්පච්චි එක්කම කන්නම්"

"මටත් එහෙමට බඩගින්නක් නෑ සුදූ..ඒක නෙවෙයි මං මේ අහන්නමයි හිටියේ" නැන්දා එහෙම කියාගෙන දේදුණු ලගින්ම වාඩි වුනා.

"ඇයි නැන්දා" දේදුණු ඇහුවේ ටිකක් විතර බයෙන්.නැන්දා හොද වගේම හරි සැරයිත් කියලා දේදුණු දන්නවා.

"අර විසල් එක්ක දැන් කතා කරන් නැද්ද?" නැන්දගේ ඒ කතාවට දේදුණු ලොකු හුස්මක් හෙලුවා.

"එයා කතා කරොත් මං කතා කරනවා.ඒ ඇරෙන්න වෙන කතාවක් නෑ"

"ඇයි ඒ? කාලයක් ඔය දෙන්නා එහේ මෙහේ ගියත් නේද?"

"හ්ම්ම්...ඒත් දැන් එයාට වැඩ ලොකු වෙලා.මං කතා කරන එක කරදරයක් වෙලා.මොකටද නැන්දා මාත් බලෙන් කතා කරන්න යන්නේ"

"එහෙම කියන්න එපා දරුවෝ.ඔයාලා කසාද බදින්නනේ ඉන්නේ.ඉතින් ටිකක් ඉවසන්න ඕනේ.පිරිමින්ට වැඩ වැඩියි තමයි.ගෑනු අපි තමයි ටිකක් ඉවසන්න ඕනේ."

"ඒක හරි කතාවක්නේ නැන්දා.මේ කසාදෙත් මගෙන් අහලා දාගත්ත එකක් නෙවෙයි.ඒ මදිවට මං ඉවසන්න ඕනේ කියන්නේ.එයත් හිත්නන එපැයිනේ.මං විතරක් නෙවෙයිනේ කසාද බදින්නේ" දේදුණු ඒක නම් කිව්වේ ටිකක් තරහෙන්.

"ඒ වුනාට සුදූ..."නැන්දා කතාව පටන් ගන්නකොටම ඇහුනේ වාහනේක හෝර්න් සද්දයක්.

"අන්න අප්පච්චි ඇවිත්"නැන්දා කියද්දිත් දේදුණු පහළට දුවලා ඉවරයි.

"අප්පච්චී..." පහළට දුවපු දේදුණු කෙලින්ම නැවතුනේ අප්පච්චිගේ තුරුලේ.

"හුස්මක් ගන්න දෙන්නකෝ සුදූ අප්පච්චිට" එහෙම කිව්වේ ගේ ඇතුලේ ඉදන් එළියට ආපු මාමා

"ඒකට කමක් නෑ මල්ලි.මේ මගේ පණ ටිකනේ" අප්පච්චි කිව්වේ දේදුණුව තුරුල් කරගෙන.

"අයියා අද පරක්කුයි නේද?" දේදුණුගේ නැන්දා එහෙම කියද්දි අප්පච්චි හිනා වුනා.

"ඔව් මේ දුවට තෑග්ගක් ගෙනාවනේ මං" අප්පච්චි එහෙම කියද්දි දේදුණු ඔලුව උස්සලා බැලුවා.

"කෝ..."

"අන්න එලියේ..ගිහින් බලන්න"අප්පච්චි එහෙම කියනවත් එක්කම දේදුණු එලියට දිව්වේ තෑග්ග බලන්න.

දේදුණු එලියට එනවත් එක්කම දැක්කේ වාහනේ ලග ඉන්න උස කොල්ලෙක්ව.ඒ කොල්ලව අදුරගන්න දේදුණුට දෙපාරක් බලන්න ඕනේ වුනේ නෑ.

දේදුණුව දැකපු විසල් හිනා වේගෙනම දේදුණු ලගට ආවා.

"කොහොමද බබා? ශොක් වෙලාද මාව දැකලා" විසල් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න දේදුණුගෙන්.

"ඔයා කොහෙද මෙහේ" දේදුණු ඇහුවේ පුදුමෙන්

"මං අප්පච්චි එක්ක ආවේ.නුවරින් ආවට පස්සේ දැක්කෙ නෑනේ ඔයාව.ඒකයි ආවේ බලන්න" විසල් කියද්දි දේදුණු අමාරුවෙන් හිනා වුනා.

"අපි යන් ඇතුළට" දේදුණු එහෙම කියාගෙනම ගේ ඇතුළට යන්න හැරුනේ හිතට අපහසුවක් දැනුන නිසා.

"පොඩ්ඩක් ඉන්නකො සුදූ.අපි දැක්කෙත් කොච්චර දවසකින්ද? ඔයා මට කාලෙකින් කතා කරෙත් නෑ.ඒකයි මං බලන්න ආවෙත්.ඒ ආවමත් ඔයා මාව දාලා දුවන්න හදනවා." විසල් ඒක කිව්වේ අමනාපෙන් වගේ.ඒ කතාවට දේදුණු විසල් දිහාවට හැරුනා.

" මං කතා කරේ නෑ කියන්නේ...ඔයාට තිබ්බනේ මට කතා කරන්න.නිතරම වැරැද්ද මගේ පිටින් දාන්න එපා විසල් අයියා.ඔයාට උවමනාවක් නෑ මං ගැන හොයන්න.එහෙම වුනා නම් මට කතා කරනවනේ" දේදුණු එහෙම කියද්දි විසල් දේදුණු ළගට ආවා.

"මට කොච්චර වැඩද කියලා ඔයා දන්නවනේ ලමයෝ.වෙන කාගෙවත් වැඩද මේවා.ඔයාගේ අප්පච්චි ලගමනේ මාත් වැඩ කරන්නේ.වැඩ එක්ක කතා කරන්න වෙන්නේ නෑ තමයි.ඒක ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න." විසල් කියද්දි දේදුණු විසල් දිහා බැලුවේ ඇස් වල කදුලු පිරෙද්දි

" හැමෝම කියන්නේ මට තේරුම් ගන්න කියලා.දැන් එතකොට හැම එකටම වැරදි මම.ඔයාගේ වැරැද්දක් නෑ.මං තමයි බලෙන් කතා කරන්න ඕනේ.හොයන්න ඕනේ.ඔයා නොකරට කමක් නෑ.මට කොච්චර පාලුද කියලා කාටවත් තේරෙන් නෑ"අන්තිම ටික කියද්දි දේදුණුට ඉබේටම ඉකි ගැහුනා.

"ෂ්...ෂ්...අඩන්න එපා සුදූ..." විසල් එහෙම කියන ගමන්ම දේදුණුගේ අතකින් අල්ලගත්තත් ඒ ගමන්ම දේදුණු ඒ අත ගසලා දැම්මා.

"හරි හරි සොරි..මගේ වැරැද්ද.ආයේ එහෙම වෙන්නේ නෑ" එහෙම කියන ගමන් විසල් ආයෙත් දේදුණුගේ අතින් අල්ලගත්තා.ඒ සැරේ නම් දේදුණු අත ගසලා දැම්මේ නෑ.ඒ නිසාම විසල් දේදුණුට ලං වෙලා එයාගේ උරහිස වටේ අත දාලා දේදුණුව එයාගේ පපුවට තුරුල් කරගත්තා.

"කෝ මේ දෙන්නා..තාම එළියෙද?" නැන්දගේ කටහඩ ඇහෙද්දි දේදුණු ඉක්මනටම විසල්ගෙන් ඈතට වුනා.

"අඩල ඉවර නම් යමුද ඇතුලට" විසල් ඇහුවේ දේදුණුගේ මූණට එබිලා.

"හ්ම්ම්...යමු." දේදුණු කිව්වේ ලැජ්ජාවෙන්.මෙහෙම විසල් ඉස්සරහ ඇඩේවි කියලා දේදුණු පොඩ්ඩක්වත් හිතුවේ නෑ.විසල් ගේ ඇතුලට යන්න ඉස්සර වෙද්දි දේදූණු විසල්ගේ පස්සෙන් ගියා.

මේ අතරේ ආදිත්‍යයි අවිශ්කයි ගෙදර ආවෙ ලොකු රවුමක් ගහලා.

"අම්මෝ...යන්තම් ඇති ආවා"එහෙම කියාගෙනම අවිශ්ක ඇද උඩට වැටුනා.

"ඔව් බං.මට අම්බානෙකට බය හිතුනා පොලීසියෙන් අල්ලගත්තම"

"ඒකට නම් බය වෙන්න දෙයක් නෑ.අපි වැරැද්දක් කරේ නෑනේ.මට බය හිතුනෙ එන්න පරක්කු වෙයි කියලා.අද අප්පච්චි ගෙදරනේ.දවල්ට කන්න ගෙදර එන්නම ඕනේ කිව්වා"  අවිශ්ක කිව්වේ නාන කාමරේට යන ගමන්. 

අවිශ්ක නාන කාමරේට ගිය අතරේ ආදිත්‍ය දුරකථනයත් අරගෙන ඇදේ ඇලවුනා.පහුගිය දවස් ටිකේම කරා වගේ ආදිත්‍ය අදත් මූණු පොතට ගියේ දේදුණු බලන්න.මොකක්දෝ හේතුවක් නිසා ආදිත්‍යට දේදුණුගේ මූණූ පොත බලන එක පුරුද්දක් වෙලා තිබ්බේ නොදැනුවත්වමයි.

එතකොටම ආදිත්‍යගේ දුරකථනය නාද වුනා.දුරකථනයේ නම වැටිලා තිබ්බේ "කරදරේ" කියලා.

ඒ නම දැක්ක ගමන්ම ආදිත්‍යට හිනාවක් ගියා.ඒ හිනාවෙන්ම ආදිත්‍ය දුරකථනය කනේ තියාගත්තා.

"හෙලෝ..." ආදිත්‍ය කතා කරා.

"හෙලෝ..මං අසේලි කතා කරන්නේ" අසේලි කතා කරේ ටිකක් බයෙන්

"කවුද අසේලි" ආදිත්‍ය ඇහුවේ මතක නෑ වගේ

"මං මේ විහාරගේ යාලුවා"

"කවුද විහාරා කියන්නේ?" ආදිත්‍ය ආයෙත් ඇහුවා.

"විහාරා කියන්නේ මේ අවිශ්කගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්" අසේලි ඒ සැරේ නම් උත්තර දුන්නේ නොඉවසිල්ලෙන්.

'මෙයාට ඇත්තටම අමතකද? නැත්තම් මතක නෑ වගේ රගපානවද?' අසේලි කල්පනා කරේ පුදුමෙන්

"අවිශ්කගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්? කොයි එක්කෙනා ගැනද කියන්නේ?? මතක් වෙන්නේ නෑනේ" ආදිත්‍ය කිව්වේ හිනාව තද කරගෙන.

"අහ් හරි හරි මට වැරදිලා වෙන්න ඇති.සොරි" එහෙම කියපු අසේලි දුරකථනය විසන්ධි කරේ තරහෙන්.

"මොන මෝඩයෙක්ද මංදා.එයාට ඕනේ නැත්තම් මටත් ඕනේ නෑ" අසේලි තමන්ටම මුමුණ ගත්තා.

අසේලි මේ පංති ගිහින් ආවා විතරයි.ආපු ගමන්ම අසේලි ආදිත්‍යට කතා කරේ වැඩේට කැමතියි කියන්න.විහාරා පංති වෙලාවෙත් උත්සහ කරේ අවිශ්කට කතා කරන්න.පංතියේ වැඩක්වත් නොකර ඔහේ බලන් ඉන්න විහාරා ගැන අසේලි හිතුවේ දුකෙන්.පොඩි කාලේ ඉදන්ම එකටම හිටපු යාලුවා මේ විදියට ඉන්න එක අසේලිටත් දරාගන්න බැරි දුකක් වෙලයි තිබ්බේ.

අසේලිගේ ඇමතුම විසන්ධි වෙනවත් එක්කම ආදිත්‍ය කලබල වුනේ අසේලිට කේන්ති ගිහින්ද කියලා.අසේලි මේ කතා කරේ වැඩේට කැමති නිසයි කියලා ආදිත්‍යට විශ්වාසයි.එහෙම එකේ දැන් තරහට බෑ කියයිද කියලා ආදිත්‍යට බය හිතුනා.ඒ නිසාම ආදිත්‍ය ආපහු අසේලිට දුරකථන ඇමතුමක් ගත්තා.

"හෙලෝ" අසේලි ඒ සැරේ දුරකථනයට උත්තර දුන්නේ හරි සැරෙන්.

"හෙලෝ...සොරි සොරි..මං විහිලුවක් කරේ" ආදිත්‍ය කියද්දි අසේලිට හිනා ගියා.

"හ්ම්ම්..."

"ඉතින් මොකෝ කතා කරේ" ආදිත්‍ය ඇහුවේ ඉක්මනටම අසේලිගේ උත්තරේ දැනගන්න හිතාගෙන.

"කතා කරේ අවිශ්කව විහාරට මුණ ගස්සවන්න පුලුවන්ද අහන්න" 

"එතකොට මගේ වැඩේ?" 

"එක දවසයිනේ නේද?" අසේලි ඇහුවේ බයෙන් වගේ.

"ඔව් ඔව්...දවසක් යන්නෙත් නෑ.මට ඕනේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන්න විතරයි" 

"ඒත් ඇයි ඒ? කාටද එහෙම පෙන්නන්න හදන්නේ?" අසේලි ඇහුවේ කුතුහලෙන්

"ඒකෙන් ඔයාට වැඩක් නෑ.කැමතිද වැඩේට" ආදිත්‍ය ඇහුවේ නොඉවසිල්ලෙන්

"හරි..හැබැයි එක කොන්දේසියක් තියෙනවා.මුලින් අවිශ්කයි විහාරයි මුණ ගැහෙන්න ඕනේ" අසේලි කිව්වේ තීරණාත්මක හඩකින්.

"හරි...ඒකේ අවුලක් නෑ" ආදිත්‍ය එහෙම කියන අතරේ හිතුවේ කොහොමද මේක අවිශ්කට කියන්නේ කියලා.

"කවද්ද එහෙනම්? ඉක්මනටම මුණ ගස්සවන්න ඕනේ" 

"හරි මේ එහෙනම් හවස කලුතර බෝධියට එනවද විහාරවත් එක්කගෙන? " ආදිත්‍ය ඇහුවේ හිතින් සැලැස්මක් හදාගන්න ගමන්.

"බෝධියටද? එන්න නම් පුලුවන්.ශුවර් එකටම එනවද?" අසේලි ඇහුවේ සැකෙන්.

"ඔව් ඔව් මං අවිශ්කවත් එක්කගෙන එන්නම්.එතකොට හරිනේ" 

"ඕඕඕඕ....ඒක මරු වැඩේ...පන්සල නිසා රණ්ඩු වෙන එකකුත් නෑ.කතා නොකර ඉන්නත් බෑ.ඒක ශෝක් වැඩේ" අසේලි ඒ සැරේ කිව්වේ හරි සතුටකින්.ඒක ආදිත්‍යටත් තේරුනා.ඒ නිසාමද කොහෙද ආදිත්‍යටත් හිනාවක් ගියා.

"හරිනේ එහෙනම්.හවස 4ට එනවද බෝධියට" ආදිත්‍ය ඇහුවේ ඒ හිනාවෙන්මයි

"හා...හරි අපි එන්නම්.එහෙනම් මං තියන්නද?" අසේලි ඇහුවේ නොඉවසිල්ලෙන්.විහාරට කතා කරලා මේක කියනකම් අසේලිට ඉවසිල්ලක් තිබ්බේ නෑ.

"හා..හා.." 

"පොඩ්ඩක් ඉන්න...මේ මේක වෙන කාටවත්ම කියන්න එපා.විහාරටවත්" ආදිත්‍ය කිව්වේ කටහඩත් අඩු කරලා.

"මොකක්? කියන්නේ නැතුව කොහොමද විහාරව එක්කගෙන එන්නේ?"

"නෑ නෑ මං කිව්වේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කතාව"

"අහ් ඒකද? නෑ නෑ පිස්සුද ඔහොම එකක් කියන්නෙවත් කොහොමද කාටවත්.මං නම් කියන්නේ නෑ"

"හරි එහෙනම්.මාත් කියන්නේ නෑ.එහෙනම් හවස හම්බෙමු"

"හරි..බායි"

"බායි" 

අසේලිගේ දුරකථන ඇමතුමෙන් පස්සේ ආදිත්‍යට දැනුනේ ලොකු සැනසිල්ලක්.

'එහෙනම් ඒකත් හරි.මෙයා එක්ක ගිහින් දේදුණුට කතා කරා නම් හරි.මට හොදටම විශ්වාසයි මේ මගේ දේදුණු මයි කියලා' ආදිත්‍ය හිතුවේ ලොකු සතුටකින්.

*****************************************************************************
අද කතාව ටිකක් කොටයි.හෙට දිග කොටසක් දාන්නම් හොදේ

හෙට හම්බෙමු....

ආදරෙන් ඉන්න....💖

No comments:

Post a Comment

මන්දාරම් අහස යට - දහතුන් වන කොටස

"මං ආදිත්‍ය.අසේලිගේ බෝයි ෆ්‍රෙන්ඩ්.ඔයා කවුද?" ආදිත්‍ය කියද්දි ගගනගේ වගේම අසේලිගෙත් ඇස් ලොකු වුනා. "මං කැම්පස් එකේ...